Tumgik
#මග
sinhalasonglyrics · 2 months
Text
සීදේවී | Seedevi by Piyath Rajapakse [2024]
කොළඹට ඇවිත් දින ගනන් ගෙවිලාඅතමිට දැන් සරුසාර වෙලාඑන්න එන්නම හැඩ වැඩි වෙනවෝනගරේ කෙල්ලෝ මට වහ වැටිලෝ තවත් ගෑනු එපෝමට ඉන්නවා බිසෝ //උන්දෑ සතුටෙන් තියන්නයි මං මෙහෙ ආවේඋන්දෑ මං එනකං මග බලන් ඉන්නේ සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයාහරි අහින්සක නුබේ පැටියා නගරේ කෙල්ලෝ බෑනේ මුං අහින්සක නෑනේහරි කරදරේ මාව දැකලා සීදේවී මම සීදේවී මම සීදේවී මම නුබේ හැලයාසීදේවී මම නුබේ හැලයා සුවඳ සඳුන් ඇගෙ ඇඟ ගාලාතොල…
0 notes
eyeviewsl · 8 months
Text
ශ්‍රී ලංකාවේ ලිපි ද්‍රව්‍ය වෙළෙඳ පොළේ විප්ලවීය වෙනස! ‘ලීඩ්’ ස්ටේෂනරීස් ඇන්ඩ් ක්‍රාෆ්ට් හඳුන්වා දෙන නවතම පෑන් මාදිලිය.
ශ්‍රී ලංකාවේ ලිපි ද්‍රව්‍ය වෙළෙඳ පොළේ විප්ලවීය වෙනස! ‘ලීඩ්’ ස්ටේෂනරීස් ඇන්ඩ් ක්‍රාෆ්ට් හඳුන්වා දෙන නවතම පෑන් මාදිලිය.
ලිම්රා හෝල්ඩිංග්ස් අනුබද්ධ, කිඩීස් ඇන්ඩ් ටෝයිස් ඉන්ටර්නැෂනල් (KTI) සමාගම විසින්, ‘ලීඩ්’ ස්ටේෂනරීස් ඇන්ඩ් ක්‍රාෆ්ට් සන්නාමය යටතේ ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට සුවිශේෂී පෑන් මාදිලිය හඳුන්වා දී තිබේ. එය මෙරට ලිපි ද්‍රව්‍ය වෙළෙඳපොළට ලීඩ් සන්නාමයට එක් කෙරුණු නව නිෂ්පාදනයක් වන අතර,  මෙම සුවිශේෂී පෑන් මාදිලිය, මෙරට  වෙළෙඳපොළේ නවමු වෙනසකට මග පාදමින් කොළඹ ප්‍රධාන පෙළේ පොත්හල් කිහිපයක පසුගියදා එළි දක්වන…
Tumblr media
View On WordPress
0 notes
lakshansri · 1 year
Text
Hawasaka Ma | හවසක මා Lyrics
Live Cover
හවසක මා
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා ....
සකුරා පිපිලා පිරුවට සදලා
ආ මග සැරසුවා
විදසුන් වඩනා සිතකුත් නැතුවා
මා නුඹ හට දුන් ඒ සෙනෙහේ වෙලුනා
අවරට නොයෙනා හිරු දැක හඬනා
හිරු රැස් සැඟවූවා
ඉන්නද කියලා ක���ුළත් ඇහුවා
ඉන්නට මා මගෙ මුළු හදවත දුන්නා
හවසක මා
නුඹ දැක මං මුලාවී
නිරුදක කතරේ තනිවූදා
තනි තරුවක්
නිවැරදි පාර කීවා
කතරින් එන මග මට කීවා
හවසක මා ....
0 notes
lankanewscolumn · 1 year
Text
පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉල්ලා මග දෙපස සෙනග පිරෙයි...පොලිසිය උසාවියෙන් ඉල්ලූ සියලු නියෝග විසි වෙයි.
 
Tumblr media
View On WordPress
0 notes
pubuduwijesooriya · 2 years
Photo
Tumblr media
RIP ලැජ්ජාව සහ ආත්ම විශ්වාසය නොමැතිකම නිසා අපට මග හැරුණු අවස්ථා https://www.instagram.com/p/Cp-wCBIBJ4wB_CHaYRj6o1p7RgjDa8Fs79EFQE0/?igshid=NGJjMDIxMWI=
0 notes
supunashan · 5 years
Photo
Tumblr media
#මගෙන්_ගසක්_මිහිතලයට (at Avissawella) https://www.instagram.com/p/B3WLSWfpxKabIPOQr-Cg_SJm7f_k6BFyir_FIQ0/?igshid=55w6y5qrri4w
0 notes
surafathia-blog · 5 years
Photo
Tumblr media
#සූරා #අල් #කහෆ් #110 #පවසන්න #මා #සාමාන්‍ය #මනුෂ්‍යයෙක් #පමණි #මගේ ##ස්වාමියා #අල්ලාහ් #බවට #මට #හෙළිදරව් #වී #තිබේ #ඔහුව #මුණ #ගැසීමට #අවශ්‍ය #නම් #ඔබ #යහපත් #ක්‍රියා #කල #යුතු #අතර #ඔහු #සමග #සමානයන් #නොතැබිය #යුතුය https://www.instagram.com/p/B24zz_XAmsq/?igshid=1gyrjlb94a6uh
0 notes
Photo
Tumblr media
#මගේ_කෙල්ල Coming Soon.... ❤ 🎙️ Artist - Dana Boy. 🖋️ Lyrics - E.M.R. 🎶 Music - Susitha Liyanage. 🎬production - Nine Entertainment. https://www.youtube.com/channel/UCwdH-hjoHFHUYFvwx4_D4AQ https://www.instagram.com/p/B04Lymhp-6s/?igshid=1dxk80j5rfk2o
0 notes
chansureshor · 3 years
Text
ලෝක ප්‍රකට “The Secret” කෘතිය ඇසුරෙන් ආකර්ෂණයේ නීතිය ඔබේ ජීවිතයටත් ඇතුළු කර ගැනීමට උපදෙස් කිහිපයක්
Tumblr media
 1. පළමුව ඔබේ මනස සැහැල්ලු කරන්න. ඔබට අවශ්‍ය දේ ඔබේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍ය යි. බොහෝ සාර්ථක පද්ගලයින් භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමුවීමටත් මෙය ප්‍රධාන හේතුවක්. ඔබේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න. 
 2. ඔබට අවශ්‍ය දේ කුමක්ද යන්න හැරියටම තේරුම් ගන්න. ඒ පිළිබඳව ඔබට සැක තියෙන්න බැහැ. ඔබේ මනසේ සිතුවිලි වලින් විශ්වයට ඔබ පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔබට අවශ්‍ය දේ පිළිබඳ ඔබටත් විශ්වාසයක් නැතිනම් එවැනි දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ. 
 3. ආකාර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔබට අවශ්‍ය යැයි ඔබ ධාරණය කරගත් දෑ විශ්වය ඔබ වෙත ලබා දෙන ඔබට විශ්වාස කරන්න. 
 4. ඔබට අවශ්‍ය දෙය ඔබට ලැබී ඇති ආකාරය නිතර මනසින් දක්න්න. ඔබට අවශ්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමට නම් ඔභ එතැනට ලඟා වී ඇති අයුරු සිතේ මවා ගන්න. විශාල කාර්යාලයක ඔබ යටතේ ඇති විශාල සේවක පිරිසක් පාලනය කරන අයුරු හිතේ මවා ගන්න. එම සතුට විඳින්න. සතුට විඳින සෑම විටම එය ලබා දෙන මෙන් විශ්වයට සිතුවිලි වලින් බල කරන්න. 
 5. ඔබට ජීවිතයේ ලැබී තිබෙන දෑ කොලයක ලියන්න. ඒ පිළිබඳව අවංකවම සතුටු වෙන්න. තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න. ඔබ විශ්වාස කරන දෑ විශ්වය විසින් ඔබට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න. තමන් දිනෙන් දින ක්‍රමයෙන් ඇරමුණු වලට ලඟා වන අයුරුතම ශරීරයට ජීවයක් කරගන්න. 
 6. ඔබට ලඟාවන හොඳ හෝ නරක සියළු අත්දැකීම් වලට හේතුව ඔබේ සිතුවිලියි. නිතරම ලෙඩ රෝග ගැන කතා කරන අයට නිතරම ලෙඩ රෝග හැදෙනවා. නිතරම සතුට සහ සෞභාගග්‍ය පිළිබඳ කතා කරන අයට නිතරම සතුටුදායක සැපවත් දේවල් සිදුවනවා. ඔබ ඔබේ මනසින් සිතන සෑම දෙයකටම ඔබ මනසින් ආරාධනා කරනවා. ඔබ සිතන දේ හොඳ වුනත් නරක වුනත් ඔබ ඒ පිළිබඳ සිතනවා යනු ඔභ ඒවාට ඔබේ ජීවිතයට ආරාධනා කර අවසන්. සිතුවිලි වල ප්‍රභලතාවය වැඩිවන තරමට ආරාධනයේ ප්‍රභලතාවය වැඩි වනවා. මේ නිසා නරක දේවල් හිතන්න පෙ�� ප්‍රවේසම් වන්න. 
 7. ඔබට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔබේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔබ කරා පැමිණෙනවා. වර්තමානයේ ඔබේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න. ඔලිම්පික් පිහිණුම් ශූර “මයිකල් පෙලිප්ස්” පැවසූ දෙයක් තමයි ඔහු කුඩා කල පිහිණුම් පුහුණුවන අවධියේ සෑම රාත්‍රියකම නින්ද යන තෙක්ම ඔහු ඔලිම්පික් තරඟ ජයග්‍රහණය කර රන් පදක්කම් ලබා ගන්නා අයුරු මනසින් මවා ගත් බවයි. 
 8. ආකාර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ වේලාවක් ඒ සඳහාම වෙන් කරන්න. එම කාලය තුළ ඔබේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස බල කරන්න. මෙය Powerful Thinking Time ලෙස හැඳින්වෙයි. 
 9. කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි මග හරින්න. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න. ඔබ කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔබට ආකර්ෂණය වන බව මතක තබා ගන්න. සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න. 
 10. ඔබේ සාර්ථකත්වයේ සිහින ඔබේ මාර්ග උපදේශකයා කර ගන්න. ඕනෑම සිහිනයක් සාර්ථක කර ගත හැක්කේ කැපවීමෙන් බව මෙනෙහි කරන්න. නරක පුරුදු අත්හැර උදෑසන අවදි වීම, ඔබේ දෛනික , මානසික සැලැස්මට අනුව කාර්යක්ෂමව උන්නදුවෙන් වැඩ කිරීමට පුරුදු වන්න. සත්‍ය නම් ඔබට යමක් අවංකවම අවශ්‍ය නම් ඔබ තුල එය ලබා ගැනීමට කිසිදු කම්මැලිකමක් ඇති වන්නේ නැහැ. ඔබ තුල තවමත් කම්මැලිකමක් තිබේනම් ඉන් කියවෙන්නේ ඔබ තවමත් ඔබට අවශ්‍ය දේ අවංකවම විශ්වාස කරන්නේ නැහැ කියන එකයි. අවංකවම තමාට අවශ්‍ය දෙය විශ්වාස කරන අය තුල කම්මැලි කම දකින්න ලැබෙන්නේ නැහැ. 
 ලෝකයේ ධනය  සහ අනිකුත් සියළු සැප සම්පත් වලින් 96% ක් පමණ බෙදී ගොස් ඇත්තේ 01%  තරම් සුළු පිරිසක් අතරයි. අනිත් 99% දෙනාම බාවිතා කරන්නේ ලොව ධනයෙන් සහ සැප සම්පත් වලින් 4%ක් පමණයි.  මේ නිසා ලොව දුප්පත් හෝ රෝගී පුද්ගලයින් මෙම ලෝකය අසාධාරණ තැනක් ලෙස ලැතවෙනවා. ඔවුන් පවසන එක දෙයක් නිවැරදියි. එනම් ලොව සම්පත් බෙදී යන්නේ ඉතාමත් අසාධරණ ක්‍රමයකට යන වග. ඔවුන් නොදන්නා දෙය නම් සම්පත් එලෙස අසාධාරණ ලෙස බෙදී යන්නේ ආකාර්ෂණයේ නීතිය විශ්වාස කරන අය වෙත එම සම්පත් ඇදී යාම නිසා යන කාරණයයි. 
"ආකාර්ෂණය වීමේ නීතිය" යන රහස ඔබට ධනය, සතුට, නිරෝගී බව ඇතුළු සියළු දේ ලබා දෙනවා. ඔබට උවමනා දේ කරන්න ලබා ගන්න හා යමෙක් වෙන්නට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ ලඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ කෙතරම් විශාලද යන්න එයට වැදගත් නැහැ. ඔබට අවශ්‍ය මොන වගේ නිවසක්ද? ඔබට කෝටිපතියෙකු වන්න අවශ්‍යද? ඔබට සාර්ථක වන්න අවශ්‍යද? මේ සෑම දෙයක්ම ඔබට ඒවා ලබාගැනීමට ඇති ආසාවේ ප්‍රබලතාවය නිසාම ඔබ වෙත ආකර්ෂණය වෙනවා. ඔබ තුළ ඇති වන මෙම තදබල ආශාව හරියටම ප්‍රබල කාන්දමක් වගේ. ඔබට අවශ්‍ය දෙය කුමක් වුවත්, කෙතරම් විශාල වුවත් ඔබව ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැහැ. ඒවා ඔබ වෙත ඇදී එන්නේ ඔබව පුදුමයට පත් කරවමින්. 
සඳ මත මිනිසකු ගොඩ බැස්සවීම සඳහා උපකාරී වූයේත් ඒ පිළිබඳ විශ්වාස කළ පුද්ගලයින් නිසයි. ඔබ විශ්වාස කරනවානම් ඔබට තරු අතරට වුවත් ගමන් කළ හැකියි. මෙලොව සිදුවී ඇති සියල්ලටම රහස මෙම ආකාර්ෂණයේ නීතියයි. අද වෙන දේත්, වෙන්න තියෙන සියළු දේත් මෙම නීතියට අනුව සිදු වේවි. ඔබේ ජීවිතයේ ඔබට වෙන සියළු දේත් ඔබ ආකර්ෂණය කර ඇති දේවල්, සියළු දේ පළමුව ඔබේ මනස තුළ ගොඩනැගෙනවා. ඔබට අවශ්‍ය ඔබ සිතන දෑ සියල්ල මනසින් දකින්න. ඔබේ මනසින් ඔබ විශ්වාසයෙන් දකින දෑ සියල්ල ඔබ ආකර්ෂණය කර ගන්නවා. 
ලොව සාර්ථක වී ඇති සියළු දෙනා මෙම රහස ඉතා හොඳින් දන්නවා. ඔබ නොදැන සිටියාට විශ්ව බලයෙන් ලෙඩ සුව කරන ව්‍යාපාර සාර්ථක වීම ගුරුකම් කරන ස්ථාන වල අය මේ රහස පි���ිබඳව හොඳින් දන්නවා. ලෙඩ රෝග සුව කර ගැනීමට, ව්‍යාපාර දියුණු කර ගැනීමට ඔවුන් වෙත පැමිණෙන සියළු දෙනා තුලම මේ පුද්ගලයින් ඇති කරන්නේ විශ්වාසයයි. ලෙඩ රෝග වැළඳී ඇති අයට ඔවුන් පවසන වතාවත් වලට අනුව ජීවත් වෙයි නම් එම රෝග සුව වන බවට විශ්වාස ඇති කරවනවා. 
ව්‍යාපාර සාර්ථක වීම අවශ්‍ය අයගේ හිස මත දෙහි ගෙඩියක් තබා දෙහි කපා දෙහි පාගා ඇති කරවන්නේ එම විශ්වාසයයි. තම අරමුණු පිළිබඳව විශ්වාසයක් නොමැතිව එවැනි ස්ථාන වෙත යන පුද්ගලයින් ඉන් නික්ම යන්නේ දැන් තමාට අවශ්‍ය දේ ඉහත පුද්ගලයා විසින් ලබා දෙන බවට පුදුමාකාර විශ්වාසයකිනි. එම විශ්වාසය නිසාම එම පුද්ගලයින් බොහෝ දෙනා තම අරමුණු කරා ලඟා වෙනවා. මේ නිසා තමයි සෑම කපුමහතෙක්ම “මහත්තයා මම හරි දෙයියො හරි විශ්වාස කරනවා නම් විතරයි ඉතින් හරි යන්නේ – විශ්වාස නැතුව මේවා කරාට නම් වැඩක් වෙන්නේ නෑ.” කියලා පවසන්නේ. එක අතකින් එවැනි කපු මහතුන් සමාජයට සේවයක්ද කරනවා. මොකද තමා තුල තනිවම විශ්වාසය ගොඩ නගා ගත නොහැකි දුර්වල උදවියට එම විශ්වාසය ගොඩනගා ගැනීමට දායක වීමෙන්. එම කපු මහතුන් ඔබව රවටා හෝ “ආකර්ෂණයේ නීතිය” ඔබට වක්‍රාකාරව කියා දෙනවා. 
 මේ නිසා ඔබ තුළ කුමන ආගමික, දේව විශ්වාස තිබුණත් ඒවා ආකර්ෂණයේ නීතියට ගැටළුවක් වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ කෙසේ හෝ ඔබට අවශ්‍ය දේ පිළිබඳව 100% ක්ම විශ්වාසය තැබීම පමණයි. එවැනි අයට කෝටිපතියෙක් වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වැනි දෑ ඉතාමත් පහසුයි. හොඳින් මතක තියා ගන්න. විශ්වාසය 99.9% ක් ප්‍රමාණවත් නැහැ. 100% ක් විශ්වාස ඇති අයට පමණයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ. 
( ලෝක ප්‍රකට “The Secret” කෘතිය ඇසුරෙන්. -චන්දිම හේරත්)
විශේශ ස්තුතිය “ගීක් මල්ලී බ්ලොක් ට්‍රයි”
2 notes · View notes
sinhalasonglyrics · 5 months
Text
මේ උයනේ | Me Uyane by Hana Shafa [2024]
මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවානුඹ නොමැති වුණත් තාමත් මං ඉන්නවාමට දැනුණු විටත් නොදැනුණු බව දන්නවාසඳ එළිය යටත් හදවත් ගිනි ගන්නවා නුඹම හා පැමිණි මා නුහුරු දේ තනිවෙලාදවස ගානේ හඬා ගෙවා යාමයි සදා මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා… නැවත යා හැකිද ආ ප්‍රේමයේ මග අසාමතක පා කර දමා නුඹව ඈතින් තියා මේ උයනෙ වුණත් මල් නැති තැන් තියෙනවා… written by Lasitha Jayaneththi Arachchige Join us on…
View On WordPress
0 notes
eyeviewsl · 9 months
Text
BCI සරසවිය Career Day 2023 හරහා උපාධි අපේක්ෂකයින්ට වෘත්තීය අවස්ථා සඳහා මග විවර කර දෙයි
BCI සරසවිය Career Day 2023 හරහා උපාධි අපේක්ෂකයින්ට වෘත්තීය අවස්ථා සඳහා මග විවර කර දෙයි
Tumblr media
View On WordPress
0 notes
lankanewscolumn · 2 years
Text
පිස්සෙක්ද? බල්ලෙක්ද? මානසික රෝගියෙක්ද? පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැමිණ සුදුහුණු ගානවද?
ඊයේ (12) දින අන්තරේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් කළුතර සිට පාගමනේ පැමිණි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී එම මග හරස් කරමින් සිටි පොලිසියේ උසස් නිලධාරියෙකු තම පහළ නිලධාරිනියකට ඉතා පහත් ලෙස සලකණ නින්දිත ක්‍රියාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ. ඒ අනුව එම උසස් යැයි කියා ගන්නා නිලධාරියා පොලිස් කාන්තාවකගේ ගෙල ප්‍රෙද්ශයෙන් ඇද ජිප් රිය වෙත තල්ලු කරන ආකාරය…
View On WordPress
0 notes
pubuduwijesooriya · 2 years
Photo
Tumblr media
යමෙකු විසින් ඔබව මග හරිනු ඇතැයි ඔබට හැඟුණු පසු නැවත කිසි දිනෙක ඔවුන්ට බාධා නොකරන්න https://www.instagram.com/p/Ck9O7gOh6FT8qyTBfz8oaInvvzGDxzDV_pGNCQ0/?igshid=NGJjMDIxMWI=
0 notes
supunashan · 5 years
Photo
Tumblr media
#මගෙන්_ගසක්_මිහිතලයට (at Avissawella) https://www.instagram.com/p/B3WLSWfpxKabIPOQr-Cg_SJm7f_k6BFyir_FIQ0/?igshid=1l44cxsljcf0s
0 notes
surafathia-blog · 5 years
Photo
Tumblr media
#මගේ #ස්තූතිය #ඔබටයි #අල්ලාහ් https://www.instagram.com/p/B2aCpt5glj8/?igshid=13ekdtcxtpwo
0 notes
Text
ෆ කතාව
ෆොන්සේකලා ලංකාවට එන්නේ ලක් වැසියන් බටහිර රටවල් සමග පැවැත්වූ සබඳතාවන් නිසාය. ඉන්දීය සාගරයේ සක්‍රීය වෙළඳ මධ්‍යස්ථානයක පිහිටි ලංකාව ඈත අතීතයේ සිටම ලොව විවිධ ජාතීන් සමග විවිධ අන්දමේ සබඳතා පැවැත්වූ අතර මේ මගින් විවිධ ජාතීන් සතු දැනුම, තාක්ෂණයන්, නිෂ්පාදනයන් පමණක් නොව නම් ගම් පවා මෙරටට ගලා ආවේය. සිංහලයන්ගේ නම් අතරට “ෆොන්සේකලා” ආවේද එලෙසිනි. සිංහලයන් අතරට “ෆොන්සේකලා” අවාට ගැටළුව වූයේ එම නාමය සිංහල අකුරින් ලිවීමට හැකියාවක් එවකට නොතිබීමයි. ඉංග්‍රීසියෙන් “Fonseka” යන්න සිංහලයෙන් ලිවීමට හැකිවූයේ “පොන්සේකා” යනුවෙන් පමණි. සිංහලයේ “පොන්සේකා” කියන්නේ කිසිසේත්ම පුද්ගලයකු හැඳින්වීමට උචිත නොවන වෙනත් කරුණක් උදෙසාය. නමුත් ඉංග්‍රීසි භාෂවේ “Fa” ශබ්දයට සමාන වූ සිංහල ශබ්දය ලියා දැක්වීම සඳහා සිංහල හෝඩියෙහි අකුරක් නොවූයෙන් “ෆොන්සේකලාට” තම නම ලිවීමට සිදුවූයේ “පොන්සේකා” ලෙසිනි. මෙය නුසුදුසු නිසා “ෆොන්සේකලා” සිදුකලේ “පොන්සේකා” යන්නෙහි “ප” සමග ඉංග්‍රීසි හෝඩියේ “F” අකුර දමා “fපොන්සේකා” ලෙස ලිවීමය. මේ ගැටළුව ඇතිවූයේ ෆොන්සේකලාට පමණක් නොවේ. මෙරට වැසියන් බටහිර හා අරාබි ජාතීන් සමග ගණුදෙනු කිරීම නිසා මෙරටට ආ කාලිෆ් , ෆීලික්ස්, ෆියට්, සල්ෆේට්, ෆෝන් ආදී දහසකුත් එකක් වදන් සිංහලෙන් ලිවීමේදී මේ ගැටළුව ඇති විය. ෆොන්සේකලාට එවැනි ගැටළුවක් ඇති වූවත් එලෙස විදේශයන්හි සිට නොයෙක් බඩු භාණ්ඩ, දැනුම, තාක්ෂණය මෙන්ම නම් ගම් ද මෙරටට ගලා ආවේ අද ඊයේ නොවේ. වසර දෙදහස් ගණනකට එපිට සිටම එවැනි දෑ සිදුවූ අතර ඒවාට ගැලපෙන පරිදි අප නවීකරණය වීම හෝ ඒවා අපට ගැලපෙන පරිදි වෙනස් කර ගැනීමට අපට හැකිවිය. නූතන ලෝකයේ අලංකාර හෝඩි අතරින් එකක් වන සිංහල හෝඩිය පවා අද පවතින අන්දමට දියුණු වීමට ලෝකය සමග තිබූ මේ සක්‍රීය ගණුදෙනුව හේතුවිය. පැරණි සෙල් ලිපි, පුස්කොල පොත් දෙස බලන විට මේ කාරණය ඉතා හොඳින් පැහැදිලි වෙයි. නමුත් “ෆොන්සේකලා”මෙරටට එනවිට සෙල්ලිපි යුගය නිමා වී තිබුනු නිසා ඉංග්‍රීසි භාෂවේ “Fa” ශබ්දය ලිවීමට සුදුසු අකුරු සෙල්ලිපි අකුරු අතර නොවීය. මේ නිසා එම ශබ්දය නිවැරදිව ලිවීමට නව අකුරක් සිංහල හෝඩියට අවශ්‍යය විය. නමුත් “ෆොන්සේකලා” මෙරටට පැමිණෙන අවධිය වන විට අපට අලුත් අකුරු සාදනවාට වඩා විසඳා ගැනීමට බොහෝ බරපතල ගැටළු විය. නිදහස අහිමිව ගොස් යලි ස්වාධීන ජාතියක් ලෙස කොඩි සේසත් එසවීම කාගෙත් බලාපොරොත්තුව විය. මේ නිසා “ෆොන්සේකලා” දිගින් දිගටම ඉංග්‍රීසි හෝඩියේ “F” අකුර සිංහල “ප” සමග බැඳ ලිවීම සිදුකලේය. සිංහල හෝඩියෙහි සුදුසු අකුරක් නොවූයෙන් ඉංග්‍රීසි “ f” අක්ෂරයෙන් හා “ph” , “ough” අක්ෂර සංයෝගයෙන් නියෝජනය කෙරෙන දන්තෞෂ්ඨජ අඝෝෂ ශබ්දය ලිවීම සඳහා සිංහල “ප” අකුර සමග ඉංග්‍රීසි හෝඩියේ “F” බද්ධකොට ලිවීම දිගටම සිදුවිය. ඇතැම් දෙනා කිසිඳු පැකිලීමකින් තොරව “ප” අකුර පමණක් මේ සඳහා භාවිතා කලේය. තවත් සමහර පිරිසක් “ප” අකුර මැදින් ඉංග්‍රීසි “ f ” අකුර යොදා භාවිතා කරන ලදි. ඉංග්‍රීසි “f” අකුර සිංහල “ප” අකුරට පෙර යොදා “fප ” ලෙස මෙන්ම “ප” අකුරට පසුව යොදා “පf ” ලෙස ලියූවෝද වූහ. නමුත් වසර දහස් ගණනක් තිස්සේ පරිණාමයවී දියුණුවූ අක්ෂර මාලාවක් සහිත සිංහලයෙන් ලිවීමේදී සිංහල අකුරු අතර ඉංග්‍රීසි අකුරු භාවිතය නොගැලපෙන, නොමනා ක්‍රියාවක් ලෙස සැලකූ උගතුන් මේ ශබ්දය ලිවීම සඳහා අකුරක් හඳුන්වා දීමට උත්සාහ කලහ. ඒ සඳහා නව අකුරක අවශ්‍යතාවය සිංහල උගතුන් සහ මුද්‍රණ ශිල්පීන් විසින් දහඅට වන සියවසේ සිටම අවධාරණය කල අතර විද්‍යා, තාක්ෂණික වදන් ලිවීමේදී මෙම අවශ්‍යතාවය තදින් ඇති විය. මේ අනුව ඉංග්‍රීසි භාෂවේ “ f ” අක්ෂරයෙන් නිරූපිත ශබ්දය දැක්වීම සඳහා නව අකුරක් ලෙස “ෆ” අකුර හඳුන්වාදෙන ලදි. “ෆ” අකුර සිංහල භාෂාවට ප්‍රථම වරට හඳුන්වා දීම, සිංහල භාෂාව පිළිබඳ ප්‍රවීණයකු වූ මැන්දිස්‌ ගුණසේකර පඬිතුමා විසින් 1891 දී “Comprehensive Grammar of the Sinhalese language” ග්‍රන්ථය මගින් සිදුකල බව මේ වනවිට බොහෝ දෙනා පිළිගන්නා මතයයි. “ෆ” අකුර සහිත මුල් ම ව්‍යාකරණ ග්‍රන්ථය වන්නේද මෙම ග්‍රන්ථයයි. 1891 වසරේ දී ම ප්‍රකාශයට පත්වූ “අරාබි යාමිනී විලාසය” නම් පරිවර්තන කෘතියෙහි “කාලිෆ්” , “ෆීලික්ස්” වැනි වචන වලද මෙම “ෆ” අකුර යොදාගෙන ඇති අතර “ෆ” අකුර අරාබි වදන් සිංහලෙන් ලිවීම සඳහා ප්‍රථම වරට හඳුන්වා දුන් බවටද මතයක්ද මේ නිසා ඇති විය. ඉංග්‍රීසි භාෂවේ “f” මගින් නිරූපිත ශබ්දය දැක්වීම සඳහා එම අවධියෙහි ඇතැම් පිරිස් විසින් සංස්කෘත භාෂාවේ හමුවන “උපධ්මානීය” නම් සංඛේතයෙහි පහල කොටසට සමාන සංකේතයක් යොදාගත් බවද මැන්දිස්‌ ගුණසේකර පඬිතුමා සිය ග්‍රන්ථයෙහි දක්වයි. වර්තමානයේදී පවා ඇතැම් පිරිස් “ෆ” අ��ුර හැඳින්වීමට උපධ්මානීය යන නම භාවිතා කිරීමට හේතුවද එය විය හැකිය. මැන්දිස්‌ ගුණසේකර පඬිතුමා “ෆ” අකුර හඳුන්වා දුන් බව ප්‍රකට මතය වන නමුත් මේ පිළිබඳව අධ්‍යයනයක යෙදුණු භාෂා පර්යේෂකයකු වන බුද්ධික කෝනාර මහතා පෙන්වා දෙන්නේ 1890 වර්ෂයේදී ප්‍රකාශයට පත්කල එම්. ඒ.ධර්මරත්න මහතාගේ “වෛද්‍යාභිදානය” නම් ග්‍රන්ථය මගින් මේ අකුර ප්‍රථම වරට හඳුන්වා දුන් බවයි. “වෛද්‍යාභිදානය” ග්‍රන්ථයෙහි බටහිර විද්‍යාවෙහි සඳහන් වචන දැක්වීම සඳහා “ෆ” අකුර ඉතා සාර්ථකව භාවිත කර තිබේ. ෆයිට්‌, සල්ෆේට්, ෆාර්සි, කෝෆ්, ෆිව්රන්කිව්ලස්‌ වැනි වදන් රැසක් මෙහි හමුවන අතර මෙම ග්‍රන්ථයෙහි “ 'ෆ' මේ අකුරේ ශබ්දය ඉංග්‍රීසි F අකුරේ ශබ්දය වන්නේ ය. තොල් දෙක අතරෙන් හුලං පිටකරමින් නගන ශබ්දයයි” යනුවෙන් “ෆ” අකුර පිළිබඳ හැඳින්වීමක් පවා සිදුකර ඇත්තේ මෙයට පෙර “ෆ” අකුර පිලිබඳ නොදන්නා නිසා එම ග්‍රන්ථය භාවිතා කරන පාඨකයාට මෙම “ෆ” අකුර කියවීමේදී ඇතිවන ගැටළු මග හැරීමට විය හැකිය. මෙලෙස සිංහල අකුරු අතරට ඉංග්‍රීසි අකුරු නොයොදා ඉංග්‍රිසි “ f ” අකුරින් නිරූපිත ශබ්දය ලිවීමට අකුරක් හඳුන්වා දීමට උත්සාහ කලද “ප” අකුර සමග ඉංග්‍රිසි “f” අකුර ලියූ පිරිස් එය භාවිතයට කැමැත්තක් නොදැක්වීම නිසා දිගින් දිගටම නොහොබිනා අන්දමින් සිංහල අකුරු සමග ඉංග්‍රීසි අකුරු යෙදීම සිදුකරන ලදි. අද පවා ඇතැම් ව්‍යාපාරික ස්ථාන, මුද්‍රණ කර්මාන්තය මෙන්ම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තු ප්‍රකාශන වල පවා “ප” සමග “f” භාවිතය සිදුවෙයි. විශේෂයෙන් මෙම “ප” සමග “f” භාවිතය “Pharmacy” යන වදන දැක්වෙන ස්ථාන වල බහුලව දැක්වෙන නිසා සාමාන්‍ය වහරේ “ප” සහ “f” බද්ධ වූ අකුර හඳුන්වන්නේ “ෆාමසි ‘ප’ ” යනුවෙනි. හඳුන්වා දුන් නව “ෆ” අකුර භාවිතා කිරීමට උගතුන් මැලි වූවද එක් වෙළඳ දැන්වීම් කරුවකු එය ඉතා නිර්මාණශීලි ලෙස සමාජ ගත කලේය. ඒ හැත්තෑව දශකයේ පමණ මෙරට භාවිතා වූ “Four ACES” නම් සිගරට් වර්ගයක දැන්වීමක් සඳහා මෙම අකුර යොදා ගැනීමෙනි. බූරු කුට්ටමෙහි ආසි කොල හතර අනුව යෙදුනු මෙම නම සිංහලෙන් “ෆෝඒසස්” ලෙස වෙළඳ දැන්වීමකට ගැනීමේදී මෙම නව අකුර භාවිතා කරන ලදි. මේ නිසා එම කාලයේ “ඹ” අකුරට “අඹ ‘බ’ යන්න” කියන්නාක් මෙන් මෙම අකුර “ෆෝඒසස් ‘ෆ’” ලෙස හඳුන්වන ලදි. පසුව මෙය උච්චාරණයේ පහසුවට “ෆෝරේස් ‘ෆ’ ” ලෙසද කටවහරේ භාවිතා වූ අතර සිගරට් දැන්වීමක් නිසා ෆොන්සේකලාට නම හරියට ලිවීමට අවස්ථාවක් ලැබූ බවට විහිලු කතාවක්ද සමාජයේ ඇතිවිය. මේ දැන්වීම නිසා යම් තරමින් හෝ සමාජයෙහි කතාබහට ලක්වූ “ෆ” අකුරෙහි අගය වටහා ගත් හරිස්චන්ද්‍ර විජයතුංග මහතා 1878 වසරේදී ප්‍රකාශයට පත්කල “නූතන සිංහල පාරිභාෂික ශබ්ද කෝෂය”ග්‍රන්ථයට මෙම අකුරද ඇතුලත් කලේය. “අපේ සම්භාවිත ශබ්ද කෝෂකරුවන් තවම නොදැක්වූ ද, එහෙත් ව්‍යාහාරික නූතන සිංහල භාෂාවෙහි ඇත්ත වශයෙන්ම තිබෙන්නාවූද “ෆ” යන්න මෙහි සිංහල වර්ණ මාලාවට ඇතුළුැ කොට “ළ “යන්නට පරව තබා ඇත. සිංහල ශබ්ද කෝෂයකට “ෆ” යන්න වද්දගත් ප්‍රථම අවස්ථාව මෙය යයි සිතමි. මෙය උගතුන්ගේ ඇසට යොමු වේවා!” යනුවෙන් “ෆ” අකුර යොදා ගැනීම පිළිබඳව විජයතුංග මහතා සිය අදහසද එහි දක්වා තිබේ. නමුත් මැන්ඩිස් ගුණසේකර පඬිතුමා කාණ්ඩ දෙකකින් සමන්විතව ප්‍රකාශයට පත්කල ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයෙහි පරිශිෂ්ඨයෙහි මාලදිවයින්හි සිංහල චවන දැක්වීමටද භාවිතා කර ඇත්තේ මෙම “ෆ” අකුරයි. ඒ අනුව ශබ්ද කෝෂයකට “ෆ” අකුර යොදාගත් ප්‍රථම අවස්ථාව ලෙස සැලකිය හැක්කේ ගුණසේකර පඬිතුමාගේ ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයයි. කෆ්ෆි (කප්පි), ෆවුරු (පවුරු), ෆැන් (පැන්), ෆුතු (පුතු), ෆොත් (පොත්) ආදී චවන රැසක් එහි හමුවේ. මෙලෙස ක්‍රමයෙන් භාවිතයට පැමිණි “ෆ” අකුර 1989 දී ජාතික අධ්‍යාපන ආයතනය විසින් නිර්මාණය කරන ලද සිංහල අක්ෂර මාලාවට පිළිගත් අකුරක් ලෙස නිල වශයෙන් එකතු කර ගැණුනි. ඒ නිසා මෑත ඉතිහාසයේ සිංහල හෝඩියට අලුත් අකුරක් එක්වූ ප්‍රථම අවස්ථාව ලෙසද සැලකිය හැක්කේද “ෆ” අකුර සිංහල හෝඩියට එක්වීමයි. පසුව “ෆ” අකුර සිංහල පොත් සහ පුවත්පත් තුල භාවිතය සඳහා මුද්‍රණ කරුවන්ගෙන් ඉහල දායකත්වයක් ලැබුනු අතර පරිගණක පැමිණීමත් සමග නිර්මාණය වූ සිංහල ෆොනුරූ (Font) බොහොමයකද මෙම “ෆ” අකුර ඇතුලත් කොට තිබුණි. සිංහල විශ්වකේත නිර්මාණයේදී කේත 0DC6 යටතේ “ෆ” අකුර ඇතුලත් කිරීම නිසා අන්තර්ජාල යුගයේදීද බාධාවකින් තොරව එය භාවිතා කල හැකි වූ අතර සිංහල බ්‍රේල් සටහනට පවා “ෆ” අකුර එක්විය. මෙලෙස භාවිතයට ආ “ෆ” අකුර කපුටු “ෆ” හෝ කක්කුට්ටා ලෙස හැඳින්වීමට බොහෝ දෙනා හුරුවී සිටී. ඒ මෙය කපුටකු ඈත පියාඹන අකාරයෙන් පෙනීම නිසාය. විදේශීය භාෂාවන්හි ශබ්ද නිරූපණය සඳහා “ෆ” අකුර හඳුන්වා දුන් බව ප්‍රකාශ කලද අජිත් තිලකසේන වැනි භාෂා ප්‍රවීණයන්ගේ මතය වන්නේ “ෆ” අකුරින් නිරූපිත ශබ්දය අතීතයේ සිටම පැවති බවයි. “මේ හඬ පුරාණ සිංහලයෙත් නූතන සිංහලයෙත් නැතිවා නොවෙයි. ආච්චි ලිපට පිඹින්නේ “ෆූ” කියලයි. ෆූ! හරි දාඩියයි, ෆූහ්!, අවවහරේ ‘ශෆාන් එකේ ඉන්නවා’ වැනි තැන්වල “ෆ” තියෙනවා ” යනුවෙන් අජිත් තිලකසේන මහතා මේ අකුර පිළිබඳ අදට ඔබින බස ග්‍රන්ථයේදී පෙන්වා දෙයි. ඒ කෙසේ වෙතත් දැන් ෆොන්සේකලාට පමණක් නොව ෆැමල්කලා, ෆාතිමාලා, ෆවුසිලා ඇතුළු ඕනෑම අයෙකුට ලෙමන් ෆෆ්, ෆලූඩා, අයිෆල්, ෆාහියන්, ෆැක්ස්, ටොෆි, ගල්ෆ්, ෆැරන්හයිඩ් වැනි වදන් අමු සිංහලෙන්ම නිවැරදිව ලිවීමට පුළුවන. ඉංග්‍රීසි අකුරු, සිංහල අකුරු මැද්දට කලවම් කල යුතු නැත. දැන් “ෆ” අකුර ලීවීමට, යතුරු ලියනය කිරීමට, මුද්‍රණයට මෙන්ම අන්තර්ජාලයේද භාවිතා කල හැකිය. අවශ්‍යම නම් ෆැමල්කලාට, ෆොන්සේකලාට ගලේ කොටා තම නම තහවුරු කිරීමට සෙල්ලිපියක වුවද “ෆ” භාවිතා කිරීමට කිසිඳු බාධාවක් නැත. අසිරු වේදිත කරුණාරත්න
1 note · View note