Tumgik
#ය
tinogiehd · 2 years
Note
ය <- dnfbaby
ය <- dnfbaby
2 notes · View notes
extranoelmar · 2 years
Text
fonts, letters and symbols.
० ॰ ॱ 𖹬 𖹭 १ २ ३ ४ ५ ६ ७ ८ ९ ॽ ॐ ठ ऽ ঀ ঋ ঌ এ ও খ গ ঙ ণ থ ন প ষ ঽ ০ ১ ২ ৩ ৪ ৫ ৬ ৭ ৮ ৯ ৰ ৲ ৳ ৴ ৵ ৶ ৷ ৸ ৹ ৺ ৻ৡ ੦ ੧ ੨ ੩ ੪ ੫ ੬ ੭ ੳ ੴ ઈ ઇ ઉ ઊ ઘ છ જ ઝ ઠ ડ ઢ થ ર ળ શ ઽ ૐ ૦ ૧ ૨ ૩ ૪ ૬ ૭ ૮ ૰ ଌ ଏ ଓ ଗ ଘ ଙ ଚ ଟ ଠ ଡ ଣ ତ ଥ ଦ ପ ଶ ୡ ୦ ୧ ୨ ୪ ୬ ୭ ୱ ୵ ୶ உ ஒ ஞ த ல ௦ ௨ ௮ అ ఆ ఇ ఎ ఏ ఐ ఒ ఖ జ ట ణ న ప బ ల ఽ ౦ ౨ ౿ ಎ ಒ ಖ ಟ ಣ ಬ ಲ ಽ ೦ ೧ ೨ ೩ ೪ ೫ ೬ ೭ ೮ ೯ ೱ ೲ ഒ ങ ഠ ദ ധ ഭ മ യ ര റ ല ഴ വ ശ ഷ ഹ ഺ ഽ ൔ ൕ ൖ ൙ ൞ ൠ ൦ ൨ ൪ ൫ ൭ ൳ ൴ ඉ ඊ ග ඝ ඟ ජ ට ඨ ථ ද ධ ප බ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ ෪ ෬ ෭ ෯ ෧ ෴ ๐ ๑ ๒ ๓ ๔ ๖ ๗ ๘ ๚ ๛ ຯ ໐ ໑ ໒ စ ဓ ပ န ဖ ဗ ၕ ၜ ၛ ႎ ზ ᄼ ᅀ ᅌ ᅍ ᅇ ᅎ ᆝ ᇢ ቀ የ ፆ ጸ Ꮉ Ꮙ Ꮡ ᜌ ᜊ ᜑ ៙ ៚ ៵ ᠀ ៹ ᠕ ᠗ ᠙ ᤶ ᦣ ᦈ ᦹ ᧖ ᨡ ᨦ ᨧ ᨩ ᨵ ᨭ ᨰ ᨳ ᨴ ᨸ ᩀ ᩁ ᪈ ᪇ ᪑ ᪕ ᪖ ᪗ ᪣ ᪤ ᪥ ᯅ ᯆ ᯇ ᯈ ᯋ ᯡ ᯽ ᰃ ᰄ ᰋ ᰍ ᰿ ᱁ ᱔ ᱕ ᱖ ᱙ ᱜ ᱝ ᱣ ᱦ ᱪ ᱫ ᱶ ᱷ Ბ Გ Ზ Ფ ᳩ ᳪ ᳬ ⁎ ⁕ ⌤ ⌔ ⌓ ⌑ ⌕ ⋄ ⋆ ⋇ ⊹ ⊰ ⊱ ⊲ ⊳ ⍝ ⍟ ⍰ ⎈ ⎌ ⎔ ⏣ ◌ ◍ ◦ ★ ☆ ✁ ✄ ✆ ✇ ✎ ✑ ✢ ✫ ✬ ✭ ✮ ✯ ✵ ✶ ✷ ✸ ✹ ✺ ✻ ✼ ✽ ✾ ✿ ❀ ❁ ❋ ⟡ ⥼ ⥽ ⥾ ⥿ ⦾ ⨾ ⩊ ⩋ ⫯ ⫰ ⭑ ⭒ Ⱄ ⱄ ⱖ ⱺ ⵑ ⵒ ⵓ ⵛ ⵠ 。 〄 〘 〙 〠 〾 ゐ ㆍ ㆪ ㇣ ㇱ ꀎ ꁚ ꂔ ꃍ ꃪ ꃳ ꄲ ꅔ ꇻ ꈊ ꈔ ꈯ ꉂ ꉩ ꉭ ꉻ ꊞ ꊱ ꊶ ꋂ ꌷ ꎂ ꎔ ꎤ ꎺ ꎽ ꏂ ꐑ ꐇ ꐚ ꐪ ꐳ ꑘ ꒪ ꒰ ꒱ ꒲ ꒷ ꒸ ꒹ ꒺ ꒾ ꔡ ꔫ ꔮ ꕃ ꕊ ꕤ ꕮ ꕬ ꕪ ꖡ ꖸ ꗏ ꗚ ꗛ ꗜ ꗱ ꗲ ꗢ ꗬ ꘃ ꘎ ꘓ ꘖ ꘡ ꘪ ꙳ ꚩ ꚬ ꚤ ꚰ ꛜ Ꞝ ꞝ ꠃ ꠶ ꠷ ꡞ ꡏ ꡟ ꡬ ꡧ ꢀ ꢁ ꢄ ꢌ ꢘ ꢢ ꢮ ꢾ ꣀ ꢸ ꣁ ꣸ ꣹ ꥟ ꩜ ꩸ ꫞ ꫟ ꫥ ꯱ ꯵ ꯴ ﹆ ﹫ ﹪ ﹠  � 𐀒 𐀔 𐀢 𐀣 𐀤 𐁂 𐁋 𐁍 𐁑 𐁙 𐁘 𐁜 𐁝 𐂂 𐂎 𐂐 𐂗 𐂜 𐂡 𐂢 𐂣 𐂥 𐂨 𐂯 𐂮 𐂰 𐂱 𐂲 𐂴 𐃄 𐃏 𐃐 𐃗 𐃒 𐃓 𐃑 𐃙 𐃛 𐃜 𐃡 𐃰 𐇐 𐇑 𐇒 𐇛 𐇲 𐇳 𐇴 𐇵 𐇶 𐇯 𐙜 𐙞 𐙠 𐙦 𐙼 𐚁 𐚉 𐚈 𐚔 𐛺 𑀃 𑀄 𑀏 𑀕 𑀘 𑀙 𑀚 𑀠 𑀣 𑀩 𑀫 𑀬 𑀯 𑁍 𑁘 𑁢 𑁣 𑁥 𑁬 𑁭 𑁫 𑁯 𑁨 𑂅 𑂇 𑂑 𑂒 𑂔 𑂗 𑂘 𑂙 𑂛 𑂞 𑂟 𑂠 𑂢 𑂧 𑂬 𑂭 𑂯 𑂻 𑃦 𑄷 𑄸 𑄹 𑄺 𑄻 𑄽 𑇙 𑇛 𑇖 𑇗 𑇡 𑇢 𑈀 𑈃 𑈆 𑈕 𑈔 𑈗 𑊁 𑊂 𑊊 𑊑 𑊒 𑊔 𑊡 𑊢 𑍞 𑍟 𑐈 𑐛 𑐝 𑐞 𑑊 𑑏 𑑐 𑑑 𑑔 𑑕 𑑗 𑑙 𑑛 𑙐 𑙑 𑙒 𑙓 𑙔 𑙕 𑙖 𑙗 𑙘 𑙙 𑚘 𑚟 𑚩 𑚠 𑚦 𑚤 𑛁 𑛂 𑛃 𑛄 𑛅 𑛆 𑛇 𑛈 𑛉 𑣗 𑣚 𑣟 𑣡 𑣢 𑣥 𑣨 𑣩 𑣪 𑣮 𑣲 𑣿 𑩐 𑪡 𑫧 𑱢 𑵘 𑵙 𑶠 𑶡 𑶢 𑶣 𑶤 𑶥 𑶦 𑶧 𑶨 𑶩 𖠁 𖠂 𖠄 𖠃 𖠅 𖠆 𖠇 𖠋 𖠌 𖠎 𖠏 𖠐 𖠑 𖠔 𖠕 𖠗 𖠚 𖠛 𖠟 𖠡 𖠢 𖠣 𖠱 𖠳 𖠴 𖠵 𖠶 𖠸 𖠿 𖡎 𖡗 𖡘 𖡙 𖡛 𖡜 𖡟 𖡥 𖢆 𖢖 𖢨 𖢻 𖣀 𖣂 𖣍 𖣎 𖣓 𖣠 𖣢 𖣯 𖤂 𖤅 𖤋 𖤊 𖤌 𖤍 𖤏 𖤐 𖤓 𖤖 𖤘 𖤠 𖤣 𖤥 𖤦 𖤷 𖤹 𖤺 𖤾 𖥦 𖥧 𖥨 𖥲 𖦉 𖦸 𖦹 𖧁 𖧂 𖧋 𖧐 𖧡 𖧵 𖧶 𖧷 𖫡 𖹌 𖹚 𖹠 𖹡 𖹢 𖹣 𝅃 𝅄 𝅅 𝅆 𝆯 𝆳 𝆴 𝆵 𝇇 𝇈 𞋂 𞋈 𞋓 𞋝 𞋠 𞋫 𞋩 𞋲 𞋴 𞋵 🜰 🜸 🜺 🜽 🝦 🝩 🝭 ໓ ໖ ໙ 𓁹 𓁼 𓁿 𓂁 𓂂 𓂃 𓂄 𓂅 𓂆 𓂋 𓂌 𓂍 𓂑 𓂓 𓂖 𓂘 𓂜 𓂩 𓃆 𓃇 𓄌 𓄔 𓄣 𓄭 𓄮 𓄯 𓄰 𓄹 𓄼 𓄽 𓆁 𓆂 𓆃 𓆇 𓆈 𓆉 𓆊 𓆏 𓆐 𓆗 𓆛 𓆜 𓆝 𓆞 𓆟 𓆠 𓆡 𓆣 𓆦 𓆧 𓆨 𓆩 𓆪 𓆫 𓆭 𓆰 𓆱 𓆷 𓆸 𓆻 𓇅 𓇇 𓇈 𓇉 𓇊 𓇕 𓇚 𓇣 𓇤 𓇨 𓇬 𓇯 𓇳 𓇶 𓇷 𓇸 𓇹 𓇺 𓇻 𓇼 𓇽 𓇿 𓈀 𓈁 𓈂 𓈃 𓈄 𓈅 𓈆 𓈇 𓈈 𓈉 𓈊 𓈋 𓈌 𓈍 𓈎 𓈑 𓈒 𓈓 𓉻 𓉼 𓊆 𓊇 𓊈 𓊉 𓊊 𓊑 𓊒 𓊓 𓊔 𓊗 𓋩 𓋪 𓋭 𓋰 𓋱 𓋺 𓋾 𓌆 𓌇 𓌎 𓌛 𓌨 𓍊 𓍔 𓍢 𓍯 𓍰 𓍱 𓍲 𓍳 𓍶 𓍸 𓍹 𓍺 𓍻 𓍼 𓎖 𓎗 𓎠 𓎥 𓎧 𓎫 𓏒 𓏓 𓏔 𓏖 𓏢 𓏤 𓏱 𓏲 𓏳 𓏸 𓐍 𓐑 𔐙 𔐡 𔐦 𔐧 𔐬 𔐼 𔐿 𔑀 𔑏 𔑐 𔑔 𔑗 𔑘 𔑪 𔑬 𔑮 𔑯 𔑳 𔑵 𔑶 𔑺 𔑻 𔑾 𔒃 𔒄 𔒅 𔒇 𔒌 𔒋 𔑸 𔒍 𔒛 𔒝 𔒣 𔒥 𔒦 𔒧 𔒫 𔒭 𔒮 𔒰 𔒱 𔒲 𔒳 𔒴 𔒵 𔒶 𔒷 𔒸 𔒹 𔒺 𔒻 𔒼 𔒽 𔒾 𔒿 𔓂 𔓃 𔓄 𔓇 𔓊 𔓎 𔓏 𔓐 𔓒 𔓓 𔓔 𔓕 𔓖 𔓗 𔓘 𔓙 𔓝 𔓞 𔓶 𔓷 𔓾 𔔀 𔔁 𔔠 𔔡 𔔢 𔔣 𔔤 𔔯 𔔺 𔔻 𔕙 𔕚 𔕱 𔖚 𔖗 𔖟 𔗄 𔗨 𔗩 𔗫 𔘓 𔘒 𔘚 𔘜 𔘝 𔘞 𔘠 𔘷 ༄ ༅ ༈ ༉ ༊ ། ༎ ༏ ༐ ༑ ༒ ༓ ༔ ༕ ༖ ༗ ༚ ༛ ༜ ༠ ༡ ༢ ༣ ༤ ༥ ༦ ༧ ༺ ༻༼ ༽ ༾ ༿ ཀ ཁ ག གྷ ཆ ཇ ཉ ཊ ཌ ཌྷ ཎ ཏ ཐ ད དྷ ན པ ཕ བ བྷ མ ཙ ཚ ཛ ཛྷ ཝ ཞ ཟ འ ཡ ར ལ ཤ ཥ ས ཧ ཨ ཀྵ ཪ ཫ ཬ ࿀ ࿁ ࿂ ࿃ ࿄ ࿅ ࿆ ࿇ ࿈ ࿉ ࿊ ࿋ ࿌ ࿐ ࿑ ࿒ ࿓ ࿔ ࿙ ࿚
6K notes · View notes
lucienzo · 1 year
Text
० ॰ ॱ १ २ ३ ४ ५ ६ ७ ८ ९ ॽ ॐ ठ ऽ ঀ ঋ ঌ এ ও খ গ ঙ ণ থ ন প ষ ঽ ০ ১ ২ ৩ ৪ ৫ ৬ ৭ ৮ ৯ ৰ ৲ ৳ ৴ ৵ ৶ ৷ ৸ ৹ ৺ ৻ৡ ੦ ੧ ੨ ੩ ੪ ੫ ੬ ੭ ੳ ੴ ઈ ઇ ઉ ઊ ઘ છ જ ઝ ઠ ડ ઢ થ ર ળ શ ઽ ૐ ૦ ૧ ૨ ૩ ૪ ૬ ૭ ૮ ૰ ଌ ଏ ଓ ଗ ଘ ଙ ଚ ଟ ଠ ଡ ଣ ତ ଥ ଦ ପ ଶ ୡ ୦ ୧ ୨ ୪ ୬ ୭ ୱ ୵ ୶ உ ஒ ஞ த ல ௦ ௨ ௮ అ ఆ ఇ ఎ ��� ఐ ఒ ఖ జ ట ణ న ప బ ల ఽ ౦ ౨ ౿ ಎ ಒ ಖ ಟ ಣ ಬ ಲ ಽ ೦ ೧ ೨ ೩ ೪ ೫ ೬ ೭ ೮ ೯ ೱ ೲ ഒ ങ ഠ ദ ധ ഭ മ യ ര റ ല ഴ വ ശ ഷ ഹ ഺ ഽ ൠ ൦ ൨ ൪ ൫ ൭ ൳ ൴ ඉ ඊ ග ඝ ඟ ජ ට ඨ ථ ද ධ ප බ ම ඹ ය ර ල ව ශ ෂ ස හ ළ ෆ ෴ ๐ ๑ ๒ ๓ ๔ ๖ ๗ ๘ ๚ ๛ ຯ ໐ ໑ ໒ စ ဓ ပ န ဖ ဗ ၕ ၜ ၛ ႎ ზ ቀ የ ፆ ጸ Ꮉ Ꮙ Ꮡ ᜌ ᜊ ᜑ ៙ ៚ ៵ ᠀ ៹ ᠕ ᠗ ᠙ ᤶ ᦣ ᦈ ᦹ ᧖ ᨡ ᨦ ᨧ ᨩ ᨵ ᨭ ᨰ ᨳ ᨴ ᨸ ᩀ ᩁ ᪈ ᪇ ᪑ ᪕ ᪖ ᪗ ᪣ ᪤ ᪥ ᯅ ᯆ ᯇ ᯈ ᯋ ᯡ ᯽ ᰃ ᰄ ᰋ ᰍ ᰿ ᱁ ᱔ ᱕ ᱖ ᱙ ᱜ ᱝ ᱣ ᱦ ᱪ ᱫ ᱶ ᱷ Ბ Გ Ზ Ფ ⁎ ⁕ ⌤ ⌔ ⌓ ⌑ ⌕ ⋄ ⋆ ⋇ ⊹ ⊰ ⊱ ⊲ ⊳ ⍝ ⍟ ⍰ ⎈ ⎌ ⎔ ⏣ ◌ ◍ ◦ ★ ☆ ✁ ✄ ✆ ✇ ✎ ✑ ✢ ✫ ✬ ✭ ✮ ✯ ✵ ✶ ✷ ✸ ✹ ✺ ✻ ✼ ✽ ✾ ✿ ❀ ❁ ❋ ⟡ ⥼ ⥽ ⥾ ⥿ ⦾ ⨾ ⩊ ⩋ ⫯ ⫰ ⭑ ⭒ Ⱄ ⱄ ⱖ ⱺ ⵑ ⵒ ⵓ ⵛ ⵠ 。 〄 〘 〙 〠 〾 ゐ ㇱ ꀎ ꁚ ꂔ ꃍ ꃪ ꃳ ꄲ ꅔ ꇻ ꈊ ꈔ ꈯ ꉂ ꉩ ꉭ ꉻ ꊞ ꊱ ꊶ ꋂ ꌷ ꎂ ꎔ ꎤ ꎺ ꎽ ꏂ ꐑ ꐇ ꐚ ꐪ ꐳ ꑘ ꒪ ꒰ ꒱ ꒲ ꒷ ꒸ ꒹ ꒺ ꒾ ꔡ ꔫ ꔮ ꕃ ꕊ ꕤ ꕮ ꕬ ꕪ ꖡ ꖸ ꗏ ꗚ ꗛ ꗜ ꗱ ꗲ ꗢ ꗬ ꘃ ꘎ ꘓ ꘖ ꘡ ꘪ ꙳ ꚩ ꚬ ꚤ ꚰ ꛜ ꠃ ꠶ ꠷ ꡞ ꡏ ꡟ ꡬ ꡧ ꢀ ꢁ ꢄ ꢌ ꢘ ꢢ ꢮ ꢾ ꣀ ꢸ ꣁ ꥟ ꩜ ꩸ ꫞ ꫟ ꫥ ꯱ ꯵ ꯴ ﹆ ﹫ ﹪ ﹠ � 𐀒 𐀔 𐀢 𐀣 𐀤 𐁂 𐁋 𐁍 𐁑 𐁙 𐁘 𐁜 𐁝 𐂂 𐂎 𐂐 𐂗 𐂜 𐂡 𐂢 𐂣 𐂥 𐂨 𐂯 𐂮 𐂰 𐂱 𐂲 𐂴 𐃄 𐃏 𐃐 𐃗 𐃒 𐃓 𐃑 𐃙 𐃛 𐃜 𐃡 𐃰 𐙜 𐙞 𐙠 𐙦 𐙼 𐚁 𐚉 𐚈 𐚔 𐛺 𑀃 𑀄 𑀏 𑀕 𑀘 𑀙 𑀚 𑀠 𑀣 𑀩 𑀫 𑀬 𑀯 𑁍 𑁘 𑁢 𑁣 𑁥 𑁬 𑁭 𑁫 𑁯 𑁨 𑂅 𑂇 𑂑 𑂒 𑂔 𑂗 𑂘 𑂙 𑂛 𑂞 𑂟 𑂠 𑂢 𑂧 𑂬 𑂭 𑂯 𑂻 𑃦 𑄷 𑄸 𑄹 𑄺 𑄻 𑄽 𑇙 𑇛 𑇖 𑇗 𑈀 𑈃 𑈆 𑈕 𑈔 𑈗 𑊁 𑊂 𑊊 𑊑 𑊒 𑊔 𑊡 𑊢 𑍞 𑍟 𑐈 𑐛 𑐝 𑐞 𑑊 𑑏 𑑐 𑑑 𑑔 𑑕 𑑗 𑑙 𑑛 𑙐 𑙑 𑙒 𑙓 𑙔 𑙕 𑙖 𑙗 𑙘 𑙙 𑚘 𑚟 𑚩 𑚠 𑚦 𑚤 𑛁 𑛂 𑛃 𑛄 𑛅 𑛆 𑛇 𑛈 𑛉 𑣗 𑣚 𑣟 𑣡 𑣢 𑣥 𑣨 𑣩 𑣪 𑣮 𑣲 𑣿 𑫧 𑱢 𑵘 𑵙 𑶠 𑶡 𑶢 𑶣 𑶤 𑶥 𑶦 𑶧 𑶨 𑶩 𖠁 𖠂 𖠄 𖠃 𖠅 𖠆 𖠇 𖠋 𖠌 𖠎 𖠏 𖠐 𖠑 𖠔 𖠕 𖠗 𖠚 𖠛 𖠟 𖠡 𖠢 𖠣 𖠱 𖠳 𖠴 𖠵 𖠶 𖠸 𖠿 𖡎 𖡗 𖡘 𖡙 𖡛 𖡜 𖡟 𖡥 𖢆 𖢖 𖢨 𖢻 𖣀 𖣂 𖣍 𖣎 𖣓 𖣠 𖣢 𖣯 𖤂 𖤅 𖤋 𖤊 𖤌 𖤍 𖤏 𖤐 𖤓 𖤖 𖤘 𖤠 𖤣 𖤥 𖤦 𖤷 𖤹 𖤺 𖤾 𖥦 𖥧 𖥨 𖥲 𖦉 𖦸 𖦹 𖧁 𖧂 𖧋 𖧐 𖧡 𖧵 𖧶 𖧷 𖫡 𝇇 𝇈 𞋂 𞋈 𞋓 𞋝 𞋠 𞋫 𞋩 𞋲 𞋴 𞋵 🜰 🜸 🜺 🜽 🝦 🝩 🝭 ໓ ໖ ໙ 𓁹 𓁼 𓁿 𓂁 𓂂 𓂃 𓂄 𓂅 𓂆 𓂋 𓂌 𓂍 𓂑 𓂓 𓂖 𓂘 𓂜 𓂩 𓃆 𓃇 𓄌 𓄔 𓄣 𓄭 𓄮 𓄯 𓄰 𓄹 𓄼 𓄽 𓆁 𓆂 𓆃 𓆇 𓆈 𓆉 𓆊 𓆏 𓆐 𓆗 𓆛 𓆜 𓆝 𓆞 𓆟 𓆠 𓆡 𓆣 𓆦 𓆧 𓆨 𓆩 𓆪 𓆫 𓆭 𓆰 𓆱 𓆷 𓆸 𓆻 𓇅 𓇇 𓇈 𓇉 𓇊 𓇕 𓇚 𓇣 𓇤 𓇨 𓇬 𓇯 𓇳 𓇶 𓇷 𓇸 𓇹 𓇺 𓇻 𓇼 𓇽 𓇿 𓈀 𓈁 𓈂 𓈃 𓈄 𓈅 𓈆 𓈇 𓈈 𓈉 𓈊 𓈋 𓈌 𓈍 𓈎 𓈑 𓈒 𓈓 𓉻 𓉼 𓊆 𓊇 𓊈 𓊉 𓊊 𓊑 𓊒 𓊓 𓊔 𓊗 𓋩 𓋪 𓋭 𓋰 𓋱 𓋺 𓋾 𓌆 𓌇 𓌎 𓌛 𓌨 𓍊 𓍔 𓍢 𓍯 𓍰 𓍱 𓍲 𓍳 𓍶 𓍸 𓍹 𓍺 𓍻 𓍼 𓎖 𓎗 𓎠 𓎥 𓎧 𓎫 𓏒 𓏓 𓏔 𓏖 𓏢 𓏤 ���� 𓏲 𓏳 𓏸 𓐍 𓐑 ༄ ༅ ༈ ༉ ༊ ། ༎ ༏ ༐ ༑ ༒ ༓ ༔ ༕ ༖ ༗ ༚ ༛ ༜ ༠ ༡ ༢ ༣ ༤ ༥ ༦ ༧ ༺ ༻༼ ༽ ༾ ༿ ཀ ཁ ག གྷ ཆ ཇ ཉ ཊ ཌ ཌྷ ཎ ཏ ཐ ད དྷ ན པ ཕ བ བྷ མ ཙ ཚ ཛ ཛྷ ཝ ཞ ཟ འ ཡ ར ལ ཤ ཥ ས ཧ ཨ ཀྵ ཪ ཫ ཬ ࿀ ࿁ ࿂ ࿃ ࿄ ࿅ ࿆ ࿇ ࿈ ࿉ ࿊ ࿋ ࿌ ࿐ ࿑ ࿒ ࿓ ࿔
85 notes · View notes
Text
Tumblr media
එපීස 1:7 උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය.
In whom we have redemption through his blood, the forgiveness of sins, according to the riches of his grace — Ephesians 1:7 | Sinhala Contemporary Version (SCV) and New Messianic Version (NMV) Sinhala Contemporary Version Bible © 2011-2024 Biblica. All Rights Reserved Worldwide and the New Messianic Version Bible by Tov Rose © 2012. All Rights Reserved. Cross References: Psalm 130:7; Matthew 6:12; Acts 2:38; Acts 20:28; Romans 2:4; Romans 3:24-25
Read full chapter
What does it mean that in Him we have redemption?
11 notes · View notes
sahassri · 6 months
Text
Tumblr media
#දැවී_නොදැවී
||සියළු හිමිකම් කතෘ සතුය. උපුටා ගැනීම/ වෙනත් සමූහ වල, වෙනත් මාධ්‍යයන් ඔස්සේ පල කිරීම සපුරා තහනම්.||
01 කොටස
“...ලයිලා සුලි කුණාටුව දිවයිනෙන් ඉවතට...’’
ඒ ප්‍රවෘත්තිය තහවුරු කරන්නට මෙන් වළාකුළු රහිත අහසක හිරු බැබළුනේය. වෙනත් ආකාරයක කුණාටුවක් මේ බිම හරහා හමා යන බව නොදත්තාක් මෙන් ඒ දිනය දීප්තිමත් විය. රථ ගාලේ කාරය නවතාගෙන ක්‍රිෂ් මේ කල් ම/ර/න්/නේ ප්‍රවෘත්ති ඇසීමටම නොවේ, තවමත් දිවයිනෙන් පහව නොගිය, ඔහු මීළඟට ඇතුළු විය යුතු ගොඩනැගිලි සංකීර්ණය තුළ කැකෑරෙමින් පැවති කුණාටුවට මුහුණ දෙන ආකාරය පිළිබඳව කල්පනා කිරීමටය. දඬු අඬුවක් තද කරන්නාක් මෙන් ඒ සිතුවිල්ලේ හුස්ම සි/ර කරමින් නිවේදකයා ඊළඟ ප්‍රවෘත්තියට මාරු වූයේය.
“බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ අන්ත පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම යළි දිවයිනට...’’
ක්‍රිෂ් තවදුරටත් කාරයේ රැඳී සිටිය නොහැකි බව මනා කොට පසක් කර ගත්තේ අඹ ගහ පාමුල කූඩුවේ ලොතරැයි වෙළෙන්දා තුන්වන වරටත් අමුතු බැල්මක් දමා ගෙන කාරය පැදකුණු කරන විටය. ලොතරැයි කූඩුවෙන් එල්ලෙන කුඩා රේඩියෝවේ ද ඒ ප්‍රවෘත්ති ප්‍රකාශය ම විකාශය වෙමින් පැවතිනි.
"මූ/ත් මැච් එක බලලාද කොහෙද," ඔහු තමාටම මුමුණා ගත්තේය. "කොහෙද අප්පච්චිගෙ වාහන බු/ල/ට් පෲෆ් උනාට ගල්ගෙඩි පො/ලු මු/ඟු/රු පෲෆ් නෑනෙ. දමලා අඳීද දන්නෙ නෑ."
"උ/ඹ සීට් එකට ඇලවිලාද නැත්නම් ඇතුලෙ වෙන මොකක් හරි සීන් එකක් ද?" බ්ලුටුත් ස්පීකරයෙන් ගලා ඵන්නේ අශේන්ගේ නො/ස/රු/ප් හඬයි. "මං දැන් වරුවක් මෙතන බලාගෙන, ය/කෝ එලියට බහින්න බුලත් දෙන්න ඕනෙද?"
"මේ ගිනි මද්දහනෙ මොන සීන්ද ම/චං, අයිම් ස්ටක් විත් දිස් බ/ග/ර්, කාර් එකට නෙලන්න වගේ ඉන්නෙ."
"හරි ම/ගු/ල/ක් නෙ, නෙලන්න ඕන එ/වු/න් ඔක්කොම මෙන්න ඇතුලෙ හොඳට කනවා, යන්තම් පනහක් ගහගෙන සනුහරේ ගොඩදාගත්ත එ/කා/ට එලියට බහින්න නෑ. උ/ඹ ව/රෙ/න් ම/චා, ආයෙ උ/ඹ/ලට කාර් නැතුවද. ඵනගමන් කියල ව/රෙ/න් අල්ටො ඵක සුහාස් ගෙ කියලා."
ක්‍රිෂ් පිටතට පැමිණියේ ඒ අදහසට සිනාසෙමිනි.
"අපේ මිනිස්සු එහෙම නෑ බං*, ඔන්න ඉන්දියාවෙ වගේ උනානම් ගෙදර ගිහින් හමාරයි. මේ අන්කල් වාහනේ පොඩ්ඩක් බලනවද?" ඔහු ඒ සිනාවෙන්ම ලොතරැයි වෙළෙන්දා ගෙන් ඇසුවේය. "රයිට්, තෑන්ක්ස්!"
"බලපන්, උ/ඹ බොරුවට වාහනේට වෙලා හුලං කකා ඉදලා ඒ මනුස්සයාවත් පාවලා දුන්නා."
"උ/ඹ අර පනහෙ කතාව කිව්වමයි මම ෆෝම් උනේ, අ/ඩේ ඇත්තනේ කියලා. නැත්නම් ඇත්තටම බයේ හිටියෙ. ඉතින් ආදරෙයි හොඳේ?"
"අනේ ව/රෙං ම/ඟු/ල් කතා කරන්නෙ නැතුව!" අශේන් තම්බන්නට ඔය ගොරකා මදිය. "මම දන්නව මොකෝ කල් ඇරියෙ කියලා. මේ සැරේ පුතේ ගැලවෙන්න වෙන්නෙ නෑ. සෙකන්ඩ් ෆ්ලෝ එකේ මහ සභාව එනකන් බලන් ඉන්නෙ."
"ඒ පාර මොකද්ද පත්තු වෙන්න යන්නේ?"
"උ/ඹෙ නූල," අශේන් සිනාසුනේය. "ප්‍රසන්ටේෂන් එක වෙලේම මම කිව්ව නේද? තොප්පිය වැටෙනවා සිකුරුයි පුතේ කියල. දැන් ඉතින් ටිකක් කට පරෙස්සම් කරගෙන..."
ක්‍රිෂ් ඇතුළු වූයේත් අශේන් හමු වූයේත් එවිටමය. දුරකතනය විසන්ධිකර සාක්කුවේ රුවා ගන්නා අතර ඔහු තම දෙවුර හැකිලුවේය.
"යූ නෝ මී ම/චං, මායි මගෙ කටයි ඉතින්..."
"මාළුවයි කටයි වගේ තමයි. එහෙම නෙවෙයි පොඩ්ඩක් නම්‍යශීලී වෙය/න්/කො, පොඩ්ඩක්..."
"මෙතන බල්ලට යනකම් ම කට්ටිය නම්‍යශීලී වුණා. ඒකනෙ ඇත්ත. ඔලුව අතගගා මේක හදන්න බෑ, එහෙම ඕනේ නම් ඔය ඕන තරම් බේබි සිටර්ලා ඉන්නෙ, දී ගන්නෙ නැතෑ!"
"ඔය වචනෙ කවුරුහරි කියනකම් තමයි මමත් බලන් හිටියෙ!"
පිටුපසින් නැගුණු හඬට තරුණයින් දෙදෙනාම හැරී බැලුවේ මවිතයෙනි. පාලක මණ්ඩලයේ නව සභාපති රණසිංහ මහතා ඔවුන් වෙත ආවේ එක එල්ලේම ක්‍රිෂ් දෙස බලා ගෙනය.
"ඉතින් මයි සන් අපි බෝර්ඩ් රූම් එකට ගිහින්ම ඩිස්කස් කරමු නේද?"
"බයි ඕල් මීන්ස් සර්," ක්‍රිෂ් වෙත ක්ෂණික සිනාවක් පෑ අශේන්ට සෙනඟ අතරේ නොපෙනී යාමට වැඩි වේලාවක් ගත වූයේ නැත.
ක්‍රිෂ් රණසිංහ මහතා දෙස බැලුවේ අසරණවය.
"කම් කම්!"
ඔහු පසුපස තරප්පු පෙළ නගිනු විනා විකල්පයක් නොවීය.
"ලෙට් මී බී ෆ්රෑන්ක් විත් යූ, කැප්ටන්සි එකට නම් තුනක් යෝජනා වුණා. අපි ගොඩක් දේවල් ගැන කතා කරා. වචනයක්වත් එළියට ලීක් වෙන්න කලින් අපේ ඔප්ෂන්ස් අපි පරෙස්සමට කන්සිඩර් කරා. ක්‍රිෂාන්ට හිතෙන විදියට කාටද අපි මුලින්ම ඔෆර් කරන්න ඇත්තෙ..?"
"මම බෝර්ඩ් එකේ හිටියනම් සර්, මුලින්ම ඔෆර් කරන්නෙ දම්සර අයියට. ඇත්ත, එයාට තව ලොකු කාලයක් ටොප් ෆෝම් එකේ ඉන්න බැරි වෙයි. ඒත් අපි කාටවත් ඒ එක්ස්පීරියන්ස් එක්ක හැරෙන්නවත් බෑ."
රණසිංහ මහතා හිස සළා ඒ වදන් අනුමත කළේය. ඔහු කිසිත් කීමට පෙර ක්‍රිෂ් තවත් යමක් එකතු කළේය.
"ඊලඟ ඔප්ෂන් එක, සුහාස්. ටීම් එක ඇතුලේ වෙන කාටවත් නැති පිරිස් බලයක් එයාට තියෙනවා. ඒක හරි පුදුම ආකර්ෂණයක්, පොඩි කො/ල්/ලො ඉන්නව සුහාස් අයිය කිව්වොත් ලෝකාන්තෙන් උනත් පනින.
"තුන්වෙනි ඔප්ෂන් එක මම. ඇත්තම කිව්වොත් මම තුන්වෙනි ඔප්ෂන් එක වෙන්නෙ කාරණා දෙකක් නිසා. එක, මගේ අප්පච්චි. මට කැප්ටන්සි දුන්න ගමන් පත්තර/කා/ර/යො නෙපොටිසම් තැටිය දානව. අනෙක් කාරණේ මම ටීම් එක ඇතුලෙ පොපියුලර් නෑ. වෙන්න මට වුවමනාවකුත් නෑ. ඔතන තියන සමහරක් සම්ප්‍රදායන්ට මම කවදත් විරුද්ධයි. ඒ නිසා ඔතන ඉන්න සමහර අයට මාව දිරවන්නේ නෑ."
ක්‍රිෂ් කතාව නතර කලේ හුස්මක් ගන්නටය. රණසිංහ මහතා සිනාසුණේ මහ හඬිනි.
"අශේන් හරි, උ/ඔ පුතා අවංක වැඩී. ඔය ඔක්කොම ඇත්ත. ඉතින් ක්‍රිෂාන් ඔය සේරම තියෙද්දිත් ඔයාගේ නම ප්‍රපෝස් කරේ කවුරු වෙන්න ඇතිද?"
"සපරමාදු සර් වෙන්න ඇති," ක්‍රිෂ් කීවේ දෙවරක් නොසිතාය. "එයා අන්ඩර් නයින්ටීන් කාලෙ ඉඳන්ම හරි ආසයි මාව අමාරුවෙ දාන්න."
"ඔව්, අපි කට්ටියක් එදා මැච් එක බලන්න සෙට් වුණා. බලන්න වැඩි දෙයක් තිබ්බෙ නැති නිසා ඒක නිකම්ම වට මේස සාකච්ඡාවක් වුණා." රණසිංහ මහතා වඩා දීප්තිමත් ආතීතයක ආවර්ජනයන් ගෙන් සරසන ලද කොරිඩෝරයේ මොහොතකට නතර විය. "දන්නවද මිස්ටර් සපරමාදු මොකද කිව්වෙ කියලා? ඕ/කා නයා වගේ එ/කා කිව්ව - මේ අර බවුන්සර් දෙකක් දාපු ඕවර් එකේදි ඔන්න - දැන් ඔය බෝලර් පොල්ල වරද්ද ගන්න යන්නෙ කිව්ව."
ක්‍රිෂ් සිනා වූයේ එම සිදුවීම සිහි වීමෙනි.
"මැණිකක් රකින්න නම් නයෙක්ට තමයි දෙන්න ඕනෙ කිව්වා."
"දම්සර අයියා -"
"භාර ගන්න කැමති නෑ. මේක ටිකක් කන්��ිඩෙන්ෂල් කතාවක්, දම්සරට පරණ ෂෝල්ඩර් ඉන්ජරි එකක් තියෙනවා. ලාස්ට් ටුවර් එකේදි ඒක ආපහු ටිකක් මතු වෙන්න ගත්තා. ඩිසෙම්බර් එන්ඩ් එකට වගේ සර්ජරි එක දාගෙන තියෙන්නෙ, ඒකෙන් පස්සෙ මොබිලිටි එක ටිකක් ඩවුට් ෆුල්."
ක්‍රිෂ් සුසුමක් හෙළුවේය.
"සුහාස්?"
"මට ක්‍රිෂාන් ගෙ ටෝන් එකෙන් තේරෙන විදියට, සුහාස්ට නොදෙන හේතුව ක්‍රිෂාන් දන්නව. ආකර්ෂණය හොඳ වෙන්නේ ඒ ඉන්ෆ්ලුවෙන්ස් එක හොඳ අතට පාවිච්චි වෙනව නම්. මෙතන වෙන්නෙ එහෙම නෙවෙයි නේ?
"මට දුක අපට සුහාස් නැතිව බැරි එක. නැත්නම් ඔතන කල්ලිවාදෙ පියා එයා කියල මට දැනිල තියෙන්නෙ. අනිත් එක මයි සන්, නෙපොටිසම් කතා, ඔය අජීර්ණ වගේ ඒවට අපි උත්තර දෙන්න ඕනෙ රිසාල්ට්ස් වලින්, එහෙම නේද?"
"සර් මට වේ අවුට් එකක් දෙන්නෙම නෑ නේද?"
"පුතා නයෙක් නම් මම පිඹුරෙක් වගේ තමා -"
"අල්ල ගත්තොත් අත්අරින්නෙ නෑ?"
"මෙහෙමයි, අපි තැත්වරද ක්‍රමේට කැප්ටන්ල මාරු කරල හරියන්නෙ නෑ. ක්‍රිෂාන් මේ රෝල් එක ගන්නව නම්, ඊලඟ වර්ල්ඩ් කප් එක වෙනකම්වත් ඉන්න ඕනෙ. ඒ වෙනුවෙන් ඔයාට මොනවහරි ඉල්ලීම් තියෙනවා නම්, අපි ලෑස්තියි සාධාරණ සීමාවන් තුළ ඒව සළකා බලන්න."
"සර් මට අහසෙ තරුයි මූදෙ මඩයි නම් ඕනෙ නෑ. ඒවගේම අපි තුන්දෙනාගෙන් කවුරු මේක භාර ගත්තත් මේ තියෙන කන්ඩිෂන්ස් එක රැයින් ඉම්පෲ වෙන්නෙත් නෑ. සර්ට ඇත්තටම මං ගැන විශ්වාසයක් තියෙනවා නම් ඒකට එකපාරම පයින් ගහන්න තරම් මම කුහක නෑ. මට පුලුවන් උපරිමෙන් මම උත්සහ කරන්නම්, ඊලඟ වර්ල්ඩ් කප් එක වෙනකොට කොල්ලො ටික හොඳ තැනකට ගේන්න.
"ඒත් ඒකට සමහර සැර තීරණ ගන්න වෙනවා. මට ඒ ඔතෝරිටි එක දෙන්න බැරිනම් සර්ගෙ ටාර්ගට් එකට යන්න මට බැරි වෙනවා. එහෙම සැකයක් තියෙනවා නම් මගේ කිසිම තරහක් නෑ සර්ලගෙ සිස්ටම් එකට වඩා සූට් වෙන කෙනෙක්ට මෙ රෙස්පොන්සිබිලිටි එක දෙන්න."
"මම කැමතියි පුතා ඔහොම කෙලින් කතා කරනවට. හිතන්න අපි ඒ ඔතෝරිටි එක ඔයාට දුන්නා කියල. මොකද්ද ඔයා ඉස්සෙල්ලම කරන්නෙ?"
"සිලෙක්ෂන්ස් වලින් අර සර් කිව්ව තැත්වරද ක්‍රමේ අයින් කරන එක."
රණසිංහ මහතා දෙබැම එසවීය.
"ඒක මෙහෙමයි සර්. දැන් අපේ සිලෙක්ෂන් තියෙනව නේද, හරියට අංජනම් වගේ. අද ඇතුලෙ හෙට ස්කොඩ් එකෙත් නෑ. ආයේ හිටි ගමන් එනවා...
"එහෙම වුණාම සර් ඉන්ස්පිරේෂන් එක නැති වෙනවා. ෆෝම් එක නිකම්ම බහිනවා. කොහොම හරි ඇතුළට එන එ/කා බලන්නෙ ලැබිච්ච චාන්ස් එකේ කීයක් හරි හොයා ගන්න, ඉන්ටනැෂනල් ඇටෙන්ෂන් ගන්න මොකද්ද ආයෙ ටීම් එකට ගනීද නැද්ද දන්නෙ නෑ නේ. ඉතින් සෙල්ෆ් ඉම්පෲමන්ට්, ටීම් ස්පිරිට් එහෙම කොහෙ හැදෙන්න ද?
"වෙන්න ඕනෙ ඒක නෙවෙයි. සිලෙක්ෂන් වලට පර්ෆෝමන්ස් බේස්ඩ් ස්ටෑන්ඩඩ් එකක් තියෙන්න ඕනෙ. ඒක ස්කූල් ක්‍රිකට් ද, ක්ලබ් ක්‍රිකට් ද ඉන්ටනැෂනල්ද, ලීග්ද කියලා වෙනස් නොවෙන, ක්‍රිකටර් සක්කරයගේ පුතා උනත් වෙනස් නොවෙන එකක් වෙන්න ඕනෙ.
"එක මැච් එකකින් පස්සෙ ඒකෙ හිටපු හැම ප්ලේයර්ම දැනගන්න ඕන, තමන් ඊලග මැච් එකට කොලිෆයිඩ් ද නැද්ද කියලා.
"නැෂනල් ටීම් එකේ අන්ඩවෙල්මින්ග් පර්ෆෝමර්ස්ල ආපහු ක්ලබ් ලෙවල් එකට වැටෙන්න ඕනේ. ඒ ඉඩ ක්ලබ් මැචස් වල බෙස්ට් පර්ෆෝමර්ස්ලට දෙන්න ඕනෙ. එක තැන තිබ්බම වතුර වුනත් පල් වෙනවා, පූල් එකත් ඒ වගේ කන්ටිනුවස්ලි මූව් වෙන්න ඕනෙ."
රණසිංහ මහතා අත්පුඩි නොගැසුවා පුදුමය. ඔහු මුව අයා බලා සිටි ආකාරය අශේන් දුටුවා නම් බිම පෙරලෙමින් සිනාසෙනු ඇත.
"සර් මට ඔතෝරිටි එක දෙනවා නම් - අපේ කරන්ට් ස්කොඩ් එකේ හය දෙනෙක් ඉන්නවා පොඩ්ඩක් ක්ලබ් ගහල ක්‍රිකට් ටිකක් මතක් වුණාම ආපහු එන්න කියල යවන්න ඕනෙ. ටීම් එකේ දෙන්නෙක් ඉන්නව ටික දවසකට බෙන්චස් වල තියන්න ඕනෙ.
"ඒ වෙනුවට අපි හොඳටම දන්න අන්ඩර් නයින්ටීන් ළමයි හතර දෙනෙක් ඉන්නවා. අපේ මේ සීසන් එකේ ස්කූල්බෝයි ක්‍රිකටර් ඉන්නව - ක්ලබ් වල වේලෙන හොඳ කොල්ලො කොච්චර ඉන්නවද."
"ඔයා ඔය දෙබරයක් අවුස්ස ගන්න යන්නෙ..." රණසිංහ මහතා පැවසුවේ අවවාදාත්මකවය.
"දෙබරෙට බය වුනොත් සර් අපට පැණි කොයින්ද?"
**
2 notes · View notes
minolisblog · 11 months
Text
Tumblr media
ප්‍රේ ම ය || ❤️
3 notes · View notes
joxterpaws · 1 year
Text
3 notes · View notes
44rok · 2 years
Text
Tumblr media
මේ පුද්ගලයාගේ නම Jonathan Lee Riches ය. මොහුගේ විනෝදාංශය වී ඇත්තේ නඩු පැවරීමය. ඉතා සුළු සුළු කාරනා වෙනුවෙන් පවා නඩු දැමීම ඔහුගේ පුරුද්දය. මොහුගේ නඩු දැමීමේ විනෝදාංශයේ තර ගැන කියනවා නම්, වැඩිම නඩු ප්‍රමාණයක් දැමු මිනිසා ලෙස මොහුගේ නම ගිනස් වාර්තා පොතටද ඇතුළු වී තිබේ.
╭─────────────────╮ │ɪᴅᴇᴀ ʙᴏꜱꜱ ᴘᴜʙʟɪᴄ ᴇᴅɪᴛɪᴏɴ ☘️ ╰─────────────────╯
4 notes · View notes
basilcatt143 · 26 days
Note
Who is impostor here? ඐ, එ, ඒ, ඓ, ඔ, ඕ, ඖ, ක, ඛ, ග, ඝ, ඞ, ඟ. ච, ඡ, ජ, ඣ, ඤ, ඥ, ඦ, ට, ඨ, ඩ, ඪ, ණ, ඬ, ත, ථ, ද. ධ, න, ඳ, ප, ඵ, බ, භ, ම, ඹ, ය
hmmmmm..
squints
Tumblr media
HIM
1 note · View note
aoifesfatvagina · 3 months
Text
My ADOPTED uncle
Ana Punchihewa, former President of Sri Lanka Cricket.
ආනා පුංචිහේවා මැතිතුමා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති.
(This post is in English & Sinhala. If you see a garbled repetition and can't see any Sinhala fonts, then your Google Auto Translator is on)
Ana Punchihewa was the President of Sri Lanka Cricket (SLC) when Sri Lanka won the World Cup in 1995-96 and created history. SLC was then known as The Board of Control for Cricket. The five year plan to take Sri Lanka cricket to the next millennium was developed under his stewardship in September 1995. He is now the Chairman of
AP Golf Management Company (Pvt) Ltd. which promotes Inbound Golf Tours and new Golf Courses for Sri Lanka.
ශ්‍රී ලංකාව 1995-96 දී ලෝක කුසලානය දිනාගෙන ඉතිහාසගත වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධූරය දැරුවේ ආනා පුංචිහේවා මැතිතුමා ය. එකල ඒ ආයතනය හැඳින්වූයේ ක්‍රිකට් පාලක මණ්ඩලය ලෙසය. ඔහුගේ භාරකාරීත්වය යටතේ, 1995 සැප්තැම්බර් මාසයේදී, ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නව සහස්‍රයට ගෙනඒමේ පස් අවුරුදු සැලැස්ම සකස්කර දියත් කෙරුණි.
He was also the Managing Director of Pure Beverages Company for many years, until it was acquired in 1998 by F&N, a joint venture between Coca Cola USA and Fraser & Neave Ltd., Singapore. The Pure Beverages group had recorded a 97% turnover growth and a after tax profit of Rs. 108.69 mn. for the 12 months ended September 30, 1998.
Pure Beverages had been established as 'The Pure Ice and Aerated Water Manufactory' by Ana's great grandfather Warusahennedige James Walter Fernando
In 1894:
Pure Beverages සමාගම පරිණාමය වී තිබුණේ,1894 දී ආනා පුංචිහේවාගේ මී සීයා වූ වරුසහැන්නදිගේ ජේම්ස් වෝල්ටර් ප්‍රනාන්දු විසින් ආරම්භ කරන ලද Pure Ice and Aerated Water Manufactory නිෂ්පාදනාගාරයෙන් ය:
Read about Ana's grandfather Daniel Fernando from here:
ආනා පුංචිහේවාගේ සීයා වූ ඩැනියෙල් ප්‍රනාන්දු මැතිතුමා ගැන මෙතැනින් කියවන්න:
Read about Ana's grandmother and the Bhadravati Maha Vidyalaya established by her. Thieving politicians have changed the name of the school since then:
එතුමාගේ මිත්තණිය විසින් තනවා කොළඹ දරුවන්ට තිළිණ කළ භද්‍රාවතී මහා විද්‍යාලය ගැන මෙතනින් කියවන්න. හොර දේශපාලකයන් ඒ පාසලේ ද නම වෙනස් කර ඇත:
Ana's is married to Anoma, and his parents were Kamal Saddhatissa Gardiya Punchihewa and Warusahennedige Yasoma Fernando (died October 2009). Ruwan Punchihewa is his brother. Ana's mother Yasoma was a daughter of Daniel Fernando mentioned above and as such Ana is a Nephew of Kusala Abeywardene (1920 - 1988), Pinsiripal (Pin) Fernando, Parakrama Fernando, Dhammika Fernando and Mahinda Fernando.
ඔහු විවාහ වී සිටින්නේ අනෝමා සමඟ වන අතර ඔහුගේ දෙමාපියන් වූයේ කමල් සද්ධාතිස්ස ගාර්දිය පුංචිහේවා සහ ඉහත සඳහන් කළ වරුසහැන්නදිගේ ඩැනියෙල් ප්‍රනාන්දුගේ දියණියක වූ යසෝමා ප්‍රනාන්දු ය.
Kusala Abhayavardhana
කුසලා අභයවර්ධන
Pinsiripal (Pin) Fernando:
The huge science Laboratory of Prajapathi Gothami College, Ambalangoda was built and gifted by him. It's a School patronized by his maternal ancestors as well.
අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී විද්‍යාලයේ සුවිසල් විද්‍යාගාරය ඉදිකර තිළිණ කළේ ඔහුය. එය ඔහුගේ මව් පාර්ශ්වයේ මුතුන් මිත්තන්ගේ අනුග්‍රහයද ලැබූ පාසලකි.
A few of his interviews on Sri Lankan Cricket:
ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිබඳ එතුමා සමඟ කළ සම්මුඛ සාකච්ඡා කිහිපයක්:
How men in suits won two World Cup matches in 1996:
https://www.sundaytimes.lk/.../ana-says-shortcuts-will...
https://www.pressreader.com/.../20171105/282364039947109
youtube
Grateful thanks to Lalith Salgado, Chami Pinnaduwa.
#Karava
0 notes
eyeviewsl · 4 months
Text
ආහාර තාක්ෂණික සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයාවන Sysco LABS, ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සමරයි
ආහාර තාක්ෂණික සේවා ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයාවන Sysco LABS, ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සමරයි
ආහාර තාක්ෂණික සේවාවන් සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන Sysco සඳහා Global in-house Centre (GIC) ලෙස ක්‍රියාත්මක වන Sysco LABS පසුගියදා ශ්‍රී ලංකාව තුළ සිය 10 වැනි සංවත්සරය සැමරී ය. ඒ වෙනුවෙන් සමාගම විසින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලද අතර, එයට ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ජූලී චන්ග් මහත්මිය, ඇමරිකානු තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඇමරිකානු වාණිජ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්,…
Tumblr media
View On WordPress
0 notes
lokuhapuarachchi · 5 months
Text
කලාත්මක ඡායාරූපකරණය  මියගියාද ?
“කලාත්මක ඡායාරූපකරණයේ අවසානය”, යන මැයෙන් වූ අන්තර්ජාල සාකච්ඡාවකට මම ඊයේ සහභාගි වුනෙම්. එය Sequel Collective නම් වූ තරුණ කණ්ඩායමක් විසින් සංවිධානය කර තිබූ අතර තාරක බිබුලෙවිතාරණ මෙහෙයවූ මෙම සංකාච්ඡාවේ කතිකයා වූවේ බූපති නලින් ය. ආනන්දයේ ශිෂ්‍යයෙකුව සිටියදී ආනන්දයේ පාසල් ඡායාරූප සංගමයේ සිටි බූපති, පසුව හෑගොඩ ඡායාරූප පාසලේදී ම⁣ගේ දේශන වලට වලට සවන් දුන් ශිෂ්‍යයන් අතරින් අයෙකි. ඡායාරූප ශිල්පියෙකු ලෙස හඳුන්වනවාට වඩා, මා ඔහු ගැන දැන සිටියේ කලාව පිළිබඳ තියුනු ප්‍රතිවිරෝධී අදහස් සහිත විචාරකයෙකු ලෙසය. මා මෙම සාකච්ඡාවට විශේෂයෙන්ම සහබාගි වුනේ ඔහු නිසා වන අතර, ඡායාරූපකරණය පිළිබඳ ඔහුගේ විචාරාත්මක අදහස්, ඡායාරූපකරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ නව පරම්පරාවේ අදහස් නියෝජනය වන බව මම විශ්වාස කරමි. එහෙත් සාකච්ඡාව අවසානයේදි ඔහු ප්‍රකාශ කරන්නට උත්සාහ කෙරුවේ කුමක්දැයි මට වටහා ගත නොහැකි විය. ඔහු සාකච්ඡාව අවසානයේද ප්‍රකාශ කර සිටියේ කලාත්මක ඡායාරූපකරණයේ අවසානය සිදුවී හමාර බවත් ඔහු එයින් අදහස් කරන්නේ තාක්ෂණය පිළිබඳ නොවන බවත්ය. එය එසේනම් ඡායාරූපකරණය සහ සමකාළීන සංස්කෘතිය තුළ එහි භූමිකාව පිළිබඳ වන පූර්ව නිගමන නැවත සළකා බැලීමට අපට සිදුවේ. එහෙත් එයට පෙර අප කලාව සහ කලාවේ විවිධ අරමුණ හඳුනා ගත යුතුව ඇත.
කලාව යනු පරිකල්පනය, නිර්මාණශීලිත්වය සහ කුසලතාව ප්‍රකාශ කරන පුලුල් පරාසයක මානව ක්‍රියාකාරකම් සහ නිර්මාණ ඇතුළත් පුළුල් සහ ආත්මීය පදයකි. එහි හරය තුළ, කලාව යනු සිතුවම්, මූර්ති, සාහිත්‍යය, සංගීතය, නැටුම්, රංග ශාලාව, චිත්‍රපටය, ඡායාරූපකරණය සහ තවත් බොහෝ මාධ්‍යයන් හරහා අදහස්, හැඟීම් සහ අත්දැකීම් සන්නිවේදනය කිරීමේ මාධ්‍යයකි. ඒ තුල ප්‍රකාශනය,සන්නිවේදනය, පරාවර්තනය, ගවේෂණය සහ සෞන්දර්යාත්මක රසවින්දනය යන කාරනා ඇතුලත් වෙයි. චිත්තවේගීය ප්‍රතිචාර ඇති කිරීමට සහ නරඹන්නන්ට සෞන්දර්යාත්මක සතුටක් ලබා දීමට කලාවට බලය ඇත, ඔවුන්ගේ ජීවිත විවිධ ආකාරවලින් පොහොසත් කරයි. කලාවට විවිධ ස්වරූප ගෙන විවිධ අරමුණු ඉටු කර ගත හැකි වුවද, එය අවසානයේ මානව නිර්මාණශීලීත්වයේ සහ පරිකල්පනයේ නිෂ්පාදනයක් වන අතර, එය අර්ථ නිරූපණය සහ අගය කිරීම සඳහා නිමක් නැති හැකියාවන් ලබා දෙයි.
"කලාත්මක ඡායාරූපකරණයේ අවසානය" යනුවෙන් භූපති මෙම සාකච්ඡාව සඳහා යෝජනා කර ඇති මාතෘකාවෙන්, ඡායාරූපකරණ ක්ෂේත්‍රය තුළ කලාව යනු කුමක්ද යන්න පිළිබඳ සාම්ප්‍රදායික සංකල්පවලට අභියෝග කරන අදහසක් ඉදිරිපත් කිරීමට උත්සාහ කරයි. එයින් බොහෝ විට පිළිගත හැකි හෝ සෞන්දර්යාත්මක ලෙස සලකනු ලබන සීමාවන් තල්ලු කරමින් සාම්ප්‍රදායික ශිල්පීය ක්‍රම, මෝස්තර හෝ විෂයයන්ගෙන් බැහැරවීමක් යෝජනා වෙයි. මෙම යෙදුම කලා ලෝකයේ පශ්චාත් නූතනවාදයේ නැඟීමත් සමඟ ප්‍රමුඛත්වය ලබා ගත් අතර එය අත්හදා බැලීම් දිරිමත් කළ සහ ස්ථාපිත සම්මතයන් ප්‍රශ්න කරන ලදී. කලා ඡායාරූපකරණයේ අවසානයට හිතාමතා බොඳ කිරීම, අතිශය සමීප රූප, කොලෙජ් ශිල්පීය ක්‍රම හෝ සාම්ප්‍රදායික නොවන ද්‍රව්‍ය භාවිතය වැනි සාම්ප්‍රදායික නොවන ප්‍රවේශයන් ඇතුළත් විය හැකිය. සාරාංශයක් ලෙස, එය ඡායාරූපකරණය සංයුතියේ හෝ නිරූපණයේ දැඩි නීති පිළිපැදිය යුතුය යන අදහස ප්‍රතික්ෂේප කිරීමක් මූර්තිමත් කරයි. ඒ වෙනුවට, එය අනපේක්ෂිත ස්ථානවල සහ ආකෘතිවලින් කලාව සොයා ගත හැකිය යන අදහස වැලඳ ගනී. 
මට තේරුම් ගැනීමට නොහැකි වුවත්, නිසැකවම බූපති තමන් ඉදිරිපත් කල කරුණු හරහා කියන්නට උත්සාහ කරන්නට ඇත්තේ කලා ඡායාරූපකරණය හුදු තාක්ෂණික ප්‍රවීණතාවය ඉක්මවා යන අතර සංකල්පය, ප්‍රකාශනය සහ අභිප්‍රාය යන ගැඹුරු ක්ෂේත්‍රයන් වෙත යොමු වන බව විය හැක. එය එසේනම් අප මේ කතා කරන්නේ ඡායාරූප කලාවේ ඇති සංකල්පීය ගැඹුර, චිත්තවේගීය බලපෑම, පුද්ගලික දැක්ම, පර්යේෂණාත්මක ප්‍රවේශය, විවේචනාත්මක නියැලීම, චේතනාන්විත බාවය සහ අව්‍යාජත්වය වැනි කාරණා ගැන විය හැක.
සංකල්පීය ගැඹුර බොහෝ විට කේන්ද්‍රීය සංකල්පයක් හෝ අදහසක් වටා භ්‍රමණය වේ, පණිවිඩයක් ප්‍රකාශ කිරීම, තේමාවක් ගවේෂණය කිරීම හෝ සිතුවිලි අවුස්සයි. ඡායාරූප ශිල්පියා තම රූප මතුපිට පෙනුමෙන් ඔබ්බට අරුත් ස්තරවලින් කාවැද්දීම සඳහා සංකේතවාදය, රූපක හෝ ආඛ්‍යානය භාවිත කළ හැකිය. සාකච්ඡාවේදී නම් සඳහන් වූ සින්ඩි ෂර්මන් ඡායාරූපකරණයේ සංකල්පීය ගැඹුර සඳහා කැපී පෙනෙන උදාහරණ සපයයි. ඇයගේ ස්වයං ඡායාරූප , නැතහොත් ජනප්‍රිය වචනයෙන් කියනවනම් සෙල්ෆි  බොහෝ විට සමාජ සම්මතයන් සහ පුද්ගල වර්ගකිරීම් වලට අභියෝග කරමින්, විවිධ පුද්ගලයන් සහ චරිත උපකල්පනය කරන ඒවා විය. සංකල්පීය ගැඹුරකින් යුත් කලා ඡායාරූපකරණයේ එක් කැපී පෙනෙන උදාහරණයක් වන්නේ සින්ඩි ෂර්මන්ගේ කෘතියයි. බොහෝ විට සමාජ සම්මතයන් සහ ඒකාකෘති වලට අභියෝග කරන, විවිධ පුද්ගලයන් සහ චරිත උපකල්පනය කරන ඇයගේ ස්වයං-චිත්‍ර මාලාව සඳහා ෂර්මන් ප්‍රසිද්ධය. ඇයගේ "Untitled Film Stills" මාලාවේ (1977-1980), Sherman විසින් පැරණි හොලිවුඩ් චිත්‍රපටවල නිශ්චල ඡායාරූප එකතුවක් නිර්මාණය කරන ලදී, නමුත් සෑම රූපයකම ෂර්මන් විසින්ම විවිධ කාන්තා පුරාවිද්‍යා නිරූපණය කරයි. ඇයගේ ඇඳුම, වේශ නිරූපණය සහ වේදිකාගත කිරීම හරහා ෂර්මන් ජන මාධ්‍ය තුළ අනන්‍යතාවය, ස්ත්‍රී පුරුෂ භාවය සහ නියෝජනය යන තේමාවන් ගවේෂණය කරයි. උදාහරණයක් ලෙස, නම් නොකළ චිත්‍රපට නිශ්චල චිත්‍රපටයක, සම්භාව්‍ය සිනමාවේ හුදකලා වීරවරියගේ රූප රාමු අවදි කරමින්, ජනේලයකින් තුෂ්නිම්භූතව බලා සිටින කාන්තාවක් ෂර්මන් නිරූපණය කරයි. කෙසේ වෙතත්, සමීපව විමසා බැලීමේදී, නරඹන්නන් දර්ශනයේ කෘතිම බව හ��ුනාගෙන නිරූපණය කර ඇති හැඟීම්වල සත්‍යතාව ප්‍රශ්න කළ හැකි අතර, මාධ්‍ය තුළ ස්ත්‍රීත්වයේ ගොඩනඟන ලද ස්වභාවය පිළිබිඹු කිරීමට පොළඹවයි. Sherman's repertoire හි තවත් උදාහරණයක් වන්නේ ඇයගේ "History Portraits" (1988-1990) මාලාවයි. ඇයගේ ප්‍රතිනිර්මාණයන් හරහා, ෂර්මන් කලා ඉතිහාසය තුළ අන්තර්ගත පීතෘමූලික ආඛ්‍යාන විවේචනය කරන අතරම ඡායාරූප නිරූපණයේ සත්‍යතාව සහ විශ්වසනීයත්වය ද ප්‍රශ්න කරයි. සංකීර්ණ තේමා ගවේෂණය කිරීම, සමාජ නිර්මිතයන් අභියෝග කිරීම සහ අනන්‍යතාවය, නියෝජනය සහ මානව අත්දැකීම් පිළිබඳ ඔවුන්ගේ සංජානනය නැවත සලකා බැලීමට නරඹන්නන් පොළඹවන වාහකයක් බවට පත් වීමට කලා ඡායාරූපකරණයට හුදු ලේඛනගත කිරීම් ඉක්මවා යා හැකි ආකාරය ෂර්මන්ගේ කෘතිය මගින් නිදර්ශනය කරයි.
කළාත්මක ඡායාරූපකරණයට චිත්තවේගයන් අවදි කිරීමට සහ දෘශ්‍ය මට්ටමින් නරඹන්නන් සමඟ සම්බන්ධ වීමට බලය ඇත. මානව අත්දැකීම්, භූ දර්ශන හෝ වියුක්ත ආකෘති නිරූපණය හරහා වේවා, කලා ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් සමඟ අනුනාද වන චිත්තවේගීය ප්‍රතිචාර ලබා ගැනීම අරමුණු කරගත් ලෝක ප්‍රසිද්ධ ඡායාරූපය වන්නේ ඩොරතියා ලැන්ජ් විසින් ඡායාරූප ගතකල "සංක්‍රමණික මව" ඡායාරූපය වේ. එක්සත් ජනපදයේ මහා අවපාතයේ දී ගන්නා ලද මෙම සංකේතාත්මක ඡායාරූපය මානව ඔරොත්තු දීමේ හැකියාව සහ ආන්තික ප්‍රජාවන් මුහුණ දෙන අරගල පිළිබඳ ප්‍රබල සංකේතයක් බවට පත්ව ඇත. "සංක්‍රමණික මව" හි, Lange සිය දරුවන් සමඟ Florence Owens Thompson නම් අසරණ මවකගේ රූපය ග්‍රහණය කරයි. මවගේ බාහිර ව්‍යංගික ප්‍රකාශනය තෙහෙට්ටුව සමඟ මිශ්‍ර වූ දැඩි අධිෂ්ඨානයකි, ඇගේ දරුවන් සුවපහසුව සහ ආරක්ෂාව සඳහා ඇය වෙත ළං වේ. මෙම ඡායාරූපය දුෂ්කරතා, දරිද්‍රතාවය සහ විපත්ති හමුවේ ඔරොත්තු දීමේ හැඟීමක් ගෙන එයි. ඇයගේ සංයුතිය, ආලෝකය සහ විෂයයන්ගේ මුහුණුවල ග්‍රහණය කරගත් අමු චිත්තවේගයන් හරහා, Lange ආර්ථික අර්බුදකාරී කාලයකදී මානව අත්දැකීම් ගැඹුරින් චලනය වන නිරූපණයක් නිර්මාණය කරයි. "සංක්‍රමණික මව" ඉතිහාසයේ නිශ්චිත මොහොතක් ඡායාරූප ගත කරනවා පමණක් නොව, පරම්පරා ගණනාවක් පුරා නරඹන්නන් තුළ සංවේදනය සහ අනුකම්පාව ඇති කිරීමට එහි ඓතිහාසික සන්දර්භය ඉක්මවා යයි. කලාත්මක ඡායාරූපකරණයට එහි මාධ්‍යය අභිබවා කතන්දර කීමට සහ චිත්තවේගීය සම්බන්ධතා සඳහා ප්‍රබල වාහකයක් බවට පත් විය හැකි ආකාරය මෙම ඡායාරූපය නිදර්ශනය කරන  ගැඹුරු ආකාරයෙන් නරඹන්නන්ගේ හදවත් සහ මනස ස්පර්ශ කරයි.
කලාත්මක  ඡායාරූපකරණයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ ඡායාරූප ශිල්පියාගේ අද්විතීය දැක්ම සහ ඉදිරිදර්ශනය ප්‍රකාශ කිරීමයි. එය හුදෙක් යථාර්ථය ලේඛනගත කිරීමෙන් ඔබ්බට ගොස් ඡායාරූප ශිල්පියාගේ ලෝක දැක්ම, වටිනාකම් සහ සෞන්දර්යාත්මක සංවේදීතාවන් පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. ඇන්සල් ඇඩැම්ස් එවන් ශිල්පියෙකි.කලා ඡායාරූපකරණයේ පුද්ගලික දැක්ම පිළිබඳ ආදර්ශවත් නිරූපණයක් වන්නේ ඇන්සල් ඇඩම්ස්ගේ කෘතියයි, විශේෂයෙන් ඔහුගේ ඇමරිකානු බටහිර භූ දර්ශන ඡායාරූප. යෝසෙමයිට් ජාතික වනෝද්‍යානය වැනි ස්වභාවික භූ දර්ශනවල ශ්‍රේෂ්ඨත්වය සහ අලංකාරය ග්‍රහණය කර ගත් ඔහුගේ විස්මිත කළු-සුදු රූප සඳහා ඇඩම්ස් ප්‍රසිද්ධ විය. ඇඩම්ස්ගේ පෞද්ගලික දැක්ම ගැඹුරින් මුල් බැස ගත්තේ ස්වභාවික ලෝකය කෙරෙහි ඔහු දක්වන ගෞරවය සහ පාරිසරික සංරක්ෂණය සඳහා වූ ඔහුගේ කැපවීම තුළ ය. ඔහුගේ සූක්ෂම රචනා, නිරවද්‍ය තාක්‍ෂණික ප්‍රවීණත්වය සහ ආලෝකය සහ සෙවනැල්ල ප්‍රවේශමෙන් පාලනය කිරීම තුළින්, ඇඩම්ස් ඔහුගේ ඡායාරූප බියෙන් හා අතිවිශිෂ්ට හැඟීමකින් කාවැද්දුවේය. ඇඩම්ස්ගේ වඩාත් ප්‍රසිද්ධ ඡායාරූපවලින් එකක් වන "Moonrise, Hernandez, New Mexico" ඔහුගේ පෞද්ගලික දැක්ම සහ කලාත්මක සංවේදීතාවන් විදහා දක්වයි. මෙම රූපයේ, ඇඩම්ස් විසින් සඳ ග්‍රහණය කර ගත්තේ කාන්තාර භූ දර්ශනයක විශාල වපසරියක් මත, නාටකාකාර වලාකුළු ඉහළින් සැරිසරමින් සිටින බවයි. ආලෝකයේ සහ සෙවණැල්ලේ සෙල්ලම අභෞතික සුන්දරත්වය සහ අධ්‍යාත්මික මෙනෙහි කිරීමේ හැඟීමක් ඇති කරයි. ඔහුගේ ඡායාරූප හරහා, ඇඩම්ස් තමා මුහුණ දුන් භූ දර්ශන ලේඛනගත කළා පමණක් නොව, ස්වභාවික ලෝකයට ඔහුගේ ගැඹුරු චිත්තවේගීය සම්බන්ධතාවය සහ එහි සහජ වටිනාකම පිළිබඳ ඔහුගේ විශ්වාසය ප්‍රකාශ කළේය. ස්වභාවධර්මයට ගරු කිරීමක් සහ කලාත්මක විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම මගින් සංලක්ෂිත ඔහුගේ පුද්ගලික දැක්ම, ඡායාරූප ශිල්පීන්ගේ සහ ස්වභාව ලෝලීන්ගේ පරම්පරා ගණනකට එකසේ ප්‍රබෝධමත් කරයි.
කලාත්මක ඡායාරූප ශිල්පීන් බොහෝ විට සාම්ප්‍රදායික ඡායාරූප ශිල්පීය ක්‍රම සහ සම්මුතිවල සීමාවන් තල්ලු කරමින් අත්හදා බැලීම් සහ නව්‍යකරණයන් වැලඳ ගනී. ඔවුන් නරඹන්නන්ට අභියෝග කරන සහ කුතුහලය දනවන රූප නිර්මාණය කිරීමට සාම්ප්‍රදායික නොවන ක්‍රම, විකල්ප ක්‍රියාවලීන් හෝ අන්තර් විනය ප්‍රවේශයන් ගවේෂණය කළ හැකිය. චිත්‍ර ඡායාරූපකරණයේ පර්යේෂණාත්මක ප්‍රවේශයක් සඳහා එක් ප්‍රබල උදාහරණයක් නම් Man Ray ගේ කෘතිය, විශේෂයෙන්ම ඔහුගේ ඡායාරූප ගවේෂණය, "rayographs" ලෙසද හැඳින්වේ. මෑන් රේ යනු 20 වැනි සියවසේ මුල් භාගයේ ඩැඩා සහ අධි යථාර්ථවාදී ව්‍යාපාරවල පුරෝගාමී චරිතයක් වූ අතර, ඔහුගේ නව්‍ය ශිල්පීය ක්‍රම සහ ඇවන්ගාඩ් සංවේදීතාවන් සඳහා ප්‍රසිද්ධ විය.
Rayographs නිර්මාණය කරනු ලබන්නේ වස්තූන් සෘජුවම ආලෝකයට සංවේදී කඩදාසි මත තබා ඒවා ආලෝකයට නිරාවරණය කිරීමෙන් අද්විතීය, වියුක්ත රූප ඇති කිරීමෙනි. සාම්ප්‍රදායික ඡායාරූපකරණය මෙන් නොව, සාමාන්‍යයෙන් කැමරා කාචයක් හරහා රූප ග්‍රහණය කර ගැනීම ඇතුළත් වන අතර, rayographs කැමරාව මුළුමනින්ම මඟ හරින අතර, රූප සෑදීම සඳහා වඩාත් සෘජු සහ ප්‍රායෝගික ප්‍රවේශයකට ඉඩ සලසයි. Man Ray ගේ rayographs බොහෝ විට කතුර, පනා, හෝ ඔහුගේම දෑත් සහ ශරීර කොටස් වැනි එදිනෙදා වස්තූන් ඇතුළත් විය. මෙම වස්තු විවිධ වින්‍යාසයන් තුළ සකස් කිරීමෙන් සහ නිරාවරණ වේලාවන් සහ ආලෝක තත්ත්වයන් සමඟ අත්හදා බැලීම් කිරීමෙන්, රේ සාම්ප්‍රදායික නිරූපණයේ සීමාවන් ඉක්මවා යන රූප නිර්මාණය කළේය, යථාර්ථය සහ වියුක්තය අතර රේඛාව බොඳ කරයි. Man Ray ගේ වඩාත් ප්‍රසිද්ධ rayograph එකක් වන්නේ "Untitled (Rayograph)" (1922) වන අතර, එහි ගතික සංයුතියකින් සකස් කරන ලද ගෘහාශ්‍රිත වස්තු එකතුවක් දක්වයි. ප්‍රතිඵලයක් ලෙස ලැබෙන රූපය ආලෝකය සහ සෙවනැල්ල, හැඩතල සහ වයනය පිළිබඳ වශීකෘත අන්තර්ක්‍රියාවක් වන අතර, විවිධ මට්ටම්වල රූපය අර්ථ නිරූපණය කිරීමට සහ ඒවා සමඟ සම්බන්ධ වීමට නරඹන්නන්ට ආරාධනා කරයි. ඔහුගේ රේයෝග්‍රැෆ් ගවේෂණය හරහා, මෑන් රේ ඡායාරූපකරණයේ සම්මුතීන්ට අභියෝග කළ අතර මාධ්‍යයේ හැකියාවන් පුළුල් කළේය, අනාගත පරපුරේ කලාකරුවන්ට විකල්ප ක්‍රියාවලීන් සහ ශිල්පීය ක්‍රම අත්හදා බැලීමට මග පෑදුවේය. රූප සෑදීම සඳහා ඔහුගේ නව්‍ය ප්‍රවේශය කලා ඡායාරූප ක්ෂේත්‍රයේ නිර්මාණශීලිත්වයේ සහ පරිකල්පනයේ සීමාවන් තල්ලු කිරීමට කලාකරුවන්ට අඛණ්ඩව ආස්වාදයක් ලබා දෙයි.
කලාත්මක ඡායාරූපකරණය  සමාජ, සංස්කෘතික හෝ දේශපාලන ගැටළු සමඟ විවේචනාත්මක මැදිහත්වීම් දිරිමත් කරයි. සමාජ අසාධාරණයන්, පාරිසරික ගැටළු, අනන්‍යතා දේශපාලනය, හෝ වෙනත් දැවෙන ගැටළු පිළිබඳව අදහස් දැක්වීමට, සංවාදයක් ඇති කිරීමට සහ දැනුවත් කිරීම සඳහා ඡායාරූප ශිල්පීන් ඔවුන්ගේ කාර්යය භාවිතා කළ හැකිය. සමාජීය ගැටළු සමඟ විවේචනාත්මක මැදිහත්වීමක් පෙන්නුම් කරන කලා ඡායාරූපකරණයේ එක් තියුණු උදාහරණයක් වන්නේ සෙබස්තියෝ සල්ගාඩෝ, විශේෂයෙන්ම ඔහුගේ ව්‍යාපෘතිය "කම්කරුවන්: කාර්මික යුගයේ පුරාවිද්‍යාව". සුප්‍රසිද්ධ බ්‍රසීලියානු ඡායාරූප ශිල්පියෙකු සහ ඡායාරූප මාධ්‍යවේදියෙකු වන සල්ගාඩෝ, ආන්තික ප්‍රජාවන්ගේ ජීවිත සහ ගෝලීය සමාජ හා ආර්ථික බලවේගවල මානව බලපෑම ලේඛනගත කිරීම සඳහා සිය වෘත්තීය ජීවිතයෙන් වැඩි කොටසක් කැප කර ඇත. "කම්කරුවන්" හි, සල්ගාදු කම්හල්වල ශ්‍රමික ශ්‍රමයේ සිට කුඹුරුවල පසුගාමී කෘෂිකාර්මික වැඩ දක්වා විවිධ ආකාරයේ වැඩවල යෙදී සිටින කම්කරුවන්ගේ ඡායාරූප ග්‍රහණය කර ගැනීමට රටවල් 20 කට අධික සංඛ්‍යාවකට සංචාරය කළේය. ඔහුගේ බලගතු කළු-සුදු ඡායාරූප හරහා, සල්ගාදු කම්කරුවන්ගේ අභිමානය සහ ඔරොත්තු දීමේ හැකියාව සමරනවා පමණක් නොව, ශ්‍රම සූරාකෑම, ආර්ථික අසමානතාවය සහ පාරිසරික පරිහානිය පිළිබඳ කටුක යථාර්ථයන් ද හෙලිදරව් කරයි. ලිපි මාලාවේ එක් කැපී පෙනෙන රූපයක් බ්‍රසීලයේ ගල් අඟුරු පතල් කම්කරුවන් දුමෙන් හා දහඩියෙන් වැසී ඇති අතර ඔවුන්ගේ මුහුණු වෙහෙසට හා අධිෂ්ඨානයෙන් නිරූපනය කරයි. තවත් ඡායාරූපයක දැක්වෙන්නේ, වේගවත් විලාසිතා සහ ගෝලීයකරණයේ මානව පිරිවැය ඉස්මතු කරමින්, බංගලිදේශයේ ඇඟලුම් සේවිකාවන් ජනාකීර්ණ, අඳුරු ආලෝකය සහිත කර්මාන්තශාලාවල වෙහෙස මහන්සි වී වැඩ කරන ආකාරයයි. "කම්කරුවන්" හරහා සල්ගාදු, ගෝලීය ශ්‍රම පද්ධතියට ආවේණික වූ සමාජ හා ආර්ථික අසාධාරණයන්ට මුහුණ දෙන ලෙස නරඹන්නන්ට ආරාධනා කරන අතරම අභියෝගාත්මක තත්වයන් යටතේ වැඩ කරන අයගේ මනුෂ්‍යත්වය සහ ශක්තිය ද පිළිගනී. ඔහුගේ ඡායාරූප සංවාද සඳහා ප්‍රබල උත්ප්‍රේරකයක් ලෙස සේවය කරයි, ලොව පුරා කම්කරුවන්ගේ දුක්ඛිත තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සහ සමාජ වෙනසක් සහ යුක්තිය වෙනුවෙන් පෙනී සිටී.
කලකලාත්මක  ඡායාරූපකරණය චේතනාන්විතභාවය සහ සත්‍යතාව මගින් සංලක්ෂිත වේ, සෑම රූපයක්ම ඡායාරූප ශිල්පියාගේ හිතාමතා තේරීම් සහ නිර්මාණාත්මක තීරණ පිළිබිඹු කරයි. කලාකරුවාගේ නිර්මාණාත්මක  අව්‍යාජභාවය ඔහුගේ කාර්යය තුළ බැබළෙන අතර, නරඹන්නා සමඟ සම්බන්ධතාවයක් සහ අනුනාදයක් ඇති කරයි. කලාත්මක  ඡායාරූපකරණයේ චේතනාන්විතභාවය සහ අව්‍යාජභාවය පිළිබඳ ඉතා හොඳ උදාහරණ අපට සැලි මෑන්ගේ Immediate Family "ක්ෂණික පවුල" ඡායාරූප මාලාවෙන් සොයාගත හැකිය. ඇයගේ සමීප ඡායාරූප සහ පවුලේ ගතිකත්වය ගවේෂණය කිරීම සඳහා ප්‍රසිද්ධ ඇමරිකානු ඡායාරූප ශිල්පියෙකු වන Mann, වර්ජිනියාවේ ගම්බද ප්‍රදේශවල හැදී වැඩුණු ඇගේම දරුවන්ගේ අවංක සහ ප්‍රේරක රූප ලබා ගත්තාය. "ක්ෂණික පවුල" තුළ, මෑන්ගේ හිතාමතා තෝරා ගැනීම් සහ නිර්මාණාත්මක තීරණ සෑම රාමුවකම පැහැදිලිව පෙනේ. ඇය සෑම ඡායාරූපයක්ම ප්‍රවේශමෙන් රචනා කර, ඇගේ විෂයයන්ගේ අද්විතීය පෞරුෂයන් සහ අත්දැකීම් ප්‍රකාශ කරන සැකසුම්, ආලෝකකරණය සහ ඉරියව් තෝරා ගත්තාය. මෑන්ගේ රූප සාම්ප්‍රදායික අර්ථයෙන් වේදිකාගත කර හෝ ඉදිරිපත් කර නැත; ඒ වෙනුවට, ඔවුන් පවුල් ජීවිතයේ සත්‍යතාව හෙළි කරමින් ස්වයංසිද්ධතාවයේ සහ අවදානම් අවස්ථාවන් ග්‍රහණය කරයි. ම��ම මාලාවේ එක් සංකේතාත්මක ඡායාරූපයක් වන්නේ "කැන්ඩි සිගරට්" (1989) වන අතර, එය අ��ුරු පසුබිමකට එරෙහිව කැන්ඩි සිගරට් එකක් අතැතිව සිටින මෑන්ගේ දියණිය ජෙසී නිරූපණය කරයි. රූපය මුදු මොළොක් සහ ප්‍රකෝපකාරී වන අතර, වැඩිහිටි හැසිරීම් සහ සමාජ අපේක්ෂාවන් පිළිබඳ යෝජනාවක් සමඟ සමපාත වන ළමා කාලයේ අහිංසකත්වය ග්‍රහණය කරයි. "Immediate Family" හරහා Mann, ආදරය, අහිමි වීම, වර්ධනය සහ අනන්‍යතාවය යන විශ්වීය තේමා සමඟ සම්බන්ධ වීමට ඔවුන්ට ආරාධනා කරමින්, මවක් සහ කලාකරුවෙකු ලෙස ඇයගේම සජීවී අත්දැකීම් දෙස බලන්නන්ට ලබා දෙයි. ඡායාරූපකරණය සඳහා ඇයගේ චේතනාන්විත ප්‍රවේශය සහ අව්‍යාජභාවය සඳහා වූ කැපවීමේ ප්‍රතිඵලය වන්නේ, නරඹන්නන් සමඟ ගැඹුරින් අනුනාද වන රූප, පරම්පරා ගනනාවක් පුරා සංවේදනය සහ අවබෝධය වර්ධනය කිරීමයි.
කලකලාත්මක ඡායාරූප ශිල්පය තාක්‍ෂණික ප්‍රවීණතාවය ඉක්මවා ගොස් පුද්ගලික ප්‍රකාශනය, ගවේෂණය සහ ලෝකය සමඟ සම්බන්ධ වීම සඳහා මාධ්‍යයක් බවට පත්වේ. එය රූපයේ මතුපිටින් ඔබ්බට බැලීමට සහ එය ප්‍රකාශ කරන ගැඹුරු අර්ථයන් සහ හැඟීම් ගැන මෙනෙහි කිරීමට නරඹන්නන්ට ආරාධනා කරයි. ලලිත කලා ඡායාරූපකරණය බොහෝ විට සංස්කෘතික උරුමයන්, සමාජ වටිනාකම් සහ ඓතිහාසික සිදුවීම් පිළිබඳ දෘශ්‍ය වාර්තාවක් ලෙස සේවය කරන බව ඉහත උදාහරණ දෙස බලන විට අප දනිමු. මෙම සංස්කෘතික උරුමය අනාගත පරම්පරාවන් සඳහා සංරක්ෂණය කිරීම සහ වැදගත් කලාත්මක කෘති ආරක්ෂා කර අනාගත පරපුරට ප්‍රවේශ විය හැකි බවට සහතික කිරීමක් ජනතාව ස්වාභාවිකව අපෙන් බලාපොරොත්තු වේ. ලලිත කලා ඡායාරූපකරණය යනු හුදකලා කලාකරුවන්ගේ නිර්මාණශීලිත්වය, දැක්ම සහ අද්විතීය ඉදිරිදර්ශන පිළිබිඹු කරන කලාත්මක ප්‍රකාශනයේ විධිහකි. ඡායාරූප ප්‍රජාව තුළ ඇති කලාත්මක ප්‍රකාශණයන් සහ ශෛලීන්ගේ විවිධත්වය වෘත්තීය ඡායාරූප ශිල්පීන් වටා සිටින මිනිසුන් අගය කරන බැවින් අර්ථවත් සහ සිතුවිලි අවුස්සන කලා කෘති නිර්මාණය කිරීමට එම කලාකරුවන්ට නිදහස ඇති බව සහතික කිරීමට අවශ්‍ය වේ.
ලලිත කලා ඡායාරූපකරණයට සංවාදයක් ඇති කිරීමට, දැනුවත් කිරීමට සහ සමාජ, දේශපාලනික සහ පාරිසරික ගැටළු සම්බන්ධයෙන් විවේචනාත්මක චින්තනය ඇති කිරීමට බලයක් ඇත. ඒ නිසා ඒ හා බැඳුනු අභියෝගවලට මුහුණ දීම සහ සමාජයේ ධනාත්මක වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම සඳහා ඡායාරූපකරණයේ කාර්යභාරය පිළිබඳව ජනතාව සැලකිලිමත් වීම සාමාන්‍ය දෙයකි.
සංස්කෘතික හා ආර්ථික බලපෑම ගැන සළකා බලන විට දේශසීමා නිර්ණායකයන් අතහැර, අඩු වැඩි වශයෙන් ලලිත කලා ඡායාරූප කලාකරුවන් ප්‍රජාවන්ගේ සංස්කෘතික හා ආර්ථික ජීව ශක්තියට දායක වීම ලොව පුරා අපට දැකිය හැක. ඡායාරූප කර්මාන්තයේ සිදුවන වෙනස්කම් කලාකරුවන්ගේ ජීවනෝපාය කෙරෙහි සහ සංස්කෘතික පරිසර පද්ධතියේ තිරසාරභාවය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබඳව විශාල ප්‍රජාවක් නූතන තාක්ෂණය සමග කනස්සල්ලට පත්ව සිටිති. මේ නිසා ඩිජිටල් රූපකරණය, කෘතිම බුද්ධිය සහ අතථ්‍ය යථාර්ථය වැනි තාක්‍ෂණික දියුණුව ලලිත කලා ඡායාරූපකරණයේ අනාගතය හැඩගස්වන්නේ කෙසේද යන්න ස්වාභාවිකවම කතා බහට  ලක් වේ. මෙම තාක්ෂණයන් කලාත්මක පරිචය, සෞන්දර්යාත්මක ප්‍රවණතා සහ රූප නිර්මාණය කරන, පරිභෝජනය කරන සහ අර්ථකථනය කරන ආකාරය කෙරෙහි බලපාන ආකාරය තේරුම් ගැනීමට අපට අවශ්‍යය. ඉහත කාරනා හකුලා බලන විට,  අප කලාත්මක  ඡායාරූපකරණයේ අනාගතය ගැන සැලකිලිමත් වන්නේ සංස්කෘතික, කලාත්මක සහ සමාජීය සංසිද්ධියක් ලෙස එහි වැදගත්කම අප හඳුනා ගන්නා බැවිනි. මේ නිසා අපට අවශ්‍ය වන්නේ  කලාත්මක  ඡායාරූපකරණය අපගේ ජීවිත සාරවත් කරන, අපගේ පරිකල්පනයන් උත්තේජනය කරන සහ අප අවට ලෝකය පිළිබඳ වැඩි අවබෝධයක් සහ අගය කිරීමක් ඇති කරන අයුරින් අඛණ්ඩව දියුණුව සහ පරිණාමය වීම සහතික කිරීමයි. අන්තර්ජාල ජාල සටහන් ප්‍රකාශණ සහ සමාජ මාධ්‍ය තොරතුරු ගොනු කිරීමෙන්, අනාගත කලකලාත්මක  ඡායාරූපකරණයේ හැඩතලය අපට පහත අයුරෙන් උපකල්පනය කල හැක. එහි විකාශය තාක්ෂණ ඒකාබද්ධ කිරීම Technology Integration, හරස් විනය සහයෝගීතාව Cross-disciplinary Collaboration, අනන්‍යතාවය සහ නියෝජනය ගවේෂණය Exploration of Identity and Representation, පාරිසරික හා සමාජ විවරණ Environmental and Social Commentary, නව්‍ය මුද්‍රණ ශිල්පීය ක්‍රම Innovative Printing Techniques, මාර්ගගත වේදිකා සහ ඩිජිටල් ගැලරි Online Platforms and Digital Galleries සහ කෘතිම බුද්ධිය සහ යන්ත්‍ර ඉගෙනීම Artificial Intelligence and Machine Learning පදනම් කරගත් උප විෂයන් ඔස්සේ විකාශණය වනු ඇතැයි උපකල්පනය කිරීමට කාරනා අපට එමටවත් ඇත. 
ඒ අතර, මෑත වසරවලදී සැලකිය යුතු ලෝක අවධානයක් දිනාගත් එක් ඡායාරූප ශිල්පියෙක් වන්නේ Nan Goldin ය. ඇයගේ සමීප සහ අවංක චිත්‍ර සඳහා ප්‍රසිද්ධියට පත් වූ ගෝල්ඩින්ගේ කෘතිය බොහෝ විට ආදරය, අනන්‍යතාවය, ලිංගිකත්වය සහ ඇබ්බැහි වීම යන තේමාවන් ගවේෂණය කරයි. ඇයගේ "ලිංගික යැපීම පිළිබඳ බැලඩ්" මාලාව සමකාලීන ඡායාරූපකරණයේ මූලික කෘතියක් ලෙස පුළුල් ලෙස සැලකේ.
තවත් බලගතු චරිතයක් වන්නේ වුල්ෆ්ගැන්ග් ටිල්මන්ස්, රූප සෑදීම සඳහා ඔහුගේ සාරාංශ හා පර්යේෂණාත්මක ප්‍රවේශය සඳහා ප්‍රසිද්ධය. ටිල්මන්ස්ගේ කෘතිය වියුක්ත සංයුතිවල සිට අවංක ආලේඛ්‍ය චිත්‍ර සහ සමාජ විවරණ දක්වා පුළුල් පරාසයක විෂයයන් සහ මෝස්තර ඇතුළත් වේ. ඔහු 2000 දී ටර්නර් ත්‍යාගය දිනාගත් පළමු ඡායාරූප ශිල්පියා සහ පළමු බ්‍රිතාන්‍ය නොවන කලාකරුවා ඔහු විය.
අනෙකුත් කැපී පෙනෙන සමකාලීන කලා ඡායාරූප ශිල්පීන් අතරට Rineke Dijkstra ඇතුළත් වේ. ඇලෙක් සොත්, ඇමරිකානු ජීවිතය පිළිබඳ ඔහුගේ ගීතමය සහ උද්වේගකර නිරූපණ සඳහා සමරනු ලැබීය; සහ ශිරින් නෙෂාත්, මැද පෙරදිග ස්ත්‍රී පුරුෂ භාවය, අනන්‍යතාවය සහ දේශපාලනය යන තේමාවන් ගවේෂණය කරයි.
මෙම ඡායාරූප ශිල්පීන්, අනෙකුත් අය අතර, නූතන ලෝකයේ මාධ්‍යයේ භූ දර්ශනය හැඩගස්වා ගනිමින්, ඔවුන්ගේ සුවිශේෂී දර්ශන සහ නව්‍ය ප්‍රවේශයන් සමඟ සමකාලීන කලා ඡායාරූපකරණයේ සීමාවන් ඉදිරියට ගෙන යයි. බූපති නලින් කියනා පරිදි කලාත්මක ඡායාරූපකරණය මිය ගොස් ඇත්නම්, ඔවුන්ගේ නිර්මාණ සඳහා අනාගත ලෝකයේ ඇත්තේ කෙබඳු තැනැක්දැයි සිතීම උනන්දුව දනවන සුළු කරුනක් වනු ඇත.
- Anuruddha Lokuhapuarachchi | BA (Hons) Photography & Digital Imaging | Photojournalist Reuters (1992-2009)
0 notes
chapter-360 · 1 year
Text
සලාහුදීන්
මධ්‍යතන යුගයේ විශේෂයෙන්ම මුල් කුරුස යුධ සමයෙහි යම් කිසි කාලයක් ඔබට සිහිපත් වන විට ඔබේ මනස සෑම විටම ටෙම්ප්ලාර්, ටියුටොනික් හෝ හෙස්පිටලර්ස් නයිටුවන් ගෙන් සමන්විත වූ ක්‍රිස්තියානි රණකාමී නිකායන් වෙත ඇදී යනු ඇත. එම රණකාමී ජූජක සෙබළුන්ගෙන් හා අනෙකුත් ක්‍රිස්තියානු හමුදාවන්ගෙන් සමන්විත වූ විශාල සේනාවන් සමගින් සටන් කොට ඔවුන් හට පරාජය එක් වරක් නොව කිහිපවරක්ම ලගාකර දෙමින් ක්‍රි.ව 1187 දී නැවත වරක් ශුද්ධ වූ ජෙරුසෙලම මුස්ලිම් පාලනයට නතු කර ගැනීම සදහා සිය අති විශාල හමුදාවක් මෙහෙය වූ මැදපෙරදිග කලාපයේ සිටි වඩාත්ම වැදගත් නායකයෙකු ලෙසින් අදටත් හදුන්වන අයුබිඩ් රාජවංශය ආරම්භ කරමින් ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකෙහි භාරකරු යන පදවිය දැරූ පළමු පුද්ගලයාද වෙමින් මිතුරාගේ මෙන්ම සතුරාගේද ගෞරවය දිනා ගත් සිරියාවේ සහ ඊජිප්තුවේ සුල්තාන්වරයා වූ සලාහුදීන් අල් අයුබි (Salahuddin Al Ayyubi) නැතහොත් සලාදීන් (Saladin) ගැන කෙටි සටහනක් තමා මේ….
Tumblr media
මූලික උපුටා ගැනීම්.
the people profiles real crusades history
istorymarche
biographics යන යුටියුබ් චැනලයන් හා
කාල වකවානු, ස්ථානයන් හා නම්,ගම් වෙනුවෙන් විකාපීඩියාව හා ගූගල් සෙවුම.
කුරුස යුද්දයන් සම්බන්දයෙන් වැඩිදුර කියවීමක් සදහා Kings and Generals යුටියුබ් නාලිකාවේ වදගත් වීඩියෝ බොහොමයක් තියනවා රෙකමෙන්දෝරු කරන්න පුලුවන් හොදම චැනලයක් තමා ඒක.
(මාගේ උක්ත - ආඛ්‍යාත පද සම්බන්ධය හා අක්ෂර වින්‍යාසයේ ඇති වැරදි මගහරවාගෙන කියවන්න උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිමි)
යූසුෆ් ඉබ්න්-අයූබ් (Yusuf Ibn-Ayyub) උපත ලැබුවේ 1137 දී බැග්ඩෑඩයට උතුරින් පිහිටි ටික්රිට් (Tikrit) මාලිගයේ ය. ඔහුගේ පියා නජ්ම් අඩ්-ඩින් අයුබ් (Najm ad-Din Ayyub) කුර්දි සොල්දාදුවෙකු සහ පරිපාලකයෙකු වූ අතර බොහෝ කුර්දි ජාතිකයන් මෙන් ඔහුගේ විශිෂ්ට අශ්වාරෝහක කුසලතා නිසාම සෙල්ජුක් (Seljuk) තුර්කි ජාතිකයන් විසින් සේවයට බදවාගෙන තිබුණි. එකල සෙල්ජුක්වරු නූතන ඉරානය, ඉරාකය සහ මැදපෙරදිග සමහර ප්‍රදේශ අත්පත් කරගෙන සිටියහ. 1095-1099 පළමු කුරුස යුද්ධයේදී අත්වූ පරාජය හමුවේ වුවද සෙල්ජුක් වරුන්ගේ පාලනය මුස්ලිම් ප්‍රජාවන්ට යම්තාක් දුරකට ශක්තියක් ගෙන දී තිබූ අතර දිනෙන් දින නොයෙකුත් ගෝත්‍රයන් එකතු කරමින් එක්සත් සමස්තයක් ගොඩනැගීමේ ක්‍රියාවලියට ඔවුන් මුලපුරා තිබුණි. යූසුෆ් උපත ලැබූ කාලය වනවිට ලෙවන්ට්හි (Levant) ජෙරුසලම් රාජධානිය, ඇන්ටියොච් ප්‍රාන්තය (Antioch) සහ ට්‍රිපොලි ප්‍රාන්තය (Tripoli) යන ක්‍රිස්තියානි රාජ්‍ය තුන එහි සමෘද්ධිමත් කාලය අත්විදිමින් තිබුණි.
කලාපයේ සිටි මුස්ලිම් සියල්ලන්ම ක්‍රිස්තියානුවන් ව හැදින්වූයේ ආක්‍රමණිකයන් ලෙසයි. එහෙත් මනා ලෙස සංවිධානය වෙමින් ඔවුන් හට තිබූ මේ විදේශීය තර්ජනයට මුහුණ දෙනවාට වඩා තමන්ගේ ආගමික නිකායන් ප්‍රධාන කොටගෙන ග්‍රෝත්‍ර වශයෙන් වෙන් වී ඔවුන් එකිනෙකා හා සටන් කරමින් සිටියහ. එහෙත් එය වැඩි කාලයක් එලෙස නොතිබුණි. 1146 දී සෙල්ජුක්වරුන්ගේ සිරියානු ප්‍රාදේශීය ආන්ඩුකාරයා වශයෙන් හෝ එම ප්‍රදේශයේ නායකයා ව සිටි ඉමාඩ් අල්-දින් සෙන්ගි (Imad al-Din Zengi) මිය ගියාය. ඔහු නජ්ම් අයුබ් ගේ නායකයා හා දෙවන කුරුස යුද්දය ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතුවූ වැදගත් මුස්ලිම් ජයග්‍රහනයක් ලෙසින් සැලකෙන කුරුස සටන්කරුවන් ගේ යටතේ වූ එඩෙස්සා ප්‍රාන්තය යටත් කරගැනීමට නායකත්වය ලබා දුන් පුද්ගලයාද විය. ඔහුගේ මරණයින් පසු ඔහුටත් වඩා ක්‍රිස්තියානුවන් පලවා හැරීමේ බලාපොරොත්තු තිබූ ඔහුගේ පුත්‍රයා වූ නූර් අල්-දීන් සෙන්ගි (Nur al-Din Maḥmud Zengi) කලාපයේ ඊලග පාලකයා බවට පත්විය. ඔහු පසුවට යූසුෆ් ඉබ්න්-අයූබ් නැතහොත් සලහඩීන්ගේ ගුරුවරයා වනු ඇත. නූර් අල්-දීන් ජිහාඩයට බුද්ධිමය හා යුදමය ශක්තියක් ලබා දුන් පළමු මුස්ලිම් පාලකයන්ගෙන් ���ෙනෙක් මෙන්ම "ෆ්‍රෑන්ක්ස් හෝ ෆ්‍රැන්කියන්" යනුවෙන් ඔවුන් හැදින්වූ කිතුනුවන් ශුද්ධ භූමියෙන් පලවා හැරීම සඳහා සියලු කන්ඩායම් එක් කරමින් එක්සත් වූ මුස්ලිම් පෙරමුණක් සැදීම සදහා ක්‍රියාකල පුද්ගලයාද විය. මුල සිටම තමන්ගේම රාජවංශයක් ආරම්භ කිරීමට හැකියාව තිබියදී බැග්ඩෑඩ්හි සෙල්ජුක් කලීෆ් වෙත සිය ඔලුව නමන්නේ ඇයි දැයි යන යටි අදහසද නූර් අල්-දීන් ගේ සිත තුල පැල පදියම් වී තිබුණි. නූර් අල්-දීන් ඩමස්කසය (Damascus) අල්ලාගෙන එය ඔහුගේ මූලස්ථානය බවට පත් කළේය. මේ මහා සිරියානු නගරය ඔහුගේ නව සෙන්ගිඩ්ස් (Zengids) රාජවංශයේ අගනුවර බවට පත් වූ අතර ආගමික හැදැරීම සහ ෆ්‍රෑන්ක්වරුන්ට එරෙහිව ජිහාඩයක් දියත් කිරීම සදහා සේනාංකයන් එක්‍ රැස් කල මධ්‍යස්ථානයක් බවට එය වැඩි කල් යන්නට මත්තෙන් පරිවර්තනය විය. මේ අවදිය වන විට යූසුෆ් ඉබ්න්-අයූබ් නැතහොත් අපගේ කතා නායකයා වන සලාදීන් ඔහුගේ නව යොවුන් වියේ සිටිය අතර ඉතාම ඉක්මනින් අසාද් අඩ්-ඩින් ෂිර්කු බින් ෂාදි (Asad ad-Din Shirkuh bin Shadhi) නැතහොත් ෂිර්කු (Shirkuh) යනුවෙන් හැදින් වූ සිය මාමාගේ සහායකයෙකු ලෙස ඩමස්කසය වෙත ගියේය. ෂිර්කු යනු නූර් ඇඩ්-ඩින්ගේ විශ්වාසවන්ත ජෙනරාල්වරයෙකි, ඔහු ශක්තිමත් රණශූරයෙක් වූ අතර මනා යුද සැලසුම් කරුවෙක්ද විය. සටනක එක් ප්‍රතිපලයක් ලෙසින් එක් ඇසක් අන්ධ වී සිටි ඔහු ඉතා දැඩි ආහාර රුචියක් නිසාම විශාල බඩක් සහිත පුද්ගලයෙකු විය. සිය මාමාගේ මාර්ගයෙන් නූර් අල්-දීන් ව හදුනාගන්නා සලාදීන් ඔවුන් දෙන්නා සමග කාලය ගත කරමින් හමුදා සහ දේශපාලන නායකත්වයේ කලාව ඉගෙන ගනිමින් සිටි අතර ඔහු මේ දෙකටම සහජ හැකියාවකින් උපන් කෙනෙකු විය.
1160 ගණන්වල මුල් භාගයේදී, Nur ad-Din සහ Shirkuh ඔවුන්ගේ ඉදිරි සැලැස්ම සදහා ඊජිප්තුව දෙසට අවධානය යොමු කළහ. මෙම ධනවත් හා සාරවත් භූමිය ෂියා රාජවංශයක් වන ෆාතිමිඩ්වරුන් විසින් පාලනය කරන ලද අතර ඔවුන්ගේ බලය තරමක් දුරට පිරිහෙමින් තිබූ කාලයක් විය. ජෙරුසලමේ සිටි ක්‍රිස්තියානුවන් ෆාතිමිඩ්වරුන් ගේ මේ අනාරක්ශිත බව දැනගෙන ඉන් ප්‍රයෝජනයක් ගනිමින් ඊජිප්තුව අල්ලාගනු ඇතැයි විශ්වාස කල හා එසේ නොවුනද තම ක්‍රියාවලිය වෙනුවෙන් ඉදිරි කාලය සදහා ඊජිප්තුවේ සාරවත් භූමියේ වටිනාකම තේරුම් ගත් Nur ad-Din සිය විශ්වාසවන්ත ජෙනරාල්වරුන් හමුවේ ඊජිප්තුවේ පාලනය ලබාගැනීම සදහා සැලැස්මක් ක්‍රියාත්මක කලාය. මේ සැලසුමේ ප්‍රතිපලයක් ලෙසින් Shirkuh ගේ නායකත්වයෙන් යුතු කන්ඩායමක් ඊජිප්තුවට ගොස් අවුරුදු කිහිපයක යුද මාලාවල් කිහිපයකින් පසු 1169 දී Shirkuh සිය ස්වාමියා වන Nur ad-Din වෙනුවෙන් එය යටත් කරගත් අතර එම කාලය තුල සිදුවූ සියලුම සටන් වලට මෙන්ම සැලසුම් වලට ද සලාදීන් ඉදිරිපත් වී තිබුණි.
එහෙත් ජයග්‍රහණයෙන් මාස දෙකකට පසු අධික ලෙස ආහාර ගැනීමෙන් අජීර්ණයට ලක් වී කෑදර ජෙනරාල් Shirkuh මිය ගියේය. ඒ වන විටත් ඔහු ඊජිප්තුව Nur ad-Din වෙනුවෙන් පාලනය කල එහි මහ ඇමති විය. මේ මහත් අවාසනාව නොසිතූ ලෙස සලාදීන් හට වාසනාවක් විය. ඔහුට වඩා වයසින් වැඩි හා අත්දැකීම් වැඩි වෙනත් ජෙනරාල්වරු සිටියද ඔහුගේ මාමා ගේ මරණයින් පසු ඊලග ඇමති හෝ ඊජිප්තුවේ නාමික පාලකයා වීමට සලාදීන් අවස්තාවක් ලැබී තිබුණි. එහෙත් ඔහු පිටස්තරයෙකි. ෂියා අරාබිවරුන්ගේ දේශයක් පරිපාලනය කිරීම සදහා කිසිදු නිලධාරිවාදී අත්දැකීමක් නොමැති සුන්නි කුර්දි ජාතිකයෙක් විය. අසාර්ථක වීමට ඇති හැකියාව බොහෝ වැඩියෙන් සලාදින් හට විය. එහෙත් එකල ලේවල නීතිය අනුව ඔහු ඊජිප්තුවේ ඊලග මහඇමති ලෙසින් පත් වූ අතර මේ සියලු අඩුපාඩු හමුවේ වුවද සලාඩින් සිය රාජකාරිය හොදින් සිදු කලාය. මෙයට ප්‍රධානතම හේතුව වුයේ සිය නව තනතුර ලැබූ සැටියෙන්ම නිවැරදි පුද්ගලයින් සමඟ එකතු වී අදහස් ලබාගැනීමත් ඔවුන් තමන්ගේ වටා එක්‍ රැස් කරගෙනීමත්ය. ඔහුට පක්ෂපාතී උපදේශකයින්ගේ අභ්‍යන්තර කවයක් ඇති කරගත් ඔහු තමන්ගේ ප්‍රධාන උපදේශක හෝ ආරක්ෂක තනතුරු සඳහා පවුලේ සාමාජිකයන් පත් කරගත්තාය. සිය පියා පවා ඊජිප්තුවේ ප්‍රධාන භාණ්ඩාගාරික බවට ද ඔහු පත්කරගත්තා ය. සලාදීන් ඉතාම තියුණු මනසක් ඇති පුද්ගලයෙක් විය ඔහුට මිනිසුන්ගේ දක්ශතාවයන් හදුනාගැනීම මන ලෙස කල අයෙකු විය එම නිසාම ඔහු වාර්ගික හෝ ආගමික බැඳීම් නොසලකා හරිමින් යමෙකුගේ කුසලතා මත පදනම්ව තෝරාගැනීම් කල අයෙකු ද විය.
ඔහුගේ කවුන්සිලයේ සහාය ඇතිව, ඊජිප්තුවේ ආර්ථිකය නංවාලීමට හා ඔහුගේ පෞද්ගලික බලය සහ කීර්තිය වැඩි කිරීමට වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔහුට පුලුවන් කමක් ලැබුණි. අහම්බයක් ලෙසින් සිය ගුරුවරයා වූ නූර් ඇඩ්-ඩින්ගේ ආදර්ශය අනුගමනය කරමින් අයුබිඩ් Ayyubid යනුවෙන් හැදින්වෙන ඔහු ඔහුගේම රාජවංශය ගොඩනගමින් තිබුණි. ඊජිප්තුව තුල වූ ඔහු වෙනුවෙන් ඇති වූ පිලිගැනීම තම වාර්ගිකයන් අතරට පමණක් නොව සියලුම ග්‍රෝත්‍රයන් අතර ඉතාම ඉක්මනින් පැතිරීමට ලක්විය. මේ නිසාම තමන්ගේ නමින් දැන් ඊජිප්තුව පලනය කරනා සලාදීන් ගැන Nur ad-Din හට විශාල සැකයක් මතුවෙමින් තිබුණි. ඔහු මේ ක්‍රියාකාරී තියුණු මනසක් ඇති පුද්ගලයා ගැන දැන සිටියේ බොහෝ කලක සිට බැවින් ඔහුගේ හැකියාවන් ගැන අවතක්සේරුවක් නොකලාය. ඊජිප්තුව වැනි වටිනා දේශයක් සිය ගෝලයා වූ සලාදීන් අත තවත් වැඩි කාලයක් තිබුනහොත් එහි ඇති සම්පත්වලින් ඔහු තමාටද තර්ජනයක් වේවි යැයි උපකල්පනය කල Nur ad-Din වහාම සලාදීන් හට නැවතත් ඩමස්කස් වෙත එන ලෙස නියෝග කලාය. Nur ad-Din තමන්ට නැවතත් ඩැමස්කස් වෙත පැමිණෙන ලෙස කියන්නේ ඇයි දැයි හොද ආකාරයෙන්ම දැන සිටි සලාදින් තමන්ගේ එක් විශේෂ වූ දක්ශතාවයක් එයට පිලිතුරු වශයෙන් යෙදෙව්වාය ඒ කල් මැරීමයි. Nur ad-Din විසින් මසකට සැරයක් හෝ මාස කිහිපයකට සැරයක් වශයෙන් සිය පනිවිඩකරුවන් අතේ “නැවත පැමිණෙනු” යන පනිවිඩය සලාදීන් හට යොමු කලද ඊට ඔහුගේ ප්‍රතිචාරයන් සමහරක් වුයේ “ක්‍රිස්තියානුවන් තමන් ගැන සැලකිල්ලෙන්, නගරය තුල කැරැල්ලක් ඇති විමේ අවධානමක්, දඩයමේ යන අතරතුර අනතුරකට මුහුනපා ඇත” යනුවෙන් විය. සමහර අවස්තාවන් වලදී පණිවිඩය ලබාගැනීමට සලාදීන් පෙනෙන්නට හෝ නොසිටියේය. මේ අයුරින් නැවත ඩමස්කසයට යාම මාසයෙන් මාසය ඔහු පස්සට දැමූ අතර ඒ අතර වාරයේ තමන්ගේ සෙබල පිරිස් දෙගුණ තෙගුණ කර ගනිමින් තමාගේ ඩමස්කස් ගමනේ පරක්කුවට Nur ad-Din විසින් ඊලගට ගන්නා තීරණය වෙනුවෙන් ඔහු සූදානම් විය. සලාදීන් බලාපොරොත්තු වූ පරිදිම ටික කාලයක් යනවිට එනම් 1174 වන විටNur ad-Din හට පනිවිඩ යැවීමෙන් පලක් නොවන බව වැටහී ගියාය. ඔහු සිය බලවත්ම හා වඩාත් දක්ශම සෙන්පතියන් කිහිපදෙනක් සමගින් සේනාවක් සූදානම් කොට සිය සේවකයා වන ඔහු දන්නා පරිදි යූසුෆ් ඉබ්න්-අයූබ් හමුවීමට ඊජිප්තුවට පිටත් විය. එහෙත් සලාදීන්ගේ වාසනාව නැවතත් ඔහුට නොදැනීම පැමිණියාය ඒ මේ ගමන අතර වාරයේ Nur ad-Din ස්භාවික ලෙස මරණයට පත්වීමයි. සිය මාමාගේ සේවකයා ලෙස ඊජිප්තුවට පැමිණි සලාදීන් අවාසනාවන්ත සිදුවීමකින් ඊජිප්තුවේ මහඇමති විය. දැන් තවත් අවාසනාවකින් ඔහුට ඊටත් වඩා බලවත් හා මුස්ලිම් දේශයටම වැදගත් වන තනතුරක් හමුවේ සිටියාය. සිදුවූ මරණය අනෙකාට ආවාසනාවක් වුවද එය සලහදීන්ට අවාසනාවක් නොවීය. මාස කිහිපයක පරතරයකින් පසුව එනම් 1175 වන විටදී වැඩි දුරදිග නොගිය කෙටි සටන් කිහිපයකින් පසුව ඩමස්කසය අල්ලා ගත් සලාදීන් ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා තමන් බව ප්‍රකාශ කරගත් අතර ඉන් කෙටි කාලයකට පසුව එවකට අබ්බාසිඩ් රාජවංශයෙන් පැවත එන බැග්ඩෑඩ්හි කලීෆා විසින් ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා ලෙස යූසුෆ් ඉබ්න්-අයූබ් ව නිල වශයෙන් පිළිගනු ලැබීය. 1170 ගණන්වල අගභාගයේ සහ 1180 ගණන්වල මුල් භාගයේදී, සලාදීන් මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම දෙකෙන්ම තම බලය ක්‍රමානුකූලව වැඩි කරගෙන එමින් සිටියාය. ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා වීමෙන් පසු ඔහුගේ අයුබිඩ් රාජවංශයේ සිහිනය සැබැවක් කර ගත්තය. එහෙත් එය කිසිවිටෙකත් ස්තීර නොවී තිබුනේ සැලකියයුතු මට්ටමකින් වූ කැරලිකාර ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙකු සලාඩින් Nur ad-Din ගේ සැබෑ අනුප්‍රාප්තිකයා ලෙස පිලි නොගැනීම මතය මෙලෙස ඔහුගේ බලය හැල්ලුවට ලක් කල ප්‍රධාන පුද්ගලයා වුයේ Nur ad-Din ගේ පුත්‍රයා ය.
1176 සිට 1181 දක්වා ඩැමස්කසයේ මෙන්ම නැවත වරක් ඊජිප්තුවෙන් පැමිණි සැලකිය යුතු ප්‍රාදේශිය කැරලි කිහිපයක් මැඩපැවැත්වූ සලාදීන් අවසානයේ තමන්ගේ ප්‍රධාන සතුරා වශයෙන් ඒ වනවිට හදුනාගෙන සිටි නූර් ඇඩ්-ඩින්ගේ පුතා හා ඔහුගේ සේනාව 1183 දී ඇලෙප්පෝවේ දී (Aleppo) වටලා ඔහුව පරාජය කළේය. නමුත් ඔහුගේ සැබැ තනි බලයට ආ තර්ජනවල අවසානය එයින් අවසන් නොවීය. සුන්නි නායකයෙකු ලෙස, සලාදීන්ට ඔහුගේ නව ප්‍රදේශවල ෂියා කන්ඩායම්වලට විරුද්දව නිතරම සටන් කිරීමට සිදු වූ අතර ඔහුගේ ජීවිතයට ප්‍රධානම තර්ජනය වූයේ Nizari Shia නිකායේ Fedayn ඝාතකයින් ගෙන් විය. එමෙන්ම සෙල්ජුක් තුර්කි ජාතිකයින්ගෙන් ද සලාදීන් හට වරින් වර තර්ජන පැමිණෙමින් තිබුනි. මෙයට එක් ප්‍රධාන පිලියමක් ලෙස සලාදීන් බයිසැන්තියානු අධිරාජ්‍යය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ අතර එමගින් ඔහුගේ එක් කරදරයක් යම්තාක් දුරකට අඩු විය. සලාදීන් ඊලගට කලේ කලින් Nur ad-Din හට විශ්වාසව කටයුතු කල ප්‍රදේශයේ වූ බලවත් පවුල් වල අයගේ සහයෝගය වෙනුවෙන් කල විවාහයයි. මෙය සදහා ඔහු තොරා ගත්තේ නූර් ඇඩ්-ඩින්ගේ ම වැන්දඹුවක් වූ ඉස්මත් Ismat ad-din Khatun නම් වංශවත් කාන්තාවයි. ඇය ඩැමස්කසයේ සිටි ආන්ඩුකාරවරයෙකුගේ දියණියක්ද විය. මෙම විවාහය නිසාම සලාදීන් හට උවමනා වී තිබූ බලවත් පවුල් වල සහයෝගය ඔහු හට ලැබුණි. සියලුම සුන්නි ප්‍රජාවල් එකට එකතු කරමින් Levant කලාපයෙන් විශේෂයෙන්ම තම ඇදහිල්ලේ ප්‍රධාන ස්ථානයක් වූ ශුද්ධ ජෙරුසලමෙන් ක්‍රිස්තියානු ආක්‍රමණකයින් පලවා හැරීම Nur ad-din ගේ බලාපොරොත්තුව සලාදීන් ඉදිරියටම ගෙන ගියාය.
1174දී Nur ad-din ගේ මරණයත් සමගම එවකට ජෙරුසෙලමේ රජු වූ Amalric විසින් Banias බලකොටුවට පහර දුන් අතර එය සාර්ථක නොවීම මත නැවත ජෙරුසෙලම වෙත පැමිනෙන අතරවාරයේ අසනීප තත්වයට පත් වී එයින්ම ඔහුගේ මරණයද සිදු විය. ඔහුගෙන් පසුව රජකමට පත් වුයේ ඔහුගේ පුතා වූ හතරවැනි බෝල්ඩ්වින් (Baldwin IV) ය. ඔහු බොහෝ මුස්ලිම් නායකයින් ඉතා දුර්වල හා පාලනය පිලිබද අද්දැකීම් අඩු පුද්ගලයෙක් බව විශ්වාස කලහ. එමෙන්ම ඔහු ලාදුරු රෝගයෙන් දුක් විදින පුද්ගලයෙකු වීමෙන් මෙය නැවත පහරදීමක් වෙනුවෙන් හෝ මුස්ලිම් නායකයින් මෙතෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි ඔවුන්ගේ බටහිරට එරෙහි ශුද්ධ යුද්ධයක් සදහා හොදම කාලය මෙය බව සියලු දෙනා විශ්වාස කල අතර සලාදීන් ගේ මතයද එයම විය. ඒ අනුව සියලුම පැති වලින් මේ පලවාහැරීම වෙනුවෙන් සහයෝගය ඒවන විටත් ඔහුට ලැබෙමින් තිබුණි. එහෙත් 'ලාදුරු රජා' ලෙස ප්‍රසිද්ධියට පත් වූ බෝල්ඩ්වින් ගැන සියල්ලන්ම අවතක්සේරු කොට තිබුණි. 1179 වන විට මේ ලාදුරු හැදී ඇති දුර්වලයාගෙන් ජෙරුසලම උදුරා ගැනීමට කාලය පැමිණ ඇති බව සලාදීන්ගේ ප්‍රධාන උපදේශකයින් ඔහුට පැවසීය. එම මතයේම සිටි සලාදීන් ඒවන විටත් තමන් සතුව සිටි හෝ තමන් හට එකතු කර ගත හැකි සෙබලුන්ගෙන් ඉතාම සුලු කොටසක් එනම් 27000ක් පමණ සේනාවක් සමගින් ඉතාම පහසු ඉල්ලක්කය වෙතැයි සිතූ ජෙරුසෙලම වෙත යාමට පිටත් විය. සැබැවින්ම මේ ලැස්තිකරගත් සේනාවට වඩා හතර ගුණයකටත් වඩා සෙබලුන් ඔහුගේ අණකින් එක්‍ රැස් කිරීමට ඔහුට හැකියාවක් තිබුණි. නමුත් ඒ සදහා මාස කිහිපයක් ඔහුට බලා සිටීමට සිදුවන්නට ඇත මේ නිසාම මෙතෙක් කල් තමන්ගේ ප්‍රධානතම ඉලක්කය වූ ජෙරුසෙලමේ දුර්වලම අවස්තාවෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇති වූ හදිස්සිය සලාදීන් ගේ මේ ඉක්මන් ප්‍රහාරයට මග පාදන්නට ඇත. සලාදීන්ගේ සේනාව ඊජිප්තුවෙන් උතුර දෙසට වෙන්නට ගමන ඇරබූ අතර ප්‍රහාරය සදහා එන මුස්ලිම් හමුදාව ගැන ආරංචිවූ වහාම මුස්ලිම් නායකයින් සිතුවා සේ ලාදුරු රජා කලබල වූ යේ වත් වැරදි තීරණයක් හෝ බියෙන් පලාගියේද නැත. බෝල්ඩ්වින් ගැන සියල්ලනම් සිතා සිටි අදහස් වැරදි විය ලාදුරු රෝගයෙන් පීඩා විදින රජෙකු වූවත් අත්දැකීම් අඩු තරුණයෙක් ලෙසින් පෙනුනද ඔහු සැබැම රණශූරයෙක් හා යුද ශාස්ත්‍රය මනා ලෙස හැදැරූ පුද්ගලයෙක් විය. සලාදීන් පවා තම සතුරා අවතක්සේරු කර තිබුණි.
ප්‍රංශ වංශාධිපතියෙකු වූ රේනල්ඩ් ඩි චැටිලෝන්ට (Raynald de Chatillon) ජෙරුසෙලමේ ස්ථාන ගත වී සිටි හමුදාවේ නායකත්වය බෝල්ඩ්වින් රජු විසින් ලබා දුන්නාය. රේනල්ඩ් ඩි චැටිලෝන්ට වඩා පළපුරුදු හමුදා නායකයින් නගරය තුල සිටියද ඔහුගේ මුස්ලිම් වරුන් ගැන තිබූ වූ තරහා බෝල්ඩ්වින් විසින් හදාරා තිබෙන්නට ඇත. තම පියාගේ මරණයත් සමගින්ම තමන්ගේ රෝගය හා වයස පිලිබදව අවතක්සේරු කරමින් මේ එන ඉක්මන් ආක්‍රමණය ඔහු දකින්නට ඇත්තේ තමන්ට කල අපහාසයක් ලෙස විය හැකිය එම නිසාම ඔහු රේනල්ඩ් හට තම හමුදාවේ නායකත්වය පවරන්නට ඇත. ඊලගට ඔහු හා රේනල්ඩ් කුඩා හමුදාවන් දෙකක් සමගින් ජෙරුසලමට දකුණින් පිහිටි ඇස්කලෝන් Ascalon වෙත ගමන් ගත්තේ සලාදීන් ගේ මග අහුරාලීමටය. ඊජිප්තු හමුදාව ඇස්කලෝන් වරාය නගරය වට කලද එයට පහර දීමට සූදානමක් නොවීය ඒ වෙනුවට සලාදීන් ජෙරුසෙලමට සිය හමුදාව මෙහෙයවමින් තවත් උතුරට වන්නට වූ නගර තුනකට පහර දීමට අණ නිකුත් කලාය. අත්දැකීම් බහුල යුද නායකයෙකු ලෙස සලාදීන් වැරදි දෙකක් මේ සමගින් සිදුකොට තිබුණි. එකක් වන්නේ Ascalon වෙත ඔහු පිවිසි අවස්තාවේ පිරිස් බලය ඔහු සතු විය ඔහුට නගරයට මාස කීපයක් වට කොට තැබීමෙන් එය බිදවැටෙන්නට ඇති හැකියාව ඉතාම වැඩි විය. එහෙත් ඉක්මන් ප්‍රහාරයකින් ජෙරුසෙලම අල්ලාගැනීමට ඔහුට උවමනා වීම මත ඔහු එතැනින් පිටත් විය. එහෙත් ඒ පිටත් වූ ජෙරුසෙලමේ ඉක්මන් ප්‍රහාරය වෙනුවට නැවත වරක් ඔහු ඔහුගේ 27000ක් පමණ වූ විශාල හමුදාව එකවර ස්ථාන තුනකට පහර දීමට අණ කලාය මෙමගින් සිය මුලු සේනාව සතුරාගේ භූමිය මත කොටස් කිහිපයකට විසිරියාම සදහා ඉඩ සලසා දීම ඔහුගේ තවත් වැරැද්දක් විය. වට කිරීමෙන් නිදහස්වූ වහාම බෝල්ඩ්වින් රජු රේනල්ඩ් සමගින් නගරයෙන් පිටතට ආ අතර නොවැම්බර් 25 වන දින රම්ලා Ramla අසල මොන්ට් ගිසාර්ඩ් Mont Gisard හිදී සලාදීන්ගේ පසුපස රේඛාවට පහර දුන්හ. සලාඩින්ගේ සේනානකයෙන් අඩක්ම වෙනත් ස්තනයන්හි සිටියහ. මේ ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ සිට ගමනේ යෙදී සිටි සලාදින්ගේ ප්‍රභූ අශ්වාරෝහක හමුදාව සිටින්නට ඇත්තේ බොහෝ සෙයින් වෙහෙසට පත් වීමෙනි. බෝල්ඩ්වින් රජු ගේ නායකත්වයෙන් ක්‍රිස්තියානි නයිටුවන් සලාදින්ගේ ප්‍රධාන ආරක්ශක රේඛාව සියල්ලම පසු කරමින් සලාදීන් සිටින ප්‍රධාන රේඛාව වෙත කඩා පාත් විය.
සැබැ කුරුසියේ කොටසක් සමගින් සටන් බිමට පිවිසි බෙත්ලෙහෙමේ බිෂොප්වරයා සමගින් ක්‍රිස්තියානු ප්‍රහාරයේ ඉදිරිපස තල්ලුව සදහා සම්පූර්ණ සන්නාහයෙන් සමන්විත ටෙම්ප්ලාර් නයිටුවන් 80 දෙනෙක් සහභාගී විය. රේනල්ඩ් ඩි චැටිලෝන් තවත් එක කන්ඩායමක් සමගින් ඊජිප්තුවන්ගේ සැපයුම් කරත්ත වලට දැඩි හානියක් කර තිබුණි. හතරවන බෝල්ඩ්වින් රජු ගේ ප්‍රහාරය සාර්ථක විය. දිවීමේ තරග සදහා යොදාගන්නා ඔටුවෙකු පිට නැගී සලාදීන් හට පැනයාමට සිදු විය. සලාදීන් ජෙරුසෙලම වෙනුවෙන් රැගෙන ආ සේනාවෙන් එලෙස බේරී පලායාමට හැකියාව ලැබුනේ 10000ටත් අඩු පිරිසකට පමණි.
මේ පරාජය සලාදීන් හට දරුණු පාඩමක් උගන්වා තිබුණි. නැවත වරක් ජෙරුසෙලම අල්ලාගැනීම සදහා ඇති පමණින් සේනාවක් සමගින් යැම හා සිය ප්‍රතිවාදියා වූ මේ තරුණ රජා ගැන අවතක්සේරු නොකිරීමට සලාදීන් වගබලා ගත්තාය. බෝල්ඩ්වින් රජු ද තමන්ගේ සේනාව ඉක්මන් ප්‍රහාරයක් සදහා යෙදවීම වෙනුවෙන් ජෙරුසලමේ සිට සැතපුම් සියයක් පමණ උතුරින් ඒකරය හා ඩැමස්කසය අතරින් වූ ජේකබ්ස් ෆෝර්ඩ් Jacob's Ford නමින් හැදින්වූ ස්ථානයේ බලකොටුවක් ඉදිකිරීම ආරම්භ කලාය. මෙය උපාය මාර්ගික වශයෙන් දෙපැත්තටම වැදගත් ස්තානයක් විය. එලෙස ඩැමස්කස් සීමාවට වඩාත් ලගින්ම ගොඩ නැගෙන බලකොටුව නිසා සලාදින් හට වැඩි අවදානමක් ඇති විය. එහෙත් එය සම්පූර්ණයෙන් ගොඩ නැගීමට පෙර එයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඔහුට නොහැකි විය. ඒ ජෙරුසෙලම ආක්‍රමණය කිරීම මගින් බයිසෙන්තියානුවන් සමගින් තිබූ ගිවිසුම අහෝසි වීම නිසා නැවතත් උතුරු සිරියාවේ කැරලි කරුවන් සමගින් සලාදීන් ඒ වන විට සටන් කරමින් සිටි නිසාය. ගොඩ නැගීම නැවැත්වීම සදහා ඩිනාර් 100000 ගෙවන බවට පොරොන්දුවක් සලාදීන් හතරව�� බෝල්ඩ්වින් රජු වෙත යොමු කලද රජු එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර 1178 අප්‍රේල් වන විට නව බලකොටුවේ ගොඩ නැගීම අවසන් විය. එම වසරේ ජූලි මස අවසානය දක්වා සලාදීන් උතුරු සිරියානු කැරලි කරුවන් සමගින් සටන් වදිමින් සිටි අතර අවසානයේ එයින් ජයග්‍රහණය කිරීමෙන් පසු සති තුනක් වැනි ඉතාම කෙටි කාලයකින් නැවතත් සිය හමුදාව ගක්තිමත් කොට 1178 අගෝස්තු 24 වන දින ක්‍රිස්තියනුවන්ගේ මේ නව බලකොටුව වෙත ප්‍රහාරයක් දියත් කළේය. මෙවර සලාදීන් පෙර කල වරද නොකිරීමට වගබලා ගත්තාය. ප්‍රහාරය සදහා ගෙනගිය සම්පූර්ණ ශක්තියම ඔහු වෙන ස්තානයන් වෙත යොමු නොකල අතර ඔහු වෙනදාටත් වඩා සැලසුම් සහගත විය. බලකොටුවේ උස් බිත්ති වලට ඔහු ගල් විසිකරනයන් මගින් පහර දුන් අතර සිරියානු පතල් කම්කරුවන්ගේ කණ්ඩායමක් යොදා ගනිමින් බලක්කොටුවේ බිත්ති වලට තාර මිශ්‍ර තෙල් යොදමින් හා බිත්ති වලට ලගින් ගැබුරු වලවල් හාරා එවා ගිනි තැබීමට අණ දුන්නාය. මේ නිසා දින කිහිපයක් ඇතුලත බලකොටුවේ ඊසානදිග කෙළවරේ පිහිටි බිත්තිය දුර්වල වූ අතර පසුව කරනු ලැබු ගල් ප්‍රහාරයක් මගින් එය පොලවට පතිත විය. සලාදීන්ගේ ආක්‍රමණ හමුදාවේ විශාලත්වය මත බෝල්ඩ්වින් හට ඉක්මන් ප්‍රහරයක් සදහා ඇති තරම් හමුදාවක් නොසිටින්නට හෝ දැනටමත් බලකොටුවේ වූ සේනාව ඔහු එනතුරු ආරක්ශාකාරීව සිටින්නට හැකි බව ඔහු සිතන්නට ඇත. මෙවර සිය සතුරා අවතක්සේරු කොට තිබුනේ බෝල්ඩ්වින් රජු විසිනි. ඔහු රැස් කරගත් විශාල හමුදාව සමගින් බලකොටුව වෙත එන අතරවාරයේ දින පහක පමනක් කරන ලද ඉක්මන් ප්‍රහාරයෙන් පසු සලාදීන් බලකොටුව වෙත ඇතුල් විය. බලකොටුව තුල වූ සටනින් එහි ආරක්ශකයින් 800කට අධිකප්‍රමානයක් මිය ගිය අතර තවත් 700ක් පමණ සලදීන්ගේ අත්අඩංගුවට පත්විය. මුලු බලකොටුවම කොල්ල කැමට ලක් වූ අතර එයට සන්නාහ ඇදුම් 1000කට ආසන්නව හා රනින් හා රිදියෙන් කරන ලද භාන්ඩ මැනික් ඇල්ලූ කුරුසයන් අශ්වයින් 300කට ආසන්න ප්‍රමානයක් හා ආහාරය සහ කිරි වෙනුවෙන් ඇති කරන ලද සතුන් විශාල ප්‍රමාණයක්ද එයට ඇතුලත් විය. ඒ අයුරින් තමන්ට තිබූ එක් ප්‍රධාන බාදකයක් සලාදීන් විසින් ඉවත් කරනු ලැබූ අතර නැවතත් ඔහු ඩමස්කසය වෙත ගියාය.
1178 සිදු වූ මේ ප්‍රහාරය මගින් සලාදීන් සිය බලය ක්‍රිස්තියානු නායකයින් හට පෙන්වා දුන්නාය. එහෙත් කටින් කට පැවත එන එක් කතාවකට අනුව බලකොටුව වෙත මුස්ලිම් හමුදාව ඇතුල්වෙන මොහොතේ සලාදීන් එහි නොසිට ඇත ඔහු ගේ ප්‍රධානතම ඉලක්කය වූ බලකොටුව අල්ලාගැනීම දින 5ක් වැනි කෙටි කාලයක් තුල සිදුවෙයි යැයි ඔහු නොසිතූ අතර ජෙරුසෙලමේ සිටි තම රහස් ඔත්තු කරුවන් මගින් ජෙරුසෙලමේ ලදුරු රජු සේනාවක් සමගින් බලකොටුවට එන බව දැනගැනීමෙන් පසු තමන් සතුව වූ එක් ප්‍රධාන සේනාංකයක් සමගින් බෝල්ඩ්වින් ගේ එන මග ඇහිරීම සදහා පිටත්ව ගොස් ඇති මෙහොතේ බලකොටුව බිද වැටී ඇත. අති විශාල මුස්ලිම් බලකායක් සමගින් ආරක්ශාවක් නොමැති තැනක සටන් කිරීම පලක් නොවන බව දැනගත් ක්‍රිස්තියානු සෙබලු බොහොමයක් යටත් වී ඇති මුත් ඔවුන්ව ඒ මොහොතේ මුස්ල්ලිම් සේනාන්කයන් වලට ��ණ දුන් නායකයින් විසින් මරාදැමීමට අණ කොට ඇති අතර බලකොටුව අල්ලාගැනීම අවසන් වී ඇත්තේ සමූලඝාතනයකින් විය. පසුවට මෙය පිලිබදව දැනගත් සලාදීන් සිරකරුවන් කෲර අන්දමින් මැරීම සදහා අණ දුන් නායකයින් කිහිප දෙනෙකු දඩුවම වශයෙන් හිසගසා මරාදැමූ බව සදහන් වෙයි කෙසේ නමුත් මෙය ඇත්තක් හෝ බොරුවක් වේවා මේවන් වූ සිද්දීන් මගින් සතුරෙකු හා භයානක සටන්කාමියෙකු වූ සලාදීන් ගැන ක්‍රිස්තියානු සටන්කාමීන් අතර යම් තරමක ගෞරවයක් හටගන්නට ඇත. මේ සටනින් පසු කන්ඩායම් දෙක අතර මහා පරිමාණයෙන් සටන් කිසිවක් සිදු නොවුන අතර සලාඩින් සහ හතර වන බෝල්ඩ්වින් අතර සටන් විරාමයක්ද සටහන් විය. එමඟින් කුරුස රාජධානි සහ අයුබිඩ් වංශයේ ප්‍රදේශයන් වසර දෙකක් සාමයෙන් සිටිනු ඇත.
එහෙත් මේ සාමය වැඩි කල් පැවතුනේ නැත. අද දින ජෝර්දානයේ පිහිටි එකල ප්‍රබල බලකොටු දෙකක් වූ කෙරක් (Kerak) සහ මොන්ට්‍රියල් (Montreal) පාලණය කරන ලද්දේ රේනල්ඩ් ඩි චැටිලෝන් වංශාධිපතියා විසිනි. මේ බලකොටු දෙකේ පිහිටීම අනුව මක්කම වෙත යන මාර්ගය මෙන්ම ප්‍රධාන මුස්ලිම් වෙලද මාර්ගයටද රේනල්ඩ් ගේ සේනාවට ඉතා ඉක්මනින් ලගා විය හැකි විය. 1181 මැද භාගයේදී රේනල්ඩ් විසින් මේ මාර්ගය තාවකාලිකව අල්ලා ගත් අතර එම අවස්තාවේ සිට එම මාර්ගය යොදා ගනිමින් ගමන් කල සියලු මුස්ලිම් තවලම් සියල්ල ඔහු කොල්ල කැවාය. මෙය ආරංචි වූ සලාදීන් යුදමය ක්‍රියාවකට යාමට පෙර රේනල්ඩ් හට දන්වා සිටියේ කොල්ල කන සියලුම දේ නැවත ගෙවා දමන ලෙසය. එහෙත් සලාදීන් බලාපොරොත්තු වූ දෙය රේනල්ඩ් ගෙන් නොලැබීම මත නැවත වරක් දෙගොල්ලන් අතර සටන් වලට එය මුලපිරීමක් විය. රේනල්ඩ් ඩි චැටිලන් ගේ අණ මතින් ක්‍රියාත්මක වූ මුහුදු ගැලී කිහිපයක් ඊජිප්තු පාලනයේ තිබූ වරායන්වලට පහර දී මක්කමට පවා තර්ජනක් විය. එහෙත් සලාදීන්ගේ නාවික බලය නිසාම වැඩි කාලයක් ක්‍රිස්තියානු නාවික බලයට ඔහුට තර්ජනයක් වෙමින් සිටිය නොහැකි විය. ගොඩබිම මතද 1183 හා 1184 යන වසර දෙක තුල රේනල්ඩ් ඩි චැටිලන් ගේ සේනාවට විරුද්ධව සලාදීන් සටන් මාලාවල් කිහිපයක් සිදු කලද ඒ සැම මොහොතකදීම බෝල්ඩ්වින් රජු විසින් සහන හමුදාවක් රැගෙන ආ අතර සලාදීන් ඒ සැම අවස්ථාවකදීම නැවත වරක් ඩැමස්කසය වෙත පසුබා ගියාය.
සැබවින්ම සලාදීන් හට පිරිස් බලය ක්‍රිස්තියානු හමුදාවන්ට වඩා වැඩියෙන් තිබුනද ක්‍රිස්තියානුවන්ගේ සැබැ ශක්තිය තිබුනේ යෙරුසෙලමේ රජු ලගය. මේ ලාදුරුවලින් දුර්වල වී වේදනා විදිමින් සිටියද ඔහුගේ යුද මනස නිතරම ක්‍රියාකාරී මටටමක විය. අද පවා මේ කාලය පිලිබද යුද විශ්ලේශකයින් පවසන්නේ ජෙරුසෙලමේ ආරක්ශාව අඩු පහසුකම් හා අඩු සේනාවල් යටතේ වුවද හතරවන බෝල්ඩ්වින් රජු යටතේ වඩාත් සුරක්ශිතව තිබූ බවයි. මෙය එකල සලාදීන් පවා පිලිගත කරුණක් වන්න පුලුවනි. සතුර වුද දෙන්නා එකිනෙකට විශේෂ වූ ගරු කිරීමක් තිබූ බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ නමුත් අවසානයේ ලාදුරු රෝගය ජයග්‍රණය කරමින් හතරවන බෝල්ඩ්වින් රජු 1185 අවුරුදු 24ක් වැනි ඉතාම තරුණ අවධියේදී මිය ගියාය.
කුඩා කාලයේ සිටම ලාදුරු වලින් පීඩාවට පත්වීම මත හතරවන බෝල්ඩ්වින් රජු විවාහයක් සිදු නොකරගත් එම නිසා ඔහුට සැබැ අනුප්‍රාප්තිකයෙක් නොසිටියාය. එබැවින් ඔහුගෙන් පසුව ජෙරුසෙලමේ රජකම ඔහුගේ සොහොයුරියගේ පුතා වෙත බාර විය. 8හැවරිදි වියේදී රජකම ලබාගත් පස්වන බෝල්ඩ්වින් රජ වූ වහාම එවකට ට්‍රිපොලි හි සිටුවරයා වූ තුන්වන රේමඩ් විසින් සලාදීන් සමගින් නැවත වතාවක් සටන් විරාමයක් වෙනුවෙන් කටයුතු සූදානම් කලාය. කෙසේ නමුත් රජවී අවුරුද්දක් ගිය තැන පස්වන බෝල්ඩ්වින් හදුනානෙගත් හේතුවකින් මිය ගියේය. ඔහුගේ පියාද ඊට පෙර මිය ගොස් තිබූ නිසා ඔහුගේ මව වූ සිබිලා (Sybilla) ගයි හි ලුසිග්නන් (Guy of Lusignan) නම් ප්‍රංශ වංශාධිපතියෙකු සමඟ නැවත විවාහ වූ අතර එමගින් ජෙරුසෙලමේ රැජණ වශයෙන් සිටි ඇයගේ තනතුර නිසා ඔහු ජෙරුසෙලමේ සම පාලකයා ලෙසින් පත් විය.
ට්‍රිපොලි හි සිටුවරයා හා සලාදීන් අතර පිහිටුවාගත් සටන් විරාමය වැඩි කල් පැවතුනේ නැත. ජෙරුසෙලමේ සම රජු වශයෙන් පත් වූ Guy of Lusignan ගේ ප්‍රධාන ආධාරකරුවෙක් වූයේ රේනල්ඩ් ඩි චැටිලන් ය. ඔහු නැවත වරක් තමන්ගේ පැරණි පුරුද්ද ක්‍රියාවට නැංවීය. මුස්ලිම් තවලම් වලට නැවත වරක් තර්ජන ලගා විය. එක් කටකතාවකට අනුව සලාදීන් ගේ දරුණු බලය ජෙරුසෙලම අල්ලා ගැනීම වෙනුවෙන් මුලුමනින්ම යොදාගැනීම වෙනුවෙන් මග පැදූ එක් සිදුවීමක් මේ කොල්ලකැම අතරතුර සිදු විය. ඒ මක්කම බලා යමින් සිටි සලාදීන් ගේ සහෝදරිය ගමන් කරමින් තිබූ තවලමට රේනල්ඩ් විසින් පහර එල්ල කොට ඇයව අල්ලා ගැනීමයි. එපමණක් නොව ඇය කවුරුන්ද යන්න දැනගත් පසුව පවා ඇයව නිදහස් නොකර ඇයට අඩත්තේට්ටම් කිරීම හා සලාදීන් ට පවා අපහාසයක් වන ලෙස ඇයව නිරුවත් කොට සියල්ලන්ටම පෙනෙන පරිදි කස පහර ලබාදීම රේනල්ඩ් විසින් සිදුකිරීමය. මේ අන්තිම කුපිත කරවීම මගින් දෙගොල්ලන් අතරේ සාමයක් වෙනුවෙන් තිබූ අවසන් අවස්ථාව බිද වැටුනි. තමන් හට වූ අවමානය වෙනුවෙන් පලිය ගැනීම සදහා සලාදීන් ක්‍රියාත්මක විය.
සලාදීන් සිය පුතෙකු වූ අල්-අෆ්ඩාල් (Al Afdal ibn Salah ad Din) හා සෙබළුන් 24000ක් සමගින් 1187 ගිම්හානයේදී ගලීල මුහුද නැතහොතTiberias විල ආසන්නයේ වූ කුරුස කරුවන්ගේ බලකොටුව වට ලැවාය. එය වට කිරීමට පෙර ඒ අවට වූ සියලුම ගම්මානවලට සලාදීන්ගේ හමුදාව ප්‍රහාරයන් එල්ල කොට කොල්ල කා තිබුණි. Tiberias බලකොටුව පිහිටා තිබූ ප්‍රදේශය දෙස බලන විට එයට ලගා වීම වෙනුවෙන් අඩුම දුර මෙනම පහසුම මාර්ගය පිහිටා තිබුනේ සලාදීන් ගේ හමුදාවන් වලට පහසු වෙන ආකාරයටය එහෙත් යම් හෙයකින් එය අල්ලා ගනු ලැබුවහොත් හෝ එය සලාදීන් බලාපොරොත්තු වූ ආකාරයට වටලනු ලැබූ විට එය ගලවා ගැනීම වෙනුවෙන් ජෙරුසෙලමේ සිට එන ක්‍රිස්තියානු හමුදාවකට එයට ලගා වීමට ඇති එකම මාර්ගය වන්නේ ඉතාම රළු කඳුකර මගක් ඔස්සේය. කලින් ස්ථාන ගත වී සිටිය හැකි උස් ස්ථානයක් යනු ප්‍රහාරයකට පහසුම ස්ථානයක් බව සලාදීන් අත්දැකීමෙන් වටහාගෙන සිටියාය. තමන් වට කරනු ලැබූ බලකොටුව ගලවා ගැනීම වෙනුවෙන් කුරුස කරුවන් එන බව ඔහුට විශ්වාසයක් තිබුණි එය තවත් වැඩි වූයේ ට්‍රිපොලිහි කවුන්ට් රේමන්ඩ්ගේ බිරිඳ ඒවන විටත් වටලනු ලැබූ ටයිබීරියස් බලකොටුවේ සිරවී සිටිම නිසාය. මේ අයුරින් සලාදීන් සිය උගුල ඇටෙවුවාය.
සලාදීන්ගේ වටකිරීම වෙනුවෙන් Guy of Lusignan ගේ ප්‍රතිචරය ඉක්මන් නොවීය. සමහර විට ඔහුට මෙය උගුලක් බව වැටහෙන්නට හෝ ජෙරුසෙලමෙන් පිට තිබූ මෙවන් ස්ථානයක වැදගත් කමක් එක්වර ඔහු නොදකින්නට ඇත. එහෙත් ඔහුගේ උපදේශකයින් විශේෂයෙන්ම රේනල්ඩ් පවසා සිටියේ සිංහාසනය මත ඔහුගේ අයිතිය තහවුරු කිරීම වශයෙන් මෙය ඉතාම හොද අවස්ථාවක් වන බවත් පහර දුන්හොතින් පහසුවෙන්ම සලාදීන්ව පන්නා දැමීමට හැකිවනු ඇති බවත්ය. මේ අනුව ගයි 1300ක නයිටුවන් හා තවත් සොල්දාදුවන් 18000ක් රැගෙන ජෙරුසෙලමේ සිට කිලෝමීටර් 32 පමණ දුරින් වූ ටයිබීරියස් බලකොටුව බේරාගැනීම වෙනුවෙන් පිටත් විය. ගමන ක්‍රිස්තියානුවන් බලාපොරොත්තු වූ ලෙසකින් පහසුවක් නොවීය ලෙවන්ට් හි කාලගුණය ඉතම කෲර වූ අතර සලාදීන් විසින් පෙර සූදානම් කොට තිබූ පරිදි කන්ඩායම එන මාර්ගය මත නිරන්තරයෙන් සැගවී සිට පහරදීම් වලට ඔවුන්ට ගොදුරු වීමට සිදුවිය මෙහි එක් ප්‍රථිපලයක් ලෙසින් ක්‍රිස්තියානු හමුදාව වෙනුවෙන් රැගෙන හා ආහාර හා ජල සැපයුම් කරත්ත කිහිපයක්ම විනාශ වී තිබුණි.
ජූලි 3වනදා වන විට හටින් (Hattin) ගම්මානය අසලට පැමිණි කුරුස කරුවන් බොහෝ ලෙසින් දුර්වල වී සිටිය අතර ඒ වන විටත් සැලකිව යුතු ප්‍රමාණයක් සලාදීන් ගේ අසරු දුනුවායන්ගේ ප්‍රහරයන්ට ගොදුරුව මරණයට හෝ තුවාල ලබා සිටියහ. ඉන් පසු දින උදැසනම සලාදින් ගම්මානය අසල වූ ලදු කැලැවන් වලට ගිණි තබන ලෙස අණ කරන ලද්දේ එයින් සිය සතුරාගේ ජල පිපාසය තවත් වැඩීවීමට ලක් කිරීමටය. ප්‍රහාරය වෙනුවෙන් රැගෙන ආ කොටසින් විසිදාහක් පමණ සෙබලුන් ප්‍රමාණයක් ගම්මානයේ වූ ක්‍රිස්තියානු බලකාය වට කිරීම වෙනුවෙන් සූදානමින් සිටි අතර ලදු කැලයට තැබූ ගින්නෙන් ඇති වූ දුමාරයත් අදුරත් සමගින් සලාදීන් සිය දුනුවායන් යොදවා ක්‍රිස්තියානු සේනාවට ඊතල වැස්සක් වස්සවන්නට විය. දුමාරයත් තිබහත් සමගින් ඊතල ප්‍රහාරයෙන් කලබල වූ සේනාව තැනින් තැන විසිරීමට පටන් ගත් අතර එය පහරදීම වෙනුවෙන් සලාදීන් බලාපොරොත්තු වූ මොහොත විය ඔහු සිය සේනාව කුරුස කරුවන් මත මුදා හැරියාය. ප්‍රහාරය සදහා පැමිණි ටෙම්ප්ලාර් හා හොස්පිටලර් නයිටුවන්ගේ කන්ඩායම් එක්ව පෙර දවසකදී මොන්ට් ගිසාර්ඩ් හිදි සලාදීන් ගේ පසු රේඛාවට පහර දුන්නා සේ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වුවත් මෙවර සලාදීන් එයට හොදින් සූදානම් වී සිටියාය. ට්‍රිපොලිහි කවුන්ට් රේමන්ඩ් ගේ අණ යටතේ වූ කුඩා නයිටුවන් කන්ඩායමකට පමණක් සලාදීන් ගේ ප්‍රහාර රේඛා සියල්ලම කඩා දමමින් පැනයාමට හැකියාවක් ලැබුණි. මෙයට තවත් ප්‍රංශ වංශවතෙක් වූ ඉබෙලින් හි බේලයන් (Balian of Ibelin) ද ඇතුලත් විය. ජෙරුසෙලමේ සම-රජු මෙන්ම කරක් හි අදිපදි රේනල්ඩ් ඩි චැටිලන් වැනි අය සිරකරුවන් ලෙසත් හා තවත් බොහෝ දෙනා මරණයට පත් විය. සටන තුලදී අල්ලා ගනු ලැබූ ටෙම්ප්ලාර් නයිටුවන් සියලු දෙනාටම හිමි වුයේ මරණයයි. සලාදීන් බොහෝ කාලයක් බලාසිටි මොහොත උදාකරගැනීම වෙනුවෙන් වීමට මුල් අඩිය තබමින් ජෙරුසෙලමේ ඊලග රජු අල්ලා ගනිමින් හා ක්‍රිස්තියානු හමුදාවන් මෙහෙයවීමට සිට එක් ප්‍රධාන සෙන්පතියෙක් අල්ලාගැනීමට මග පාදමින් කුරුස යුද ඉතිහාසයේ නිරන්තරයෙන් කතාබහට ලක්වන “හටින් හි සටන”අවසන් විය.
ජනප්‍රවාදයට අනුව අල්ලාගනු ලැබූ ගයි හි ලුසිග්නන් හා රේනල්ඩ් ඩි චැටිලන් ව සලාදින් ගේ කූඩාරම වෙත ගෙන ආ අතර එහිදී ආගන්තුක සත්කාරයක් වශයෙන් සීතල ජලය පිරි කෝප්පයක් සලාදීන් විසින් ගයි හි ලුසිග්නන් වෙත පිරිනමා ඇත. එහෙත් එය ඔහු බොනවා වෙනුවට එය තමන් අසල වූ රේනල්ඩ් ඩි චැටිලන් හට ගයි විසින් දී ඇත. ඔහු එයින් ජලය පානය කිරීමත් සමග සලාදින් කුපිතව රජු දෙස බලා “මේ ශාපලත් මිනිසා ජලය පානය කලේ මගේ අවසරයකින් තොරවයි. මේ මාගේ ජලයයි. මා එය ඔබට ලබාදුන්නේ නායකයෙකු හට මගේ ආගන්තුක සත්කාරය පිරිනැමීමේ යුතුකමක් වශයෙනුයි ඔබ සිටින තැන මා සිටියද ඔබත් මෙයම මට පිරිනමනු ඇත. මගෙන් ලැබෙන දෙයක ආරක්ශාව ගැන මා වග කියනවා.” යනුවෙන් ප්‍රකාශ කොට ඇත. සැබවින්ම ජලය සලාදීන් විසින්ම රේනල්ඩ් පිරිනැමුවා නම් ඔහුට එය ප්‍රශ්නයක් නොවෙනු ඇත එය ආගන්තුක සත්කාරයක් වනු ඇත එහෙත් දැන් නැවත වරක් රේනල්ඩ් සිදුකර ඇත්තේ තමන් ගේ දෙයක් අවසරයකින් තොරව ලබාගැනීමයි. සලාදීන් ගේ ඇස් වලින් මෙය ඔහුට කරනු ලැබූ තවත් අපහාසයකි. මේ සිදුවීම අවසන් වන්නේ සලාදීන් විසින්ම සිය කඩුවෙන් රේනල්ඩ් ගේ බෙල්ල කපා දැමීමෙන් විය. සමහර තැනක එය සදහන් වන්නේ සිය ජලය කෝප්පය ගත් අත පමණක් සලාදීන් කපාදැමූ බව හා පසුව ඔහුගේ සෙබලුන් විසින් රේනල්ඩ් ගේ ගෙලසිද දැමූ බවත්ය. රජුන් තවත් රජුන් ව මරන්නේ නැහැ ඇත්තටම නුබ එය ඉගෙන ගැනීමට ඒ ගුණවත් රජු පිටුපස සිටියේ නැද්ද ? යනුවෙන් ඉන් පසුව සලාදීන් විමසා සිටිය බව ජනප්‍රවාදයේ සදහන් වෙයි.
අල්ලා ගැනීමෙන් අවුරුද්දකට පමණ පසුව සලාදීන් ගයි නිදහස් කළේ නැවත කිසි දිනෙක මුස්ලිම්වරුන්ට එරෙහිව ආයුධ නොගන්නා බවට පොරොන්දු කොන්දේසියක් මත ය.එහෙත් පසුවට ඔහු මේ පොරොන්දුව කඩ කරනු ඇත. මෙය සමහරුන් විසින් සුල්තාන්වරයා ගේ ත්‍යාගශීලී බවට සහතිකයක් වශයෙන් පෙන්වාදීමක් විය. ජෙරුසෙලමේ ඊලග රජු හැටියන් හිදී ලද පරාජයේ ආරංචිය වැඩි කල් නොගොස් බටහිර යුරෝපයට ආරංචි විය. සැබැ කුරුසිය සතුරා අතට පත් වූ අතර ෆ්‍රෑන්ක්ස් හමුදාව විනාශ වී ජෙරුසලම දැන් අවදානමට ලක් වී තිබුණි. ඉන් පසුව සෑම නගරයක්ම සහ කුරුස බලකොටුවක්ම පාහේ ඉක්මනින්ම සලාඩින් අතට පත් විය. Conrad of Montferrat මොන්ට්ෆෙරාට්හි කොන්රාඩ්ගේ ආරක්ශාව යටතේ වූ Tyre බලකොටුවේ සිටි Balian සිය බිරිය වූ Amalric රජුගේ දෙවන බිරියක් හා ජෙරුසෙලමේ පෙර රැජිනක් වූ මාරියා රැජිණ (Maria Komnene) හා ඔවුන්ගේ දරුවන් නැවතී සිටි ජෙරුසෙලමින් නගරයෙන් පිටත් වීම වෙනුවෙන් සතුරු සීමා හරහා යාම වෙනුවෙන් සලාදීන්ගෙන් අවසර ඉල්ලා සිටි අතර සලාදින් විසින් Balian හටද තමන් ගයි වෙනුවෙන් පසු කාලයකදී ඉදිරිපත් කරන “නැවත කිසි දිනෙක මුස්ලිම්වරුන්ට එරෙහිව ආයුධ නොගන්නා” බවට පොරොන්දු කොන්දේසිය ඉදිරිපත් කලාය. Balian මෙයට කැමැත්ත පළකල නමුත් ඔහු ජෙරුසෙලමේ මාලිගයට ගිය පසුව සිබිලා රැජින නගරයේ ආරක්ෂාවට නායකත්වය දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි අතර, ඔහු අකමැත්තෙන් වුවද එයට එකඟ වීමට සිදුවිය. ඔහු සිය පොරොන්ද���ව ඉල්ලා අස්කරගන්නා බව සලාදින් හට දන්වා සිටියේය. මෙයින් සුල්තාන් කෝපයට පත් විය.
1187 සැප්තැම්බර් 20 වෙනිදා ඊජිප්තු සහ සිරියානු හමුදාව නගර තාප්පයෙන් පිටත කදුවුරු බැදගත් අතර ප්‍රහාරයක් එල්ලකිරීමට පෙර සලාදීන් විසින් සටනක් නොමැතිව නගරය තමන්හට ලබාගැනීම පිනිස සාකච්ඡාමය විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කළේද ඉන් පලක් නොවීය. සැප්තැම්බර් මාසය පුරාවටම, නගරයේ බිත්තිවලට කැටපෝලු ප්‍රහාරයන් දිනකට කිහිපවතාවක්ම සිදුවිය මෙයින් නගරයේ පිටත බිත්තියන් වලට මෙන්ම ඉන් ඇතුලෙන් වූ ගොඩ නැගිලි හා මිනිසුන්ට විශාල හානියක් සිදුවිය. එමෙන්ම සලාදීන් තමන් ගේ පෙර අත්දැකීම ඇසුරෙන් දුර්වලව ආරක්ශාකරන ලද නගර බිත්ති ඇති තැන් සොයා ඒවා මත තාර දමා හා බිත්තියන් අසල විශාල වලවල් කපා ඒවා ගිනිතැබීමට කටයුතු කල අතර ඉන් ඔහු සාර්ථක විය. සැප්තැම්බර් 29 වන දින ඔලිව් කන්ද අසල වූ නගර බිත්තියෙන් කොටසක් කඩා වැටුනාය. එහෙත් Balian ගේ නගර ආරක්ශාව ඉතා හොද මට්ටමක තිබුනි කඩා වැටුනු කොටසින් සලාදීන්ගේ මුල් ප්‍රහාරකයින් යම් ප්‍රමාණයක් නගර තුලට ඇතුල් වීමට ගත් උත්සාහයට ඔහු ඉඩ දුන් අතර සැලකිය යුතු ප්‍රමානයක් ඇතුලට පැමිනි විගස ඔහු කඩා වැටුනු කොටසට නගරයේ තුල තිබූ දර කොටන් හා පිදුරු දමා මාර්ගය අහුරාලමින් ඒ මත ගිනි දැමීමට අණ දුන්නාය නගරය තුලට ආ අයියූබිඩ් සෙබලුන්ට පිටතට පැන යාමට හෝ නගරයෙන් එලියේ සිටි උන් හට ඇතුලට ඒම මින් වැලකුන අතර නගරය තුලට ආ අයට අත්වූයේ මරණයයි. එහෙත් මේ අයුරින් වැඩි කල් සටන් කිරීමට නොහැකි බව Balian කල්පනා කරන්නට ඇත එමෙන්ම නගරය අල්ලාගැනීමට නම් එය තවත් විනාශයට පත් වනු ඇති බව සලාදීන් කල්පනා කරන්නට ඇත. මෙම නිසා නැවත වරක් සාකච්ඡාමය විසඳුමක් සොයා දෙදෙනා මුණ ගැසුනාය. ලෙවන්ට්හි බහුලව භාවිතා වන බයිසැන්තියම් හි bezants රන් කාසි 30000කට සරිලන පරිදි ක්‍රිස්තියානු වැසියන් 7000ක් වහලුන් ලෙසින් අල්ලාගැනීමට නොහැකි බව පවසා Balian සිය ඉල්ලීම සලාදින් වෙත යොමු කල අතර මෙයට අකමැති වුවහොත් හෝ සටන දිගටම පැවතියහොත් 5,000ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නගරය තුල දැනට ජීවත්වන මුස්ලිම් වැසියන් මරාදමන බවටත් සහ අල්-අක්සා (al Aqsa) පල්ලිය හා එහි වූ ශුද්ධ වූ ඩොම් ඔෆ් ද රොක් (Dome of the Rock) විනාශ කරන බවටත් Balian විසින් පවසා තිබුණි. සලාදීන් සිය උපදේශකයින් හා කතා කොට Balian ගේ ඉල්ලීමට කැමති විය. එමෙන්ම සලාදීන් විසින් තමන්ගේ අනෙක් නිලදාරීන් විසින් අල්ලාගන්නා ලද ක්‍රිස්තියානු වැසියන් බොහොමයක් දෙනාද කිසිදු මුදලක් නොමැතිව නිදහස් කරන ලෙස ඔවුන්ට ඒත්තු ගැන්වූ බව ඉතිහාසයේ සදහන් වෙයි. මේ අනුව 1187 ඔක්තෝබර් 2 සිකුරාදා ජෙරුසලම සලාදීන්ගේ හමුදාවන්ට යටත් විය. Holy Sepulchre දේවස්ථානය හැර අනෙකුත් සියලුම දේවස්ථානයන් මුස්ලිම් පල්ලි ලෙසට හැරවූ සලාදීන් බටහිර රටවලින් පැමිණි සියලුම ක්‍රිස්තියානුවන් හට නගරයෙන් පිටත් වීමට අණකල අතර නැගනහිර ක්‍රිස්තියානුවන් හට ඔවුන්ගේ කැමැත්ත පරිදි සිටීමට හෝ යාමට ඔහු ඉඩ සලසා දුන්නාය. සලාදීන් යුදෙව්ව ජනතාව කැඳවා නගරයේ නැවත පදිංචි වීමට ද අවසර දුන්නේය. විශේෂයෙන්ම, විශාල යුදෙව් ජනාවාසයක් වූ Ascalon හි පදිංචිකරුවන් ඔහුගේ මේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූහ. ශුද්ධ වූ දේශයේ සලාදීන් හට අල්ලා ගැනීම වෙනුවෙන් ඉතිරිව තිබුනේ Tyre වෙරලබඩ බලකොටුව පමණි. මෙය ආරක්ශා කරන ලද්දේ මොන්ට්ෆෙරාට්හි කොන්රාඩ් විසිනි. ඔහු එහි ආරක්ෂාව මනා ලෙස ශක්තිමත් කළ අතර සලාදීන් ගේ ප්‍රහාරයන් දෙකක් වලකාලමින් බලකොටුව ආරක්ශා කරගැනීමට ඔහුට හැකි විය. එය ඇරෙන්නට තමන් බලාපොරොත්තු වූ ලෙස සිය සිහිනය සැබැවක් කරගත් සලාදීන් ජෙරුසෙලම සිය රාජධානියට ඈදා ගත්තේ අවම ක්‍රිස්තියානි ලේ වැගිරීම් සහිතව ය. ඊට ප්‍රථමයෙන් පළමු කුරුස යුද්දයේ අවසන් මොහොතේ ජෙරුසෙලම කුරුසකරුවන් වෙත අත්වන මොහොතේ කතාව ඊට හාත්පසින් වෙනස් දෙයක් විය. තමන්ගේ ජීවිත කාලය තුලදී ක්‍රිස්තියානු බලවේගයන් සමගින් ඇතිවන අවසාන ගැටුම මෙය වන්නට ඇති බව සමහර විට ඔහු කල්පනා කරන්නට ඇත. එහෙත් එය එසේ නොවීය.
ජෙරුසෙලමේ වැටීම ආරංචි වූ 1187 ඔක්තොම්බර් මස 25වන දින පාප් ලෙසින් පත් වූ අටවන ග්‍රෙගරි පාප් වහන්සේ 1187 ඔක්තොම්බර් මස 29වන දින Audita tremendi නියෝගය නිකුත් කරමින් ශුද්ධ වූ දේශය ගලවාගැනීම වෙනුවෙන් තුන්වන කුරුස යුද්දය ඉල්ලා සිටියාය. පසුව මේ සදහා ඒ වනවිට එකිනෙකා හා සතුරුකමින් සිටි Pisa හා Genoa යන බලවත් නාවික නගර වල සතුරුකම් සමතයකට පත්කොට ඔවුන්ගේ වරායන් යුද්දය වෙනුවෙන් යොදවාලීම වෙනුවෙන් සාම සාකච්ඡා වලට සහාභාගී වෙන මොහොතක ඔහු උණ රෝගයට ගොදුරු වී පසුව දෙසැම්බරයේ 17වන දින මරණයට පත්වනු ඇත. කෙසේ නමුත් සලාදීන් හට නැවත වරක් කුරුස කරුවන් හා මුහුණදීමට මෙයින් සිදුවනු ඇත.
සලාදීන් ජෙරුසලම ආක්‍රමණය කරන කාලයේදී, යුරෝපීය මහාද්වීපයේ ශ්‍රේෂ්ඨ රජවරුන් තිදෙනෙක් සිටියහ. ෆ්‍රෙඩ්රික් බාබරෝසා ලෙසින් වඩාත් ප්‍රසිද්ධියට පත් ශුද්ධ රෝම අධිරාජ්‍යයේ එවකට පාලකය පළමු ෆ්‍රෙඩ්රික් (Frederick I) ඉන් පළමු වැන්නාය. ප්‍රංශයේ රජු වූ දෙවන පිලිප් ඔගස්ටස් (Philip II Augustus) මෙහි දෙවනියා වූ අතර තුන්වෙනියා වන්නේ ඉංග්‍රීසි ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන රජවරුන් අතරේ මුල්ම තැනකට පත් වන පළමු රිචඩ් Richard I නැතහොත් ‘Lionheart’ “ලයන්හාට්” රජුය. මොවුන් තුන්දෙනාම පාප්වහන්සේගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අතර ජෙරුසෙලම ගලවා ගැනීම වෙනුවෙන් කුරුසිය අතට ගත්හ.
ශුද්ධ භූමියට යන ගමනේදී, බාබරෝසා හට බයිසැන්තියානු අධිරාජ්‍යය විසින් සිය දේශසීමා හරහා යාම තහනම් කරන ලද නමුත් ඔහු ඒවා ගනනකට නොගෙන දකුණු ඇනටෝලියාවේ සිලිසියාවට ළඟා විය. ඔහු සිටින ස්ථානය අනුව සිරියාවට ඇත්තේ ඉතාම පහසු ගමනකි. එහෙත් නැවත වරක් අනුන් හට අවාසනාවක් ගෙන ආ එහෙත් සලාදීන් හට වාසනාවක් වූ සිදුවීමක් සිදු විය. ඒ 1190 ජූනි මස 10 වන දින ෆ්‍රෙඩ්රික් බාබරෝසා දියේ ගිලී මියයාමය. ඔහු පිහිනීමට සමත් පුද්ගලයෙකු නොවීය. මෙම නිසාම මුහුදු මගින් ගමන ද අත්හැර ඔහු ගොඩබිම් මාර්ගය සිය ගමන වෙනුවෙන් යොදාගෙන තිබුනි. තෙවන කුරුස යුද්දය වෙනුවෙන් සහභාගී වූ විශාලම හමුදාව ඔහු සතු විය. එය 1200 දී පමණ ලියන ලද ලියවිල්ලකට අනුව සෙබළුන් 100000 පමණ වූ බව හා එයට නයිටුවන් 20000ක් අයිති වූ බව සදහන් එහෙත් මෙය ගැන මැත කාලීන ඉතිහාසඥයින් ගේ ඇස්තමේන්තු අනුව නයිට්වරු 3,000 හෝ 4,000 ක් ඇතුළුව ඔහුගේ හමුදාවේ ප්‍රමාණය 12,000-15,000 කට වැඩි විය නොහැකි වනු ඇති බවටයි. කෙසේ නමුත් ඔහුගේ මරණයින් පසු ඔවුන් ගෙන් විශාල ��ොටසක් නැවත ජර්මනියටත් තවත් ���ුඩා කොටසක් කුරුස යුද්දය වෙනුවෙන් ක්‍රියාකිරීම වෙනුවෙන් බෙදී වෙන් විය. ඉන් වසරකට පමණ පසුව පළමු රිචඩ් හා දෙවන පිලිප් ඔගස්ටස් සිය සේනාවල් සමගින් ලෙවන්ට් වෙත පැමිණ සලාඩින්ගේ හමුදාවන්ට එරෙහි ප්‍රධාන සටනට සහභාගී වූහ. නිදහස් වී පැමිණි ජෙරුසෙලමේ රජු වශයෙන් තමන්ව පත්කොට ගත් Guy of Lusignan සලාදීන් හට දුන් පොරොන්දුව අමතක කරමින් 1189 අගෝස්තු මාසයේ සිට සලාදීන්ගේ ප්‍රධාන බලකොටු නගරයක් වූ ඒකරය වටලෑමට ලක් කොට තිබුණි. එහෙත් Guy of Lusignan හට වූ වැරදි උපදෙස් මත ඔහුගේ නගර වට ලැම ඔහුව වට ලැමක් බවට පත් විය. ඒ සලාදීන් විසින් එවන ලද අතිරේක බලඇණි විසින් ඔහුගේ සේනාව වට කිරීම නිසාය. එහෙත් එංගලන්ත රජුගේ සේනාව පැමිනීමත් සමගින් ඔහු ඒ උගුලින් යන්තමින් ගැලවිනි.
ලයන්හාට් ද සලාදීන් මෙන්ම ඉතාම හොද යුදමය මනසක් තිබූ පුද්ගලයෙක් විය. කුරුස යුද්දය සදහා එන අතර වාරයේ ඔහු බයිසෙන්තියානුව යටතේ වූ සයිපරසය තමන්ගේ නමින් අල්ලා ගත්තාය ඉන් පසුව ඔහු එය ටෙම්පාල් නයිටු නිකායට විකිනීමට කටයුතු කලාය. ටෙම්ප්ලාර් නයිටුවන් එවකට යුරෝපයේ සිටි ධනවත්ම නයිටු නිකායක් විය. ඔවුන්ගෙන් ලද මුදල මගින් වැඩි වශයෙන් තාර මිලදී ගත් රජු ඒවා ඒකරයේ නගර බිත්තිය බිද දැමීම සදහා වැඩි වශයෙන් උපයෝගී ��ර ගත්තාය. 1191 ජූනි 8 වෙනිදා ඒකරයට ලගාවූ රිචඩ් ද ලයන්හාට් රජු ජූලි 12 වෙනිදා වන විට නගරය අල්ලා ගත්තාය. ලයන්හාට් ගේ මේ දක්ශතාවය ජෙරුසෙලමේ රජු හට කනේ පහරක් විය ඒ ඔහු අවුරුදු 2ක් තිස්සේ නගරය අල්ලාගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවීම මතය.
කෙසේ නමුත් සිය රට තුල සිහසුන කෙරෙහි ඇති තර්ජන නිසාම ප්‍රංශයේ රජු වූ දෙවන පිලිප් ඔගස්ටස් කුරුස යුද්දය අත්හැර නැවත යාමට තීරණය කොට තිබුණි. මේ නිසාම රිචඩ් ද ලයන්හාට් හට සේනා ප්‍රමාණය අනුව වඩා අවාසියක් ලගා විය. මෙයින් ප්‍රයෝජනය ගැනීමට කල්පනා කල සලාදින් ඔහුට විරුද්දව ප්‍රහාරයන් දියත් කලද එංගලන්ත රජු ඒවා සියල්ල මැඩ පැවැත්වීය. ඒකරය අල්ලාගැනීමෙන් පසු එහිදි අල්ලාගත් මුස්ලිම් සිරකරුවන් 2000කට වැඩි පිරිසක් සදහා නිදහස වෙනුවෙන් රිචඩ් රජු සලාදීන්ගෙන් කප්පමක් ඉල්ලා සිටියාය. එහෙත් සලාදීන් කාලය කා දැමීමක් ලෙසින් මේ යෝජනාවට වැඩි කැමැත්තක් හෝ අවධානයක් යොමු නොකලාය. වයසත් සමගින් සලාදින්ගේ තියුනු යුද මනසේ ක්‍රියාකාරීත්වය අඩු වීමක් සිදු වුනාද ? නැතහොත් නොයෙක් ආකාරයේ ඒකාලයට සම්භන්ද ලිපි වල සදහන්වන පරිදි සලාදින් රෝගවලින් පීඩා විදිමින් ඉන්නට ඇති. ඔහු සැබවින්ම රිචඩ් රජුගේ යෝජනා වැඩි වැදගත් කමකින් සිතට නොගත්තය. එහි ප්‍රතිපලය වුයේ සිරකරුවන් සියලුම දෙනාගේ සමූහ ඝාතනය සිදුවීමයි.
සලාදීන්ගේ මෙම පරිහානියට හේතුව කුමක් වුවත්, ලයන්හාට් රජුගේ ඒකරයේ සිට ජෙරුසලම දක්වා ගමන් කිරීම නැවැත්වීමට ඔහුට නොහැකි විය. Hattin හි ලබාගත් සාර්ථකත්වය නැවතත් ලබාගැනීම වෙනුවෙන් සලාදීන් ක්‍රියාත්මක විය ලයන්හට් රජුගේ එන මග රැකගෙන සිටි මින් ඔහුගේ සේනාවට පසුපසින් හා පැති දෙකෙන් සිය අශ්වාරෝහක දුනුවායන් යොදවා පහර එල්ල කිරීම සදහා සලාදින් කටයුතු යොදවා තිබුණි. එමෙන්ම රජුගේ සේනාවට වුවමනා හදිසි ආහර හා ජලය රැගත් කරත්ත වලට ගිණි ඊතල වලින් හානි කිරීමට ගත් උත්සාහයන් කිහිපයක් ඉතාම පහසුවෙන් ලයන්හාට් විසින් වලකා තිබුණි. පෙර අත්දැකීම ඇසුරෙන් එයට ඔහු පිලියම් දෙකක් යොදවා තිබුනි ඒවා අවසානයට නොව කන්ඩායම මැදකින් ගමනේ රදවා තැබීමත් එයට ආරක්ශාව වශයෙන් ටෙම්ප්ලාර් හෝ වෙතත් නයිටුවන් යෙදවීමත් ඔහු සිදු කොට තිබුණි. 1191 සැප්තැම්බර් 7 වන දින Arsuf හරහා යන අතර වාරයේ සලාදින් නැවත වරක් අසලවූ තණතීරු සහ වියලි ලදු කැලැ ගිණිබත් කරමින් ප්‍රහාරයක් එල්ල කලාය. එහෙත් ගමන්ගත් භූමිය පිලිබද මනා දැනුමකින් සිටි ලයන්හාට් සිය කන්ඩායම් මුහුදු රේඛාව වෙත පසු බැස්ස වීය. එයින් දුමාරයෙන් ආරක්ශා වූ ඔවුන් වටකිරීමකින්ද ආරක්ශා විය. සලදින්ගේ ප්‍රහාරයන් වෙනිවෙන් සිය ඉදිරිපෙල ශක්තිය ටෙම්ප්ලාර් හා හොස්ටිපලර් නයිටුවන් ��්‍රමුක වඩා ශක්තිවන්ත සන්නද්ධ අශ්වාරෝහක සේනාවෙන් සකස් කරගත් ඔහු සලදින්ගේ කන්ඩායම එනතෙක් සුදානමින් සිටියාය. එහෙත් වාසිය දැන් ඇත්තේ සිය සතුරාගේ පැත්තේ බව වටහා ගත් සලදින් එතනින් පසුබා ගියාය.
1192 ජනවාරි මාසයේදී රිචඩ් විසින් Jaffa බලකොටුව අල්ලාගත්තාය. ජෙරුසෙලම දැන් ඔහුගේ පෙනෙන මානයේ විය. එහෙත් කුරුස යුද්දය වෙනුවෙන් දැන් ඉතිරි වී ඇති එක බටහිර නායකත්වය තමන් පමණක් විය. ජෙරුසෙලම අල්ලාගැනීමට තමන් හට පුලුවන් කමක් තිබූ බව රිචඩ් හොදාකාරයෙන් දැන සිටියාය එමෙන්ම ඔහු එය අල්ලාගත් පසු එන ප්‍රතිප්‍රහාරයක මුහුන දීමට නොහැකි වන බවද ඔහු දැන සිටියාය. ආධාර වශයෙන් අලුත් සෙබලුන් බටහිරෙන් ඉල්ලා ඔහු ලිපි කිහිපයක් යොමු කලාය. ඒවාට පිලිතුරු එනතුරු ඔහු මාස හයක් පුරාවට Jaffa බලකොටුවේ රැදී සිටියාය. මේ කාලය ඇතුලත සලාදින් පවා කිසිම දෙයක් නොකලාය මෙයද ඔහුගේ මනසේ ක්‍රියාකාරීත්වය හෝ යුදවැදීම තුල ලද තෙහෙට්ටුව පෙන්වන කරුණක් වන්නට ඇත.
කෙසේ නමුත් ජූලි මාසයේදී සලාදින් Jaffa බලකොටුවට පහර දී එය අල්ලාගත් නමුත් ලයන්හාට් විසින් නැවත වරක් එය අගෝස්තුවේදී අල්ලාගත්තාය. නායකයින් දෙන්නා අණ දුන් සේනානකයන් දෙකක් අවසන් වරට මුන ගැසෙන අවස්ථාව මෙය විය. නවකතා වල මොවුන් දෙන්නාගේ මුන ගැසීම පිලිබද නොයෙක් සටහන් තිබුනද සැබැවින්ම මොවුන් දෙන්නා කිසිම දවසක මුහුනට මුහුණ හමු වී නොතිබුණි. Jaffa හිදී පවා සාම සාකච්චා සිදු කරනු ලැබුවේ දෙපැත්තේ දූතයන් විසිනි. ලයන්හාට් විසින් සලාදින් හට පෞද්ගලිකව දැඩි කැමැත්තක් තිබූ බව නොරහසකි. ප්‍රධාන වශයෙන් යුරෝපීයයන් සලාදින්ව සාධාරණ පාලකයෙකු සහ දක්ශ සටන්කාමියෙකු ලෙස අගය කිරීමට ඉගෙන ගත්තේ ලයන්හාට්ගේ හැදින්වීම් මතය. සිය සොහොයුරියක් වූ ජොආනා (Joan of England) සලාඩින්ගේ සහෝදරයා වූ අල්-ආදිල් (Sayf ad-Din Abu Bakr) සමඟ විවාහ කරවීමටද රිචඩ් හට වුවමනාවක් තිබුණි මේයට අල්-ආදිල් හා සලාදීන් පවා කැමැත්ත පළකලද එය සිදු නොවනු ඇත. සිය සහෝදරයා ගේ ක්‍රියාකාරකම් මත තමන්ගේ කිරුල අහිමි වීමට ඇති හැකියාව මත ඒවන විටත් අසනීපයෙන් සිටි රිචඩ් ද ලයන්හාට් රජු සලාදීන් සමගින් සාම ක්‍රයාවලියකට අත්සන් තැබීය. එමගින් ක්‍රිස්තියනු කුරුස කරුවන් සදහා සාමයෙන් සිටිය හැකි ප්‍රදේශන් කිහිපයක් ලබාදීමත් වන්දනාකරුවන් වෙත ආරක්ශාකාරීව ජෙරුසෙලමට යාමට හා ඒමට හැකි විය. සිය අවසන් ලිපියෙන් තමන් නුදුරේදීම නැවත වරක් ශුද්ධ භූමිය අත්පත්කර ගැනීම වෙනුවෙන් එන බව පැවසූ ලයන්හාට් රජුගේ ලිපියට පිලිතුරු වශයෙන් තමන් ඔහුගේ අභියෝගය භාර ගන්නා බවටත් තමන්ගේ ජිවිතකාලයේ සිහිනය වශයෙන් ලබාගත් ජෙරුසෙලම වෙනත් අයකුගේ අතර පත්වන්නේ නම් ඒ සදහා රිචඩ් ඇරෙන්නට වෙනත් සුදුස්සෙක් නොමැති බවත් සලාදින් ලියා යැවීය.
යෙරුසෙලමින් කුරුස කරුවන්ගේ ඉවත්වීම සිය වාසියක් වෙනුවෙන් හරවාගැනීමට කාලයක් සලාදීන් හට නොමැති විය. 1193 මාර්තු 4 වන දින ඩමස්කස්හිදී ඔහුය මියගියාය. ඔහ්ට අවුරුදු 55ක් හෝ 56ක් පමණක් විය. යම් යම් අසනීප තත්වයන් මත සිටියද මිය යමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ දශක ගනනාවක යුද ව්‍යාපාරයේ යෙදීමෙන් ඇතිබූ අධික ශාරීරික වෙහෙස නිසා විය හැකිය. සලාදින් ගේ මරණයින් පසුව ඉතා ඉක්මනින් ඔහුගේ සන්ධානය කඩා වැටීම ආරම්භ විය. සලාදීන්ගේ පුතුන් තිදෙනෙකු පිළිවෙලින් ඊජිප්තුව, ඩැමස්කස් සහ ඇලෙප්පෝ නගර පාලණය ලබාගත් අතර තවත් බලවත් ප්‍රාදේශි නායකයින් සලාදීන් ඒමට පෙර සිටියක් මෙන් භූමිය උදෙසා එකිනෙකා හා සටන් වැදීම නැවත ආරම්භ කලහ. Mamluksවංශිකයින් විසින් විනාශ කර දමන තුරු අයුබිඩ් රාජවංශය ඊජිප්තුව තුල ක්‍රි.ව 1250 දක්වාද සිරියාව තුල 1260 දක්වාද පවතිනු ඇත.
ඔහුගේ ජීවිත කාලය තුළ සහ ඉන් පසුව සුල්තාන්වරයා ගැන බොහෝ දේ ලියා ඇත අදටද ඔහු ගැන කතිකාව අවසන් නැත. රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ නායකත්ව කුසලතා පිළිබඳ අගය කිරීමක් සමගින් ඉතාම සූක්ශම යුද මනසක් තිබූ පුද්ගලයෙකු ගැන මුස්ලිම් සහ ක්‍රිස්තියානි මූලාශ්‍ර දෙකෙහිම එක හා සමානව වැඩි වශයෙන්ම කතාබහක් ඇති වුයේ සලාදීන් ගැන විය හැකි එමෙන්ම 13 වන සියවසේ යුරෝපීය සාහිත්‍යය වීරත්වයට පෙන්වාදීමට හැකි විශිෂ්ට ආදර්ශයක් බවට පත්වීම ම ඔහුගේ දක්ශතාවයට එක් උදාහරණයක් ලෙස ගත හැක.
0 notes
haresheranga · 1 year
Text
සිස්ටම් චේන්ජ් කිරීම තේරුමක් නැත. මොකද ලංකාව පවතින්නේ සිස්ටම් මත නොව, කන්ටැක්ට් මත ය.
0 notes
sahassri · 6 months
Text
#දැවී_නොදැවී
||සියළු හිමිකම් කතෘ සතුය. උපුටා ගැනීම/ වෙනත් සමූහ වල, වෙනත් මාධ්‍යයන් ඔස්සේ පල කිරීම සපුරා තහනම්.||
අනුරාධා ඈත තියාම ලොවි ගස යට උන් රුව ඇඳින ගත්තාය. සුදු නැන්දාගේ ගේ අත් උදව්වෙන් උදේ පටලවා ගත් සාරියට දෙස් තබමින් ආ ඇගේ මුහුණ විකසිත වූයේ නිරායාසයෙනි.
රධීෂ තොලගාමින් සිටි තේ කෝප්පය පසක තබා ඈ වෙත හැරුණේය.
වැලමිටි ළඟට අත දිග හැට්ටයකට, ලා රන්වන් පැහැ ලියකම් කළ සාරියක් ඇඳි අනුරාධා වෙතින් දිස් වූයේ පෙර නොදුටු පිරිපුන් බවකි.
මේ අර පාසැල් නිමවී තම පාපැදියේ එල්ලී එන්නට පුරුදුව සිටි, හොටු පෙරාගෙන පරණ හින්දි චිත්‍රපට බලන, එක් දින තරඟ පැවැත්වෙන දිනවලට හොර ලෙඩ හදාගෙන ගෙදර නවතින කෙ/ල්/ල/ම දැයි ඔහු විමසුවේ හිතිනි.
"ඉතින් ඉස්කෝලෙ නෝනා, කොහොමද වාස දේස?"
අනුරාධා දෑත බැඳගෙන, රැව්වාය.
"කට්ටිය එකතුවෙලා අසරණ මට ගෙදර ඉන්න නොදී පිටත් කරනව මදිවට දැන් හිනත් වෙනවද?"
රධීෂ දෑත් ඔසවා යටත් වූයේය.
"හරි හරි දේවීන් වහන්ස උදහස් වෙන්න එපා. කැම්පස් සිලෙක්ට් වෙච්ච පට්ට මීටරයක් වෙච්චි, ඉස්කෝලෙ හොඳම රිසාල්ට් වෙච්චි, තාත්තගෙ ඉස්කෝලෙ - මං මේ කිව්වෙ- ප්‍රින්සිපල් ගේ දුව වෙච්චි, පහළ පන්තිවල බ/ලු ගැ/ත්/ත/න්/ට පොඩි සප් එකක් නොදී කොහොමද? අනූගේ මේ ජනතා සේවෙට අපේ උත්තමාචාරය..." ඔහු නාට්‍යෝචිත ආකාරයකට හිස නැමුවේ තවදුරටත් දෑත් ඔසවාගෙනමය.
අනුරාධා විචක්ෂණශීලීව ඔහු දෙස බලා සිටියාය.
"මූඩ් එකෙන් පේන්නෙ..." ඈ කීවේ අද්දා පද්දාය. "වැඩේ හරි වගේ? යේ...!"
රධීෂ හිස වැනුවේ ඇගේ බොළඳ හැසිරීම් වලට සිනා සෙමිනි. කවුරු සතුටු නොවූවද අනුරාධා තම දියුණුව දැක ඉපිල යන බව ඔහු දැන සිටියේය. තමා නිවැරදි බව යළිත් පසක් වීම රධීෂගේ සිත පිරවූයේ උණුසුම් හැඟීමකිනි.
"මේ පාර ස්කොඩ් එකට අරන් අනූ..." ඔහු කීවේ කුඩා දරුවෙකු මෙන් ආශාවෙනි. අනුරාධා අත්පුඩියක් ගසා එකට තද වුණු දෑත් එහෙමම මුවට තද කර ගත්තේ කෑ ගැස්සෙයි යැයි බයටය. සතුටට ඉනූ කඳුළක් ඇගේ කොපුළක් තෙත් කරමින් ඔහේ ගලා ගියේය.
"අනේ ෂෝක්. ඒක අහලා මගේ බඩත් පිරුණා. සුදු නැන්ද මොකෝ කියන්නෙ?"
රධීෂ හිස වැනුවේ අසරණවය. අනුරාධා ගේ සිනාව මැකී යනු බලා සිටිය නොහැකිව තේ කෝප්පය අතට ගත් ඔහු බීගෙන බීගෙන ගියේ එක හුස්මටය.
"උ/න්/ට වතුර අදින්න යන්ට උ/ඹ/ට ඔච්චර ආසද කියලා ඇහුවා."
තම සාරිය ද නොතකා අනුරාධා ඔහු අසලින්ම ඉඳ ගත්තාය.
"ඔයාව ටීම් එකට ගන්නව අයියේ, මට ඒක විශ්වාසයි."
රධීෂට නම් එබඳු අහස් මාලිගා තනන්නට ධෛර්යයක් නොවීය.
"දන්නෑ අනූ. ඕවාය ෆයිනල් ඩිසිෂන් ගන්නෙ වෙන වෙන දේවල් මතනේ. මෙයාල ප්ලෙයින් ඉලෙවන් අන්තිම මොහොතෙ තමා කියන්න යන්නෙ. යන්න කලින් අන්තිම සති දෙකේ රෙසිඩන්ට් ට්‍රේනින් එකක් දාල. අනේ මන්ද අමුතු සත්තු ටිකක් එතන ඉන්නෙ."
"ක්ලබ් එකේ කවුරුත්ම නෑ?"
"ලොකු අතු ටික කපල දාල. සුහාස් අයියත් තනි වෙලා ඉන්නේ..."
අනුරාධා අමුතු ලෙස කට හදමින් ඉවත බලා ගත්තාය. ඇය සුහාස් වීරවංශ ප්‍රිය නොකරයි. එහෙත් එම ක්‍රීඩා සමාජයට බැඳුණ අලුත රධීෂට මහත් ලෙස උපකාර කළ බැවින් රධීෂ ඔහු කෙරේ දැඩි භක්තියක් දක්වන බව ඈ දනී. තම විවේචන තමා කෙරේම තබා ගන්නට ඈ ප්‍රවේශම් වූයේ එබැවිනි.
"අපි හිතුවේ මේ සැරේ සුහාස් අයියට කැප්ටන්සි දෙයි කියලනෙ. එයත් නොකිව්වට ආසාවෙන් හිටියෙ..."
"කාටද දීල තියෙන්නෙ දම්සරට ද?"
"එහෙනම් කමක් නෑ තව," රධීෂ කීවේ දණහිසට පහරක් ගසා ගනිමිනි. "ක්‍රිෂාන් සේනානායකට දීල තියෙන්නෙ. මි/නි/හ/ගේ තාත්තා රණසිංහගෙ හෙන බො/ක්/ක/ක් ලු. ආව අද මාර ඔලුවෙන්-"
"හැබැයි මේ ටිකේම ගැහුව නේද හොඳට...?"
"අනූ හොඳ බැට්ස්මන් කෙනෙක් කියන්නෙ එකක්. හොඳ කැප්ටන් කෙනෙක් කියන්නෙ වෙනම එකක්. ගහන ගහන එ/කා/ට කැප්ටන්කම දුන්නොත් හොඳට හීටී!"
"හ්ම්..." අනුරාධා නිහඬ වූයේ තර්කය වියර්ථ බව දන්නා නිසාය. රධීෂ පුද්ගලයින් මැන ගත්තේ ඇස් බැල්මෙනි. එලෙස එළඹෙන බොහෝ තීරණ වැරදි වුවද ඒවා වෙනස් කිරීමට ඔහු අකමැතිය.
"ඒව ඕනෙනෑ." ඇය කීවාය. "ඉතින් මොකද උනේ කියන්නකො."
"අද තිබුණෙ නිකං මීට් ඇන්ඩ් ග්‍රීට් වගේ එකක්. ස්කොඩ් එකයි, කෝචස් ලයි, ඔෆීෂියල්ස්ල ටිකකුයි. අපිට ඉතින් අලුත් උනාට එතන ගොඩක් හිටියේ පුරුදුකාරයො.
ආ...පොඩි කොල්ලො සෙට් එකකුත් හිටිය. ඉස්කෝලෙන් කෙලින්ම බාපු නැව් වගේ. අපිටත් ඒ වගේ චාන්ස් වැදුනනම් නේද ඒ කාලෙ?"
අනුරාධා ඒ කතාව නුවණින් විමසුවාය.
"ඒ කියන්නෙ ෆුල් මේක් ඕවර් එකක් කරල තියෙන්නෙ. කැප්ටන් වැ/ඩ්/ඩෙ/ක් වගේ."
"අනේ උගෙයි, මගෙයි වැඩ. මිනිහට පෙන්නන්න නම් ඕනෙ ඔක්කොම එයාගෙ වැඩ කියල තමා. මරු කතාවකුත් කිව්ව..."
"හා මොකද්ද?"
"ටීම් එකකට ඉන්න පුළුවන් එක මැ/ර/ය/යි - මේ ටීම් එකේ මැ/ර/ය එයා කියල."
අනුරාධා සිනාසුනාය.
"ඒක උස්සල තියෙන්නෙ අර චක් දේ ෆිල්ම් එකෙන්. අර කෙල්ලො සෙට් එකක් හොකී ගහන්නෙ...එයා ෆිල්මුත් බලනවද?"
"තාත්ත පාර්ලිමේන්තුවෙ පර්මනන්ට් ෆික්ෂ්චර් එකක් වුණාම ෆිල්ම් බලන්ඩ නෙමේ හදන්ඩ උනත් බැරිද..." රධීෂ කීවේ නොසතුටිනි. ඔහු බලාපොරොත්තු වූයේ අනුරාධාද තමා අනුව යමින් ක්‍රිෂාන්ව හෙ/ලා දකිනු දැකීමටය. අනුරාධාගේ මැදහත් බව ඔහු වෙත ගෙන ආවේ සියුම් කෝපයකි.
"ලොක්කයියෙ, තරහා අරන් ඉවර නම් මම දෙයක් කියන්නද?" අනුරාධා හඬ අවධි කළේ පරෙස්සමිනි. "මේකයි, අපි කැමති නැති වුණත් ක්‍රිෂාන් කැප්ටන් වෙල��� ඉවරයිනේ. ඔයා ප්ලෙයින් ඉලෙවන් වලට සිලෙක්ට් උනොත්, ඒ ඔයාගෙත් කැප්ටන්. අනෙක එයා මොනවගේ කෙනෙක්ද කියලා අපි තාම දන්නෙත් නෑනෙ. ඒනිසා මේ වෙලාවෙ පොඩ්ඩක් ඕපන් මයින්ඩඩ් වෙලා, පරෙස්සමෙන් වැඩ කළොත් නේද හොඳ? අනික් දේවල් කොහොම වුණත් අපි හැමෝටම ඕනෙ රට දිනනව බලන්නනෙ නේද?"
"ෂ/හ් - සුහාස්ට දුන්නනං මු/න්/ට මොකද්ද වෙන්නෙ? මු/න් කාටවත් රට දිනවන්න ඕනෙ නෑ අනූ. මු/න්/ට ඕනෙ සල්ලි ගරන්න විතරයි. දැන් ඔය හොඳ අත්තක් කැප්ටන් කරගෙන තියෙන්නෙත් ඒකට තමයි. තාත්තල පුතාල මාමල බෑණල එකතු වෙලා අපට හොඳ හොඳ ගුලි අඹරයි.
"අනූ හිතන්නෙ මූ* ටීම් එක හදයි කියලද? නෑ. අනූ දන්නවද අද කැප්ටන් වෙලා ඉස් ඉස්සෙල්ලම මිනිහ කරන්නෙ මොකද්ද කියලා? අර තාත්තගෙ ලොකු මාලිගාවෙ පාටියක් දාන එක. අපි හැමෝටම වෙන වෙනම කතා කරල එන්න කියල ගියේ. පව්, අර පොඩි කොල්ලො ටික අහු උනා මං හිතන්නෙ. එතනත් දේශ පාලනේ, ඇයි පවුලෙ පුරුද්දනෙ!
"ලොක්කයියේ මං කියන්නෙ..."
"නෑ මට අනූ කියපු එක තේරුණා. අනූ හිතනවද ඔතන ගිහින් ක්‍රිෂාන් එක්ක ඇ/ර ගන්න තරම් මම මෝඩයි කියල. මම ඔය කොයි කාගෙත් තරම දැනගෙන ඉන්නෙ. සුහාස් මට හොඳට කියල දීල එක්ක ගියේ..."
"ආ ඒකයි මේ වෙලා තියෙන්නෙ," අනූ තමාටම තොල් මතුරා ගනිමින් නැගී සිටියාය. "ඉතින් දැන් පාටියට යනවද?"
"පිස්සුද අනූ? අපට මොකටද කාගෙවත් පාටි!"
"අනේ අනේ යසයි ඉස්කෝලෙ නොනගෙ වැඩ," අනූ එකවරම හැරී බැලුවේ ළඟ ළඟ ඇසෙන සිය සුදු නැන්දාගේ හඬටය. රධීෂ ද නැගී සිටියේ තේ කෝප්පයද අතට ගනිමිනි. "දෙ/යි/ය/නේ මගේ සාරිය!" ඔවුන් දුටුවනම සුදු නැන්දා කීවේ කම්මුලට අතක් ද තබා ගෙන විස්සෝපයෙනි. "මොන මූකලානකද කෙ/ල්/ලෙ රිංගුවෙ?"
"හරියට මෙහෙ රිංගන්න මූකලාන් තීනව වගේ..." අනූ දෑස් නටවා කීවාය. "ඔයාගෙ ලොවිගහ යට බංකුවෙ තමා ඉඳ ගත්තෙ ඔන්න."
"මේ කෙ/ල්/ල/ට සාරි දෙනවට මටයි තලන්න ඕනෙ."
"ගෙදරට වෙලා ඉන්න දුන්නානම් ඔය මොකවත් නෑනෙ නේද?" ලතාවකට කියාගෙනම ඇය පසුකරමින් අනූ ගෙට ගොඩ වූවාය.
"මූණ කට හෝදගෙන එ/න/ව කෙ/ල්/ල එක්කම බත් ටිකක් කන්න..." සුදු නැන්දා තවමත් අමනාපයෙන් මෙන් රධීෂ අමතනු ඈට පිටුපසින් ඇසිණි.
*
"ලොක්කයියට පාටියකට ඉන්විටේෂන් එකක් ලැබුණලු නේද?"
අනූ බත් පිඟානට උඩින් තම නැගණියට රැව්වාය. උපුලී හිකි හිකි ගෑවේ බත් ඇනීම පසක තබාය. පොඩි රහසක්වත් මේ කෙ/ල්/ල/ට රැක ගත නොහැකි හැටි!
"තාත්තේ ලොක්කයිය, ස්කොඩ් එකට සිලෙක්ට් වෙලා..." අනූ ඒ සිනාව නොසලකා,තම පියා ඇමතුවාය.
"ඔව් පුතේ, මට සුදු නැන්ද කිව්වා."
අනූගේ පියා ගැහැණු පිරිමි භේදයකින් තොරව කොයි දරුවාත් ඇමතූයේ "පුතා" යන ආමන්ත්‍රණයෙනි. පතාගෙන එන කොයි දරුවත් පුතා තමයි, යනුවෙන් කියන්නට ඔහු පුරුදු වී සිටියේය.
"අනේ සුදු නැන්දේ ඔයා හරි නරකයි, ඇයි මට කෝල් කරේ නැත්තෙ?" අනූ කීවේ මවාගත් නොපහන් හැඟීමකිනි.
“ආයේ ඕකේ පත්තරේ දාන්න දෙයක් තියනවයැයි,’’ සුදු නැන්දා කීවේ නොපහන් හැඟීමෙනි.
"ඔයාගෙ ඇචීව්මන්ට් වලට ඉස්කෝලෙ ගොඩක් අය මට තමයි ලොකු පුතේ විෂ් කරන්නෙ. මම ඒත් කියනව, ක්ලබ් ගහන්න යන්න දීපු එක ඇර මම මොනවද ඒ කොල්ලට කරල තියෙන්නෙ කියල. පුතාට යන්න ඕන කරන මොනව හරි මදි පාඩුවක්..."
"අනේ එහෙම කතා කරන්න එපා මාමෙ. මටයි අම්මටයි තියෙන හැමදේම මාම නිසා නේ. මටවත් අනූටයි චූටිටයි වත් ඔයා වෙනසක් කරාද කවදාවත්? වෙන මොනවත් නැතත් මට මේතරම් ක්‍රිකට් පිස්සුවක් හැදුනෙ මාමට පින් සිද්ධවෙන්න නෙවෙයිද?"
සතරසිංහ ගුරුමහතා ගේ ක්‍රිකට් උන්මාදයද ඔහුගේ අති සාර්ථක ගණිතය ඉගැන්වීමේ කලාව සේම ප්‍රකටය. රධීෂ ගේ වචන වලට ඔහුගේ මුහුණ යන්තමින් රතු වුවද ඔහුද මේසයේ අනෙක් අයගේ සිනාවට එක් වූයේය.
"කවුද පුතේ කැප්ටන්?"
"ක්‍රිෂාන් සේනානායක මාමේ."
"ෂා!" තාත්තා මුවපුරා කියනා විට අනූට නිකම්ම බැලුනේ රධීෂගේ මුහුණය. "අන්න ප්‍රගතිශීලී තීරණ!"
"අනේ මංදා මාමෙ ඕකෙන් ටීම් එක නම් දෙකට කැඩෙනව."
"ආ ඇයි ඒ?"
"මෙච්චර දවස් කැප්ටන් උනේ ඩීටී කෙනෙක් මේ සැරේ පළවෙනි පාරට තමයි යූටී කෙනෙක්ට දීල තියෙන්නෙ. ඒ දුන්න ගමන් මහ ගොඩක් අපේ කට්ටිය අයින් කරල..."
"අපේ කට්ටිය කිව්වෙ...?"
"ඩීටීල.."
"කාටද ලොක්කයියෙ ඩීටී කියන්නෙ...?" උපුලී ඇසුවේ කුතුහලයෙනි.
"ඩවුන් ටවුන්." අනූ කීවාය.
"ඒ කියන්නෙ චූටි, ගමේ ඉස්කෝල වලින්, ඈත පළාත් වලින් ටීම් එකට ආපු අය. යූටී කියන්නෙ ඔය ලොකු නම් දරාපු ඉස්කෝල වල, ලොකු පවුල් වල- කොටින්ම ඔය පොෂ් කො/ල්/ලො ඉන්නෙ, අන්න එයාලට. එයාල අප් ටවුන් අපි ඩවුන් ටවුන්."
"එතනත් භේද බින්න වෙලා," සතරසිංහ මහතා කීවේ කණගාටුවෙනි. "කවුද ඕවා මේ ළමයින්ට උගන්නන්නෙ?"
*
"ඕව ඔක්කොම පිටිපස්සෙ ඉන්නෙ බු/කී කා/ර/යෝ," ක්‍රිෂ් සරලවම කීවේය. "ඉස්සෙල්ලම මේ ඩීටී යූටී ම/ල/වි/කා/රෙ කො/ල්/ල/න්/ගෙ ඔලුවලට දානව, ඊට පස්සෙ හිමීට ඔයාලට ඒ ස්ටේටස් අපි අරන් දෙන්නම් කියල ස්පොන්සර්ල විදියට සෙට් වෙනවා. ටික කාලයක් යද්දි ඔයාලටත් නොදැනීම ඔයාල වැඩ කරන්නෙ ස්පොන්සර්ගෙ ඇජෙන්ඩා එකට."
ඔහු අලුත්ම ක්‍රීඩකයින් දෙස බැලුවේ අවංක සෙනෙහසකිනි.
"ඔයාලව ස්කූල් ක්‍රිකට්වලින් අප්රූට් කරල එකපාරටම නැෂනල් ටීම් ගේන්න ප්‍රපෝස් කරේ මම. ඒ නිසා මට වගකීමක් තියනව ඔයාල එක්කෙනෙක් වත් මේ මර උගුලෙ නොවැටෙන්න බලා ගන්න. අද මෙහෙම පාටි එකක් කියල ගෙන්න ගත්තෙ මට පෞද්ගලිකවම මේ ටික කියන්න ඕන වුණ නිසයි.
"මම හදන්න බලාපොරොත්තු වෙන්නෙ මේ ඉංග්ලන්ඩ් ටුවර් එකට ගිහින් ජාම බේරන් එන ටීම් එකක් නෙවෙයි. ඊළඟ වර්ලඩ් කප් එකට යන ටීම් එකක්. ඒ ටීම් එකේ ඩීටීල යූටීල නෑ. ඉන්නෙ ඔක්කොම එ/කා වගේ බැහැල වැඩ කරන කො/ල්/ලො ටිකක්.
"එතනට යන්න ඔයාලට ඕන හැම උදව්වක්ම මම කරන්න ලෑස්තියි. ඉන්න තැනක් ඇරේන්ජ් කරගන්න බැරි නම් මෙහෙ ඉන්න පුළුවන්. අපට බෙදා ගෙන කන්න පුළුවන්. ඕනම ප්‍රශ්නයක් අපට කතා කරල විසඳගන්න පුළුවන්. මුලු රටකට අපි ගැන විශ්වාස කරන්න පුළුවන් නම් අපි හැමෝටමත් පුංචි පුංචි කැප කිරීම් කරන්න පුළුවන් නෙ නේද?"
කවීෂට තම උගුර සිර වන්නාක් මෙන් දැනුණි. මේ කණ්ඩායමට ඔහු තේරුණු පළමු වතාව නොවේ. එහෙත් මේ තරම් කුළුපගව නායකයෙකු කණ්ඩායම අමතා බොහෝ කලක් ගෙවී ගොස් ඇති බව ඔහුට විශ්වාසය. එකම කණ්ඩායමට ක්‍රීඩා කළද මීට පෙර ඔහු ක්‍රිෂ්ට එතරම් අවධානයක් දක්වා නොතිබුණි. කණ්ඩායම තුළ වූ ඩීටී යූටී කුළල් කා ගැනීම් අතර සැබෑ මිතුදම් ගොඩනැගුනේ ඉතා අල්පවය.
"ඒත් අයියෙ අපි අතර ගැප් එකක් තියෙනවනෙ නේද?" ඒ ප්‍රශ්නය පසුගිය වසරේ ස්කූල්බෝයි ගෙන්ය. ඔහුගේ නම ගෞරව් බව කවීෂ මතක් කරගත්තේ ආයාසයෙනි. "දැන් මේ මධුරංග-" ගෞරව් කියාගෙන ගියේය. "යන්තම් ගැටගහගෙන ඉංග්‍රීසි කතා කරන්නෙ. සොරි බ්‍රෝ..!"
ඔහු ඊට එකතු කළේ මධුරංග දෙස බලාය.
"උ/ඹ කිව්වත් නැතත් කතාව ඇත්තනේ," මධුරංග හිස සලා ඒ සමාව ඉල්ලීම ඉවත දැම්මේය.
"ඉතින් මොකද? අපි ලංකාවෙනේ. අපිට අපේ භාෂා දෙකක්ම තියෙනවා නේ. අපි සු/ද්/ද/න්/ට පව් කියලනෙ ඉංග්‍රීසියෙන් උ/න්/ට කතා කරන්නෙ. අසරණයොන්ට නැත්නම් තේරෙන්නෙ නෑනෙ."
ඒ කතාවට සියල්ලන්ට සිනා පහළ විය.
"ඕකට පොඩි සූත්තරයක් තියෙනවා මල්ලිලා," අශේන් මොහොතකට කෑම බීම වෙත පෙරේත බැලුම් හෙලීම නවතා ඔවුන් වෙත හැරුණේය. "මම ආපු මුල් කාලෙ කියන්න දන්නෙ නමයි පන්තියයි, යෙස් නෝයි විතරයි. ඊට පස්සෙ රූම් එකට ක්‍රිෂ් සෙට් වුණා. ආවෙම ක/ඩ්/ඩ වන වන. ඉතින් බැන ගන්න වත් පොඩ්ඩක් තේරෙන්න පටන් ගත්තෙ පළවෙනි ටුවර් එක මැද හරියෙදි. ඒ ඇහිල ඇහිලමයි. අර සමහරු ෆිල්ම් බලල බලල හින්දි කතා කරන��නෙ අන්න ඒ වගේ."
ක්‍රිෂ් ඔහු වෙත ක්ෂණිකව රැව්වේය.
"ඒ වගේ ෆිල්ම් සෙට් එකක් ඔයාලටත් සෙට් කරල තියෙන්නෙ." ඔහු කීවේය. "පළවෙනියටම සෙට් වෙන රූම් මේට් ආයෙ සෝල් මේට් වගේ තමා. අශේන් මගෙන් ඉංග්‍රීසි ඉගෙන ගත්තා මම අශේන් ගෙන් උයන්න ඉගෙන ගත්තා. ආ ලස්සන සිංහල වචන සෙට් එකකුත් ඉගෙන ගත්තා - ෆීල්ඩ් එකේදි මාර යූස්ෆුල්!" සියල්ලෝම ඊට සිනාසුනෝය. "ඔහොම හැමෝටම හැමෝගෙන්ම ඉගෙන ගන්න දේවල් තියෙනව. අපි ඔය පොඩි පොඩි දේවල් හිමීට අල්ල ගමු. මෙතන ප්‍රයෝරිටි ගේම් එක, දෙවනියට ටීම් එක - ඔය දෙකම අතේ නම් අනිත් ඕනම දෙයක් අපට විසඳගන්න පුළුවන්."
"මොකද කවියො?" අශේන් ඇසුවේ කොතගසාගෙන ආ පිඟානක් කවීෂ ගේ අත තබමිනි. "ලව් ඇට් ෆස්ට් සයිට් වගේ ත/ක්/කු මු/ක්/කු වෙලා බලන් ඉන්නෙ?"
කවීෂ හිස වනමින් සිනාසුනේය. "නෑ අශේන් මට නිකන් දෙයක් හිතුනා."
"මොකද්ද මචං?"
"වර්ල්ඩ් කප් එක."
"ඉතින්?"
"අපි ගහයි කියල."
**
Tumblr media
1 note · View note
rotaractsliit · 1 year
Text
"කඩදාසියක ඇමිණි වචන"
තරුණ වියේදී චරිතා කවියෙන් මහත් ආශ්වාදයක් ලැබුවාය. තම වටපිටාව ඕනෑවට වඩා කරදරකාරී වූ විට ඇය සංවේදී ව දැනෙන විය, ඇය තම නිදන කාමරයට ගොස් ඇගේ සටහන් පොත එළියට ගත්තාය. වචන වලට පෙරලන්නට නොහැකි වූ හැගීම් ඇය තුලින් ගලා ආවාය. චරිතා තම කවි වෙනත් කිසිවෙකු සමඟ බෙදා ගැනීමට පටන්ගත්තේ ඇය පාසලේ සිටින කාලයේ ය. සිංහල කලජේදයේ නිර්මාණාත්මක ලිවීම් අතරතුරදී, ඇය ඇගේ එක් කවියක් ශබ්ද නඟා කියවූ අතර, පන්තියට ඇගේ කවිය දුර්වල…
View On WordPress
0 notes