Tumgik
#sinhalatumblrblog
chansureshor · 3 years
Text
ලෝක ප්‍රකට “The Secret” කෘතිය ඇසුරෙන් ආකර්ෂණයේ නීතිය ඔබේ ජීවිතයටත් ඇතුළු කර ගැනීමට උපදෙස් කිහිපයක්
Tumblr media
 1. පළමුව ඔබේ මනස සැහැල්ලු කරන්න. ඔබට අවශ්‍ය දේ ඔබේ මනසට කාවද්දවා ගැනීමට නිරවුල් මනසක් අත්‍යාවශ්‍ය යි. බොහෝ සාර්ථක පද්ගලයින් භාවනා කිරීමටත්, යෝග ව්‍යායාම වලටත් යොමුවීමටත් මෙය ප්‍රධාන හේතුවක්. ඔබේ මනස අවුල් කරන දෑ වලින් හැකිතාක් ඈත් වන්න. 
 2. ඔබට අවශ්‍ය දේ කුමක්ද යන්න හැරියටම තේරුම් ගන්න. ඒ පිළිබඳව ඔබට සැක තියෙන්න බැහැ. ඔබේ මනසේ සිතුවිලි වලින් විශ්වයට ඔබ පණිවිඩයක් යවන බව තේරුම් ගන්න. විශ්වය ප්‍රතිචාර දක්වන්නේ ශක්තිමත් තරංග වලට පමණයි. ඔබට අවශ්‍ය දේ පිළිබඳ ඔබටත් විශ්වාසයක් නැතිනම් එවැනි දුර්වල තරංග වලට විශ්වය ප්‍රතිචාර දක්වන්නේ නැහැ. 
 3. ආකාර්ෂණය වීමේ නීතිය පිළිබඳව සම්පූර්ණ විශ්වාසය තබන්න. ඔබට අවශ්‍ය යැයි ඔබ ධාරණය කරගත් දෑ විශ්වය ඔබ වෙත ලබා දෙන ඔබට විශ්වාස කරන්න. 
 4. ඔබට අවශ්‍ය දෙය ඔබට ලැබී ඇති ආකාරය නිතර මනසින් දක්න්න. ඔබට අවශ්‍ය කෝටිපති ව්‍යාපාරිකයෙකු වීමට නම් ඔභ එතැනට ලඟා වී ඇති අයුරු සිතේ මවා ගන්න. විශාල කාර්යාලයක ඔබ යටතේ ඇති විශාල සේවක පිරිසක් පාලනය කරන අයුරු හිතේ මවා ගන්න. එම සතුට විඳින්න. සතුට විඳින සෑම විටම එය ලබා දෙන මෙන් විශ්වයට සිතුවිලි වලින් බල කරන්න. 
 5. ඔබට ජීවිතයේ ලැබී තිබෙන දෑ කොලයක ලියන්න. ඒ පිළිබඳව අවංකවම සතුටු වෙන්න. තමාට ලබා ගැනීමට අවශ්‍ය දේ සහ ඒ සඳහා යොමුවන ආකාරයද නිතර නිතර කොළයක ලියන්න. ඔබ විශ්වාස කරන දෑ විශ්වය විසින් ඔබට ලබා දෙන බවට ඇති විශ්වාසය වෙනුවෙන් ස්තුති කරන්න. තමන් දිනෙන් දින ක්‍රමයෙන් ඇරමුණු වලට ලඟා වන අයුරුතම ශරීරයට ජීවයක් කරගන්න. 
 6. ඔබට ලඟාවන හොඳ හෝ නරක සියළු අත්දැකීම් වලට හේතුව ඔබේ සිතුවිලියි. නිතරම ලෙඩ රෝග ගැන කතා කරන අයට නිතරම ලෙඩ රෝග හැදෙනවා. නිතරම සතුට සහ සෞභාගග්‍ය පිළිබඳ කතා කරන අයට නිතරම සතුටුදායක සැපවත් දේවල් සිදුවනවා. ඔබ ඔබේ මනසින් සිතන සෑම දෙයකටම ඔබ මනසින් ආරාධනා කරනවා. ඔබ සිතන දේ හොඳ වුනත් නරක වුනත් ඔබ ඒ පිළිබඳ සිතනවා යනු ඔභ ඒවාට ඔබේ ජීවිතයට ආරාධනා කර අවසන්. සිතුවිලි වල ප්‍රභලතාවය වැඩිවන තරමට ආරාධනයේ ප්‍රභලතාවය වැඩි වනවා. මේ නිසා නරක දේවල් හිතන්න පෙර ප්‍රවේසම් වන්න. 
 7. ඔබට ලබා ගැනීමට අවශ්‍ය කුමක්ද යන්න පිළිබඳව වැඩිපුර හිතන්න එපා. ඔබේ හැඟීම් සහ ඔබට දැනෙන දේ පමණක් විශ්වාස කරන්න. එය ලබා ගැනීමට ඇති ආශාව සහ අවශ්‍යතාවය වැඩිවන තරමට ඒවා ඉක්මනින් ඔබ කරා පැමිණෙනවා. වර්තමානයේ ඔබේ තත්වය සම්පූර්ණයෙන්ම අමතක කරන්න. ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන අත්දැකීම ඒ ආකාරයෙන්ම මනසින් විඳින්න. ඔලිම්පික් පිහිණුම් ශූර “මයිකල් පෙලිප්ස්” පැවසූ දෙයක් තමයි ඔහු කුඩා කල පිහිණුම් පුහුණුවන අවධියේ සෑම රාත්‍රියකම නින්ද යන තෙක්ම ඔහු ඔලිම්පික් තරඟ ජයග්‍රහණය කර රන් පදක්කම් ලබා ගන්නා අයුරු මනසින් මවා ගත් බවයි. 
 8. ආකාර්ෂණයේ නීතියේ බලය වැඩි කර ගැනීම සඳහා දිනකට විනාඩි 15 ක පමණ වේලාවක් ඒ සඳහාම වෙන් කරන්න. එම කාලය තුළ ඔබේ අරමුණු සිහින ගැන පමණක්ම සිතමින් විශ්වයට ඒවා ලබා දෙන ලෙස බල කරන්න. මෙය Powerful Thinking Time ලෙස හැඳින්වෙයි. 
 9. කනගාටුවීමට සිදුවන අවස්ථා සියල්ල මග හරින්න. විශේෂයෙන්ම අනුන්ගේ ප්‍රශ්ණ තමන්ගේ ඔළුවට ගන්න එපා. හත කලකිරවන ගීත, නාට්‍ය, චිත්‍රපටි මග හරින්න. ඍණාත්මක මිත්‍රයින්ගෙන් ඈත් වන්න. ඔබ කනගාටුදායික සිතුවිලි මවන තරමට තව තවත් ඒවා ඔබට ආකර්ෂණය වන බව මතක තබා ගන්න. සාර්ථක වීමට උවමනාව ඇති අය පමණක් ආශ්‍රය කරන්න. 
 10. ඔබේ සාර්ථකත්වයේ සිහින ඔබේ මාර්ග උපදේශකයා කර ගන්න. ඕනෑම සිහිනයක් සාර්ථක කර ගත හැක්කේ කැපවීමෙන් බව මෙනෙහි කරන්න. නරක පුරුදු අත්හැර උදෑසන අවදි වීම, ඔබේ දෛනික , මානසික සැලැස්මට අනුව කාර්යක්ෂමව උන්නදුවෙන් වැඩ කිරීමට පුරුදු වන්න. සත්‍ය නම් ඔබට යමක් අවංකවම අවශ්‍ය නම් ඔබ තුල එය ලබා ගැනීමට කිසිදු කම්මැලිකමක් ඇති වන්නේ නැහැ. ඔබ තුල තවමත් කම්මැලිකමක් තිබේනම් ඉන් කියවෙන්නේ ඔබ තවමත් ඔබට අවශ්‍ය දේ අවංකවම විශ්වාස කරන්නේ නැහැ කියන එකයි. අවංකවම තමාට අවශ්‍ය දෙය විශ්වාස කරන අය තුල කම්මැලි කම දකින්න ලැබෙන්නේ නැහැ. 
 ලෝකයේ ධනය  සහ අනිකුත් සියළු සැප සම්පත් වලින් 96% ක් පමණ බෙදී ගොස් ඇත්තේ 01%  තරම් සුළු පිරිසක් අතරයි. අනිත් 99% දෙනාම බාවිතා කරන්නේ ලොව ධනයෙන් සහ සැප සම්පත් වලින් 4%ක් පමණයි.  මේ නිසා ලොව දුප්පත් හෝ රෝගී පුද්ගලයින් මෙම ලෝකය අසාධාරණ තැනක් ලෙස ලැතවෙනවා. ඔවුන් පවසන එක දෙයක් නිවැරදියි. එනම් ලොව සම්පත් බෙදී යන්නේ ඉතාමත් අසාධරණ ක්‍රමයකට යන වග. ඔවුන් නොදන්නා දෙය නම් සම්පත් එලෙස අසාධාරණ ලෙස බෙදී යන්නේ ආකාර්ෂණයේ නීතිය විශ්වාස කරන අය වෙත එම සම්පත් ඇදී යාම නිසා යන කාරණයයි. 
"ආකාර්ෂණය වීමේ නීතිය" යන රහස ඔබට ධනය, සතුට, නිරෝගී බව ඇතුළු සියළු දේ ලබා දෙනවා. ඔබට උවමනා දේ කරන්න ලබා ගන්න හා යමෙක් වෙන්නට හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ ලඟා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබට අවශ්‍ය දේ කෙතරම් විශාලද යන්න එයට වැදගත් නැහැ. ඔබට අවශ්‍ය මොන වගේ නිවසක්ද? ඔබට කෝටිපතියෙකු වන්න අවශ්‍යද? ඔබට සාර්ථක වන්න අවශ්‍යද? මේ සෑම දෙයක්ම ඔබට ඒවා ලබාගැනීමට ඇති ආසාවේ ප්‍රබලතාවය නිසාම ඔබ වෙත ආකර්ෂණය වෙනවා. ඔබ තුළ ඇති වන මෙම තදබල ආශාව හරියටම ප්‍රබල කාන්දමක් වගේ. ඔබට අවශ්‍ය දෙය කුමක් වුවත්, කෙතරම් විශාල වුවත් ඔබව ප්‍රතික්ෂේප කිරීමට හැකියාවක් නැහැ. ඒවා ඔබ වෙත ඇදී එන්නේ ඔබව පුදුමයට පත් කරවමින්. 
සඳ මත මිනිසකු ගොඩ බැස්සවීම සඳහා උපකාරී වූයේත් ඒ පිළිබඳ විශ්වාස කළ පුද්ගලයින් නිසයි. ඔබ විශ්වාස කරනවානම් ඔබට තරු අතරට වුවත් ගමන් කළ හැකියි. මෙලොව සිදුවී ඇති සියල්ලටම රහස මෙම ආකාර්ෂණයේ නීතියයි. අද වෙන දේත්, වෙන්න තිය��න සියළු දේත් මෙම නීතියට අනුව සිදු වේවි. ඔබේ ජීවිතයේ ඔබට වෙන සියළු දේත් ඔබ ආකර්ෂණය කර ඇති දේවල්, සියළු දේ පළමුව ඔබේ මනස තුළ ගොඩනැගෙනවා. ඔබට අවශ්‍ය ඔබ සිතන දෑ සියල්ල මනසින් දකින්න. ඔබේ මනසින් ඔබ විශ්වාසයෙන් දකින දෑ සියල්ල ඔබ ආකර්ෂණය කර ගන්නවා. 
ලොව සාර්ථක වී ඇති සියළු දෙනා මෙම රහස ඉතා හොඳින් දන්නවා. ඔබ නොදැන සිටියාට විශ්ව බලයෙන් ලෙඩ සුව කරන ව්‍යාපාර සාර්ථක වීම ගුරුකම් කරන ස්ථාන වල අය මේ රහස පිළිබඳව හොඳින් දන්නවා. ලෙඩ රෝග සුව කර ගැනීමට, ව්‍යාපාර දියුණු කර ගැනීමට ඔවුන් වෙත පැමිණෙන සියළු දෙනා තුලම මේ පුද්ගලයින් ඇති කරන්නේ විශ්වාසයයි. ලෙඩ රෝග වැළඳී ඇති අයට ඔවුන් පවසන වතාවත් වලට අනුව ජීවත් වෙයි නම් එම රෝග සුව වන බවට විශ්වාස ඇති කරවනවා. 
ව්‍යාපාර සාර්ථක වීම අවශ්‍ය අයගේ හිස මත දෙහි ගෙඩියක් තබා දෙහි කපා දෙහි පාගා ඇති කරවන්නේ එම විශ්වාසයයි. තම අරමුණු පිළිබඳව විශ්වාසයක් නොමැතිව එවැනි ස්ථාන වෙත යන පුද්ගලයින් ඉන් නික්ම යන්නේ දැන් තමාට අවශ්‍ය දේ ඉහත පුද්ගලයා විසින් ලබා දෙන බවට පුදුමාකාර විශ්වාසයකිනි. එම විශ්වාසය නිසාම එම පුද්ගලයින් බොහෝ දෙනා තම අරමුණු කරා ලඟා වෙනවා. මේ නිසා තමයි සෑම කපුමහතෙක්ම “මහත්තයා මම හරි දෙයියො හරි විශ්වාස කරනවා නම් විතරයි ඉතින් හරි යන්නේ – විශ්වාස නැතුව මේවා කරාට නම් වැඩක් වෙන්නේ නෑ.” කියලා පවසන්නේ. එක අතකින් එවැනි කපු මහතුන් සමාජයට සේවයක්ද කරනවා. මොකද තමා තුල තනිවම විශ්වාසය ගොඩ නගා ගත නොහැකි දුර්වල උදවියට එම විශ්වාසය ගොඩනගා ගැනීමට දායක වීමෙන්. එම කපු මහතුන් ඔබව රවටා හෝ “ආකර්ෂණයේ නීතිය” ඔබට වක්‍රාකාරව කියා දෙනවා. 
 මේ නිසා ඔබ තුළ කුමන ආගමික, දේව විශ්වාස තිබුණත් ඒවා ආකර්ෂණයේ නීතියට ගැටළුවක් වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ කෙසේ හෝ ඔබට අවශ්‍ය දේ පිළිබඳව 100% ක්ම විශ්වාසය තැබීම පමණයි. එවැනි අයට කෝටිපතියෙක් වීම, ලෙඩ රෝග වලින් ආරක්ෂා වීම වැනි දෑ ඉතාමත් පහසුයි. හොඳින් මතක තියා ගන්න. විශ්වාසය 99.9% ක් ප්‍රමාණවත් නැහැ. 100% ක් විශ්වාස ඇති අයට පමණයි විශ්වය ප්‍රතිචාර දක්වන්නේ. 
( ලෝක ප්‍රකට “The Secret” කෘතිය ඇසුරෙන්. -චන්දිම හේරත්)
විශේශ ස්තුතිය “ගීක් මල්ලී බ්ලොක් ට්‍රයි”
2 notes · View notes