#imad ad-din
Explore tagged Tumblr posts
Photo
“He will fight you because you are a liar.”
“I have no desire to fight.”
“Then you must give him the horse.”
#kingdom of heaven#balian of ibelin#imad ad-din#my babygirl and balian#my edits#necroticpetals#userrivensbane#userzahrahydris
74 notes
·
View notes
Text
Perioddramaweek 2023
Day 3: Favorite Costumedesign
Kingdom of Heaven
#perioddramaweek2023#kingdom of heaven#perioddramaedit#period drama#costumes#eva green#sybilla#balduin iv#baldwin iv#edward norton#sultan saladin#ghassan massoud#imad ad din#alexander siddig#tiberias#raymond iii of tripoli#jeremy irons#armor#the costumes are awesome and so is the movie
1K notes
·
View notes
Text
Kingdom of Heaven
#kingdom of heaven#tiberias#baldwin iv#sibylla of jerusalem#raynald de chatillon#guy de lusignan#Saladin#imad ad din#balian of ibelin#godfrey of ibelin#the hospitaller#raymond iii of tripoli#my art#fanart#this started as a sketch dump and rapidly spiralled out of control
222 notes
·
View notes
Text
Kingdom of Heaven Textpost Meme 13 / ?
#kingdom of heaven 2005#kingdom of heaven shitposting#movies#movie memes#godfrey of ibelin#liam neeson#raymond iii of tripoli#jeremy irons#imad ad din#alexander siddig#salah ad din#ghassan massoud#reynald of chatillon#brendan gleeson#in other words: it's hattin day bitches#and i am not dead i swear#i was just insanely busy lately#so take some boys as a peace offering
154 notes
·
View notes
Text
The twelve signs of the zodiac, from the Horoscope of Prince Iskandar, grandson of Tamerlane, the Turkman Mongol conqueror. Apart from being a horoscope, the manuscript of 1411 is an exquisite work of art and an exemplary production of the royal kitabkhana "publishing house" or "workshop."
The manuscript is lavishly illustrated and reflects the efforts of a whole range of specialists: astronomers (among them Imad ad-Din Mahmud al- Kashi), illuminators, gilders, calligraphers and craftsmen, and specialists in paper-making.
The images and info come from the always fascinating Open: Wellcome Collection on JSTOR, which is open access with no login needed! Creative Commons: Attribution.
#zodiac#horoscope#astrology#illuminated manuscript#persian art#iranian art#open access#creative commons#research#art history#jstor
2K notes
·
View notes
Text
Events 12.24 (before 1950)
502 – Chinese emperor Xiao Yan names Xiao Tong his heir designate. 640 – Pope John IV is elected, several months after his predecessor's death. 759 – Tang dynasty poet Du Fu departs for Chengdu, where he is hosted by fellow poet Pei Di. 971 – Battle of Ayn Shams: The Fatimids under Jawhar defeat the Qarmatians at the gates of Cairo, putting an end to the First Qarmatian invasion of Egypt. 1144 – The capital of the crusader County of Edessa falls to Imad ad-Din Zengi, the atabeg of Mosul and Aleppo. 1294 – Pope Boniface VIII is elected, replacing St. Celestine V, who had resigned. 1500 – A joint Venetian–Spanish fleet captures the Castle of St. George on the island of Cephalonia. 1737 – The Marathas defeat the combined forces of the Mughal Empire, Rajputs of Jaipur, Nizam of Hyderabad, Nawab of Awadh and Nawab of Bengal in the Battle of Bhopal. 1777 – Kiritimati, also called Christmas Island, is discovered by James Cook. 1800 – The Plot of the rue Saint-Nicaise fails to kill Napoleon Bonaparte. 1814 – Representatives of the United Kingdom and the United States sign the Treaty of Ghent, ending the War of 1812. 1818 – The first performance of "Silent Night" takes place in the Nikolauskirche in Oberndorf, Austria. 1826 – The Eggnog Riot at the United States Military Academy begins that night, wrapping up the following morning. 1846 – British acquired Labuan from the Sultanate of Brunei for Great Britain. 1865 – Former Confederate officers Frank McCord, Richard Reed, John Lester, John Kennedy, J. Calvin Jones, and James Crowe form the Ku Klux Klan. 1868 – The Greek Presidential Guard is established as the royal escort by King George I. 1871 – The opera Aida premieres in Cairo, Egypt. 1906 – Reginald Fessenden transmits the first radio broadcast; consisting of a poetry reading, a violin solo, and a speech. 1913 – The Italian Hall disaster in Calumet, Michigan results in the deaths of 73 striking workers families at a Christmas party participants (including 59 children) when someone falsely yells "fire". 1914 – World War I: The "Christmas truce" begins. 1918 – Region of Međimurje is captured by the Kingdom of Serbs, Croats and Slovenes from Hungary.[ 1920 – Gabriele D'Annunzio surrendered the Italian Regency of Carnaro in the city of Fiume to Italian Armed Forces. 1924 – Albania becomes a republic. 1929 – Assassination attempt on Argentine President Hipólito Yrigoyen. 1929 – A four alarm fire breaks out in the West Wing of the White House in Washington, D.C. 1939 – World War II: Pope Pius XII makes a Christmas Eve appeal for peace. 1941 – World War II: Kuching is conquered by Japanese forces. 1941 – World War II: Benghazi is conquered by the British Eighth Army. 1942 – World War II: French monarchist, Fernand Bonnier de La Chapelle, assassinates Vichy French Admiral François Darlan in Algiers, Algeria. 1943 – World War II: U.S. General Dwight D. Eisenhower is named Supreme Allied Commander for Operation Overlord. 1944 – World War II: The Belgian Troopship Leopoldville was torpedoed and sank with the loss of 763 soldiers and 56 crew. 1945 – Five of nine children become missing after their home in Fayetteville, West Virginia, is burned down.
0 notes
Text
65) Eh, nama anak-anak Presiden Jokowi itu seperti jarang Jawa tapi ternyata Bhs. Jawa. Ke dengarannya enak.
Gibran Rakabuming Raka
Kahyaning, eh, Kahiyang Ayu
Kaesang Pangarep
Jan Ethes Srinarenda, eh Srinarendra
La Lembah Manah
Sedah Mirah Nasution
Panembahan Al-Nahyan Nasution
Lagi senang belajar Kuna & Sanskrit
---
Kalau aku full Arab, Muhammad Aliya Imaduddin. Kata Bu Anny Aliya itu dari Alija Izetbegovic, eh Izetbegović. 1995 Perang di Bosnia berujung di Pembantaian Srebrenica, bacanya Srebrenitza, 11/7-31/7/1995.
Imaduddin dari Bang Imad ITB. Yang suka ceramah di TV dulu. Imaduddin Abdulrahim
Juga Imad al-Din Zengi, pemantik 2nd Crusade setelah menang di Siege of Edessa 1144. 28/11-24/12, eventnya juga tanda untuk bersatunya Jihad amir-amir yang bersebaran waktu itu.
Juga Imad al-Din Nasimi, eh, Seyid Ali Imadaddin Nasimi; Dia Hurufiyyah Hurufism, Gerakan Sufi yang berbasis Mistisisasi i.e. Tasawuf terhadap huruf. Native Azerbaijan.
youtube
Ibn Kathir, Abū al-Fiḍā’ ‘Imād ad-Dīn Ismā‘īl ibn ‘Umar ibn Kathīr al-Qurashī al-Damishqī, terkenal.
Ebussud, eh, Ebussuud Efendi, Shaykhul Islam Utsmaniyah di era Kanuni Sulaiman The Magnificent. Hidup pada 30/12/1490-23/8/1574. Dipanggil 'El-İmâdî' karena berasal dari desa İmâd, dekat kota İskilip.
Nama laqab saya: İmadudeen August-Sarva-Husayn.
1/10/1993.
Dari kecil Pak Halim & Bu Anny selalu punya 2 rencana tetap. Masing-masing Mahasiswa Kedokteran & Naik Haji. Kuatnya yang Haji tahun 2022 ALHAMDULILLAHIRABBIL 'ALAMIN, walau untung karena COVID kuota 1/4 utawi 3/8 dari normalnya 4/4 utawi 8/8. Tapi itu aja sudah rame dan ganas kalau buat saia.
Sama saya tiap lulus SD, MTs, SMA selalu Umrah. Jadi 3x Umrah + 1x Haji. Yang Umrah lulus SMA, dengan jual Pulsar 220F 2012 warna Grey/Silver.
Baru ahli nama Arab, semoga bisa dapat belajar Sanskrit.
Contoh nama Arab yang menurut saya bagus;
Layth, Ra'ad, Ghayth, Ghiath, Arwa, Faris, Zaila, Munira, Malak, Nihal, Zaigham.
---
Eh, nama marga yang tetap berjalan itu Soeharto ya? Kalau Soekarnoputri-Soekarnoputra apakah ndak?
Sebenarnya pengen buat surname marga gitu juga saya. Tapi entah kapan bisa. Hawong dulu sih, 2021-an. Yoh engko ndelok ah. Terangin-angin nak awak wes pinuk ro iso obah sek udu ngingu motoran dst.
Dulu revolusi Mustafa Kemal salah satunya yang aku setuju itu tentang Surname. Marga, ada nama panggilan dan nama keluarga. Tapi kalau aku napak tilas Ijazah dari TK ke S1, kira-kira dilayani nggak? Atau malah seperti biasanya nggak ada apa-apa?
Selain marga, alfabet latin setuju, tapi pakaian harus topi ala Haikal TV One dkk. bukan Fez nggak setuju. Lihat Vatanim Sensin, klambine elegan kabeh.
0 notes
Text
සලාහුදීන්
මධ්‍යතන යුගයේ විශේෂයෙන්ම මුල් කුරුස යුධ සමයෙහි යම් කිසි කාලයක් ඔබට සිහිපත් වන විට ඔබේ මනස සෑම විටම ටෙම්ප්��ාර්, ටියුටොනික් හෝ හෙස්පිටලර්ස් නයිටුවන් ගෙන් සමන්විත වූ ක්‍රිස්තියානි රණකාමී නිකායන් වෙත ඇදී යනු ඇත. එම රණකාමී ජූජක සෙබළුන්ගෙන් හා අනෙකුත් ක්‍රිස්තියානු හමුදාවන්ගෙන් සමන්විත වූ විශාල සේනාවන් සමගින් සටන් කොට ඔවුන් හට පරාජය එක් වරක් නොව කිහිපවරක්ම ලගාකර දෙමින් ක්‍රි.ව 1187 දී නැවත වරක් ශුද්ධ වූ ජෙරුසෙලම මුස්ලිම් පාලනයට නතු කර ගැනීම සදහා සිය අති විශාල හමුදාවක් මෙහෙය වූ මැදපෙරදිග කලාපයේ සිටි වඩාත්ම වැදගත් නායකයෙකු ලෙසින් අදටත් හදුන්වන අයුබිඩ් රාජවංශය ආරම්භ කරමින් ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකෙහි භාරකරු යන පදවිය දැරූ පළමු පුද්ගලයාද වෙමින් මිතුරාගේ මෙන්ම සතුරාගේද ගෞරවය දිනා ගත් සිරියාවේ සහ ඊජිප්තුවේ සුල්තාන්වරයා වූ සලාහුදීන් අල් අයුබි (Salahuddin Al Ayyubi) නැතහොත් සලාදීන් (Saladin) ගැන කෙටි සටහනක් තමා මේ….
මූලික උපුටා ගැනීම්.
the people profiles real crusades history
istorymarche
biographics යන යුටියුබ් චැනලයන් හා
කාල වකවානු, ස්ථානයන් හා නම්,ගම් වෙනුවෙන් විකාපීඩියාව හා ගූගල් සෙවුම.
කුරුස යුද්දයන් සම්බන්දයෙන් වැඩිදුර ක��යවීමක් සදහා Kings and Generals යුටියුබ් නාලිකාවේ වදගත් වීඩියෝ බොහොමයක් තියනවා රෙකමෙන්දෝරු කරන්න පුලුවන් හොදම චැනලයක් තමා ඒක.
(මාගේ උක්ත - ආඛ්‍යාත පද සම්බන්ධය හා අක්ෂර වින්‍යාසයේ ඇති වැරදි මගහරවාගෙන කියවන්න උත්සාහ කරන මෙන් ඉල්ලා සිටිමි)
යූසුෆ් ඉබ්න්-අයූබ් (Yusuf Ibn-Ayyub) උපත ලැබුවේ 1137 දී බැග්ඩෑඩයට උතුරින් පිහිටි ටික්රිට් (Tikrit) මාලිගයේ ය. ඔහුගේ පියා නජ්ම් අඩ්-ඩින් අයුබ් (Najm ad-Din Ayyub) කුර්දි සොල්දාදුවෙකු සහ පරිපාලකයෙකු වූ අතර බොහෝ කුර්දි ජාතිකයන් මෙන් ඔහුගේ විශිෂ්ට අශ්වාරෝහක කුසලතා නිසාම සෙල්ජුක් (Seljuk) තුර්කි ජාතිකයන් විසින් සේවයට බදවාගෙන තිබුණි. එකල සෙල්ජුක්වරු නූතන ඉරානය, ඉරාකය සහ මැදපෙරදිග සමහර ප්‍රදේශ අත්පත් කරගෙන සිටියහ. 1095-1099 පළමු කුරුස යුද්ධයේදී අත්වූ පරාජය හමුවේ වුවද සෙල්ජුක් වරුන්ගේ පාලනය මුස්ලිම් ප්‍රජාවන්ට යම්තාක් දුරකට ශක්තියක් ගෙන දී තිබූ අතර දිනෙන් දින නොයෙකුත් ගෝත්‍රයන් එකතු කරමින් එක්සත් සමස්තයක් ගොඩනැගීමේ ක්‍රියාවලියට ඔවුන් මුලපුරා තිබුණි. යූසුෆ් උපත ලැබූ කාලය වනවිට ලෙවන්ට්හි (Levant) ජෙරුසලම් රාජධානිය, ඇන්ටියොච් ප්‍රාන්තය (Antioch) සහ ට්‍රිපොලි ප්‍රාන්තය (Tripoli) යන ක්‍රිස්තියානි රාජ්‍ය තුන එහි සමෘද්ධිමත් කාලය අත්විදිමින් තිබුණි.
කලාපයේ සිටි මුස්ලිම් සියල්ලන්ම ක්‍රිස්තියානුවන් ව හැදින්වූයේ ආක්‍රමණිකයන් ලෙසයි. එහෙත් මනා ලෙස සංවිධානය වෙමින් ඔවුන් හට තිබූ මේ විදේශීය තර්ජනයට මුහුණ දෙනවාට වඩා තමන්ගේ ආගමික නිකායන් ප්‍රධාන කොටගෙන ග්රෝත්ර වශයෙන් වෙන් වී ඔවුන් එකිනෙකා හා සටන් කරමින් සිටියහ. එහෙත් එය වැඩි කාලයක් එලෙස නොතිබුණි. 1146 දී සෙල්ජුක්වරුන්ගේ සිරියානු ප්‍රාදේශීය ආන්ඩුකාරයා වශයෙන් හෝ එම ප්‍රදේශයේ නායකයා ව සිටි ඉමාඩ් අල්-දින් සෙන්ගි (Imad al-Din Zengi) මිය ගියාය. ඔහු නජ්ම් අයුබ් ගේ නායකයා හා දෙවන කුරුස යුද්දය ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතුවූ වැදගත් මුස්ලිම් ජයග්රහනයක් ලෙසින් සැලකෙන කුරුස සටන්කරුවන් ගේ යටතේ වූ එඩෙස්සා ප්‍රාන්තය යටත් කරගැනීමට නායකත්වය ලබා දුන් පුද්ගලයාද විය. ඔහුගේ මරණයින් පසු ඔහුටත් වඩා ක්‍රිස්තියානුවන් පලවා හැරීමේ බලාපොරොත්තු තිබූ ඔහුගේ පුත්‍රයා වූ නූර් අල්-ද��න් සෙන්ගි (Nur al-Din Maḥmud Zengi) කලාපයේ ඊලග පාලකයා බවට පත්විය. ඔහු පසුවට යූසුෆ් ඉබ්න්-අයූබ් නැතහොත් සලහඩීන්ගේ ගුරුවරයා වනු ඇත. නූර් අල්-දීන් ජිහාඩයට බුද්ධිමය හා යුදමය ශක්තියක් ලබා දුන් පළමු මුස්ලිම් පාලකයන්ගෙන් කෙනෙක් මෙන්ම "ෆ්රෑන්ක්ස් හෝ ෆ්රැන්කියන්" යනුවෙන් ඔවුන් හැදින්වූ කිතුනුවන් ශුද්ධ භූමියෙන් පලවා හැරීම සඳහා සියලු කන්ඩායම් එක් කරමින් එක්සත් වූ මුස්ලිම් පෙරමුණක් සැදීම සදහා ක්‍රියාකල පුද්ගලයාද විය. මුල සිටම තමන්ගේම රාජවංශයක් ආරම්භ කිරීමට හැකියාව තිබියදී බැග්ඩෑඩ්හි සෙල්ජුක් කලීෆ් වෙත සිය ඔලුව නමන්නේ ඇයි දැයි යන යටි අදහසද නූර් අල්-දීන් ගේ සිත තුල පැල පදියම් වී තිබුණි. නූර් අල්-දීන් ඩමස්කසය (Damascus) අල්ලාගෙන එය ඔහුගේ මූලස්ථානය බවට පත් කළේය. මේ මහා සිරියානු නගරය ඔහුගේ නව සෙන්ගිඩ්ස් (Zengids) රාජවංශයේ අගනුවර බවට පත් වූ අතර ආගමික හැදැරීම සහ ෆ්‍රෑන්ක්වරුන්ට එරෙහිව ජිහාඩයක් දියත් කිරීම සදහා සේනාංකයන් එක් රැස් කල මධ්‍යස්ථානයක් බවට එය වැඩි කල් යන්නට මත්තෙන් පරිවර්තනය විය. මේ අවදිය වන විට යූසුෆ් ඉබ්න්-අයූබ් නැතහොත් අපගේ කතා නායකයා වන සලාදීන් ඔහුගේ නව යොවුන් වියේ සිටිය අතර ඉතාම ඉක්මනින් අසාද් අඩ්-ඩින් ෂිර්කු බින් ෂාදි (Asad ad-Din Shirkuh bin Shadhi) නැතහොත් ෂිර්කු (Shirkuh) යනුවෙන් හැදින් වූ සිය මාමාගේ සහායකයෙකු ලෙස ඩමස්කසය වෙත ගියේය. ෂිර්කු යනු නූර් ඇඩ්-ඩින්ගේ විශ්වාසවන්ත ජෙනරාල්වරයෙකි, ඔහු ශක්තිමත් රණශූරයෙක් වූ අතර මනා යුද සැලසුම් කරුවෙක්ද විය. සටනක එක් ප්‍රතිපලයක් ලෙසින් එක් ඇසක් අන්ධ වී සිටි ඔහු ඉතා දැඩි ආහාර රුචියක් නිසාම විශාල බඩක් සහිත පුද්ගලයෙකු විය. සිය මාමාගේ මාර්ගයෙන් නූර් අල්-දීන් ව හදුනාගන්නා සලාදීන් ඔවුන් දෙන්නා සමග කාලය ගත කරමින් හමුදා සහ දේශපාලන නායකත්වයේ කලාව ඉගෙන ගනිමින් සිටි අතර ඔහු මේ දෙකටම සහජ හැකියාවකින් උපන් කෙනෙකු විය.
1160 ගණන්වල මුල් භාගයේදී, Nur ad-Din සහ Shirkuh ඔවුන්ගේ ඉදිරි සැලැස්ම සදහා ඊජිප්තුව දෙසට අවධානය යොමු කළහ. මෙම ධනවත් හා සාරවත් භූමිය ෂියා රාජවංශයක් වන ෆාතිමිඩ්වරුන් විසින් පාලනය කරන ලද අතර ඔවුන්ගේ බලය තරමක් දුරට පිරිහෙමින් තිබූ කාලයක් විය. ජෙරුසලමේ සිටි ක්‍රිස්තියානුවන් ෆාතිමිඩ්වරුන් ගේ මේ අනාරක්ශිත බව දැනගෙන ඉන් ප්‍රයෝජනයක් ගනිමින් ඊජිප්තුව අල්ලාගනු ඇතැයි විශ්වාස කල හා එසේ නොවුනද තම ක්‍රියාවලිය වෙනුවෙන් ඉදිරි කාලය සදහා ඊජිප්තුවේ සාරවත් භූමියේ වටිනාකම තේරුම් ගත් Nur ad-Din සිය විශ්වාසවන්ත ජෙනරාල්වරුන් හමුවේ ඊජිප්තුවේ පාලනය ලබාගැනීම සදහා සැලැස්මක් ක්‍රියාත්මක කලාය. මේ සැලසුමේ ප්‍රතිපලයක් ලෙසින් Shirkuh ගේ නායකත්වයෙන් යුතු කන්ඩායමක් ඊජිප්තුවට ��ොස් අවුරුදු කිහිපයක යුද මාලාවල් කිහිපයකින් පසු 1169 දී Shirkuh සිය ස්වාමියා වන Nur ad-Din වෙනුවෙන් එය යටත් කරගත් අතර එම කාලය තුල සිදුවූ සියලුම සටන් වලට මෙන්ම සැලසුම් වලට ද සලාදීන් ඉදිරිපත් වී තිබුණි.
එහෙත් ජයග්රහණයෙන් මාස දෙකකට පසු අධික ලෙස ආහාර ගැනීමෙන් අජීර්ණයට ලක් වී කෑදර ජෙනරාල් Shirkuh මිය ගියේය. ඒ වන විටත් ඔහු ඊජිප්තුව Nur ad-Din වෙනුවෙන් පාලනය කල එහි මහ ඇමති විය. මේ මහත් අවාසනාව නොසිතූ ලෙස සලාදීන් හට වාසනාවක් විය. ඔහුට වඩා වයසින් වැඩි හා අත්දැකීම් වැඩි වෙනත් ජෙනරාල්වරු සිටියද ඔහුගේ මාමා ගේ මරණයින් පසු ඊලග ඇමති හෝ ඊජිප්තුවේ නාමික පාලකයා වීමට සලාදීන් අවස්තාවක් ලැබී තිබුණි. එහෙත් ඔහු පිටස්තරයෙකි. ෂියා අරාබිවරුන්ගේ දේශයක් පරිපාලනය කිරීම සදහා කිසිදු නිලධාරිවාදී අත්දැකීමක් නොමැති සුන්නි කුර්දි ජාතිකයෙක් විය. අසාර්ථක වීමට ඇති හැකියාව බොහෝ වැඩියෙන් සලාදින් හට විය. එහෙත් එකල ලේවල නීතිය අනුව ඔහු ඊජිප්තුවේ ඊලග මහඇමති ලෙසින් පත් වූ අතර මේ සියලු අඩුපාඩු හමුවේ වුවද සලාඩින් සිය රාජකාරිය හොදින් සිදු කලාය. මෙයට ප්‍රධානතම හේතුව වුයේ සිය නව තනතුර ලැබූ සැටියෙන්ම නිවැරදි පුද්ගලයින් සමඟ එකතු වී අදහස් ලබාගැනීමත් ඔවුන් තමන්ගේ වටා එක් රැස් කරගෙනීමත්ය. ඔහුට පක්ෂපාතී උපදේශකයින්ගේ අභ්‍යන්තර කවයක් ඇති කරගත් ඔහු තමන්ගේ ප්‍රධාන උපදේශක හෝ ආරක්ෂක තනතුරු සඳහා පවුලේ සාමාජිකයන් පත් කරගත්තාය. සිය පියා පවා ඊජිප්තුවේ ප්‍රධාන භාණ්ඩාගාරික බවට ද ඔහු පත්කරගත්තා ය. සලාදීන් ඉතාම තියුණු මනසක් ඇති පුද්ගලයෙක් විය ඔහුට මිනිසුන්ගේ දක්ශතාවයන් හදුනාගැනීම මන ලෙස කල අයෙකු විය එම නිසාම ඔහු වාර්ගික හෝ ආගමික බැඳීම් නොසලකා හරිමින් යමෙකුගේ කුසලතා මත පදනම්ව තෝරාගැනීම් කල අයෙකු ද විය.
ඔහුගේ කවුන්සිලයේ සහාය ඇතිව, ඊජිප්තුවේ ආර්ථිකය නංවාලීමට හා ඔහුගේ පෞද්ගලික බලය සහ කීර්තිය වැඩි කිරීමට වැඩි කාලයක් යන්නට මත්තෙන් ඔහුට පුලුවන් කමක් ලැබුණි. අහම්බයක් ලෙසින් සිය ගුරුවරයා වූ නූර් ඇඩ්-ඩින්ගේ ආදර්ශය අනුගමනය කරමින් අයුබිඩ් Ayyubid යනුවෙන් හැදින්වෙන ඔහු ඔහුගේම රාජවංශය ගොඩනගමින් තිබුණි. ඊජිප්තුව තුල වූ ඔහු වෙනුවෙන් ඇති වූ පිලිගැනීම තම වාර්ගිකයන් අතරට පමණක් නොව සියලුම ග්‍රෝත්‍රයන් අතර ඉතාම ඉක්මනින් පැතිරීමට ලක්විය. මේ නිසාම තමන්ගේ නමින් දැන් ඊජිප්තුව පලනය කරනා සලාදීන් ගැන Nur ad-Din හට විශාල සැකයක් මතුවෙමින් තිබුණි. ඔහු මේ ක්‍රියාකාරී තියුණු මනසක් ඇති පුද්ගලයා ගැන දැන සිටියේ බොහෝ කලක සිට බැවින් ඔහුගේ හැකියාවන් ගැන අවතක්සේරුවක් නොකලාය. ඊජිප්තුව වැනි වටිනා දේශයක් සිය ගෝලයා වූ සලාදීන් අත තවත් වැඩි කාලයක් තිබුනහොත් එහි ඇති සම්පත්වලින් ඔහු තමාටද තර්ජනයක් වේවි යැයි උපකල්පනය කල Nur ad-Din වහාම සලාදීන් හට නැවතත් ඩමස්කස් වෙත එන ලෙස ���ියෝග කලාය. Nur ad-Din තමන්ට නැවතත් ඩැමස්කස් වෙත පැමිණෙන ලෙස කියන්නේ ඇයි දැයි හොද ආකාරයෙන්ම දැන සිටි සලාදින් තමන්ගේ එක් විශේෂ වූ දක්ශතාවයක් එයට පිලිතුරු වශයෙන් යෙදෙව්වාය ඒ කල් මැරීමයි. Nur ad-Din විසින් මසකට සැරයක් හෝ මාස කිහිපයකට සැරයක් වශයෙන් සිය පනිවිඩකරුවන් අතේ “නැවත පැමිණෙනු” යන පනිවිඩය සලාදීන් හට යොමු කලද ඊට ඔහුගේ ප්රතිචාරයන් සමහරක් වුයේ “ක්‍රිස්තියානුවන් තමන් ගැන සැලකිල්ලෙන්, නගරය තුල කැරැල්ලක් ඇති විමේ අවධානමක්, දඩයමේ යන අතරතුර අනතුරකට මුහුනපා ඇත” යනුවෙන් විය. සමහර අවස්තාවන් වලදී පණිවිඩය ලබාගැනීමට සලාදීන් පෙනෙන්නට හෝ නොසිටියේය. මේ අයුරින් නැවත ඩමස්කසයට යාම මාසයෙන් මාසය ඔහු පස්සට දැමූ අතර ඒ අතර වාරයේ තමන්ගේ සෙබල පිරිස් දෙගුණ තෙගුණ කර ගනිමින් තමාගේ ඩමස්කස් ගමනේ පරක්කුවට Nur ad-Din විසින් ඊලගට ගන්නා තීරණය වෙනුවෙන් ඔහු සූදානම් විය. සලාදීන් බලාපොරොත්තු වූ පරිදිම ටික කාලයක් යනවිට එනම් 1174 වන විටNur ad-Din හට පනිවිඩ යැවීමෙන් පලක් නොවන බව වැටහී ගියාය. ඔහු සිය බලවත්ම හා වඩාත් දක්ශම සෙන්පතියන් කිහිපදෙනක් සමගින් සේනාවක් සූදානම් කොට සිය සේවකයා වන ඔහු දන්නා පරිදි යූසුෆ් ඉබ්න්-අයූබ් හමුවීමට ඊජිප්තුවට පිටත් විය. එහෙත් සලාදීන්ගේ වාසනාව නැවතත් ඔහුට නොදැනීම පැමිණියාය ඒ මේ ගමන අතර වාරයේ Nur ad-Din ස්භාවික ලෙස මරණයට පත්වීමයි. සිය මාමාගේ සේවකයා ලෙස ඊජිප්තුවට පැමිණි සලාදීන් අවාසනාවන්ත සිදුවීමකින් ඊජිප්තුවේ මහඇමති විය. දැන් තවත් අවාසනාවක���න් ඔහුට ඊටත් වඩා බලවත් හා මුස්ලිම් දේශයටම වැදගත් වන තනතුරක් හමුවේ සිටියාය. සිදුවූ මරණය අනෙකාට ආවාසනාවක් වුවද එය සලහදීන්ට අවාසනාවක් නොවීය. මාස කිහිපයක පරතරයකින් පසුව එනම් 1175 වන විටදී වැඩි දුරදිග නොගිය කෙටි සටන් කිහිපයකින් පසුව ඩමස්කසය අල්ලා ගත් සලාදීන් ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා තමන් බව ප්‍රකාශ කරගත් අතර ඉන් කෙටි කාලයකට පසුව එවකට අබ්බාසිඩ් රාජවංශයෙන් පැවත එන බැග්ඩෑඩ්හි කලීෆා විසින් ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා ලෙස යූසුෆ් ඉබ්න්-අයූබ් ව නිල වශයෙන් පිළිගනු ලැබීය. 1170 ගණන්වල අගභාගයේ සහ 1180 ගණන්වල මුල් භාගයේදී, සලාදීන් මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රම දෙකෙන්ම තම බලය ක්‍රමානුකූලව වැඩි කරගෙන එමින් සිටියාය. ඊජිප්තුවේ සහ සිරියාවේ සුල්තාන්වරයා වීමෙන් පසු ඔහුගේ අයුබිඩ් රාජවංශයේ සිහිනය සැබැවක් කර ගත්තය. එහෙත් එය කිසිවිටෙකත් ස්තීර නොවී තිබුනේ සැලකියයුතු මට්ටමකින් වූ කැරලිකාර ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනෙකු සලාඩින් Nur ad-Din ගේ සැබෑ අනුප්‍රාප්තිකයා ලෙස පිලි නොගැනීම මතය මෙලෙස ඔහුගේ බලය හැල්ලුවට ලක් කල ප්‍රධාන පුද්ගලයා වුයේ Nur ad-Din ගේ පුත්‍රයා ය.
1176 සිට 1181 දක්වා ඩැමස්කසයේ මෙන්ම නැවත වරක් ඊජිප්තුවෙන් පැමිණි සැලකිය යුතු ප්‍රාදේශිය කැරලි කිහිපයක් මැඩපැවැත්වූ සලාදීන් අ���සානයේ තමන්ගේ ප්‍රධාන සතුරා වශයෙන් ඒ වනවිට හදුනාගෙන සිටි නූර් ඇඩ්-ඩින්ගේ පුතා හා ඔහුගේ සේනාව 1183 දී ඇලෙප්පෝවේ දී (Aleppo) වටලා ඔහුව පරාජය කළේය. නමුත් ඔහුගේ සැබැ තනි බලයට ආ තර්ජනවල අවසානය එයින් අවසන් නොවීය. සුන්නි නායකයෙකු ලෙස, සලාදීන්ට ඔහුගේ නව ප්‍රදේශවල ෂියා කන්ඩායම්වලට විරුද්දව නිතරම සටන් කිරීමට සිදු වූ අතර ඔහුගේ ජීවිතයට ප්‍රධානම තර්ජනය වූයේ Nizari Shia නිකායේ Fedayn ඝාතකයින් ගෙන් විය. එමෙන්ම සෙල්ජුක් තුර්කි ජාතිකයින්ගෙන් ද සලාදීන් හට වරින් වර තර්ජන පැමිණෙමින් තිබුනි. මෙයට එක් ප්‍රධාන පිලියමක් ලෙස සලාදීන් බයිසැන්තියානු අධිරාජ්‍යය සමඟ ආරක්ෂක ගිවිසුමක් අත්සන් කළ අතර එමගින් ඔහුගේ එක් කරදරයක් යම්තාක් දුරකට අඩු විය. සලාදීන් ඊලගට කලේ කලින් Nur ad-Din හට විශ්වාසව කටයුතු කල ප්‍රදේශයේ වූ බලවත් පවුල් වල අයගේ සහයෝගය වෙනුවෙන් කල විවාහයයි. මෙය සදහා ඔහු තොරා ගත්තේ නූර් ඇඩ්-ඩින්ගේ ම වැන්දඹුවක් වූ ඉස්මත් Ismat ad-din Khatun නම් වංශවත් කාන්තාවයි. ඇය ඩැමස්කසයේ සිටි ආන්ඩුකාරවරයෙකුගේ දියණියක්ද විය. මෙම විවාහය නිසාම සලාදීන් හට උවමනා වී තිබූ බලවත් පවුල් වල සහයෝගය ඔහු හට ලැබුණි. සියලුම සුන්නි ප්‍රජාවල් එකට එකතු කරමින් Levant කලාපයෙන් විශේෂයෙන්ම තම ඇදහිල්ලේ ප්‍රධාන ස්ථානයක් වූ ශුද්ධ ජෙරුසලමෙන් ක්‍රිස්තියානු ආක්රමණකයින් පලවා හැරීම Nur ad-din ගේ බලාපොරොත්තුව සලාදීන් ඉදිරියටම ගෙන ගියාය.
1174දී Nur ad-din ගේ මරණයත් සමගම එවකට ජෙරුසෙලමේ රජු වූ Amalric විසින් Banias බලකොටුවට පහර දුන් අතර එය සාර්ථක නොවීම මත නැවත ජෙරුසෙලම වෙත පැමිනෙන අතරවාරයේ අසනීප තත්වයට පත් වී එයින්ම ඔහුගේ මරණයද සිදු විය. ඔහුගෙන් පසුව රජකමට පත් වුයේ ඔහුගේ පුතා වූ හතරවැනි බෝල්ඩ්වින් (Baldwin IV) ය. ඔහු බොහෝ මුස්ලිම් නායකයින් ඉතා දුර්වල හා පාලනය පිලිබද අද්දැකීම් අඩු පුද්ගලයෙක් බව විශ්වාස කලහ. එමෙන්ම ඔහු ලාදුරු රෝගයෙන් දුක් විදින පුද්ගලයෙකු වීමෙන් මෙය නැවත පහරදීමක් වෙනුවෙන් හෝ මුස්ලිම් නායකයින් මෙතෙක් කල් බලාපොරොත්තුවෙන් සිටි ඔවුන්ගේ බටහිරට එරෙහි ශුද්ධ යුද්ධයක් සදහා හොදම කාලය මෙය බව සියලු දෙනා විශ්වාස කල අතර සලාදීන් ගේ මතයද එයම විය. ඒ අනුව සියලුම පැති වලින් මේ පලවාහැරීම වෙනුවෙන් සහයෝගය ඒවන විටත් ඔහුට ලැබෙමින් තිබුණි. එහෙත් 'ලාදුරු රජා' ලෙස ප්‍රසිද්ධියට පත් වූ බෝල්ඩ්වින් ගැන සියල්ලන්ම අවතක්සේරු කොට තිබුණි. 1179 වන විට මේ ලාදුරු හැදී ඇති දුර්වලයාගෙන් ජෙරුසලම උදුරා ගැනීමට කාලය පැමිණ ඇති බව සලාදීන්ගේ ප්‍රධාන උපදේශකයින් ඔහුට පැවසීය. එම මතයේම සිටි සලාදීන් ඒවන විටත් තමන් සතුව සිටි හෝ තමන් හට එකතු කර ගත හැකි සෙබලුන්ගෙන් ඉතාම සුලු කොටසක් එනම් 27000ක් පමණ සේනාවක් සමගින් ඉතාම පහසු ඉල්ලක්කය වෙතැයි සිතූ ජෙරුසෙලම වෙත යාමට පිටත් විය. සැබැවින්ම මේ ලැස්තිකරගත් සේනාවට වඩා හතර ගුණයකටත් වඩා සෙබලුන් ඔහුගේ අණකින් එක් රැස් කිරීමට ඔහුට හැකියාවක් තිබුණි. නමුත් ඒ සදහා මාස කිහිපයක් ඔහුට බලා සිටීමට සිදුවන්නට ඇත මේ නිසාම මෙතෙක් කල් තමන්ගේ ප්‍රධානතම ඉලක්කය වූ ජෙරුසෙලමේ දුර්වලම අවස්තාවෙන් ප්‍රයෝජනයට ගැනීමට ඇති වූ හදිස්සිය සලාදීන් ගේ මේ ඉක්මන් ප්‍රහාරයට මග පාදන්නට ඇත. සලාදීන්ගේ සේනාව ඊජිප්තුවෙන් උතුර දෙසට වෙන්නට ගමන ඇරබූ අතර ප්‍රහාරය සදහා එන මුස්ලිම් හමුදාව ගැන ආරංචිවූ වහාම මුස්ලිම් නායකයින් සිතුවා සේ ලාදුරු රජා කලබල වූ යේ වත් වැරදි තීරණයක් හෝ බියෙන් පලාගියේද නැත. බෝල්ඩ්වින් ගැන සියල්ලනම් සිතා සිටි අදහස් වැරදි විය ලාදුරු රෝගයෙන් පීඩා විදින රජෙකු වූවත් අත්දැකීම් අඩු තරුණයෙක් ලෙසින් පෙනුනද ඔහු සැබැම රණශූරයෙක් හා යුද ශාස්ත්‍රය මනා ලෙස හැදැරූ පුද්ගලයෙක් විය. සලාදීන් පවා තම සතුරා අවතක්සේරු කර තිබුණි.
ප්‍රංශ වංශාධිපතියෙකු වූ රේනල්ඩ් ඩි චැටිලෝන්ට (Raynald de Chatillon) ජෙරුසෙලමේ ස්ථාන ගත වී සිටි හමුදාවේ නායකත්වය බෝල්ඩ්වින් රජු විසින් ලබා දුන්නාය. රේනල්ඩ් ඩි චැටිලෝන්ට වඩා පළපුරුදු හමුදා නායකයින් නගරය තුල සිටියද ඔහුගේ මුස්ලිම් වරුන් ගැන තිබූ වූ තරහා බෝල්ඩ්වින් විසින් හදාරා තිබෙන්නට ඇත. තම පියාගේ මරණයත් සමගින්ම තමන්ගේ රෝගය හා වයස පිලිබදව අවතක්සේරු කරමින් මේ එන ඉක්මන් ආක්‍රමණය ඔහු දකින්නට ඇත්තේ තමන්ට කල අපහාසයක් ලෙස විය හැකිය එම නිසාම ඔහු රේනල්ඩ් හට තම හමුදාවේ නායකත්වය පවරන්නට ඇත. ඊලගට ඔහු හා රේනල්ඩ් කුඩා හමුදාවන් දෙකක් සමගින් ජෙරුසලමට දකුණින් පිහිටි ඇස්කලෝන් Ascalon වෙත ගමන් ගත්තේ සලාදීන් ගේ මග අහුරාලීමටය. ඊජිප්තු හමුදාව ඇස්කලෝන් වරාය නගරය වට කලද එයට පහර දීමට සූදානමක් නොවීය ඒ වෙනුවට සලාදීන් ජෙරුසෙලමට සිය හමුදාව මෙහෙයවමින් තවත් උතුරට වන්නට වූ නගර තුනකට පහර දීමට අණ නිකුත් කලාය. අත්දැකීම් බහුල යුද නායකයෙකු ලෙස සලාදීන් වැරදි දෙකක් මේ සමගින් සිදුකොට තිබුණි. එකක් වන්නේ Ascalon වෙත ඔහු පිවිසි අවස්තාවේ පිරිස් බලය ඔහු සතු විය ඔහුට නගරයට මාස කීපයක් වට කොට තැබීමෙන් එය බිදවැටෙන්නට ඇති හැකියාව ඉතාම වැඩි විය. එහෙත් ඉක්මන් ප්‍රහාරයකින් ජෙරුසෙලම අල්ලාගැනීමට ඔහුට උවමනා වීම මත ඔහු එතැනින් පිටත් විය. එහෙත් ඒ පිටත් වූ ජෙරුසෙලමේ ඉක්මන් ප්‍රහාරය වෙනුවට නැවත වරක් ඔහු ඔහුගේ 27000ක් පමණ වූ විශාල හමුදාව එකවර ස්ථාන තුනකට පහර දීමට අණ කලාය මෙමගින් සිය මුලු සේනාව සතුරාගේ භූමිය මත කොටස් කිහිපයකට විසිරියාම සදහා ඉඩ සලසා දීම ඔහුගේ තවත් වැරැද්දක් විය. වට කිරීමෙන් නිදහස්වූ වහාම බෝල්ඩ්වින් රජු රේනල්ඩ් සමගින් නගරයෙන් පිටතට ආ අතර නොවැම්බර් 25 වන දින රම්ලා Ramla අසල මොන්ට් ගිසාර්ඩ් Mont Gisard හිදී සලාදීන්ගේ පසුපස රේඛාවට පහර ද��න්හ. සලාඩින්ගේ සේනානකයෙන් අඩක්ම වෙනත් ස්තනයන්හි සිටියහ. මේ ප්‍රහාරයට පෙර දින රාත්‍රියේ සිට ගමනේ යෙදී සිටි සලාදින්ගේ ප්‍රභූ අශ්වාරෝහක හමුදාව සිටින්නට ඇත්තේ බොහෝ සෙයින් වෙහෙසට පත් වීමෙනි. බෝල්ඩ්වින් රජු ගේ නායකත්වයෙන් ක්‍රිස්තියානි නයිටුවන් සලාදින්ගේ ප්‍රධාන ආරක්ශක රේඛාව සියල්ලම පසු කරමින් සලාදීන් සිටින ප්‍රධාන රේඛාව වෙත කඩා පාත් විය.
සැබැ කුරුසියේ කොටසක් සමගින් සටන් බිමට පිවිසි බෙත්ලෙහෙමේ බිෂොප්වරයා සමගින් ක්‍රිස්තියානු ප්‍රහාරයේ ඉදිරිපස තල්ලුව සදහා සම්පූර්ණ සන්නාහයෙන් සමන්විත ටෙම්ප්ලාර් නයිටුවන් 80 දෙනෙක් සහභාගී විය. රේනල්ඩ් ඩි චැටිලෝන් තවත් එක කන්ඩායමක් සමගින් ඊජිප්තුවන්ගේ සැපයුම් කරත්ත වලට දැඩි හානියක් කර තිබුණි. හතරවන බෝල්ඩ්වින් රජු ගේ ප්‍රහාරය සාර්ථක විය. දිවීමේ තරග සදහා යොදාගන්නා ඔටුවෙකු පිට නැගී සලාදීන් හට පැනයාමට සිදු විය. සලාදීන් ජෙරුසෙලම වෙනුවෙන් රැගෙන ආ සේනාවෙන් එලෙස බේරී පලායාමට හැකියාව ලැබුනේ 10000ටත් අඩු පිරිසකට පමණි.
මේ පරාජය සලාදීන් හට දරුණු පාඩමක් උගන්වා තිබුණි. නැවත වරක් ජෙරුසෙලම අල්ලාගැනීම සදහා ඇති පමණින් සේනාවක් සමගින් යැම හා සිය ප්‍රතිවාදියා වූ මේ තරුණ රජා ගැන අවතක්සේරු නොකිරීමට සලාදීන් වගබලා ගත්තාය. බෝල්ඩ්වින් රජු ද තමන්ගේ සේනාව ඉක්මන් ප්‍රහාරයක් සදහා යෙදවීම වෙනුවෙන් ජෙරුසලමේ සිට සැතපුම් සියයක් පමණ උතුරින් ඒකරය හා ඩැමස්කසය අතරින් වූ ජේකබ්ස් ෆෝර්ඩ් Jacob's Ford නමින් හැදින්වූ ස්ථානයේ බලකොටුවක් ඉදිකිරීම ආරම්භ කලාය. මෙය උපාය මාර්ගික වශයෙන් දෙපැත්තටම වැදගත් ස්තානයක් විය. එලෙස ඩැමස්කස් සීමාවට වඩාත් ලගින්ම ගොඩ නැගෙන බලකොටුව නිසා සලාදින් හට වැඩි අවදානමක් ඇති විය. එහෙත් එය සම්පූර්ණයෙන් ගොඩ නැගීමට පෙර එයට ප්‍රහාරයක් එල්ල කිරීමට ඔහුට නොහැකි විය. ඒ ජෙරුසෙලම ආක්‍රමණය කිරීම මගින් බයිසෙන්තියානුවන් සමගින් තිබූ ගිවිසුම අහෝසි වීම නිසා නැවතත් උතුරු සිරියාවේ කැරලි කරුවන් සමගින් සලාදීන් ඒ වන විට සටන් කරමින් සිටි නිසාය. ගොඩ නැගීම නැවැත්වීම සදහා ඩිනාර් 100000 ගෙවන බවට පොරොන්දුවක් සලාදීන් හතරවන බෝල්ඩ්වින් රජු වෙත යොමු කලද රජු එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර 1178 අප්‍රේල් වන විට නව බලකොටුවේ ගොඩ නැගීම අවසන් විය. එම වසරේ ජූලි මස අවසානය දක්වා සලාදීන් උතුරු සිරියානු කැරලි කරුවන් සමගින් සටන් වදිමින් සිටි අතර අවසානයේ එයින් ජයග්‍රහණය කිරීමෙන් පසු සති තුනක් වැනි ඉතාම කෙටි කාලයකින් නැවතත් සිය හමුදාව ගක්තිමත් කොට 1178 අගෝස්තු 24 වන දින ක්රිස්තියනුවන්ගේ මේ නව බලකොටුව වෙත ප්‍රහාරයක් දියත් කළේය. මෙවර සලාදීන් පෙර කල වරද නොකිරීමට වගබලා ගත්තාය. ප්‍රහාරය සදහා ගෙනගිය සම්පූර්ණ ශක්තියම ඔහු වෙන ස්තානයන් වෙත යොමු නොකල අතර ඔහු වෙනදාටත් වඩා සැලසුම් සහගත විය. බලකොටුවේ උස් බිත්ති වලට ඔහු ගල් විසිකරනයන් මගින් පහර දුන් අතර සිරියානු පතල් කම��කරුවන්ගේ කණ්ඩායමක් යොදා ගනිමින් බලක්කොටුවේ බිත්ති වලට තාර මිශ්‍ර තෙල් යොදමින් හා බිත්ති වලට ලගින් ගැබුරු වලවල් හාරා එවා ගිනි තැබීමට අණ දුන්නාය. මේ නිසා දින කිහිපයක් ඇතුලත බලකොටුවේ ඊසානදිග කෙළවරේ පිහිටි බිත්තිය දුර්වල වූ අතර පසුව කරනු ලැබු ගල් ප්‍රහාරයක් මගින් එය පොලවට පතිත විය. සලාදීන්ගේ ආක්‍රමණ හමුදාවේ විශාලත්වය මත බෝල්ඩ්වින් හට ඉක්මන් ප්‍රහරයක් සදහා ඇති තරම් හමුදාවක් නොසිටින්නට හෝ දැනටමත් බලකොටුවේ වූ සේනාව ඔහු එනතුරු ආරක්ශාකාරීව සිටින්නට හැකි බව ඔහු සිතන්නට ඇත. මෙවර සිය සතුරා අවතක්සේරු කොට තිබුනේ බෝල්ඩ්වින් රජු විසිනි. ඔහු රැස් කරගත් විශාල හමුදාව සමගින් බලකොටුව වෙත එන අතරවාරයේ දින පහක පමනක් කරන ලද ඉක්මන් ප්‍රහාරයෙන් පසු සලාදීන් බලකොටුව වෙත ඇතුල් විය. බලකොටුව තුල වූ සටනින් එහි ආරක්ශකයින් 800කට අධිකප්රමානයක් මිය ගිය අතර තවත් 700ක් පමණ සලදීන්ගේ අත්අඩංගුවට පත්විය. මුලු බලකොටුවම කොල්ල කැමට ලක් වූ අතර එයට සන්නාහ ඇදුම් 1000කට ආසන්නව හා රනින් හා රිදියෙන් කරන ලද භාන්ඩ මැනික් ඇල්ලූ කුරුසයන් අශ්වයින් 300කට ආසන්න ප්‍රමානයක් හා ආහාරය සහ කිරි වෙනුවෙන් ඇති කරන ලද සතුන් විශාල ප්‍රමාණයක්ද එයට ඇතුලත් විය. ඒ අයුරින් තමන්ට තිබූ එක් ප්‍රධාන බාදකයක් සලාදීන් විසින් ඉවත් කරනු ලැබූ අතර නැවතත් ඔහු ඩමස්කසය වෙත ගියාය.
1178 සිදු වූ මේ ප්‍රහාරය මගින් සලාදීන් සිය බලය ක්‍රිස්තියානු නායකයින් හට පෙන්වා දුන්නාය. එහෙත් කටින් කට පැවත එන එක් කතාවකට අනුව බලකොටුව වෙත මුස්ලිම් හමුදාව ඇතුල්වෙන මොහොතේ සලාදීන් එහි නොසිට ඇත ඔහු ගේ ප්‍රධානතම ඉලක්කය වූ බලකොටුව අල්ලාගැනීම දින 5ක් වැනි කෙටි කාලයක් තුල සිදුවෙයි යැයි ඔහු නොසිතූ අතර ජෙරුසෙලමේ සිටි තම රහස් ඔත්තු කරුවන් මගින් ජෙරුසෙලමේ ලදුරු රජු සේනාවක් සමගින් බලකොටුවට එන බව දැනගැනීමෙන් පසු තමන් සතුව වූ එක් ප්‍රධාන සේනාංකයක් සමගින් බෝල්ඩ්වින් ගේ එන මග ඇහිරීම සදහා පිටත්ව ගොස් ඇති මෙහොතේ බලකොටුව බිද වැටී ඇත. අති විශාල මුස්ලිම් බලකායක් සමගින් ආරක්ශාවක් නොමැති තැනක සටන් කිරීම පලක් නොවන බව දැනගත් ක්‍රිස්තියානු සෙබලු බොහොමයක් යටත් වී ඇති මුත් ඔවුන්ව ඒ මොහොතේ මුස්ල්ලිම් සේනාන්කයන් වලට අණ දුන් නායකයින් විසින් මරාදැමීමට අණ කොට ඇති අතර බලකොටුව අල්ලාගැනීම අවසන් වී ඇත්තේ සමූලඝාතනයකින් විය. පසුවට මෙය පිලිබදව දැනගත් සලාදීන් සිරකරුවන් කෲර අන්දමින් මැරීම සදහා අණ දුන් නායකයින් කිහිප දෙනෙකු දඩුවම වශයෙන් හිසගසා මරාදැමූ බව සදහන් වෙයි කෙසේ නමුත් මෙය ඇත්තක් හෝ බොරුවක් වේවා මේවන් වූ සිද්දීන් මගින් සතුරෙකු හා භයානක සටන්කාමියෙකු වූ සලාදීන් ගැන ක්‍රිස්තියානු සටන්කාමීන් අතර යම් තරමක ගෞරවයක් හටගන්නට ඇත. මේ සටනින් පසු කන්ඩායම් දෙක අතර මහා පරිමාණයෙන් සටන් කිසිවක් සිදු නොවුන අතර සලාඩින් සහ හතර වන බෝල්ඩ්වින් අතර සටන් විරාමයක්ද සටහන් විය. එමඟින් කුරුස රාජධානි සහ අයුබිඩ් වංශයේ ප්‍රදේශයන් වසර ��ෙකක් සාමයෙන් සිටිනු ඇත.
එහෙත් මේ සාමය වැඩි කල් පැවතුනේ නැත. අද දින ජෝර්දානයේ පිහිටි එකල ප්‍රබල බලකොටු දෙකක් වූ කෙරක් (Kerak) සහ මොන්ට්‍රියල් (Montreal) පාලණය කරන ලද්දේ රේනල්ඩ් ඩි චැටිලෝන් වංශාධිපතියා විසිනි. මේ බලකොටු දෙකේ පිහිටීම අනුව මක්කම වෙත යන මාර්ගය මෙන්ම ප්‍රධාන මුස්ලිම් වෙලද මාර්ගයටද රේනල්ඩ් ගේ සේනාවට ඉතා ඉක්මනින් ලගා විය හැකි විය. 1181 මැද භාගයේදී රේනල්ඩ් විසින් මේ මාර්ගය තාවකාලිකව අල්ලා ගත් අතර එම අවස්තාවේ සිට එම මාර්ගය යොදා ගනිමින් ගමන් කල සියලු මුස්ලිම් තවලම් සියල්ල ඔහු කොල්ල කැවාය. මෙය ආරංචි වූ සලාදීන් යුදමය ක්‍රියාවකට යාමට පෙර රේනල්ඩ් හට දන්වා සිටියේ කොල්ල කන සියලුම දේ නැවත ගෙවා දමන ලෙසය. එහෙත් සලාදීන් බලාපොරොත්තු වූ දෙය රේනල්ඩ් ගෙන් නොලැබීම මත නැවත වරක් දෙගොල්ලන් අතර සටන් වලට එය මුලපිරීමක් විය. රේනල්ඩ් ඩි චැටිලන් ගේ අණ මතින් ක්‍රියාත්මක වූ මුහුදු ගැලී කිහිපයක් ඊජිප්තු පාලනයේ තිබූ වරායන්වලට පහර දී මක්කමට පවා තර්ජනක් විය. එහෙත් සලාදීන්ගේ නාවික බලය නිසාම වැඩි කාලයක් ක්‍රිස්තියානු නාවික බලයට ඔහුට තර්ජනයක් වෙමින් සිටිය නොහැකි විය. ගොඩබිම මතද 1183 හා 1184 යන වසර දෙක තුල රේනල්ඩ් ඩි චැටිලන් ගේ සේනාවට විරුද්ධව සලාදීන් සටන් මාලාවල් කිහිපයක් සිදු කලද ඒ සැම මොහොතකදීම බෝල්ඩ්වින් රජු විසින් සහන හමුදාවක් රැගෙන ආ අතර සලාදීන් ඒ සැම අවස්ථාවකදීම නැවත වරක් ඩැමස්කසය වෙත පසුබා ගියාය.
සැබවින්ම සලාදීන් හට පිරිස් බලය ක්‍රිස්තියානු හමුදාවන්ට වඩා වැඩියෙන් තිබුනද ක්‍රිස්තියානුවන්ගේ සැබැ ශක්තිය තිබුනේ යෙරුසෙලමේ රජු ලගය. මේ ලාදුරුවලින් දුර්වල වී වේදනා විදිමින් සිටියද ඔහුගේ යුද මනස නිතරම ක්‍රියාකාරී මටටමක විය. අද පවා මේ කාලය පිලිබද යුද විශ්ලේශකයින් පවසන්නේ ජෙරුසෙලමේ ආරක්ශාව අඩු පහසුකම් හා අඩු සේනාවල් යටතේ වුවද හතරවන බෝල්ඩ්වින් රජු යටතේ වඩාත් සුරක්ශිතව තිබූ බවයි. මෙය එකල සලාදීන් පවා පිලිගත කරුණක් වන්න පුලුවනි. සතුර වුද දෙන්නා එකිනෙකට විශේෂ වූ ගරු කිරීමක් තිබූ බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ නමුත් අවසානයේ ලාදුරු රෝගය ජයග්‍රණය කරමින් හතරවන බෝල්ඩ්වින් රජු 1185 අවුරුදු 24ක් වැනි ඉතාම තරුණ අවධියේදී මිය ගියාය.
කුඩා කාලයේ සිටම ලාදුරු වලින් පීඩාවට පත්වීම මත හතරවන බෝල්ඩ්වින් රජු විවාහයක් සිදු නොකරගත් එම නිසා ඔහුට සැබැ අනුප්‍රාප්තිකයෙක් නොසිටියාය. එබැවින් ඔහුගෙන් පසුව ජෙරුසෙලමේ රජකම ඔහුගේ ස��හොයුරියගේ පුතා වෙත බාර විය. 8හැවරිදි වියේදී රජකම ලබාගත් පස්වන බෝල්ඩ්වින් රජ වූ වහාම එවකට ට්‍රිපොලි හි සිටුවරයා වූ තුන්වන රේමඩ් විසින් සලාදීන් සමගින් නැවත වතාවක් සටන් විරාමයක් වෙනුවෙන් කටයුතු සූදානම් කලාය. කෙසේ නමුත් රජවී අවුරුද්දක් ගිය තැන පස්වන බෝල්ඩ්වින් හදුනානෙගත් හේතුවකින් මිය ගියේය. ඔහුගේ පියාද ඊට පෙර මිය ගොස් තිබූ නිසා ඔහුගේ මව වූ සිබිලා (Sybilla) ගයි හි ලුසිග්නන් (Guy of Lusignan) නම් ප්‍රංශ වංශාධිපතියෙකු සමඟ නැවත විවාහ වූ අතර එමගින් ජෙරුසෙලමේ රැජණ වශයෙන් සිටි ඇයගේ තනතුර නිසා ඔහු ජෙරුසෙලමේ සම පාලකයා ලෙසින් පත් විය.
ට්‍රිපොලි හි සිටුවරයා හා සලාදීන් අතර පිහිටුවාගත් සටන් විරාමය වැඩි කල් පැවතුනේ නැත. ජෙරුසෙලමේ සම රජු වශයෙන් පත් වූ Guy of Lusignan ගේ ප්‍රධාන ආධාරකරුවෙක් වූයේ රේනල්ඩ් ඩි චැටිලන් ය. ඔහු නැවත වරක් තමන්ගේ පැරණි පුරුද්ද ක්‍රියාවට නැංවීය. මුස්ලිම් තවලම් වලට නැවත වරක් තර්ජන ලගා විය. එක් කටකතාවකට අනුව සලාදීන් ගේ දරුණු බලය ජෙරුසෙලම අල්ලා ගැනීම වෙනුවෙන් මුලුමනින්ම යොදාගැනීම වෙනුවෙන් මග පැදූ එක් සිදුවීමක් මේ කොල්ලකැම අතරතුර සිදු විය. ඒ මක්කම බලා යමින් සිටි සලාදීන් ගේ සහෝදරිය ගමන් කරමින් තිබූ තවලමට රේනල්ඩ් විසින් පහර එල්ල කොට ඇයව අල්ලා ගැනීමයි. එපමණක් නොව ඇය කවුරුන්ද යන්න දැනගත් පසුව පවා ඇයව නිදහස් නොකර ඇයට අඩත්තේට්ටම් කිරීම හා සලාදීන් ට පවා අපහාසයක් වන ලෙස ඇයව නිරුවත් කොට සියල්ලන්ටම පෙනෙන පරිදි කස පහර ලබාදීම රේනල්ඩ් විසින් සිදුකිරීමය. මේ අන්තිම කුපිත කරවීම මගින් දෙගොල්ලන් අතරේ සාමයක් වෙනුවෙන් තිබූ අවසන් අවස්ථාව බිද වැටුනි. තමන් හට වූ අවමානය වෙනුවෙන් පලිය ගැනීම සදහා සලාදීන් ක්‍රියාත්මක විය.
සලාදීන් සිය පුතෙකු වූ අල්-අෆ්ඩාල් (Al Afdal ibn Salah ad Din) හා සෙබළුන් 24000ක් සමගින් 1187 ගිම්හානයේදී ගලීල මුහුද නැතහොතTiberias විල ආසන්නයේ වූ කුරුස කරුවන්ගේ බලකොටුව වට ලැවාය. එය වට කිරීමට පෙර ඒ අවට වූ සියලුම ගම්මානවලට සලාදීන්ගේ හමුදාව ප්රහාරයන් එල්ල කොට කොල්ල කා තිබුණි. Tiberias බලකොටුව පිහිටා තිබූ ප්‍රදේශය දෙස බලන විට එයට ලගා වීම වෙනුවෙන් අඩුම දුර මෙනම පහසුම මාර්ගය පිහිටා තිබුනේ සලාදීන් ගේ හමුදාවන් වලට පහසු වෙන ආකාරයටය එහෙත් යම් හෙයකින් එය අල්ලා ගනු ලැබුවහොත් හෝ එය සලාදීන් බලාපොරොත්තු වූ ආකාරයට වටලනු ලැබූ විට එය ගලවා ගැනීම වෙනුවෙන් ජෙරුසෙලමේ සිට එන ක්‍රිස්තියානු හමුදාවකට එයට ලගා වීමට ඇති එකම මාර්ගය වන්නේ ඉතාම රළු කඳුකර මගක් ඔස්සේය. කලින් ස්ථාන ගත වී සිටිය හැකි උස් ස්ථානයක් යනු ප්‍රහාරයකට පහසුම ස්ථානයක් බව සලාදීන් අත්දැකීමෙන් වටහාගෙන සිටියාය. තමන් වට කරනු ලැබූ බලකොටුව ගලවා ගැනීම වෙනුවෙන් කුරුස කරුවන් එන බව ඔහුට විශ්වාසයක් තිබුණි එය තවත් වැඩි වූයේ ට්‍රිපොලිහි කවුන්ට් රේමන්ඩ්ගේ බිරිඳ ඒවන විටත් වටලනු ලැබූ ටයිබීරියස් බලකොටුවේ සිරවී සිටිම නිසාය. මේ අයුරින් සලාදීන් සිය උගුල ඇටෙවුවාය.
සලාදීන්ගේ වටකිරීම වෙනුවෙන් Guy of Lusignan ගේ ප්‍රතිචරය ඉක්මන් නොවීය. සමහර විට ඔහුට මෙය උගුලක් බව වැටහෙන්නට හෝ ජෙරුසෙලමෙන් පිට තිබූ මෙවන් ස්ථානයක වැදගත් කමක් එක්වර ඔහු නොදකින්නට ඇත. එහෙත් ඔහුගේ උපදේශකයින් විශේෂයෙන්ම රේනල්ඩ් පවසා සිටියේ සිංහාසනය මත ඔහුගේ අයිතිය තහවුරු කිරීම වශයෙන් මෙය ඉතාම හොද අවස්ථාවක් වන බවත් පහර දුන්හොතින් පහ���ුවෙන්ම සලාදීන්ව පන්නා දැමීමට හැකිවනු ඇති බවත්ය. මේ අනුව ගයි 1300ක නයිටුවන් හා තවත් සොල්දාදුවන් 18000ක් රැගෙන ජෙරුසෙලමේ සිට කිලෝමීටර් 32 පමණ දුරින් වූ ටයිබීරියස් බලකොටුව බේරාගැනීම වෙනුවෙන් පිටත් විය. ගමන ක්‍රිස්තියානුවන් බලාපොරොත්තු වූ ලෙසකින් පහසුවක් නොවීය ලෙවන්ට් හි කාලගුණය ඉතම කෲර වූ අතර සලාදීන් විසින් පෙර සූදානම් කොට තිබූ පරිදි කන්ඩායම එන මාර්ගය මත නිරන්තරයෙන් සැගවී සිට පහරදීම් වලට ඔවුන්ට ගොදුරු වීමට සිදුවිය මෙහි එක් ප්‍රථිපලයක් ලෙසින් ක්‍රිස්තියානු හමුදාව වෙනුවෙන් රැගෙන හා ආහාර හා ජල සැපයුම් කරත්ත කිහිපයක්ම විනාශ වී තිබුණි.
ජූලි 3වනදා වන විට හටින් (Hattin) ගම්මානය අසලට පැමිණි කුරුස කරුවන් බොහෝ ලෙසින් දුර්වල වී සිටිය අතර ඒ වන විටත් සැලකිව යුතු ප්‍රමාණයක් සලාදීන් ගේ අසරු දුනුවායන්ගේ ප්‍රහරයන්ට ගොදුරුව මරණයට හෝ තුවාල ලබා සිටියහ. ඉන් පසු දින උදැසනම සලාදින් ගම්මානය අසල වූ ලදු කැලැවන් වලට ගිණි තබන ලෙස අණ කරන ලද්දේ එයින් සිය සතුරාගේ ජල පිපාසය තවත් වැඩීවීමට ලක් කිරීමටය. ප්‍රහාරය වෙනුවෙන් රැගෙන ආ කොටසින් විසිදාහක් පමණ සෙබලුන් ප්‍රමාණයක් ගම්මානයේ වූ ක්‍රිස්තියානු බලකාය වට කිරීම වෙනුවෙන් සූදානමින් සිටි අතර ලදු කැලයට තැබූ ගින්නෙන් ඇති වූ දුමාරයත් අදුරත් සමගින් සලාදීන් සිය දුනුවායන් යොදවා ක්‍රිස්තියානු සේනාවට ඊතල වැස්සක් වස්සවන්නට විය. දුමාරයත් තිබහත් සමගින් ඊතල ප්‍රහාරයෙන් කලබල වූ සේනාව තැනින් තැන විසිරීමට පටන් ගත් අතර එය පහරදීම වෙනුවෙන් සලාදීන් බලාපොරොත්තු වූ මොහොත විය ඔහු සිය සේනාව කුරුස කරුවන් මත මුදා හැරියාය. ප්‍රහාරය සදහා පැමිණි ටෙම්ප්ලාර් හා හොස්පිටලර් නයිටුවන්ගේ කන්ඩායම් එක්ව පෙර දවසකදී මොන්ට් ගිසාර්ඩ් හිදි සලාදීන් ගේ පසු රේඛාවට පහර දුන්නා සේ ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් වුවත් මෙවර සලාදීන් එයට හොදින් සූදානම් වී සිටියාය. ට්‍රිපොලිහි කවුන්ට් රේමන්ඩ් ගේ අණ යටතේ වූ කුඩා නයිටුවන් කන්ඩායමකට පමණක් සලාදීන් ගේ ප්‍රහාර රේඛා සියල්ලම කඩා දමමින් පැනයාමට හැකියාවක් ලැබුණි. මෙයට තවත් ප්‍රංශ වංශවතෙක් වූ ඉබෙලින් හි බේලයන් (Balian of Ibelin) ද ඇතුලත් විය. ජෙරුසෙලමේ සම-රජු මෙන්ම කරක් හි අදිපදි රේනල්ඩ් ඩි චැටිලන් වැනි අය සිරකරුවන් ලෙසත් හා තවත් බොහෝ දෙනා මරණයට පත් විය. සටන තුලදී අල්ලා ගනු ලැබූ ටෙම්ප්ලාර් නයිටුවන් සියලු දෙනාටම හිමි වුයේ මරණයයි. සලාදීන් බොහෝ කාලයක් බලාසිටි මොහොත උදාකරගැනීම වෙනුවෙන් වීමට මුල් අඩිය තබමින් ජෙරුසෙලමේ ඊලග රජු අල්ලා ගනිමින් හා ක්‍රිස්තියානු හමුදාවන් මෙහෙයවීමට සිට එක් ප්‍රධාන සෙන්පතියෙක් අල්ලාගැනීමට මග පාදමින් කුරුස යුද ඉතිහාසයේ නිරන්තරයෙන් කතාබහට ලක්වන “හටින් හි සටන”අවසන් විය.
ජනප්රවාදයට අනුව අල්ලාගනු ලැබූ ගයි හි ලුසිග්නන් හා රේනල්ඩ් ඩි චැටිලන් ව සලාදින් ගේ කූඩාරම වෙත ගෙන ආ අතර එහිදී ආගන්තුක සත්කාරයක් වශයෙන් සීතල ජලය ප��රි කෝප්පයක් සලාදීන් විසින් ගයි හි ලුසිග්නන් වෙත පිරිනමා ඇත. එහෙත් එය ඔහු බොනවා වෙනුවට එය තමන් අසල වූ රේනල්ඩ් ඩි චැටිලන් හට ගයි විසින් දී ඇත. ඔහු එයින් ජලය පානය කිරීමත් සමග සලාදින් කුපිතව රජු දෙස බලා “මේ ශාපලත් මිනිසා ජලය පානය කලේ මගේ අවසරයකින් තොරවයි. මේ මාගේ ජලයයි. මා එය ඔබට ලබාදුන්නේ නායකයෙකු හට මගේ ආගන්තුක සත්කාරය පිරිනැමීමේ යුතුකමක් වශයෙනුයි ඔබ සිටින තැන මා සිටියද ඔබත් මෙයම මට පිරිනමනු ඇත. මගෙන් ලැබෙන දෙයක ආරක්ශාව ගැන මා වග කියනවා.” යනුවෙන් ප්‍රකාශ කොට ඇත. සැබවින්ම ජලය සලාදීන් විසින්ම රේනල්ඩ් පිරිනැමුවා නම් ඔහුට එය ප්‍රශ්නයක් නොවෙනු ඇත එය ආගන්තුක සත්කාරයක් වනු ඇත එහෙත් දැන් නැවත වරක් රේනල්ඩ් සිදුකර ඇත්තේ තමන් ගේ දෙයක් අවසරයකින් තොරව ලබාගැනීමයි. සලාදීන් ගේ ඇස් වලින් මෙය ඔහුට කරනු ලැබූ තවත් අපහාසයකි. මේ සිදුවීම අවසන් වන්නේ සලාදීන් විසින්ම සිය කඩුවෙන් රේනල්ඩ් ගේ බෙල්ල කපා දැමීමෙන් විය. සමහර තැනක එය සදහන් වන්නේ සිය ජලය කෝප්පය ගත් අත පමණක් සලාදීන් කපාදැමූ බව හා පසුව ඔහුගේ සෙබලුන් විසින් රේනල්ඩ් ගේ ගෙලසිද දැමූ බවත්ය. රජුන් තවත් රජුන් ව මරන්නේ නැහැ ඇත්තටම නුබ එය ඉගෙන ගැනීමට ඒ ගුණවත් රජු පිටුපස සිටියේ නැද්ද ? යනුවෙන් ඉන් පසුව සලාදීන් විමසා සිටිය බව ජනප්රවාදයේ සදහන් වෙයි.
අල්ල��� ගැනීමෙන් අවුරුද්දකට පමණ පසුව සලාදීන් ගයි නිදහස් කළේ නැවත කිසි දිනෙක මුස්ලිම්වරුන්ට එරෙහිව ආයුධ නොගන්නා බවට පොරොන්දු කොන්දේසියක් මත ය.එහෙත් පසුවට ඔහු මේ පොරොන්දුව කඩ කරනු ඇත. මෙය සමහරුන් විසින් සුල්තාන්වරයා ගේ ත්‍යාගශීලී බවට සහතිකයක් වශයෙන් පෙන්වාදීමක් විය. ජෙරුසෙලමේ ඊලග රජු හැටියන් හිදී ලද පරාජයේ ආරංචිය වැඩි කල් නොගොස් බටහිර යුරෝපයට ආරංචි විය. සැබැ කුරුසිය සතුරා අතට පත් වූ අතර ෆ්රෑන්ක්ස් හමුදාව විනාශ වී ජෙරුසලම දැන් අවදානමට ලක් වී තිබුණි. ඉන් පසුව සෑම නගරයක්ම සහ කුරුස බලකොටුවක්ම පාහේ ඉක්මනින්ම සලාඩින් අතට පත් විය. Conrad of Montferrat මොන්ට්ෆෙරාට්හි කොන්රාඩ්ගේ ආරක්ශාව යටතේ වූ Tyre බලකොටුවේ සිටි Balian සිය බිරිය වූ Amalric රජුගේ දෙවන බිරියක් හා ජෙරුසෙලමේ පෙර රැජිනක් වූ මාරියා රැජිණ (Maria Komnene) හා ඔවුන්ගේ දරුවන් නැවතී සිටි ජෙරුසෙලමින් නගරයෙන් පිටත් වීම වෙනුවෙන් සතුරු සීමා හරහා යාම වෙනුවෙන් සලාදීන්ගෙන් අවසර ඉල්ලා සිටි අතර සලාදින් විසින් Balian හටද තමන් ගයි වෙනුවෙන් පසු කාලයකදී ඉදිරිපත් කරන “නැවත කිසි දිනෙක මුස්ලිම්වරුන්ට එරෙහිව ආයුධ නොගන්නා” බවට පොරොන්දු කොන්දේසිය ඉදිරිපත් කලාය. Balian මෙයට කැමැත්ත පළකල නමුත් ඔහු ජෙරුසෙලමේ මාලිගයට ගිය පසුව සිබිලා රැජින නගරයේ ආරක්ෂාවට නායකත්වය දෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටි අතර, ඔහු අකමැත්තෙන් වුවද එයට එකඟ වීමට සිදුවිය. ඔහු සිය පොරොන්දුව ඉල්ලා අස්කරගන්නා බව සලාදින් හට දන්වා සිටියේය. මෙයින් සුල්තාන් කෝපයට පත් විය.
1187 සැප්තැම්බර් 20 වෙනිදා ඊජිප්තු සහ සිරියානු හමුදාව නගර තාප්පයෙන් පිටත කදුවුරු බැදගත් අතර ප්‍රහාරයක් එල්ලකිරීමට පෙර සලාදීන් විසින් සටනක් නොමැතිව නගරය තමන්හට ලබාගැනීම පිනිස සාකච්ඡාමය විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කළේද ඉන් පලක් නොවීය. සැප්තැම්බර් මාසය පුරාවටම, නගරයේ බිත්තිවලට කැටපෝලු ප්රහාරයන් දිනකට කිහිපවතාවක්ම සිදුවිය මෙයින් නගරයේ පිටත බිත්තියන් වලට මෙන්ම ඉන් ඇතුලෙන් වූ ගොඩ නැගිලි හා මිනිසුන්ට විශාල හානියක් සිදුවිය. එමෙන්ම සලාදීන් තමන් ගේ පෙර අත්දැකීම ඇසුරෙන් දුර්වලව ආරක්ශාකරන ලද නගර බිත්ති ඇති තැන් සොයා ඒවා මත තාර දමා හා බිත්තියන් අසල විශාල වලවල් කපා ඒවා ගිනිතැබීමට කටයුතු කල අතර ඉන් ඔහු සාර්ථක විය. සැප්තැම්බර් 29 වන දින ඔලිව් කන්ද අසල වූ නගර බිත්තියෙන් කොටසක් කඩා වැටුනාය. එහෙත් Balian ගේ නගර ආරක්ශාව ඉතා හොද මට්ටමක තිබුනි කඩා වැටුනු කොටසින් සලාදීන්ගේ මුල් ප්‍රහාරකයින් යම් ප්‍රමාණයක් නගර තුලට ඇතුල් වීමට ගත් උත්සාහයට ඔහු ඉඩ දුන් අතර සැලකිය යුතු ප්‍රමානයක් ඇතුලට පැමිනි විගස ඔහු කඩා වැටුනු කොටසට නගරයේ තුල තිබූ දර කොටන් හා පිදුරු දමා මාර්ගය අහුරාලමින් ඒ මත ගිනි දැමීමට අණ දුන්නාය නගරය තුලට ආ අයියූබිඩ් සෙබලුන්ට පිටතට පැන යාමට හෝ නගරයෙන් එලියේ සිටි උන් හට ඇතුලට ඒම මින් වැලකුන අතර නගරය තුලට ආ අයට අත්වූයේ මරණයයි. එහෙත් මේ අයුරින් වැඩි කල් සටන් කිරීමට නොහැකි බව Balian කල්පනා කරන්නට ඇත එමෙන්ම නගරය අල්ලාගැනීමට නම් එය තවත් විනාශයට පත් වනු ඇති බව සලාදීන් කල්පනා කරන්නට ඇත. මෙම නිසා නැවත වරක් සාකච්ඡාමය විසඳුමක් සොයා දෙදෙනා මුණ ගැසුනාය. ලෙවන්ට්හි බහුලව භාවිතා වන බයිසැන්තියම් හි bezants රන් කාසි 30000කට සරිලන පරිදි ක්‍රිස්තියානු වැසියන් 7000ක් වහලුන් ලෙසින් අල්ලාගැනීමට නොහැකි බව පවසා Balian සිය ඉල්ලීම සලාදින් වෙත යොමු කල අතර මෙයට අකමැති වුවහොත් හෝ සටන දිගටම පැවතියහොත් 5,000ක් ලෙස ඇස්තමේන්තු කර ඇති නගරය තුල දැනට ජීවත්වන මුස්ලිම් වැසියන් මරාදමන බවටත් සහ අල්-අක්සා (al Aqsa) පල්ලිය හා එහි වූ ශුද්ධ වූ ඩොම් ඔෆ් ද රොක් (Dome of the Rock) විනාශ කරන බවටත් Balian විසින් පවසා තිබුණි. සලාදීන් සිය උපදේශකයින් හා කතා කොට Balian ගේ ඉල්ලීමට කැමති විය. එමෙන්ම සලාදීන් විසින් තමන්ගේ අනෙක් නිලදාරීන් විසින් අල්ලාගන්නා ලද ක්‍රිස්තියානු වැසියන් බොහොමයක් දෙනාද කිසිදු මුදලක් නොමැතිව නිදහස් කරන ලෙස ඔවුන්ට ඒත්තු ගැන්වූ බව ඉතිහාසයේ සදහන් වෙයි. මේ අනුව 1187 ඔක්තෝබර් 2 සිකුරාදා ජෙරුසලම සලාදීන්ගේ හමුදාවන්ට යටත් විය. Holy Sepulchre දේවස්ථානය හැර අනෙකුත් සියලුම දේවස්ථානයන් මුස්ලිම් පල්ලි ලෙසට හැරවූ සලාදීන් බටහිර රටවලින් පැමිණි සියලුම ක්‍රිස්තියානුවන් හට නගරයෙන් පිටත් වීමට අණකල අතර නැගනහිර ක්‍රිස්තියානුවන් හට ඔවුන්ගේ කැමැත්ත පරිදි සිටීමට ��ෝ යාමට ඔහු ඉඩ සලසා දුන්නාය. සලාදීන් යුදෙව්ව ජනතාව කැඳවා නගරයේ නැවත පදිංචි වීමට ද අවසර දුන්නේය. විශේෂයෙන්ම, විශාල යුදෙව් ජනාවාසයක් වූ Ascalon හි පදිංචිකරුවන් ඔහුගේ මේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූහ. ශුද්ධ වූ දේශයේ සලාදීන් හට අල්ලා ගැනීම වෙනුවෙන් ඉතිරිව තිබුනේ Tyre වෙරලබඩ බලකොටුව පමණි. මෙය ආරක්ශා කරන ලද්දේ මොන්ට්ෆෙරාට්හි කොන්රාඩ් විසිනි. ඔහු එහි ආරක්ෂාව මනා ලෙස ශක්තිමත් කළ අතර සලාදීන් ගේ ප්රහාරයන් දෙකක් වලකාලමින් බලකොටුව ආරක්ශා කරගැනීමට ඔහුට හැකි විය. එය ඇරෙන්නට තමන් බලාපොරොත්තු වූ ලෙස සිය සිහිනය සැබැවක් කරගත් සලාදීන් ජෙරුසෙලම සිය රාජධානියට ඈදා ගත්තේ අවම ක්‍රිස්තියානි ලේ වැගිරීම් සහිතව ය. ඊට ප්‍රථමයෙන් පළමු කුරුස යුද්දයේ අවසන් මොහොතේ ජෙරුසෙලම කුරුසකරුවන් වෙත අත්වන මොහොතේ කතාව ඊට හාත්පසින් වෙනස් දෙයක් විය. තමන්ගේ ජීවිත කාලය තුලදී ක්‍රිස්තියානු බලවේගයන් සමගින් ඇතිවන අවසාන ගැටුම මෙය වන්නට ඇති බව සමහර විට ඔහු කල්පනා කරන්නට ඇත. එහෙත් එය එසේ නොවීය.
ජෙරුසෙලමේ වැටීම ආරංචි වූ 1187 ඔක්තොම්බර් මස 25වන දින පාප් ලෙසින් පත් වූ අටවන ග්‍රෙගරි පාප් වහන්සේ 1187 ඔක්තොම්බර් මස 29වන දින Audita tremendi නියෝගය නිකුත් කරමින් ශුද්ධ වූ දේශය ගලවාගැනීම වෙනුවෙන් තුන්වන කුරුස යුද්දය ඉල්ලා සිටියාය. පසුව මේ සදහා ඒ වනවිට එකිනෙකා හා සතුරුකමින් සිටි Pisa හා Genoa යන බලවත් නාවික නගර වල සතුරුකම් සමතයකට පත්කොට ඔවුන්ගේ වරායන් යුද්දය වෙනුවෙන් යොදවාලීම වෙනුවෙන් සාම සාකච්ඡා වලට සහාභාගී වෙන මොහොතක ඔහු උණ රෝගයට ගොදුරු වී පසුව දෙසැම්බරයේ 17වන දින මරණයට පත්වනු ඇත. කෙසේ නමුත් සලාදීන් හට නැවත වරක් කුරුස කරුවන් හා මුහුණදීමට මෙයින් සිදුවනු ඇත.
සලාදීන් ජෙරුසලම ආක්‍රමණය කරන කාලයේදී, යුරෝපීය මහාද්වීපයේ ශ්‍රේෂ්ඨ රජවරුන් තිදෙනෙක් සිටියහ. ෆ්රෙඩ්රික් බාබරෝසා ලෙසින් වඩාත් ප්‍රසිද්ධියට පත් ශුද්ධ රෝම අධිරාජ්‍යයේ එවකට පාලකය පළමු ෆ්රෙඩ්රික් (Frederick I) ඉන් පළමු වැන්නාය. ප්‍රංශයේ රජු වූ දෙවන පිලිප් ඔගස්ටස් (Philip II Augustus) මෙහි දෙවනියා වූ අතර තුන්වෙනියා වන්නේ ඉංග්‍රීසි ඉතිහාසයේ වැඩියෙන්ම කතාබහට ලක්වෙන රජවරුන් අතරේ මුල්ම තැනකට පත් වන පළමු රිචඩ් Richard I නැතහොත් ‘Lionheart’ “ලයන්හාට්” රජුය. මොවුන් තුන්දෙනාම පාප්වහන්සේගේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ අතර ජෙරුසෙලම ගලවා ගැනීම වෙනුවෙන් කුරුසිය අතට ගත්හ.
ශුද්ධ භූමියට යන ගමනේදී, බාබරෝසා හට බයිසැන්තියානු අධිරාජ්‍යය විසින් සිය දේශසීමා හරහා යාම තහනම් කරන ලද නමුත් ඔහු ඒවා ගනනකට නොගෙන දකුණු ඇනටෝලියාවේ සිලිසියාවට ළඟා විය. ඔහු සිටින ස්ථානය අනුව සිරියාවට ඇත්තේ ඉතාම පහසු ගමනකි. එහෙත් නැවත වරක් අනුන් හට අවාසනාවක් ගෙන ආ එහෙත් සලාදීන් හට වාසනාවක් වූ සිදුවීමක් සිදු විය. ඒ 1190 ජූනි මස 10 වන දින ෆ්රෙඩ්රික් බාබරෝසා දියේ ගිලී මියයාමය. ඔහු පිහිනීමට සමත් පුද්ගලයෙකු නොවීය. මෙම නිසාම මුහුදු මගින් ගමන ද අත්හැර ඔහු ගොඩබිම් මාර්ගය සිය ගමන වෙනුවෙන් යොදාගෙන තිබුනි. තෙවන කුරුස යුද්දය වෙනුවෙන් සහභාගී වූ විශාලම හමුදාව ඔහු සතු විය. එය 1200 දී පමණ ලියන ලද ලියවිල්ලකට අනුව සෙබළුන් 100000 පමණ වූ බව හා එයට නයිටුවන් 20000ක් අයිති වූ බව සදහන් එහෙත් මෙය ගැන මැත කාලීන ඉතිහාසඥයින් ගේ ඇස්තමේන්තු අනුව නයිට්වරු 3,000 හෝ 4,000 ක් ඇතුළුව ඔහුගේ හ��ුදාවේ ප්‍රමාණය 12,000-15,000 කට වැඩි විය නොහැකි වනු ඇති බවටයි. කෙසේ නමුත් ඔහුගේ මරණයින් පසු ඔවුන් ගෙන් විශාල කොටසක් නැවත ජර්මනියටත් තවත් කුඩා කොටසක් කුරුස යුද්දය වෙනුවෙන් ක්‍රියාකිරීම වෙනුවෙන් බෙදී වෙන් විය. ඉන් වසරකට පමණ පසුව පළමු රිචඩ් හා දෙවන පිලිප් ඔගස්ටස් සිය සේනාවල් සමගින් ලෙවන්ට් වෙත පැමිණ සලාඩින්ගේ හමුදාවන්ට එරෙහි ප්‍රධාන සටනට සහභාගී වූහ. නිදහස් වී පැමිණි ජෙරුසෙලමේ රජු වශයෙන් තමන්ව පත්කොට ගත් Guy of Lusignan සලාදීන් හට දුන් පොරොන්දුව අමතක කරමින් 1189 අගෝස්තු මාසයේ සිට සලාදීන්ගේ ප්‍රධාන බලකොටු නගරයක් වූ ඒකරය වටලෑමට ලක් කොට තිබුණි. එහෙත් Guy of Lusignan හට වූ වැරදි උපදෙස් මත ඔහුගේ නගර වට ලැම ඔහුව වට ලැමක් බවට පත් විය. ඒ සලාදීන් විසින් එවන ලද අතිරේක බලඇණි විසින් ඔහුගේ සේනාව වට කිරීම නිසාය. එහෙත් එංගලන්ත රජුගේ සේනාව පැමිනීමත් සමගින් ඔහු ඒ උගුලින් යන්තමින් ගැලවිනි.
ලයන්හාට් ද සලාදීන් මෙන්ම ඉතාම හොද යුදමය මනසක් තිබූ පුද්ගලයෙක් විය. කුරුස යුද්දය සදහා එන අතර වාරයේ ඔහු බයිසෙන්තියානුව යටතේ වූ සයිපරසය තමන්ගේ නමින් අල්ලා ගත්තාය ඉන් පසුව ඔහු එය ටෙම්පාල් නයිටු නිකායට විකිනීමට කටයුතු කලාය. ටෙම්ප්ලාර් නයිටුවන් එවකට යුරෝපයේ සිටි ධනවත්ම නයිටු නිකායක් විය. ඔවුන්ගෙන් ලද මුදල මගින් වැඩි වශයෙන් තාර මිලදී ගත් රජු ඒවා ඒකරයේ නගර බිත්තිය බිද දැමීම සදහා වැඩි වශයෙන් උපයෝගී කර ගත්තාය. 1191 ජූනි 8 වෙනිදා ඒකරයට ලගාවූ රිචඩ් ද ලයන්හාට් රජු ජූලි 12 වෙනිදා වන විට නගරය අල්ලා ගත්තාය. ලයන්හාට් ගේ මේ දක්ශතාවය ජෙරුසෙලමේ රජු හට කනේ පහරක් විය ඒ ඔහු අවුරුදු 2ක් තිස්සේ නගරය අල්ලාගැනීමට ගත් උත්සාහය සාර්ථක නොවීම මතය.
කෙසේ නමුත් සිය රට තුල සිහසුන කෙරෙහි ඇති තර්ජන නිසාම ප්‍රංශයේ රජු වූ දෙවන පිලිප් ඔගස්ටස් කුරුස යුද්දය අත්හැර නැවත යාමට තීරණය කොට තිබුණි. මේ නිසාම රිචඩ් ද ලයන්හාට් හට සේනා ප්‍රමාණය අනුව වඩා අවාසියක් ලගා විය. මෙයින් ප්‍රයෝජනය ගැනීමට කල්පනා කල සලාදින් ඔහුට විරුද්දව ප්රහාරයන් දියත් කලද එංගලන්ත රජු ඒවා සියල්ල මැඩ පැවැත්වීය. ඒකරය අල්ලාගැනීමෙන් පසු එහිදි අල්ලාගත් මුස්ලිම් සිරකරුවන් 2000කට වැඩි පිරිසක් සදහා නිදහස වෙනුවෙන�� රිචඩ් රජු සලාදීන්ගෙන් කප්පමක් ඉල්ලා සිටියාය. එහෙත් සලාදීන් කාලය කා දැමීමක් ලෙසින් මේ යෝජනාවට වැඩි කැමැත්තක් හෝ අවධානයක් යොමු නොකලාය. වයසත් සමගින් සලාදින්ගේ තියුනු යුද මනසේ ක්‍රියාකාරීත්වය අඩු වීමක් සිදු වුනාද ? නැතහොත් නොයෙක් ආකාරයේ ඒකාලයට සම්භන්ද ලිපි වල සදහන්වන පරිදි සලාදින් රෝගවලින් පීඩා විදිමින් ඉන්නට ඇති. ඔහු සැබවින්ම රිචඩ් රජුගේ යෝජනා වැඩි වැදගත් කමකින් සිතට නොගත්තය. එහි ප්‍රතිපලය වුයේ සිරකරුවන් සියලුම දෙනාගේ සමූහ ඝාතනය සිදුවීමයි.
සලාදීන්ගේ මෙම පරිහානියට හේතුව කුමක් වුවත්, ලයන්හාට් රජුගේ ඒකරයේ සිට ජෙරුසලම දක්වා ගමන් කිරීම නැවැත්වීමට ඔහුට නොහැකි විය. Hattin හි ලබාගත් සාර්ථකත්වය නැවතත් ලබාගැනීම වෙනුවෙන් සලාදීන් ක්‍රියාත්මක විය ලයන්හට් රජුගේ එන මග රැකගෙන සිටි මින් ඔහුගේ සේනාවට පසුපසින් හා පැති දෙකෙන් සිය අශ්වාරෝහක දුනුවායන් යොදවා පහර එල්ල කිරීම සදහා සලාදින් කටයුතු යොදවා තිබුණි. එමෙන්ම රජුගේ සේනාවට වුවමනා හදිසි ආහර හා ජලය රැගත් කරත්ත වලට ගිණි ඊතල වලින් හානි කිරීමට ගත් උත්සාහයන් කිහිපයක් ඉතාම පහසුවෙන් ලයන්හාට් විසින් වලකා තිබුණි. පෙර අත්දැකීම ඇසුරෙන් එයට ඔහු පිලියම් දෙකක් යොදවා තිබුනි ඒවා අවසානයට නොව කන්ඩායම මැදකින් ගමනේ රදවා තැබීමත් එයට ආරක්ශාව වශයෙන් ටෙම්ප්ලාර් හෝ වෙතත් නයිටුවන් යෙදවීමත් ඔහු සිදු කොට තිබුණි. 1191 සැප්තැම්බර් 7 වන දින Arsuf හරහා යන අතර වාරයේ සලාදින් නැවත වරක් අසලවූ තණතීරු සහ වියලි ලදු කැලැ ගිණිබත් කරමින් ප්‍රහාරයක් එල්ල කලාය. එහෙත් ගමන්ගත් භූමිය පිලිබද මනා දැනුමකින් සිටි ලයන්හාට් සිය කන්ඩායම් මුහුදු රේඛාව වෙත පසු බැස්ස වීය. එයින් දුමාරයෙන් ආරක්ශා වූ ඔවුන් වටකිරීමකින්ද ආරක්ශා විය. සලදින්ගේ ප්රහාරයන් වෙනිවෙන් සිය ඉදිරිපෙල ශක්තිය ටෙම්ප්ලාර් හා හොස්ටිපලර් නයිටුවන් ප්‍රමුක වඩා ශක්තිවන්ත සන්නද්ධ අශ්වාරෝහක සේනාවෙන් සකස් කරගත් ඔහු සලදින්ගේ කන්ඩායම එනතෙක් සුදානමින් සිටියාය. එහෙත් වාසිය දැන් ඇත්තේ සිය සතුරාගේ පැත්තේ බව වටහා ගත් සලදින් එතනින් පසුබා ගියාය.
1192 ජනවාරි මාසයේදී රිචඩ් විසින් Jaffa බලකොටුව අල්ලාගත්තාය. ජෙරුසෙලම දැන් ඔහුගේ පෙනෙන මානයේ විය. එහෙත් කුරුස යුද්දය වෙනුවෙන් දැන් ඉතිරි වී ඇති එක බටහිර නායකත්වය තමන් පමණක් විය. ජෙරුසෙලම අල්ලාගැනීමට තමන් හට පුලුවන් කමක් තිබූ බව රිචඩ් හොදාකාරයෙන් දැන සිටියාය එමෙන්ම ඔහු එය අල්ලාගත් පසු එන ප්රතිප්රහාරයක මුහුන දීමට නොහැකි වන බවද ඔහු දැන සිටියාය. ආධාර වශයෙන් අලුත් සෙබලුන් බටහිරෙන් ඉල්ලා ඔහු ලිපි කිහිපයක් යොමු කලාය. ඒවාට පිලිතුරු එනතුරු ඔහු මාස හයක් පුරාවට Jaffa බලකොටුවේ රැදී සිටියාය. මේ කාලය ඇතුලත සලාදින් පවා කිසිම දෙයක් නොකලාය මෙයද ඔහුගේ මනසේ ක්‍රියාකාරීත්වය හෝ යුදවැදීම තුල ලද තෙහෙට්ටුව පෙන්වන කරුණක් වන්නට ඇත.
කෙසේ නමුත් ජූලි මාසයේදී සලාදින් Jaffa බලකොටුවට පහර දී එය අල්ලාගත් නමුත් ලයන්හාට් විසින් ���ැවත වරක් එය අගෝස්තුවේදී අල්ලාගත්තාය. නායකයින් දෙන්නා අණ දුන් සේනානකයන් දෙකක් අවසන් වරට මුන ගැසෙන අවස්ථාව මෙය විය. නවකතා වල මොවුන් දෙන්නාගේ මුන ගැසීම පිලිබද නොයෙක් සටහන් තිබුනද සැබැවින්ම මොවුන් දෙන්නා කිසිම දවසක මුහුනට මුහුණ හමු වී නොතිබුණි. Jaffa හිදී පවා සාම සාකච්චා සිදු කරනු ලැබුවේ දෙපැත්තේ දූතයන් විසිනි. ලයන්හාට් විසින් සලාදින් හට පෞද්ගලිකව දැඩි කැමැත්තක් තිබූ බව නොරහසකි. ප්‍රධාන වශයෙන් යුරෝපීයයන් සලාදින්ව සාධාරණ පාලකයෙකු සහ දක්ශ සටන්කාමියෙකු ලෙස අගය කිරීමට ඉගෙන ගත්තේ ලයන්හාට්ගේ හැදින්වීම් මතය. සිය සොහොයුරියක් වූ ජොආනා (Joan of England) සලාඩින්ගේ සහෝදරයා වූ අල්-ආදිල් (Sayf ad-Din Abu Bakr) සමඟ විවාහ කරවීමටද රිචඩ් හට වුවමනාවක් තිබුණි මේයට අල්-ආදිල් හා සලාදීන් පවා කැමැත්ත පළකලද එය සිදු නොවනු ඇත. සිය සහෝදරයා ගේ ක්‍රියාකාරකම් මත තමන්ගේ කිරුල අහිමි වීමට ඇති හැකියාව මත ඒවන විටත් අසනීපයෙන් සිටි රිචඩ් ද ලයන්හාට් රජු සලාදීන් සමගින් සාම ක්‍රයාවලියකට අත්සන් තැබීය. එමගින් ක්‍රිස්තියනු කුරුස කරුවන් සදහා සාමයෙන් සිටිය හැකි ප්‍රදේශන් කිහිපයක් ලබාදීමත් වන්දනාකරුවන් වෙත ආරක්ශාකාරීව ජෙරුසෙලමට යාමට හා ඒමට හැකි විය. සිය අවසන් ලිපියෙන් තමන් නුදුරේදීම නැවත වරක් ශුද්ධ භූමිය අත්පත්කර ගැනීම වෙනුවෙන් එන බව පැවසූ ලයන්හාට් රජුගේ ලිපියට පිලිතුරු වශයෙන් තමන් ඔහුගේ අභියෝගය භාර ගන්නා බවටත් තමන්ගේ ජිවිතකාලයේ සිහිනය වශයෙන් ලබාගත් ජෙරුසෙලම වෙනත් අයකුගේ අතර පත්වන්නේ නම් ඒ සදහා රිචඩ් ඇරෙන්නට වෙනත් සුදුස්සෙක් නොමැති බවත් සලාදින් ලියා යැවීය.
යෙරුසෙලමින් කුරුස කරුවන්ගේ ඉවත්වීම සිය වාසියක් වෙනුවෙන් හරවාගැනීමට කාලයක් සලාදීන් හට නොමැති විය. 1193 මාර්තු 4 වන දින ඩමස්කස්හිදී ඔහුය මියගියාය. ඔහ්ට අවුරුදු 55ක් හෝ 56ක් පමණක් විය. යම් යම් අසනීප තත්වයන් මත සිටියද මිය යමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ දශක ගනනාවක යුද ව්‍යාපාරයේ යෙදීමෙන් ඇතිබූ අධික ශාරීරික වෙහෙස නිසා විය හැකිය. සලාදින් ගේ මරණයින් පසුව ඉතා ඉක්මනින් ඔහුගේ සන්ධානය කඩා වැටීම ආරම්භ විය. සලාදීන්ගේ පුතුන් තිදෙනෙකු පිළිවෙලින් ඊජිප්තුව, ඩැමස්කස් සහ ඇලෙප්පෝ නගර පාලණය ලබාගත් අතර තවත් බලවත් ප්‍රාදේශි නායකයින් සලාදීන් ඒමට පෙර සිටියක් මෙන් භූමිය උදෙසා එකිනෙකා හා සටන් වැදීම නැවත ආරම්භ කලහ. Mamluksවංශිකයින් විසින් විනාශ කර දමන තුරු අයුබිඩ් රාජවංශය ඊජ���ප්තුව තුල ක්‍රි.ව 1250 දක්වාද සිරියාව තුල 1260 දක්වාද පවතිනු ඇත.
ඔහුගේ ජීවිත කාලය තුළ සහ ඉන් පසුව සුල්තාන්වරයා ගැන බොහෝ දේ ලියා ��ත අදටද ඔහු ගැන කතිකාව අවසන් නැත. රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ නායකත්ව කුසලතා පිළිබඳ අගය කිරීමක් සමගින් ඉතාම සූක්ශම යුද මනසක් තිබූ පුද්ගලයෙකු ගැන මුස්ලිම් සහ ක්‍රිස්තියානි මූලාශ්‍ර දෙකෙහිම එක හා සමානව වැඩි වශයෙන්ම කතාබහක් ඇති වුයේ සලාදීන් ගැන විය හැකි එමෙන්ම 13 වන සියවසේ යුරෝපීය සාහිත්‍යය වීරත්වයට පෙන්වාදීමට හැකි විශිෂ්ට ආදර්ශයක් බවට පත්වීම ම ඔහුගේ දක්ශතාවයට එක් උදාහරණයක් ලෙස ගත හැක.
0 notes
Photo
“You may go into Kerak, but you will die there.”
50 notes
·
View notes
Photo
Part 1 | Part 2 | Part 3
I’m still not over Kingdom of Heaven. Note to self: Don’t marathon Vide Cor Meum unless one is prepared for the mental breakdown (one box of tissues didn’t prove to be enough).
Sue me, but I want a happy ending. The journey there may be perilous and fraught with crappy Templar knights, incurable diseases, insufferable brothers, grumpy uncles, deep-seated ideological and political differences, power hungry bozos and religious fanatics, but we’re getting a happy ending. Period.
#kingdom of heaven#kingdom of heaven 2005#artists on tumblr#illustration#art stuff#baldwin iv#lady atefeh salahuddin (oc)#raymond iii of tripoli (tiberias)#uncle tiberias#imad ad-din#big art dump#even a bit of Montgisard thrown in#and Atefeh's labs/study#and just a lot of fluff in general#my art
421 notes
·
View notes
Text
Kingdom of Heaven Timelapse
Completed over a number of hours, largely listening to the film score (I see you reusing your battle themes between Kerak and Narnia Mr Gregson-Williams) and regretting the level of detail
#kingdom of heaven#my art#tiberias#raymond iii of tripoli#baldwin iv#sibylla of jerusalem#raynald de chatillon#guy de lusignan#imad ad din#Saladin#balian of ibelin#the hospitaller#Godfrey of ibelin#timelapse#not filmed: me staring at sibylla’s costume details trembling like a chihuahua#equal parts impressed and afraid
51 notes
·
View notes
Text
Kingdom of Heaven Textpost Meme 12 / ?
#kingdom of heaven#kingdom of heaven 2005#kingdom of heaven shitposting#movies#movie memes#baldwin iv#edward norton#balian of ibelin#orlando bloom#raymond iii of tripoli#jeremy irons#imad ad din#alexander siddig#guy de lusignan#marton csokas#gerard of ridefort#the guy whose name i can't remember#textpost meme#i'm sorry for posting so sporadically lately#but uni work has completely consumed me this month#it can only get better from here
164 notes
·
View notes
Text
Ridley Scott Month 4 - Kingdom of Heaven
Ridley Scott Month 4 – Kingdom of Heaven
Most of the time, when you’ve got an extended cut or the Director’s Cut of a movie, there isn’t a huge level of difference in terms of quality. The Lord of the Rings movies are fantastic even if you watch the theatrical versions. The Rogue edit of Days of Future Past really just adds Rogue to the movie and reorganizes a few of the “future” death scenes, but otherwise it’s just as good either way.…
View On WordPress
#alexander siddig#barisan of ibelin#box office bomb#brendan gleeson#christianity#crusades#edward norton#epic historical fiction#eva green#ghasson massoud#guy of lusignan#harry gregson-williams#historical epic#historical fiction#imad ad-din al-isfahani#islam#israel#jeremy irons#jerusalem#king baldwin iv#leper king#liam neeson#marton csokas#movie review#movies#muslim#orlando bloom#raymond iii of tripoli#raynald of chatillon#religious movie
9 notes
·
View notes
Text
Okay. Seriously. Since Kingdom of Heaven (2005) apparently had to have a historically inaccurate romance, it should have been Balian and Imad instead of Balian and Sibylla. Hear me out.
The whole “lowly knight falls for intriguing princess and they have a dangerous affair” trope is an entertaining one. But it’s been done. A lot. And historically, Balian was married to Sibylla’s stepmother, and about 75% of the film didn’t happen (at least not that way). So, since obviously nothing can ever be historically accurate because HEAVEN FORBID, they just threw in that stereotypical story arc to spice things up a bit.
But both narratively and thematically, Balian and Imad just make more sense together.
Think about it. Balian is a Christian knight with an important role in the kingdom of Jerusalem, while Imad is a Muslim solider and scholar with his own prominent role under Saladin. They are enemies by default — on opposite sides of a ruthless war of religion. If that’s not a Montague-and-Capulet kind of divide, I don’t know what is. But despite that, they respect each other from the beginning onward, showing each other mercy and goodwill uncharacteristic of the era.
So, yes, we already have the enemies-to-lovers trope on a Shakespearean level, but there’s more. This is the Crusader era, and (contrary to the film’s portrayal of relative peace) a Christian and a Muslim just do not mix when it comes to romance. Moreover, as it’s the medieval period, homosexuality is a HUGE no-no in the church-dominated world (although it happened frequently nonetheless).
This would’ve been the forbidden romance to top all forbidden romances — a romantic relationship between two men in a highly homophobic culture, who also happen to be fighting on opposite sides of an intense religious conflict. Not only would the forbidden romance trope have been in full swing on just about every level, but it would’ve offered a fascinating and complex look at religious differences and cultural norms. Balian x Imad is the insanely interesting romance I was ROBBED of, as it could’ve been amazing.
Imad x Balian
#this just occurred to me today and now i’m invested#it would’ve been so good thematically#filmmakers are cowards#crusades#kingdom of heaven#balian of ibelin#imad ad din#imad x balian#orlando bloom#forbidden romance
171 notes
·
View notes
Text
Events 12.24 (before 1950)
502 – Chinese emperor Xiao Yan names Xiao Tong his heir designate. 640 – Pope John IV is elected, several months after his predecessor's death. 759 – Tang dynasty poet Du Fu departs for Chengdu, where he is hosted by fellow poet Pei Di. 1144 – The capital of the crusader County of Edessa falls to Imad ad-Din Zengi, the atabeg of Mosul and Aleppo. 1294 – Pope Boniface VIII is elected, replacing St. Celestine V, who had resigned. 1500 – A joint Venetian–Spanish fleet captures the Castle of St. George on the island of Cephalonia. 1737 – The Marathas defeat the combined forces of the Mughal Empire, Rajputs of Jaipur, Nizam of Hyderabad, Nawab of Awadh and Nawab of Bengal in the Battle of Bhopal. 1777 – Kiritimati, also called Christmas Island, is discovered by James Cook. 1800 – The Plot of the rue Saint-Nicaise fails to kill Napoleon Bonaparte. 1814 – Representatives of the United Kingdom and the United States sign the Treaty of Ghent, ending the War of 1812. 1818 – The first performance of "Silent Night" takes place in the Nikolauskirche in Oberndorf, Austria. 1826 – The Eggnog Riot at the United States Military Academy begins that night, wrapping up the following morning. 1846 – British acquired Labuan from the Sultanate of Brunei for Great Britain. 1865 – Jonathan Shank and Barry Ownby form The Ku Klux Klan. 1868 – The Greek Presidential Guard is established as the royal escort by King George I. 1871 – The opera Aida premieres in Cairo, Egypt. 1906 – Reginald Fessenden transmits the first radio broadcast; consisting of a poetry reading, a violin solo, and a speech. 1913 – The Italian Hall disaster in Calumet, Michigan results in the deaths of 73 striking workers families at a Christmas party participants (including 59 children) when someone falsely yells "fire". 1914 – World War I: The "Christmas truce" begins. 1918 – Region of Međimurje is captured by the Kingdom of Serbs, Croats and Slovenes from Hungary. 1920 – Gabriele D'Annunzio surrendered the Italian Regency of Carnaro in the city of Fiume to Italian Armed Forces. 1924 – Albania becomes a republic. 1929 – Assassination attempt on Argentine President Hipólito Yrigoyen. 1929 – A four alarm fire breaks out in the West Wing of the White House in Washington, D.C. 1939 – World War II: Pope Pius XII makes a Christmas Eve appeal for peace. 1941 – World War II: Kuching is conquered by Japanese forces. 1941 – World War II: Benghazi is conquered by the British Eighth Army. 1942 – World War II: French monarchist, Fernand Bonnier de La Chapelle, assassinates Vichy French Admiral François Darlan in Algiers, Algeria. 1943 – World War II: U.S. General Dwight D. Eisenhower is named Supreme Allied Commander for Operation Overlord. 1944 – World War II: The Belgian Troopship Leopoldville was torpedoed and sank with the loss of 763 soldiers and 56 crew. 1945 – Five of nine children become missing after their home in Fayetteville, West Virginia, is burned down.
1 note
·
View note
Note
OMG GIRL I ABSOLUTELY LOVED THE LAST CHAPTER OF THE BALDWIN FIC. I literally had to stop reading and just fangirl and read and fangirl and on and on like I was cheesin’ and kicking my feet 😭😭the way it was written was so passionate and sweet like I was baffled 💘😿💓, and by the way will you ever do fics for other characters? Like imad maybe? Thank you for reading I genuinely enjoy reading your fics and will support you forever ilyyy💘💘💘🫶🫶🫶
OMG ME READING THIS WHILE TWIRLING MY HAIR ❤️💗🥳💋💌💗❤️🔥🌺
All jokes aside, I'm so happy you liked it! Reading comments and what you giys thought have always been a great joy to me and to see that everyone loves it... Guess my hopeless romantic side actually works!
As for other characters... I'm thinking of something for Raymond and Salah ad-Din in the story. Would I add Imad to the list? I dunno but I don't see why not?
#kingdom of heaven imagine#king baldwin imagine#king baldwin iv#baldwin iv#raymond#Imad#kingdom of heaven#hana.answers#answering anons
12 notes
·
View notes