Tumgik
#කතානායක
lankanewscolumn · 2 years
Text
පාර්ලිමේන්තුව තුල ද්විත්ව පුරවැසියන් ඉන්නවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙතුන් දෙනෙකුට ද්විත්ව පුරවැසිභාවය ඇතැයි තමන්ට දැනගන්නට ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන  සඳහන් කරයි. නමුත් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නීති ප්‍රකාරව ක්‍රියා කරනවා විනා තමාට වෙන කිසිවක් කළ නොහැකි බවද ඔහු සඳහන් කළේය. මැතිවරණ කොමිෂන් සභාවද සඳහන් කරන්නේ අධිකරණ තීන්දුවක් මගින් හැර වෙනත් ක්‍රමවේදයක් ඔස්සේ ද්විත්ව පුරවැසි බව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.
Tumblr media
View On WordPress
0 notes
etthawitthi · 6 years
Text
ඔබගේ ගෞරවය සිඝ්‍රයෙන් ගිලිහෙමින් පවතිනවා : කතානායක ජනපතිට ලිපියකින් දන්වයි
ඔබගේ ගෞරවය සිඝ්‍රයෙන් ගිලිහෙමින් පවතිනවා : කතානායක ජනපතිට ලිපියකින් දන්වයි
නොවැම්බර් 26 වෙනිදා ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ ක්‍රියා මාර්ගයන් හේතුවෙන් රට දැඩි අස්ථාවරභාවයකට පත් වෙමින් පවතින බවත් දිගුකාලින දේශපාලන දිවිය තුලින් ජනාධිපතිවරයා පෞද්ගලිකව උපයාගත් ගෞරවයද අද සිඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව කතානායක කරු ජයසුරිය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමුකරමින් දන්වා තිබෙනවා.
මෙහිදී කතානායකවරයා වැඩිදුරටත් සදහන් කරන්නේ දැනට ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර අනවශ්‍ය ගැටුමක් මේ බන…
View On WordPress
0 notes
''ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි'' - කතානායකගෙන් ජනපතිට පිළිතුරක්
”ස්වාධීනව කටයුතු කිරීමේ වගකීම ගැන කියාදුන්නාට ස්තුතියි” – කතානායකගෙන් ජනපතිට පිළිතුරක්
අද (15) පාර්ලිමේන්තුවේදී ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කථානායක කරු ජයසූරිය මහතා වෙත යොමු කළ ලිපියට අදාළව පිළිතුරු ලිපියක් කථානායකවරයා විසින් යොමු කර  ඇත. 
නොවැම්බර් 26 වන දා ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් රට දැඩි අස්ථාවර භාවයකට පත් වෙමින් පවතින බව මෙම ලිපිය මගින් කථානායකතුමා දැනුම් දෙයි.
ජන ජීවිතය, සංචාරකයින්ගේ පැමිණීම හා ජාත්‍යන්තරය තුළ ශ්‍රී…
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
දෙවතාවක් ඉවත්වූ සියඹලාපිටිය තුන්වැනි වතාවෙත් නියෝජ්‍ය කතානායක පුටුවට පත්වෙයි
නියෝජ්‍ය කතානායක ධූරය සඳහා නැවතත් රංජිත් සියඹලාපිටිය නැවතත් තේරි පත්වනු ලැබීය. ඒ අද (05) පැවැති නියෝජ්‍ය කතානායකවරයෙකු සඳහා ඡන්දය පැවැති අවස්ථාවේදී ඔහු නියෝජ්‍ය කතානායකවරයා ලෙස ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය රංජිත් සියඹලාපිටියගේ නම යෝජනා කල අතර සමගි ජන බලවේගය විසින් ඉමිතියාස් බාකිර් මාකර්ගේ නම ද යෝජනා කරනු ලැබීය. මෙහිදි සිදුකල චන්ද විමසීමේදි රංජිත් සියඹලාපිටිය වෙත ඡන්ද 148ක් ලැබුණු අතර බාකිර් මාකර් වෙත…
Tumblr media
View On WordPress
0 notes
janayugaya · 4 years
Text
විපක්ෂය ඉබ්බාගෙන් පිහාටු ඉල්ලයි
විපක්ෂය ඉබ්බාගෙන් පිහාටු ඉල්ලයි
පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂණයේ නිදහස තහවුරු කරන ලෙසට වන පෙත්සමත්, විපක්ෂ පාර්ලිමෙන්තු කණ්ඩායම අද (13) කතානායක මහින්ද යාපා අබේවර්ධන වෙත භාර දීමට කටයුතු කළා. එකී පෙත්සමෙන් අවධානය යොමු කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමෙන්තුව තුළ දක්වන අදහස් සම්බන්ධයෙන් ඉන් පිටත දී සිදුවන තර්ජන සම්බන්ධයෙනි. මීට ආසන්නම සිදුවීම වාර්තා වුණේ මන්ත්‍රි හරීන් ප්‍රනාන්දුගේ අදහස් දැක්වීමක් සම්බන්ධයෙන් ජනාධිපති…
Tumblr media
View On WordPress
0 notes
indrajithb · 4 years
Text
ඔබ අප පාර්ලිමේන්තුවට පත් කර යැවු මන්‍ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද...
01) මන්ත්‍රී වරයෙකුගේ වැටුප..රු..54285/=
02)නියෝජ්‍ය ඇමති. රු..63500/=
03)රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමති..රු..65000/=
04)කතානායක වැටුප..රු..68500/=
05)අග්‍රාමාත්‍යවරයා ..රු..71500/=
( මීට අමතරව)
* කාර්‍යාල දීමනාව..රු..100000/=(ලක්ශයකි)
*ප්‍රවාහන දීමනාව...රු..10000/=
*දුරකතන දීමනාව..රු..50000/=(පුද්ගලික)
* ස්තාවර හා ජංගම දුරකතන දීමනාව රු..50000/= (කාර්‍යාලීය)
*නිදහස් තැපැල් දීමනාව රු..350000/=(තුන්ලක්ෂ පනස්දහසකි)
*රියදුරු හා සංග්‍රාහ දීමනා..රු..4500/=
* පාර්ලිමේන්තු රැස්වීමට සහාභාගී වීම වෙනුවෙන් දිනකට රු..2500/= ක් හිමිවේ..මසකට අවම දින 8ක් රැස්වීම් වාර පවත්වයි ඒ අනුව මසකට රු..20000/= හිමිවේ..
*රැස්වීම් නොපැවැත්වෙන දින වලට කාරක සභා රැස්වීම් වලට සහභාගී වීමේ දිනක දීමනාව රු.2500/(මාසික කාරකසභා දින 5 කි..රු..12500/= කි..
*සම්බන්ධීකරණ ලේකම්වරයාට ප්‍රෙට්‍රල් ලීටර් 218 ක් වෙනුවෙන් රු..17440/=..කි..
*අමාත්‍ය කාර්‍යමනඩලයට වාහන 05 කි..නියෝජ්‍ය ඇමති කාර්යමණ්ඩලය ට වහන 03කි..
*විශේෂයෙන් ම මෙහිදී සම්බන්ධීකරණ ලේකම් හා පුද්ගලික ලේකම් තනතුර වලට තම පවුලේ සාමාජිකයන් සමීපතමයන් පත්කර ගැනීමට අවසර තිබේ..(බිරිද දරුවන් සහෝදරයන් පත්කරගෙන ඔවුනට ගෙවන වැටුප් වරප්‍රසාද තම පවුලට ලබාගත හැකිය.) කාර්යමණ්ඩලය ඉහල තනතුරුවල වැටුප රු..30000/=)කි.. ඉනධන දීමනාව මෙන්ම දුරකතන දීමනාද එම තනතුරු වලට ගෙවයි)
* මීට අමතරව අධි සුකෝපභෝගී වාහන මිලදී ගැනීම සදහා තීරු බදු රහිත බලපත්‍ර හිමිවේ..ලක්ශ 30 -40 කට මිලදී ගන්නා වහනය ලක්ශ 250 කට අලෙවිකල හැකිය..
*මන්ත්‍රී වරයෙකු හදීසියේ හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් මොයගිය විට ලක්ශ 50 ක වන්දියක් රජයෙන් ගෙවයි..ඊට අමතරව මන්ත්‍රී රක්ශන ආවරනය ලක්ශ 20කි..
* මීට අමතරව සුකෝපභෝගී නිල නිවාස හිමිය..
*පාර්ලිමේන්තවේ උදේ සහ දහවල් සුපිරි ආහාර සදහා අය කරනුයේ රු..150/= කි..
*වසර පහකට පසු විශාම වැටුප හිමි වීම..
*කොළඹ ප්‍රධාන පෙලේ පාසල් වලට දරුවන් ඇතුලත් කිරීම..
*V.I.P විදේශ සංචාර..ගුවන් ටිකට පත් , ඉහල පෙලේ හෝටල්වල ඉදුම් හිටුම් සහ සංචාරය සදහා විශේෂ දීමන හිමිවීම..
*මීට අමතරව පත්වන රජය ගම්මට්ටමින් ලැබෙන වියාපෘතී ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට ලබාදීම..
(මේ ආකාරයට මහජන චන්දයෙන් තේරී පත්වන 225 ක් නඩත්තු කරන්නේ මහජන මුදලිනි)
Tumblr media
0 notes
janathamathaya-blog · 5 years
Text
පාස්කු ප්‍රහාර කාරක සභාවට නොයාම පාර්ලිමේන්තුවට කරන අපහාසයක්
Tumblr media
නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු බවත් එසේ නැති වුවහොත් එය  පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් ලෙස සළකන්නට සිදු වන බවත් කතානායක කරූ කයසූරිය මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානායකවරයා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය. පාස්කු 21 ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කැඳවා තිබූ අතර කතානායකවරයාගේ නිශ්චිත මතය පාර්ලිමේන්තුවට දන්වා සිටින ලෙස මන්ත්‍රීවරයා ප්‍රකාශය සඳහන් කරමින් කියා සිටියේ ය. එහිදී අඳහස් දැක්වූ කතානායකවරයා, 
Tumblr media
"පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව ඇති කළේ, ආණ්ඩුවෙත් විපක්ෂයෙත් ඒකමතික එකඟත්වයෙන්. විපක්ෂයෙත් උනන්දුවක් තිබුණා. ඉන් අනතුරුව පක්ෂ නායකයින්ගේ රැස්වීමට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා,එකඟත්වයෙන් සිදු කළේ. අවුරුදු විසි ගණනකට පසුව අප ස්ථාවර නියෝග වෙනස් කළා. වර්තමානයට ගැළපෙන ආකාරයට අප පාර්ලිමේන්තුවේ නීති රීති වෙනස් කළා. මාධ්‍ය ගෙන්වීමේ බලයත් අප එම කමිටුවලට බාර දි තිබෙනවා.  පාර්ලිමේන්තු විශේෂ කාරකසභාව ආරම්භ කලාට පසුවයි නඩුවක් ගියේ. ඒ නිසා  එය නවත්වන්න බෑ.එය සිරිතක්. ඒ වාගේම අලුත් ස්ථාවර නියෝග අනුව කතානායකවරයාට බලතල තිබෙනවා, හැඟී යනව නම් කරගෙන යන්න පුළුවන්.මෙතැන දී මම නීති උපදෙස් ලබාගත්තා. මෙතැන දි යම් කිසි අගතියක් වේ නම්, ඒ ගැන විශේෂ කාරකසභාවට දැක්විය හැකියි.ජනාධිපතිතුමා විසින් එවන ලද ලිපිය ගැන සඳහන් කළා. ජනාධිපතිතුමා විසින් එවන නියෝග මම පාර්ලිමේන්තුවට ඉදිරිපත්  කරනවා. අනෙකුත් ලිපි අදාළ විදියට ක්‍රියා කරනවා.අදාළ ලිපිය කෙළින් ම කඬ්හ්ව්වා ඒ සාමාජිකයෝ ඒ අයගේ  අවධානයට යොමු කළා.  මෙතැන කිසිම දෙයක් වැරදියට සිදු වී නෑ.මගේ උපදේශය මෙයට සහභාගී වීම  යෝග්‍යයයි කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රධාය අනුවයි කටයුතු කළේ. නීතිය අනුව ඕනෑම කෙනෙකුට  පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු යි.එසේ නැති වුවහොත් එය පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් ලෙස සළකන්නට සිදු වෙනවා යැයි පැවසීය" Read the full article
0 notes
theceylon-blog · 5 years
Text
පාස්කු ප්‍රහාර කාරක සභාවට නොයාම පාර්ලිමේන්තුවට කරන අපහාසයක්
පාස්කු ප්‍රහාර කාරක සභාවට නොයාම පාර්ලිමේන්තුවට කරන අපහාසයක්
නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු බවත් එසේ නැති වුවහොත් එය  පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් ලෙස සළකන්නට සිදු වන බවත් කතානායක කරූ කයසූරිය මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් සිදු කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානායකවරයා ඊයේ (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
පාස්කු 21 ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ…
View On WordPress
0 notes
lankanewscolumn · 2 years
Text
හර්ෂ ද සිල්වා කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වෙයි.
කෝප් කමිටුවට යෝජනා කර සිටි හර්ෂ ද සිල්වා  ස්වෙච්ඡාවෙන්ම ඉල්ලා අස් වීම හේතුකොටගෙන ඇතිවන පුරප්පාඩුව වෙනුවෙන් චරිත හේරත්ගේ නම යෝජනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. කෝප් සහ කෝපා කමිටුවල සභාපති ධූර විපක්ෂයට ලබා දෙන ලෙස මීට පෙර කිහිප අවස්ථාවක්ම ප්‍රසිද්ධිය ඉල්ලීම් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා,ඊට අදාළ එකඟතාවය කතානායක කතානායකවරයා විසින් ද පළ කළ බව සිහිපත් කළ අතර, වර්තමාන ජනාධිපතිවරයා එවක…
Tumblr media
View On WordPress
0 notes
අද (14) පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව කථානායක මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුව තුළ අද සිදුවූයේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් සවිස්තර විස්තරයක් දක්වා ඇත.
කථානායකතුමා මෙමගින් වැඩිදුරටත් දන්වා සිටින්නේ, ‘‘අද දින භාරදෙන ලද විශ්වාස භංග යෝජනාවේ පිටපතක් සහ ඊට අදාළ සභාාවේ තීරණය ද, ජනාධිපතිතුමන් විසින් පසුගියදා පත්කරන ලද අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය ව්‍යවස්ථා විරෝධී…
View On WordPress
0 notes
janamagacom · 2 years
Text
සජිත්ගේ උද්දච්ච ක්‍රියාපිලිවෙත නිසා සභාව විනාඩි 5කට කල් තබයි
අද පැවැති පාර්ලිමේන්තු සැසිය මීට සුලු මොහොතකට පෙර විනාඩි පහකට කල් තැබීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන තීරණය කලේය. ඒ සජිත් ප්‍රේමදාස විසින් සභාව ආරම්භයේදීම කතානායකවරයාට සිය මූලික කටයුතු ආරම්භ කිරීමට නොදී පැය සිය කථාව ආරම්භ කරමින් ආණ්ඩුවට චෝදනා කිරීමත් සමගය. මීට ප්‍රතිචාර වශයෙන් ආණ්ඩුපක්ෂ සංවිධායක සහ මහජන ආරක්ෂක අමාත්‍ය අර්ජුන රණතුං නැගිට සභාවාරයේ මූලික වැඩකටයුතු ආරම්භ කර කතා පවත්වන්නට අවස්ථාව ලබා…
Tumblr media
View On WordPress
0 notes
janayugaya · 4 years
Text
කාලි පැණිය ෆේල් - පැණියේ අග්‍ර කොටස බිවූ කතානායකත් නිරෝධායනේ
කාලි පැණිය ෆේල් – පැණියේ අග්‍ර කොටස බිවූ කතානායකත් නිරෝධායනේ
කතානායක මහින්ද යාපා අබේවර්ධන හුදෙකලා කිරීමකට ලක් වී තිබේ. ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් හේතුවෙන් සිය නිල නිවසේ හුදෙකලා ව සිටින ලෙස සෞඛ්‍ය අංශ විසින් ඔහුට දුන් උපදෙස් අනුව මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත. කතානායකවරයාද සඳහන් කළේ සියලු දෙනාගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන තමන් මේ දිනවල හුදෙකලා ව කටයුතු කරන බවයි. ආසාදිත ආරක්ෂකයන් දෙදෙනා තමන් සහභාගි වූ රැස්වීම් කිහිපයකට පැමිණ ඇතැයිද ඔහු කියා…
Tumblr media
View On WordPress
0 notes
lankapost-blog · 6 years
Text
අපි පුටු ගන්නෙම නැහැ…..
පාර්ලිමේන්තු සභා ගර්භය සඳහා අලුත් පුටු මිල දී ගැනිමේ කිසිදු සුදානමක් නොමැති බව කථානායක කාර්යාලය දැනුම් දෙයි. පාර්ලිමේන්තුවට අලුත් පුටු 232 ක් මිලදී ගැනීමට සූදානම් වන බවට සමහර මාධ්‍යයන්හි පල වූ පුවත මුළුමනින්ම සත්‍යයෙන් තොර පදනම් විරහිත කරුණක් බව  ඒ පිළිබදව නිවේදනයක් නිකුත් කරමින් කථානායක කාර්යාලය මේ බව පවසා සිටියි. එලෙසම, පාර්ලිමේන්තු සභාගර්භයේ බුමුතුරුණු ද වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පිළිබඳව කිසිඳු අවධානයක් යොමු වී නොමැති බව ද එහි වැඩිදුටත් දැක්වෙයි. පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇති  ආසන සහ අනෙකුත් සියලු උපකරණ ‍‍‍‍ඓතිහාසික වටිනාකමක් සහිත සංකේතයන් වන බැවින්, එම උපකරණයන්හි කිසියම් වෙනසක් සිදු කරන්නේ නම් එය ඉතා පරිස්මින් යුතුව සිදු කළ යුතු කාර්යයක් බව කථානායකවරයාගේ අදහස බව ද එම නිවේදනයේ සදහන් වෙයි. කෙතරම්  පැරණිවුවද  පාර්ලිමේන්තු  සභා ගර්භයේ අසුන්වල යම් අබලන් තත්ත්වයක් පවතී නම් අවම වියදමකින් ඒවා අලුත්වැඩියා කිරීම මිස මිලදී  ගැනීම නොකළ යුතු බවත්, පාර්ලිමේන්තුවේ ඉතිහාසයේ සංකේත කිසිම ආකාරයකින් වෙනස් කිරීමට  ඉඩ නොදෙන බවත් කථානායකවරයා  විසින් අවධාරණය කර ඇත. ලෝකයේ දසතින්ම රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන්ම දිනපතා3500 ඉක්මවන පාසල් සිසුන් ඇතුළු විශාල සංඛ්‍යාවක් පැමිණෙන පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල කාලීන අවශ්‍යතා මත අභිමානවත් ලෙස පවත්වාගෙන යාමේ වගකීම  බැහැරකළ නොහැකි බව ද එම නිවේදනයේ තව දුරටත් සඳහන් වෙයි. එනිසා එම කටයුතු උපරිම අරපිරිමැස්මෙන් සහ විනිවිද භාවයෙන් සිදුකරන බවට කථානායක වරයාගේ පූර්ණ අධීක්ෂණයට ලක්වෙන බවත් දැනට පාර්ලිමේන්තු වහලයේ, මළ නාලිකා පද්ධතියේ සහ වැසිකිලි පද්ධතියේ ද පිළිසකර කිරීමක් ගැන පමණක් අවධානය යොමුව ඇති බව ද කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය. Read the full article
0 notes
janathamathaya-blog · 5 years
Text
මුස්ලිම් නොවන හැමෝම මරා දැමිය යුතුයි සහරාන් දේශන 3දී පැවසුවා
Tumblr media
ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඞ් සහරාන් 2016 වර්ෂයේදී මුස්ලිම් නොවන සියලු දෙනා මරා දැමිය යුතු යැයි ප්‍රසිද්ධ දේශනා තුනකදී ප්‍රකාශ කළත්, කිසිදු බලධාරියකු ඔහුට විරුද්ධව කටයුතු නොකළ බව සුෆි මුස්ලිම් සංවිධානයේ මොහොමදු සයිලාන් මවුලවි පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (18) පැවැසීය. සියලු මුස්ලිම් පල්ලිවල අන්තවාදය නැතත්, සමහර පල්ලිවල දැඩි මතවාදයට ඉඩක් තිබෙන හෙයින් ඒ තත්ත්වය අනාගත පැවැත්මට තර්ජනයක් බව කී සයිලාන් මවුලවි, කාත්තන්කුඩියේ වහබ්වාදය අනුගමනය කරන මුස්ලිම් පල්ලි පහළොවක් පමණ තිබෙන බව ද ප්‍රකාශ කළේය. වහබ් යනු අන්තවාදී ස්ථාවරයක් බවත්, අන්තවාදය ළඟ ත්‍රස්තවාදයට ඉඩක් තිබෙන බවත් ඔහු කීය. සහරාන් මියගිය පසු කාත්තන්කුඩියේ යම් නිහඬතාවක් ඇතිවී තිබුණ ද සහරාන් මග ගිය පිරිස් තවදුරටත් සැඟවී සිටිය හැකි හෙයින් ඔවුන් ගැන රජය අවධානයෙන් පසු විය යුතු බව ද ඔහු පැවසීය. පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) පස්වරුවේ රැස්විය. සුෆි මුස්ලිම්වරුන් වෙනුවෙන් මොහොමදු සයිලාන් මවුලවි සාක්ෂි දෙමින් සයිලාන් මවුලවි:- අපි සුෆි ප්‍රතිපත්තිය අනුගමනය කරන්නේ. පාරම්පරික මුස්ලිම්වරුන්, සුෆිත් කියන්නේ හොඳ ගතිගුණ කියන එකයි. සුෆිත් ජුම්මා සිදු නොවූ පල්ලියක්. සහරාන් ඉස්ලාම් මධ්‍යස්ථානය සමග එක්වී කටයුතු කළා. පසුව අර්බුදයක් නිසා ඉන් ඉවත් වුණා. ඊට පසු ඔහු දාරුල් අදුවියා කියන අන්තවාදී සංවිධානයක් පිහිටුවා ගත්තා. 2011දී ඔහු ජාතික තවුහිත් ජමාත් පිහිටුවා ගෙන කටයුතු කළා. ආරම්භ කළේ පැල්පතක. ඔහු සුෆී ප්‍රතිපත්තිය විවේචනය කළා. තවුහිද් නමින් මාසික සඟරාවක් 2013දී ප්‍රසිද්ධ කළා. ඒ සඟරාවෙනුත් පහර ගැසුවේ සුෆි මුස්ලිම්වරුන්ටයි. අප මොවුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කාත්තන්කුඩි පොලිසියට පැමිණිලි 11ක් පමණ ඉදිරිපත් කළා 2013 - 2015 අතර කාලයේදී. ඔහු සුෆි මුස්ලිම්වරුන්ට පහර ගහන එක නැවැත්තුවේ නැහැ. සරත් ෆොන්සේකා:- ඔහු ජනාධිපතිවරණයේදී කොහොමද වැඩ කළේ. සයිලාන් මවුලවි:- ඔහු වැඩ කළේ මහින්ද රාජපක්ෂට විරුද්ධවයි. එම්.ඒ. සුමන්තිරන්:- සුෆි ප්‍රතිපත්තිය අනුගමනය කරන කී දෙනකු කාත්තන්කුඩියේ ජීවත් වෙනවාද? සයිලාන් මවුලවි:- දස දහසක් විතර. සුමන්තිරන්:- සහරාන් සමග ගිවිසුම් ගැසුවේ කවුද? සයිලාන් මවුලවි:- ෆිබිලි ෆාරුක්, හිස්බුල්ලා, එල්.එම්. රුබි, අබ්දුල් රහුමාන්. මේක සුෆිවරුන්ට විරුද්ධ ගිවිසුමක්. 2016දී ඔහු කතෝලික ජනතාවට විරුද්ධව කතා කළා. නත්තල් උත්සවයට විරුද්ධවත් කතා කළා. සරත් ෆොන්සේකා:- බෞද්ධ අයට විරුද්ධව කතා කළේ නැද්ද? සයිලාන් මවුලවි:- මට ඒක මතක නැහැ. සහරාන් ජිහාද් ගැනත් කතා කළා. මුස්ලිම් නොවන අය මරන්න ඕන කියලත් ඔහු දේශනාවලදී කිව්වා. රැස්වීම් තුනකදී කිව්වා. ඔහු මේ වගේ කතා කිව්වේ 2016න් පස්සෙයි. මේ කතාව කළේ පොදු තැනක. හිස්බුල්ලා සංස්කෘතික කේන්ද්‍රයේ. සරත් ෆොන්සේකා:- ඒ ප්‍රකාශය ගැන ඔබලා පැමිණිලි කළාද? සයිලාන් මවුලවි:- ඔව්. පැමිණිලි කළා. ඔහු නිතර සඳහන් කරන්නේ ISIS ගැනයි. ජාතික කොඩිය ඉස්ලාමීය රාජ්‍යයට ප්‍රශ්නයක් බවත් කිව්වා. මුස්ලිම්වරුන් ලංකාව අල්ලා ගත යුතු බවත් ඔහු දේශනා කළා. මුස්ලිම්වරුන් ජිහාද් කිරීම අනිවාර්යයි කියල ඔහු 2017.3.2 දින ප්‍රකාශ කළා. අප ජනාධිපති කාර්යාලයටත්, අගමැති කාර්යාලයටත්, විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමැතිතුමාටත්, ආරක්ෂක රාජ්‍ය ඇමැතිතුමාටත්, සාගල රත්නායක ඇමැතිවරයාටත් මේ ගැන පැමිණිලි කළා. වීඩියෝ ඉදිරිපත් කළා. D.I.G. නාලක සිල්වාටත් බාර දුන්නා. සරත් ෆොන්සේකා:- සහරාන්ගේ ඒ කතාවලින් පසුව කවුරුන් හෝ ඊට එරෙහිව පියවර ගත්තද? සයිලාන් මවුලවි:- නැහැ. කවුරුත් පියවරක් ගත්තේ නැහැ. සහරාන් වගේම නියාස් කියන පුද්ගලයාත් එවැනි විනාශකාරී ප්‍රකාශ නිකුත් කළා. ඔහු ජාතික තවුහිද් ජමාත් සාමාජිකයෙක්. මම සුෆි මුස්ලිම්වරයෙක්. අපිට ලොකු හිරිහැර සිදුවුණා. (සයිලාන් මවුලවි හඬා වැටෙයි) ආශු මාරසිංහ:- කාත්තන්කුඩියේ වහබ්වාදය අනුගමනය කරන පල්ලි කීයක් තියෙනවාද? සයිලාන් මවුලවි:- දහයක් පහළොවක්. අන්තවාදය තියෙනවා නම් එතැන ත්‍රස්තවාදයට ඉඩක් ඇති වෙනවා. වහබ් කියන්නේ අන්තවාදී ස්ථාවරයක්. වහබ්වාදය අනුගමනය කරන ඔක්කොම අන්තවාදීන් නොවෙයි. එම්.ඒ. සුමන්තිරන්:- අනෙකුත් මිනිසුන් මරන්න ඕන කියන වහබ්වාදීන් තවත් ඉන්නවාද? සයිලාන් මවුලවි:- මම හිතන්නේ සහරාන්, නියාස් වගේ අය තමයි එහෙම කිව්වේ. කිසිම ආගමකට මූලධර්මවාදය තියෙන්න බැහැ. එම්.ඒ. සුමන්තිරන්:- කොහොමද මේ ප්‍රශ්නය විසඳන්නේ? සයිලාන් මවුලවි:- ඒකට ලොකු වැඩපිළිවෙළක් අවශ්‍යයි. ක්‍රෝධය, වෛරය නැති කළ යුතුයි. රජය උපදේශන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. කෲර සිතුවිලි ජනතාවගෙන් බැහැර කළ යුතුයි. මෙම විපත ඇති වුණේ තරුණයන්ගේ මොළ සේදීම් නිසයි. නලින් ද ජයතිස්ස:- ශ්‍රී ලංකා තවිහිද් ජමාත් ගැන අදහස කුමක්ද? සයිලාන් මවුලවි:- ඔවුන් ළඟ තියෙන්නේ අන්තවාදී අදහස්. නමුත් ත්‍රස්තවාදයට ගිහින් නැහැ. ආශු මාරසිංහ:- සහරාන් මැරුණට පස්සේ සුෆි අයට තිබුණු තර්ජනය අඩුවෙලා තියෙනවාද? සයිලාන් මවුලවි:- ඔව්. දැන් නිහැඬියාවක් තියෙනවා. නමුත් ඒ කල්ලියේ අය තවත් හැංගිලා ඉන්න පුළුවන්. සියලු පල්ලි අන්තවාදය ගෙන යන්නේ නැහැ. නමුත් සමහර පල්ලිවල දැඩි මතයට ඉඩක් තියෙනවා. ඒක අනාගතයේදී තර්ජනයක් වෙන්න පුළුවන්. කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කස්තුරිආරච්චි සාක්ෂි දෙමින් විශේෂ කාරක සභාවේ සභාපති ආනන්ද කුමාරසිරි:- ඔබ කාත්තන්කුඩි පොලිස් ස්ථානාධිපති ලෙස වැඩ බාර ගත්තේ කවදාද? නිශාන්ත කස්තුරිආරච්චි:- 2017දී. ආනන්ද කුමාරසිරි:- ඔබ සහරාන් දන්නවාද? නිශාන්ත කස්තුරිආරච්චි:- ඔව්. නමුත් මා රාජකාරියට වාර්තා කර ටික දවසකින් ඔහු ප්‍රදේශයෙන් පළා ගොස් තිබුණා. ඔහුට විවෘත වරෙන්තුවක් තිබුණා. නමුත් අධිකරණය ඉදිරියේ පෙනීසිටියේ නැහැ. රාජිත සේනාරත්න:- ඔහු අත්අඩංගුවට ගන්න ගත්තු ක්‍රියාමාර්ග මොනවාද? ඔහුට චෝදනා ගොඩක් තිබුණා. නිශාන්ත කස්තුරිආරච්චි:- ඔහු සිටින තැන් සොයා බැලුවා. නමුත් සොයාගන්න බැරිවුණා. රාජිත සේනාරත්න:- ඔහු යන එන තැන් ගැන තොරතුරු තිබුණා. නිශාන්ත කස්තුරිආරච්චි:- මා උපරිම ක්‍රියාමාර්ග ගත්තා. ඔහු ආවා නම් ගම්මු තොරතුරු දෙනවා. රාජිත සේනාරත්න:- කාත්තන්කුඩි පොලිසිය සහරාන් සමග කටයුතු කළා කියලා මෙතැනදී සමහර සාක්ෂිකරුවන් පැවසුවා. නිශාන්ත කස්තුරිආරච්චි:- මම රාජකාරි බාරගත්තට පසුව සහරාන් කාත්තන්කුඩියේ හිටියේ නැහැ. මගේ කාලයේ තිබුණේ සාමකාමී තත්ත්වයක්. රාජිත සේනාරත්න:- සහරාන් මවුලවි කෙනෙක් ද? නිශාන්ත කස්තුරිආරච්චි:- මවුලවි කෙනෙක් න��වෙයි. ඔහු ඒ සුදුසුකම් සපුරා තිබුණේ නැහැ. නලින්ද ජයතිස්ස:- ඔහු අත්අඩංගුවට ගැනීමට ගත් ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නැහැ. නිශාන්ත කස්තුරිආරච්චි:- ඒක වැරැදියි. අප විවිධ ක්‍රියාමාර්ග ගත්තා. සරත් ෆොන්සේකා:- සහරාන්ගේ මල්ලි රිල්වාන් කොහේද හිටියේ. නිශාන්ත කස්තුරිආරච්චි:- එයත් පැනලා හිටියේ. ආශු මාරසිංහ:- පහළමුණේ සිද්ධියක් වුණා. නිශාන්ත කස්තුරිආරච්චි:- යතුරුපැදියක් පිපිරුණා. 17 වැනිදා රාත්‍රි අපට පැමිණිල්ලක් ලැබුණා වත්තේ අයිතිකරුගෙන්. ඒක පැහැදිලි පිපිරීමක්. මාරසිංහ:- ඊට මොනවාද භාවිතා කරලා තිබුණේ? නිශාන්ත කස්තුරිආරච්චි:- රස පරීක්ෂක වාර්තාව තවමත් ලැබිලා නැහැ. සරත් ෆොන්සේකා:- අත්අඩංගුවට ගත් අය කවුද? නිශාන්ත කස්තුරිආරච්චි:- දැනට 64 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සහරාන් සමග පුහුණුව ලැබූ අය. සරත් ෆොන්සේකා:- අපරාධකරුවන්ට ඇප දෙනවා. පොලිසියටත් ඇවිල්ලා පොත අස්සන් කරනවා. නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා දිගටම කරනවා. එතකොට අස්සන් කරලා වැඩක් තියෙනවාද? ඒක අන්තිම අසාර්ථක වැඩක්. ඊට පස්සෙ හොයලා බලන්නෙ නැද්ද? (ස්ථානාධිපතිවරයා නිහඬයි) ජයම්පති වික්‍රමරත්න:- මේ ප්‍රහාරය ගැන ඔබ දැනුම්වත්ව හිටියේ නැද්ද? නිශාන්ත කස්තුරිආරච්චි:- මට කවුරුත් දැනුම් දීල තිබුණේ නැහැ. ඉහළ නිලධාරින් කරුණු වාර්තා කළේ නැහැ. නලින්ද ජයතිස්ස: සිද්ධි සම්බන්ධ තොරතුරු ලැබිලා තිබුණේ නැහැ. නිශාන්ත කස්තුරිආරච්චි:- නැහැ. නලින්ද ජයතිස්ස: අන්තවාදී කණ්ඩායමට එරෙහිව පැමිණිලි ලැබිලා තිබුණද? නිශාන්ත කස්තුරිආරච්චි:- අන්තවාදී දේශන ගැන සාකච්ඡා වුණා. නමුත් ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදුවුණේ නැහැ. සහරාන් ගියාට පසු කාතන්කුඩියේ කිසිදු ත්‍රස්තවාදී ක්‍රියාවක් අද වනතුරු සිදුවෙලා නැහැ. සරත් ෆොන්සේකා:- පොලිසියට පැමිණ අත්සන් කිරීමට අවස්ථාව දීමෙන් වෙන්නේ ඔවුන්ට ආරක්ෂාව සැලසීමයි. ඊට වැඩි දෙයක් වෙන්නේ නැහැ. වෙනත් ප්‍රදේශවලට ගොස් ප්‍රචණ්ඩ ක්‍රියා කරනවා. (පොලිස් ස්ථානාධිපතිවරයා නිහඬයි) එම්.ඒ. සුමන්තිරන්:- පුහුණු මධ්‍යස්ථානයක් ඇල්ලුවා කවුද ඒ වැටලීම් කළේ. නිශාන්ත කස්තුරිආරච්චි:- මම. ඒ වත්තේ හිමිකරු අත්අඩංගුවට ගත්තා. සහරාන්ගේ මල්ලිත් එතැනට ගොස් ඇති බව ආරංචි වුණා. හිමිකරු දැන් රිමාන්ඞ් කරලා ඉන්නේ. සුමන්තිරන්:- රිල්වාන් ආවා නම් සහරාන්ටත් කාතන්කුඩියට ඇවිත් යන්න පුළුවන්. නිශාන්ත කස්තුරිආරච්චි:- ආපු බවට තොරතුරක් නැහැ. නියෝජ්‍ය සභාපති ආනන්ද කුමාරසිරි:- දහතුන් දෙනෙකු උසාවියාට ගෙනගියේ මොන චෝදනාවලටද? නිශාන්ත කස්තුරිආරච්චි:- පහරදීම්වලට, පැට්‍රල් බෝම්බ ප්‍රහාර සිද්ධීන්වලටයි. සරත් ෆොන්සේකා:- ඔබ කියන්නේ ඔබතුමාගේ ප්‍රදේශය සාමකාමී කියලයි. නමුත් බෝම්බ පිපිරුවා. නිශාන්ත කස්තුරිආරච්චි:- බෝම්බ පිපිරුවේ සයින්ද්‍රමරුදු. එම්.ඒ. සුමන්තිරන්:- බයිසිකලය පිපුරුවේ. නිශාන්ත කස්තුරිආරච්චි:- ඔව්. ඒක කාතන්කුඩියේ. ජයම්පති වික්‍රමරත්න:- විසිඑක් වැනිදා ප්‍රහාරය ගැන කල්තියා තොරතුරු ලැබුණේ නැහැ. නිශාන්ත කස්තුරිආරච්චි:- නැහැ. කවුරුවත් කිව්වේ නැහැ. ඒ නිසා අප සීරුවෙන් හිටියේ නැහැ. ජයම්පති වික්‍රමරත්න : කාතන්කුඩියේ තරුණ අය හෙල්මට් දාන්නේ නැහැ කියලා කතාවක් තියෙනවා. නිශාන්ත කස්තුරිආරච්චි:- හෙල්මට් නීතිය ඉගැන්නුවේ මමයි. මම ඒක නතර කළා. රාජිත සේනාරත්න: කාතන්කුඩියේ නොවෙයි බේරුවලත් තියෙනවා. මම මැදිහත් වෙලා ඒක නැවැත්තුවා. නිශාන්ත කස්තුරිආරච්චි:- වැඩිහිටියෝ ඒකට විරුද්ධයි. එහෙම හැසිරෙන්නේ තරුණ අයයි. විශේෂ කාරක සභාවේ සභාපති:- සහරාන්ට එරෙහිව ගමේ ලොකු විරෝධයක් තිබුණා. නිශාන්ත කස්තුරිආරච්චි:- පැහැදිලිවම. ගමම විරුද්ධයි. එම්.ඒ. සුමන්තිරන්:- හිටපු ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයෙන් උණ්ඩ වගයක් සොයා ගත්තා. නිශාන්ත කස්තුරිආරච්චි:- ඔව්. එක්කෙනෙකු අත්අඩංගුවට ගත්තා. විමර්ශන යනවා. පතුරම් විසි ගණනක් සොයාගෙන තිබුණා. විශේෂ කාරක සභාවේ සභාපති:- කාතන්කුඩියට විදේශ සංචාරකයන් වැඩිපුර එනවාද? අරාබියේ අය නිශාන්ත කස්තුරිආරච්චි:- විශාල වශයෙන් එන්නේ නැහැ. කාතන්කුඩියේ තියෙන්නේ රළු මුහුදක්. ආශු මාරසිංහ:- අරාබි භාෂාවෙන් ලියැවුණු පුවරු තියෙනවා. නිශාන්ත කස්තුරිආරච්චි:- ගොඩක් තියෙනවා. කාතන්කුඩි පොලිසියේ හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක A.B. වෙදගෙදර සාක්ෂි දෙමින් A.B. වෙදගෙදර:- මම කාතන්කුඩි පොලිසියට ගියේ 2014දීයි. අවුරුදු තුනක් එහි සේවය කළා. 2017 දී බිබිල ප්‍රදේශයට මාරු වී ගියා. සභාපති ආනන්ද කුමාරිසිරි:- ඔබ රාජකාරි කාලයේදී අන්තවාදී ක්‍රියාකාරකම් තිබුණද? A.B. වෙදගෙදර:- එවැනි දේවල් ගැන පැමිණිලි ලැබුණේ නැහැ. නමුත් මුස්ලිම් නිකායන් අතර ගැටුම් තිබුණා. මුස්ලිම් දේවස්ථාන නිකාය අනුව බෙදී තිබුණා. සභාපති:- සාම්ප්‍රදායික මුස්ලිම් අය අලුත් කණ්ඩායමට විරුද්ධව හිටියද. A.B. වෙදගෙදර:- ඔව් අනෙක් සියලුදෙනා මෙයාල එක්ක (තවුහිද් ජමාත්) තරහයි. රාජිත සේනාරත්න:- සහරාන් ප්‍රදේශයේ පාසලකට ගොස් ගැටුමක් ඇති කළා. ඔබලා ඒ ගැටුම සමථයට පත්කළා. A.B. වෙදගෙදර:- සිද්ධීන් ගොඩක් වුණා. නමුත් ඔය සිද්ධිය ගැන මට මතක නැහැ. රාජිත සේනාරත්න:- මේ තරුණ රැල්ල ගැන ඔබලා ඉහළට වාර්තා කළද? A.B. වෙදගෙදර:- යම් යම් දැනුම් දීම් කර තිබුණා. ලැබුණු පැමිණිලි ගැන ක්‍රියාමාර්ග ගත්තා. යූ.පී. මුස්ලිම්වරුන්ට ගහපු සිද්ධියට නව දෙනෙකු අත්අඩංගුවට ගත්තා. විශාල පිරිසක් හිටියා. සහරානුත් හිටියා. එතැන තිබුණේ දෙපාර්ශ්වය අතර ගැටුමක්. මම සහරාන් පෞද්ගලිකව දන්නවා. එම්.ඒ. සුමන්තිරන්:- සහරාන් අත්අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි? A.B. වෙදගෙදර:- සෙව්වා. නමුත් පසුව ඔහු පැනගියා තවත් අය පැනගියා. නලින්ද ජයතිස්ස:- මහ මැතිවරණය කාලයේ සහරාන්ට තිබූ බලය කුමක්ද? A.B. වෙදගෙදර:- එහෙම ලොකු බලයක් තිබුණේ නැහැ. ඡන්ද කාලෙදි එක එක නිකායයන් බලවත් වෙනවා. එම්.ඒ. සුමන්තිරන්:- සහරාන් පොලිසියෙන් ශබ්ද විකා���න බලපත්‍ර ලබාගෙන වෛරී ප්‍රකාශ නිකුත්කර තිබූ බව ප්‍රකාශ වුණා. A.B. වෙදගෙදර:- හැම නිකායක්ම ලවුඞ්ස් පීකර් පර්මිට් ඉල්ලනවා. නලින්ද ජයතිස්ස:- ඔබගේ කාලයේ පල්ලි වැඩිවුණාද? A.B. වෙදගෙදර:- 2017 වෙනකොට පල්ලි 54යි. රවි කරුණානායක:- පොලිසිය ක්‍රියාත්මක වුණේ නැහැ කියල චෝදනාවක් තියෙනවා. කලීල් මවුලවිතුමාත් ඒ ගැන කියෙනවා. ඉතින් පොලිසිය මොකක්ද කළේ. හිටපු ස්ථානාධිපතිවරයා නිහඬයි. A.B. වෙදගෙදර:- මේකත් සුනාමිය වගේ ප්‍රශ්නයක්. ආවට පස්සෙයි බරපතළකම දැනුණේ. රාජිත සේනාරත්න:- ඔබට යම් බලපෑමක් තිබුණද? A.B. වෙදගෙදර:- නැහැ මම ඔය සහරාන්ගේ මීටින් හතරක් නැවැත්තුවා. අධිකරණ නියෝග පවා ලබාගත්තා. පොලිසිය අප ඔවුන්ට කිසිම සහායක් දුන්නේ නැහැ. ආශු මාරසිංහ:- සහරාන් ගෙවල් 120ක් ගිනි තිබ්බා කියල අසාද් සාලි හිටපු ආණ්ඩුකාරතුමා කිව්වා. A.B. වෙදගෙදර:- මගේ සේවා කාලයේදී එහෙම දෙයක් වුණේ නැහැ. නලින්ද ජයතිස්ස:- ඔබ මාරුකළේ සහරාන් අල්ලන්න ගිය නිසාද? A.B. වෙදගෙදර:- නැහැ එහෙම දෙයක් නිසා නොවෙයි. සාමාන්‍ය ස්ථාන මාරුවක්. සහරාන් අනෙක් අය විවේචන කළා. එතකොට ඒ අය සහරාන්ගේ රැස්වීම්වලට ගල්ගහනවා. නලින්ද ජයතිස්ස:- ශ්‍රී ලංකා තවුහිද් ජමාත් ගැන දන්නවාද. A.B. වෙදගෙදර:- ශ්‍රී ලංකා තවුහිද් ජමාත් හා ශ්‍රී ලංකා තවුහිද් ජමාත් දෙගොල්ලම එක වගෙයි. එක වගේ වැඩ කළේ. සරත් ෆොන්සේකා:- අබ්දුල් රසාක් ගැන දන්නවාද? A.B. වෙදගෙදර:- නැහැ සරත් ෆොන්සේකා:- ජනාධිපතිවරණ කාලයේදී සහරාන් මොකද කළේ, ඔබ නොදැන ඉන්න විදියක් නැහැ. (A.B. වෙදගෙදර නිහඬයි) නලින්ද ජයතිස්ස:- කාතන්කුඩියේ අරාබිකරණයක් තියෙනවාද? A.B. වෙදගෙදර:- ඔව්. එහෙම වෙනසක් තියෙනවා. රට ඉඳි ගස් හැදුවා. අරාබියේ ඉඳල කට්ටිය එනවා. රාජිත සේනාරත්න:- ඕවා කළේ සහාරාන්ලාද? A.B. වෙදගෙදර:- ඒවා හැමෝම කළා. ජයම්පති වික්‍රමරත්න:- හිස්බුල්ලාගේ ව්‍යාපෘතියක්ද? A.B. වෙදගෙදර:- එහෙ ඉන්නෙ හිස්බුල්ලා විතරයි. නලින්ද ජයතිස්ස:- ආමි මොහිදීන් ගැන ��න්නවාද? A.B. වෙදරගෙදර:- ඔව්. එයා නම් විවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ වුණා. එයා ආමි එකේ තොරතුරුකරුවෙක්. මැතිවරණ ගැටුම්වලදීත් ඔහුගේ නම එළියට ආවා. ඔහු හිටියේ ශිබ්ලි ෆාරුක් කියන පළාත් සභා මන්ත්‍රීවරයා ළඟයි. සරත් ෆොන්සේකා:- ශිබ්ලි ෆාරුක් ප්‍රචන්ඩ ක්‍රියාවලට සම්බන්ධ වුණාද? A.B. වෙදගෙදර:- නැහැ. එහෙම පැමිණිලි නැහැ. Read the full article
0 notes
sarinigar · 7 years
Link
0 notes
lankanewscolumn · 2 years
Text
කතානායකට ජනාධිපති ආරක්‍ෂාව දෙයි.
කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ නිල නිවසේ ආරක්ෂක තර කර ඇත. මේ වන විට එම නිවසේ ආරක්‍ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ අමතර බට පිරිස් කැදවා ඇත.   ගෝටාභය රාජපක්‍ෂ ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු මහින්ද යාපා අබේවර්ධන වැඩබලන ජනාධිපති ලෙස පත් කිරීමට නියමිතව ඇත.
Tumblr media
View On WordPress
0 notes