Blogger | Digital Creater | YouTuber | Social Media Enthusiast | Digital Media Marketer | Tech Geek and Tech Gadget Lover | MovieBuff | Redditer | Google and Facebook Ads Specialist.
Don't wanna be here? Send us removal request.
Text
It's my 5 year anniversary on Tumblr 🥳
0 notes
Text
0 notes
Photo
දිය පොදක් නැති තැන දිවියක්ද නැති බව දැනන් උන් සතුරන් අරක්ගත් තිස් වසක්... එක් දැවැන්ත තීරණයකින්... ජීවිතයකට පොළව හිමි වුණා... හුස්මකට සිනහ වෙන්නට නව පණක් බිහි වුණා... ඒ සදා නොමැකෙන පුරෝගාමීත්වය... මහින්ද රාජපක්ෂ... ඔබ හදුනන නායකයා... ❤️😍 Happy Birthday to "Our Hero" @presidentrajapaksa. I wish for good health, happiness and joy. Thank you for doing your best for our country, we are forever grateful to you. #MR #MahindaRajapaksa (at Sponsored) https://www.instagram.com/p/CHto_nvJoc3/?igshid=y6nkwwnb8nq
0 notes
Photo
100k+ Reddit Karma. #Reddit (at Badulla Library Auditorium) https://www.instagram.com/p/CGGvdYwJEAl/?igshid=1dr79r685cn0v
0 notes
Text
ත්‍රිපිටකය ඇසුරින්-
1. ගිහි බිසව හා මෙවුන්දම් සෙවූ සුදින්න තෙර
කලන්ද සිටුපුත් සුදින්න බුදුන් දැක පැහැදී මහණ වන්නට කැමති උනා. එහෙත් දෙමාපියෝ සිය එකම පුතා මහණ කෙනෙකු වනවාට අකමැති උනා. නැවත නැවත සුදින්න දෙමාපියන්ට ඇවටිලි කළා. එවර දෙමාපියෝ සුදින්නට පැවිද්දට අවසර දුන්නා. ඔහු බුදුන් වෙත ගොස් පැවිදි බවට පත් වුනා. සුදින්න පැවිදි වුනත් ඒ සිටු පවුලට හිටියේ සුදින්න පුතා පමණයි. ඒ නිසා නැවත නැවත ගොස් සුදින්න තෙරණුවන්ට දෙමාපියෝ ඇවටිලි කරන්නට වුනා. ඒත් සුදින්න ගිහි සැපට කැමති වුනේ නහැ.
අවසාන වශයෙන් සිය පරම්පරාව ආරක්ෂා කරගන්න දරු ඵලයක් වත් ලබා දෙන්නැයි දෙමාපියන් ඉල්ලීමක් කළා. සුදින්නගේ බිරිය සුදින්න සමග කැළයට නික්මුනා. ඔවුන් මෙවුන්දම් හ���වත් ලිංගික කාර්යයේ නිරත වුනා. එයින් සුදින්නගේ බිරිය ගැබ්ගත්තා. ඒ වනවිට විනය නීති ආදිය නොතිබූ බැවින් මෙහි ඇති වරද සුදින්න හාමුදුරුවන්ට අවබෝධ වුනේ නැහැ.
සුදින්න තෙර නිසා ගිහි කල සුදින්නගේ බිරිය ගැබ්ගත් අතර ඇය බීජකමාතා ලෙසත් දරුවා බීජක ලෙසත් හඳුන්වන්නට වුනා. ඒත් සුදින්න තෙරණුවන්ට මේ සිද්ධිය ���ිතට ඇල්ලුවේ නැහැ. ඔහු ඒ පිළිබඳව දුකෙන් කාලය ගත කළා. පසු කලෙක බුදුන් වහන්සේටද මෙය සැළවුනා.
රාගයෙහි ඇලීම, පිටුදැකීම ගැන නිතර කියවෙන දහමේ ශ්‍රාවකයෙක් කාමයේම ඇලීම බුදුන් විසින් විවේචනය කරණු ලැබුණා. ඉන් පසු කිසිම හේතුවක් නිසාවත් භික්ෂූන්ට ස්ත්‍රීන් සමග සංවාසය තහනම් යැයි විනය නීතියක් පැනවුනා.
2. තිරිසන් යෝනියේ අංගජාතය බහා ලූ තෙරනම
විශාලා මහ නුවර වනයේ විසූ එක් භික්ෂුවක් වැඳිරියක ආහාරයෙන් පොළඹවාගෙන වැඳිරිය සමග ලිංගික ක්‍රියාවේ යෙදුනා. වෙනත් හිමිවරුන් ඒ හිමිගේ අරමට වඩින කොට වැඳිරිය පැමිණ ඔවුන්ටද ලිංගික ඉරියව් පාන්නට වූ නිසා භික්ෂූන්ට සැක හිතුනා. ඒ හිමි නැවත ආ කල පාත්තරයේ වූ දානයෙන් බාගයක් වැදිරියට දී ඉන් පසු වැඳිරිය සමග ලිංගික ක්‍රියාවේ නිරත වන බව හිමිවරුන් පසුව සනාථ කරගත්තා.
ඉන් පසුව බුදුන් වහන්සේට මෙය සැලවූ පසුව බුදුන් වහ්න්සේ ඒ භික්ෂුව ගෙන්වා ඔහුගෙන් ඒ ගැන විමසා දහම් දේශනා කළා. පසුව බුදුන් වහන්සේ තිරිසන් සතුන් සමග හෝ ලිංගිකව හැසිරීම භික්ෂූන්ට නොගැලපේ යැයි විනය නීති පැනෙව්වා.
3. විනිශ්චිත කතා
වරක් භික්ෂූන් වහන්සේ නමක් ගිහි වෙස් ගෙන ලිංගික සුව සොයන්නට විය. තවත් භික්ෂුවක් සීලය සහ විනය ඇත්තේ චීවරයේ පමණක් විය හැකියැයි සිතා චීවරය පසක ලා ලිංගිකව එක්වීමට ගොස් තිබුනා. ඇතැම් භික්ෂූන් සමලිංගික සේවනය, තමුන්ගේම ලිංගය පශ්චාත් භාගයේ රුවාගැනීම්, තමුන්ගේ මුවින් ලිංගය සන්තර්පනය කිරිම් ආදී විකෘති ලිංගික ක්‍රියා වලද නිරත වී තිබුණා.
ඒ සියලු තැන්හිදී බුදුන් වහන්සේ ඒවා පරිජි ඇවැත් ලෙස දක්වා භික්ෂූන්ට බරපතල වැරදි ලෙස දක්වා තියනවා. බුදුන් වහන්සේගේ ශාසනය පහල වූ කාලයේ විශාල පළාතක විවිධ මට්ටම්වල ජනයා දහම කෙරේ පැහැදුනා. වර්තමානයේ මෙන් එකල පැහැදිලි ලෙස සංඝ සමාජය සහ නීති රීති නොතිබූ හෙයින් මුල් කාලයේ සෑම තැනකදීම බුදුන් වහන්සේ භික්ෂූන් වෙනුවෙන් කළ යුතු නොකළ යුතු දේ මනාව දක්වා විනය නීති පැනෙව්වා.
4. ලිංගය මාරුවීම
විනය පිටකයේ පාරාජික කාණ්ඩයේ පාරාජික පාලියේ විනිශ්චය කතාවස්තු වල සඳහන් වන අන්දමට එක්තරා භික්ෂුවකට වරක් ස්ත්‍රී නිමිත්ත පහළ වුනා. ඒ සමගම ඒ භික්ෂුවගේ සොබාවය වඩාත් ස්ත්‍රී ස්වරූප ගත්තා. එවිට යමෙක් වඩාත් ස්ත්‍රී ස්වරූප ගන්නේ නම් භික්ෂූණීන් සමග වාසය කිරීම මැනවැයි බුදුන් වහන්සේ දේශනා කළා. එසේම එක් ස්ත්‍රියකට පුරුෂ ලක්ෂණ පහළ වීමේ සිද්ධියක්ද තිබේ. එහිදීද වඩාත් සාධාරණව සලකා බලා භික්ෂූන් සමග විසීමට ඒ ලිංග විපර්ය���සය සිදුවූ මහණ හට බුදුන් විසින් අවසර දී තිබෙනවා.
එවිට ඒ පරිවර්තනයෙන් පසුව අවසානයේ භික්ෂුවක් වුවහොත් භික්ෂූන්ට අදාළ විනය නීතිද, භික්ෂුණියක් වුවහොත් ඒ අදාළ විනය නීතිද බලපැවැත්වෙන බව විනය පිටකයේ සඳහන් වෙලා තියෙනවා
5. සුන්දර භික්ෂුවගේ සිල් බිඳීම
රජගහ නුවර වීදියක සුන්දර නම් භික්ෂුව සැඳැහැ සිතින් පිඬුසිඟා වඩිනවා. එවිට එක්තරා ස්ත්‍රියක් ‘මහණ මොහොතක් නවතින්න, වඳින්නට ඕනා’ යැයි කියා හිමිනම නැවැත්වූවා. වඳින්නට නැමුනු ඇය මහණට සිතාගන්නට බැරි තරම් වේගයෙන් අඳනය මෑත්කර සුන්දර භික්ෂුවගේ රහසඟ මුවින් ගත්තා. පුරුෂ ලිංගයකට ස්ත්‍රියකගේ විවරයන් තුනකට ඇතුළුකොට පහස විඳිය හැකිය. යෝනිය, මළ පිටවන ගුද විවරය සහ මුඛය යනු ඒ තුනයි.
විනය පිටකය අනුව ඒ කවරකට වුවද තල් ඇටයක් තරම් කුඩා වූ ප්‍රමාණයකින් වත් පුරුෂ ලිංගය ඇතුළු කිරීම බරපතළ වරදක්. මේ සුන්දර භික්ෂුවද තමාට වුන ඇබැද්දිය බුදුන් වහන්සේට විස්තර කළා. එවිට ලෝකනාථයන් වහන්සේ තමුන් එය ඉවසුවේ නැතිනම් එය වරදක් වන්නේ නැතැයි භික්ෂුව අස්වැසුවා.
6. කුටාගාර ශාලාවේ සිදුවීම
විශාලා මහනුවර කුටාගාර ශාලාවේ දිනක් භික්ෂුවක් පිණ්ඩපාතය වළඳා ටිකක් සැතපුනා. ඔහුට දොර වසන්නට අමතක වෙලා තිබුණා. භික්ෂුවගේ ලිංගික අවයවය වාතය නිසා පිබිදී තිබුණා. පුරුෂ ලිංගය පිබිදීමට හේතු පහක් දක්වා ඇති අතර වාතයද එසේ පිබිදීමට එක් හේතුවක් වනවා. මේ අතර විහාරය බැලීමට පැමිණි ස්ත්‍රීන් පිරිසක් මේ භික්ෂුව සිටි කුටියටද පැමිණියා. පැමිණි විට වාතයෙන් පිබිදුනු රහස් ඉන්ද්‍රිය දැක මෙය නම් පුදුමයකැයි කියා ඒ මත්තේ නැග භික්ෂුව නිදි අතරේම ලිංගික පහස ලබාගත්තා.
භික්ෂුවගේ පුරුෂ හැකියාව ගැන විස්මයට පත් වෙමින් එකියක නොව ස්ත්‍රීන් කිහිප දෙනෙකුම ලිංගික සුව ලබා ශාලාවෙන් නික්මුනා. භික්ෂුව නැගිට බලන විට මහත් කලබලයක්. ඒ අවට තෙත් වී තිබුන නිසා පුරුෂ නිමිත්ත මත නැග ස්ත්‍රීන් රති සුව ලබා තිබෙන බව අනෙක් භික්ෂුන්ට සඟවන්නට බැරි වුනා. .
එවිට ඒ භික්ෂුව වරදක් වෙලාදැයි කියා සිතා බුදුන්ගෙන් ඒ වග විමසුවා. නින්දේදී සිහිය නැති අවස්ථාවක සිදු වූවක් බැවින් වරදක් නැතැයිද, මින් පසු නිදාගන්නා විට දොර වසාගෙන නිදාගන්න යැයිද බුදුන් වහන්සේ උපදෙස් දුන්නා.
7. විනය නීති පැනවීම
ඒ ඒ අවස්ථාවන්හිදී භික්ෂූන් කරන ලද වැරදි ඉන් පසු කාලීනව සිදුවීම වැළැක්වීමට සම්බුද්ධ ශාසනයේ විනය නීති පැනවුනා. විවිධ සමාජ මට්ටම්වල පිරිස් සහිත විශාල ප්‍රදේශයක බුද්ධ ශාසනය එකලද පැතිරී තිබුනා. එම නිසා ශාසනයේ පැවිදි වෙන අය අතර විවිධ මට්ටම්වල අය සිටියා. වර්තමානයේ මෙන් පරම්පරා ගණනාවක චාරිත්‍ර වල එන පරිදි භික්ෂූන් හික්මීමක් එකල තිබුන් නැහැ. යම් කුකුසක් ඇතිවූ කල එය බුදුන් වහන්සේගෙන් හෝ සැරියුත් මුගලන්, උපාලි ආදී තෙරවරුන්ගෙන් අසා දැනගැනීම භික්ෂූන්ගේ සිරිත වුනා.
ඒ අනුව එකල භික්ෂූන් තමුන් අතින් වරදක් සිදුවුනාද කියා සැකයෙන් හිටියා. ඇතැම් විට සිතින් නොකළේ වුවද වැරැද්දක් සිද්ධ වූ අවස්ථා තිබුනා. එවන් අවස්ථාවලද බුදුන්ගෙන් අසා වැරදි නිවැරදි බව දැනගන්නට භික්ෂූන් උනන්දු වුනා.
ගිහියන් ලෙස ලෞකික සැප හොඳහැටි විඳිමින් ගෙනයන මේ ජීවිතයට වඩා භික්ෂු ජීවිතය කෙතෙක් අපහසුද? එය කොතරම් වීර්යයකින් විනයකින් පවත්වාගත යුත්තේද යන වග මේ කතාන්දර හරහා සාමාන්‍ය ජනයාට වටහාගත හැකියි. අද කාලයේ භික්ෂූන්ගේ සුළු වරදද මහත් කොට දක්වා ඇතැම් උපාසකයෝ පංසලට පිංකමට සහභාගි නොවී කර ඇරීමටම සැදී පැහැදී ඉන්නවා. එහෙත් විනය නීති රැසක් ආරක්ෂා කරගෙන උපාසක උපාසිකාවන්ටද නිවන් මග පෙන්වමින් භික්ෂූන් ගෙනයන ඒ ශ්‍රමණ දිවිය කිසිසේත්ම ලේසි පාසු කාර්යයක් නම් නොවෙයි.
0 notes
Text
මිසදිටු මත බිඳ දැමූ ඓතිහාසික පානදුරාවාදයට වසර 147 සපිරේ෴
වසර 147 කට ඉහත දී, එනම් ක්‍රී.ව 1873 අගෝස්තු 26 සහ 28 යන දින දෙකේදී ඓතිහාසික පානදුරාවාදය පැවැත්විණි.
රා.ව 1505 පරංගින් ලංකාවට පැමිණි දින පටන් බටහිර ජාතීහු විවිධ ආකාර වලින් ස්වකීය ආගම් ලංකාව තුළ පැතිර වීමටත් බුද්ධ සාසනය විනාශ කිරීමටත් උත්සහ කළහ. ක්‍රී.ව 1815 සිංහල-ඉංග්‍රීසි ගිවිසුමේ ලංකාවේ පුරාණ සිරිත් ආරක්ෂා කිරීමට සහ බුද්ධ සාසනයට අනුග්‍රහය දැක්වීමට ඉංග්‍රීසින් එකඟ වුවද කල්යත්ම ඒවා පැහැර හරිමින් ස්වකීය ආගමික ප්‍රචාරණයන් ආරම්භ විය.
රා.ව 1847 මැයි 23 ලක්දිව ආණ්ඩුකාර ධූරයට පත් වූ ටොරිංටන් විසින් ස්වකීව යටත්විජිත ලේකම් වූ ශ්‍රීමත් එමර්සන් ටෙනන්ට් ගේ උපදෙස් මත කොළඹ සහ කඳුකර ප්‍රදේශ වල බෝ ගස් කපා දැමීමට නියෝග කළේය. මෙය 1848 කැරැල්ලට ද හේතු සැපයූ සිද්ධියක් විය.
රා.ව 1849 දී කොට්ටම්බාගස් වීදියේ මහජන රැස්වීමක් ඇමතූ පුජ්‍ය මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන් වහන්සේ මෙම බෝ ගස් වෙනුවට ඊට වඩා ප්‍රමාණයක් වැවිය යුතු යැයි ප්‍රකාශ කළසේක. කොළඹ බෝධිරාජ සමිතිය පිහිටුවීමට ද මෙය පුරෝගාමී විය.
විවිධ මිෂනාරි ව්‍යාපාර බුදුසමය විවේචන කරමින් කළ ප්‍රචාර වලට පිළිතුරු දීම සඳහා පංච මහාවාදයන් සිදු කරන්නට යෙදිණි.
1. රා.ව 1865 දී සිදුකළ වරාගොඩ වාදය (මෙය බැප්ටිස්ට් මිෂනාරිවරුන් සමඟ)
2. රා.ව 1865/02/05 ගනේගම ශාලාවකදී කළ වාදය. (මෙය ක්‍රිස්තියානි පාදිලිවරුන් සමඟ සිදුකර ඇත. මෙය එක්දිනක් වාචිකව සහ පසුව නඩුකාර වරුන්ගේ ඉල්ලීම් පරිදි ලියවිලි මගින් සිදුවිය)
3.රා.ව 1866/02/01 දින කළ උදන්විට වාදය ( මිෂනාරිවරු සහ හුණුපොළ නිලමේ සමඟ)
4. රා.ව 1871 ගම්පොල වාදය (බැප්ටිස්ට් සහ වැස්ලියන් මිෂනාරිවරු සමඟ)
5. රා.ව 1873 අගෝස්තු 26 සහ 27 දිනවල සිදුකළ පානදුරා වාදය (බැප්ටිස්ට් ,වැස්ලියන් මිෂනාරි පාදිලිවරු සමඟ)
මෙසේ අභීතව බුදු සමය ගෙන හැර දක්වමින් මිත්‍යා දෘෂ්ටීන් ලක්දිව වෙලා ගැනීමට විරුද්ධව අතිපූජ්‍ය මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද ස්ථවිරයන් වහන්සේ කළ කැපවීම මත නැවත බුදුසසුනේ පුනර්ජීවනයක් ඇතිවිය. බටහිර ජාතීන්ගේ යටත් විජිත බවට පත් රටවල් වලින් ස්වකීය භාෂාව සහ ආගම ආරක්ෂා කරගත් රටවල් ඇත්තේ නම් අතලොස්සකි. ශ්‍රී ලංකාව එම අතලොස්සෙන් එකක් වන්නේ මේ ජාතික වීරවරයන්ට පින්සිදුවන්නටය.
ඔවුන් ඒ කළ කැපවීම සිංහල-බෞද්ධ අප සියල්ලෝම නමස්කාර පූර්‍වකව සිහිපත් කළ යුතුය.
"බැට දීමෙන් අරිටු මිසදිටු බල මැ��ය
දිවි දිමෙන් වඩව් මුනි සාසන වැඩය
කොටහේනෙන් පටන් ගත් මෙම පණිවුඩය
වට ලෑමෙන් රටක් පවතී තුඩ තුඩය"
( එස් මහින්ද හිමි පූජ්‍ය මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමියන් පිළිබඳ රචිත කවියක්)
0 notes
Text
රුධිර පරීක්ෂණ වාර්තාවක් හරියට කියවන හැටි..❤️🚑
ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ? මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද? උදාහරණයක් ලෙස මුල් පිටුවේ දක්වා තිබෙන්නේ එවැනි වාර්තාවක්.
ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test), ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result), එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units) හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා. මෙම සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටින් රටට වෙනස් වීමට පුළුවන. අපි දැන් රුධිර පරීක්ෂණ වාර්තාවක ඇති විවිධ කරුණු පිලිබඳ කතා කරමු.
Hb: රුධිරයේ ඇති හිමොග්ලොබින් (Hemoglobin) ප්‍රමාණය මෙයින් දැක්වේ. පිරිමි අය තුල සාමාන්‍යයෙන් ඉහල හිමොග්ලොබින් ප්‍රමාණයක් ඇති නිසා මෙය පුරුෂ හා ස්ත්‍රී යන අගයයන් දෙකකින් සඳහන් කරනු ලබයි. මෙහි අගය ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL) ලෙස ගණනය කෙරේ. සාමාන්‍ය වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16 g/dL වන අතර වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වේ. මෙම පරාසයට වඩා අඩු ප්‍රමාණයක් හිමොග්ලොබින් ඇත්නම් එය රක්තහීනතාවය (Anemia) නිසා වීමට පුළුවන.
WBC: ලේ වල ඇති මුළු සුදු රුධිරාණ��� ප්‍රමාණය (White Blood Count) මෙයින් දැක්වේ. මෙය මයික්‍රෝලීටරයට ඇති ���ෛල ප්‍රමාණය ලෙස දක්වනු ලබයි. සාමාන්‍යය අගයය 4000 – 11000 වේ. බොහොමයක් බැක්ටීරීය ආසාදන වලදී මෙය ඉහල අගයයක් ගනු ලබයි.
Platelets: ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා අගයය මෙයින් දෙනු ලැබේ. එහි සාමාන්‍යය අගයය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණඅ වේ. ඩෙංගු රෝගීන් ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා නිතරම කරනු ලබන පරීක්ෂාව මෙයයි.
DLC: මෙයින් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) යන්න අදහස් කෙරේ. කලින් ලිපියක සඳහන් කල විවිධ සුදු රුධිරානු වර්ග වල අගයයන් මෙයින් මනිණු ලබයි. එම අගයයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන් හට ඇතිවී ඇති රෝග තත්වය පිලිබඳ අනුමානයන් කිරීමටත්, දැනට තීරණය කර ඇති රෝග විනිශ්චය තහවුරු කර ගැනීමටත් ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස බැක්ටීරීය ආසාදනයකදී සාමාන්‍යයෙන් නියුට්‍රොෆිල ප්‍රමාණය ඉහල යන අතර, වෛරස ආසාදනයකදී වසා සෛල ප්‍රමාණය ඉහල අගයයක් ගනී. මෙහි ප්‍රතිඵලය එම සෛල වර්ගය මුළු සුදු රුධිරානු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස සඳහන් කෙරේ. පහත දැක්වෙන්නේ එහි සාමාන්‍යය අගයයන් වේ.
Neutrophils: 40 – 70%
Bands: 0 – 5%
Lymphocytes: 20 -50%
Monocytes: 4- 8%
Eosinophils: 0 – 6%
Basophils: 0 – 2%
කලින් ලිපි කියවූ අයට ප්‍රශ්නයක් වෙන්න ඇති මෙහි බෑන්ඩ්ස් (Bands/Band cells) ලෙස හැඳින්වෙනුයේ මොනාද කියලා, මොකද එහෙම වර්ගයක් ගැන අප කතා නොකළ නිසා. බෑන්ඩ්ස් ලෙස හැඳින්වෙනුයේ නොමේරු සුදු රුධිරානුය. යම් මූලික ආසාදන (Acute Infection) අවස්ථා වලදී මෙය ඉහල අගයයක් ගනී. මන්ද යත් ආසාදනයක් ගැන දැනගත් විට ඇටමිදුළු සුදු රුධිරානු වැඩියෙන් නිෂ්පාදනය කිරීමත්, ඉක්මනින් ඇටමිදුළු තුලින් නිකුත් කිරීමත් කරන බැවිනි.
RBC Indices: රතු රුධිරාණු වල විවිධ ගුණාංග පිළිබඳ මෙහිදී අධ්‍යයනය කරනු ලබයි. මේ කරුණු රක්තහීනතා තත්ව වලදී, එම තත්වයට හේතුව සොයා ගැනීම සඳහා උපකාරී වේ.
RBC: රතු රුධිරාණු ප්‍රමාණය (Red Blood Count) මෙමගින් දැක්වේ. පුරුෂයින්ගේ මෙය මයික්රෝලීටරයට සෛල මිලියන 4.5 – 6.5 ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ මයික්රෝලීටරයට සෛල මිලියන 4.0 – 5.5 ත් අතර ප්‍රමාණයක් වේ.
Hct: රුධිරයේ සෛල ප්‍රතිශතය මෙමගින් මනිනු ලැබේ. සාමාන්‍යයෙන් පුරුෂයින්ගේ මෙය 39% – 47% ත් අතර වන අතර ස්ත්‍රීන්ගේ 35% – 45% ත් අතර ප්‍රමාණයක් වේ.
MCV: මෙමගින් රතු රුධිරාණුවක සාමාන්‍යය පරිමාව (Mean Corpuscular Volume) මනිනු ලැබේ. එහි අගයය ෆෙම්ටෝලීටර (fL) වලින් මනින අතර සාමාන්‍යය පරාසය 79 – 93 fL වේ. යකඩ අඩුවීම නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වන අතර, විටමින් බී හා ෆොලේට් වැනි විටමින් ඌනතා වලදී මෙය ඉහල අගයයක් ගනී.
MCH: එක රතු රුධිරානුවක ඇති හෙමොග්ලොබින් ප්‍රමාණයේ සාමාන්‍යය (Mean Corpuscular Hemoglobin) මෙමගින් මනිනු ලබයි. සෛලයකට පිකෝග්රෑම් (pg/cell) ලෙස මෙය පනිනු ලබන අතර සාමාන්‍ය පරාසය 27 – 32 pg/cell වේ. යකඩ ඌනතාවය නිසා ඇතිවන රක්තහීනතාවයෙදී මෙම අගය අඩු වේ.
MCHC: එක රතු රුධිරානුවක් සඳහා හෙමොග්ලොබින් සාන්ද්‍රණය (Mean Corpuscular Hemoglobin Concentration) මෙම දර්ශකයෙන් දෙනු ලැබේ. එහි සාමාන්‍ය අගය ඩෙසිලීටරයකට ග්රෑම් 32 – 36 අතර වේ.
Reticulocyte count : රුධිරයේ ඇති නොමේරූ රතු රුධිරාණු (Reticulocytes) ප්‍රමාණය මුළු රතු රුධිරාණු ප්‍රමාණයේ ප්‍රතිශතයක් ලෙස ගණනය කර මෙම අගය ලබා ගනී. සාමාන්‍යයෙන් මෙය 0.8% – 2.5% ත් අතර ප්‍රමාණයක් ගන්නා අතර රතු රුධිරාණු යම ආකාරයකින් විනාශ වූ විටක හා රුධිර වාහනයක් ඇතිවූ විටෙක ඇටමිදුළු වලින්නොමේරූ රතු රුධිරාණු වැඩි වැඩියෙන නිකුත් කිරීම නිසා මෙහි අගය ඉහල යා හැකිය.
ඉස්සර නම් මෙම පරීක්ෂණ හැම එකක්ම වගේ අන්වීක්ෂ, කේන්ද්‍රාපසාරක (Centrifuges) වැනි මෙවලම් යොදාගෙන රසායනාගාර සේවකයන් විසින් විශාල කාලයක් මිඩංගු කර ගණනය කලද අද කාලයේ මේ සඳහා ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍ර යොදා ගෙන මිනිත්තු ගණනාවක් ඇතුලත ගණනය කරනු ලබයි. මුල් කවරයේ දක්වා ඇත්තේ මෙවන් ස්වයංක්‍රීය සෛල ගණක (Automated Cell Counter) යන්ත්‍රයක් භාවිතා කරන රූපයකි.
සැලකිය යුතුයි! : රුධිර වාර්තාවක් කියවා තේරුම් ගැනීම ඉතා හොඳ කරුණක් වන අතර එමගින් තම රෝගී තත්වය පිළිබඳ වැටහීම වැඩි කර ගැනීමට ඔබට හැකි වේ. නමුත් රෝග විනිශ්චය (Diagnosis) තනිකරම පරීක්ෂණ වාර්තා මත රඳා පවතින්නක් නොවන බව ඔබ දැන ගත යුතුය. රෝග විනිශ්චය කිරීම සඳහා රෝගියාගේ රෝග ලක්ෂණ (History), වෛද්‍ය පරීක්ෂාව (Physical Examination) හා වෙනත් රෝගයට අදාළ කරුණු සියල්ල සලකා බැලිය යුතුය. එනිසා මම රසායනාගාර වාර්තා මත පදනම් කරගෙන තනිව බෙහෙත් ගැනීමෙන් වලකින ලෙසද ඕනෑම රෝගී තත්වයකදී රජයේ ලියාපදිංචි වෛද්‍යවරයකු හමුවී බෙහෙත් ලබා ගන්නා ලෙසද ඔබගෙන් ඉල්ලා සිටිමි...
0 notes
Photo
Thank you @mahi7781 for giving this wonderful memory which we will cherish forever. You made us all proud! I wish you a wonderful second innings in life. #MSDhoni #mahi #dhoniretired (at Diyatalawa) https://www.instagram.com/p/CD6onwYJ7_-/?igshid=ojd6xs7hblt
0 notes
Text
2014 වර්ෂයේ ලෝකය වඩාත්ම සෙවු රාගාන්විතම ගැහැණිය ඇය විය...
==========================================
අනතර්ඡාලයට පිවිසෙන බොහෝ අය ‘Mia Khalifa’නැමති අසභ්‍යයැයි සමිමත චිත්‍රපටිවල රගන ඒ නිළිය ගැන දන්නවාට කිසිදු සැකයක් නොමැත. ලෙබනන් තරුණියක වු ඇය ඇයට අවුරුදු 21 දී මාස කිහිපයක් නිල් චිත්‍රපට සදහා දායක විය. ඒ 2014 වසරේය. එක් ලිංගික ඡවනිකාව ඇය පැළද සිටියේ හිඡාබයකි. ලෝකප්‍රකට ISIS අන්තවාදී සංවිධානයේ ඝාතන ලැයිස්තුවට එක්වීමට ඇයට එය ප්‍රමාණවත් විය. එවිට මුස්ලිමි අන්තවාදීන්ගේ අසිපත තිබුනේ ඇගේ හිසට පහතින් බෙල්ලට කිටිටුවය.
කෙසේ වුවත් මේ ඊණියා ස���ස්කෘතික සමාඡයේ තරුණයාගේ සිට මහල්ලා දක්වා ඇයට කෙළ හැලු මුත් ප්‍රසිද්ධියේ කියා සිටින්නේ ඇය කලු චරිතයක් බවයි. එහෙත් සෑම කලු වලාකුලකම රිදී රේඛාවන් තිබිය හැක.සියලු නිල් චිත්‍රපටවලට සමුදෙමින් අද වන විට ඇය සමාඡ ක්‍රියාකාරිනියකි. ඇගේ සමාඡ මාධ්‍ය ගිණුමිවල අනුගාමිකයෝ ලක්ෂ ගණනකි.
මියා කලීෆා ගැන අප ලියන්නේ පසුගිය සතියේ ලෙබනන් බීරුටි වරායේ දැවැන්ත පිපිරීමෙන් ලෙබනන් ඡනතාව කමිපාවෙන් සිටින මොහොතකය. ඒ මොහොතේ මේ විශිෂ්ට ගැහැණිය ලෙබනන් ඡනතාවට කල කී දේවල්ය.
මිලියන ගණනක් අනුගාමිකයන් සිටින ඇගේ විවිධ සමාජ මාධ්‍ය ගිණුම්වල ලෙබනන් පිපිරීම ගැන කලීෆා සිය ප්‍රකාශ සමගින් වීඩියෝ පටයක් නිකුත් කර තිබේ., එහිදී ඇය ලෙබනනයේ මානුෂීය අවශ්‍යතා ඉස්මතු කිරීමට උත්සාහ කරන අතරම එහි ආණ්ඩුවේ දූෂණ ද පෙන්වා දෙයි.ඉන් නොනවැතී සිය කාමුක රංගනයේදී පැළද සිටි ඒ ඉතිහාසගත උපැස් යුවල බේරූට් පිපිරීමෙන් විපතට පත්වූවන් වෙනුවෙන් ඩොලර් 100,000 ක් රැස් කිරීම සඳහා වෙන්දේසි කර තිබේ.
ඇය eBay වෙන්දේසි අඩවියට එය හදුන්වා දී ඇත්තේ ‘‘පාවිච්චි කරන ලද සහ අපයෝජනයට ලක්වූ ‘‘මගේ උපැස් යුවල ලෙසිනි. එය වෙන්දේසියට තබා පැය 06 ක් තුල ලන්සු තැබීම ඩොලර් 11,400 ක් විය එදින සවස් වන විට ලන්සුව ඩොලර් ලක්ෂයක් විය.වෙන්දේසියෙන් පසු කලීෆා සිය ඉන්ස්ටග්රෑම් ගිනුමේ මෙසේ ලියා ඇත.. “මගේ රටට යමක් දීමට තිබේද ? “තව දුරටත් නිදිවැදීමට නීති නැත ‘‘
එහි තව දුරටත් ලියන කළීෆා
මට අවශ්‍ය වන්නේ මේ මොහොතේ ලෙබනනයේ මානුෂීය අර්බුදයක් පවතින බව ඔබට දැනුම් දීමටයි,” . “ඔවුන්ට අපේ උදව් අවශ්‍යයි ඔවුන්ගේ රජය දූෂිත නිසාත් ඒ ගැන කිසිවක් නොකරන නිසාත්"ඉතින්, මම කරන්නේ මට කළ හැකි දෙයයි ‘‘
අවශ්‍ය නමි කලීෆා තව තවත් ඇය පරිහරණය කල දෑ ඇය ගැන සිතන කලීෆා උන්මාදයෙන් පෙළෙන මිනිසුන්ට විකුණා දමනු ඇත. විකුණා ලැබෙන සියලු ඩොලර් අන්තර් ඡාතික රතු කුරුසය හරහා සිය මාතෘ භූමියේ විපතට පත් ඡනතාව වෙනුවෙන් යවනු ඇත. මේ මොහොතේ ඇය ඡීවත්වන්නේ ඇමෙරිකා එක්සත් ඡනපදයේය.
ධනයෙන් බලයෙන් පුර්ණනත්වයට පත්ව සුරක්ෂිත ලෙස දිවිගෙවන හා සීතා දේවියන් මෙන් රගන ලොව බොහෝ ගැහැණුන්ට වඩා මේ කලුම කලුයැයි ඔබ හදුන්වාදෙන මියා කලිෆා මට සුදුම සුදුය. ස්තුතියි කලීෆා !
=================================================
https://globalnews.ca/news/7265473/mia-khalifa-glasses-auction-beirut-explosion/
0 notes
Text
අග්‍රාමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් පසු අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ දත්ත ලබා දෙන ප්‍රවෘත්තියක් දැක්කා.
ලංකාවේ රාජ්‍ය තුල අන්තර්ජාලය සහ තාක්ෂණය භාවිතාව සාපේක්ෂව තවමත් පහල මට්ටමක පවතින්නේ.
- කඩදාසියේ ලියලා, Registered Post එකේ එව්වේ නැත්නම් වලංගු ලිපියක් කියලා පිළිනොගන්නා බොහෝ ආයතන අදටත් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ නිසාම පණිවුඩයක් හුවමාරු කරන්න සහ පිළිතුරක් එන්න අවම සති දෙකක්වත් යනවා. ඉතා ඉක්මනින් E-mail වලට මාරු වෙන්න කාලේ හරි.
- රාජ්‍ය ආයතන එක්ක සම්බන්ධ වෙන්න ඕනේ දුරකථන අංක, E-mail ලිපින තියෙන නාමාවලියක් (directory) කොහෙවත් නෑ. ආයතනයෙන් ආයතනයේ වෙබ් අඩවි වලට ගිහින් කරුණු හොයනවා වෙනුවට එක තැනකින් යාවත්කාලීන වෙන මධ්‍යගත නාමාවලියක් තියෙන්න ඕනේ.
- දැන් තියෙන්නේ සමාජ මාධ්‍ය කාලය. නව තාක්ෂණය එක්ක ගණුදෙණු කරන පරම්පරාව පාවිච්චි කරන්නෙම ජංගම දුරකථනය. ඒ නිසාම සියලු රජයේ වෙබ් අඩවි mobile friendly සහ responsive වෙන්න ඕනේ. යල් පන ගියපු, කුඹි අකුරු තියෙන පින්තූර පුරවපු වෙබ් අඩවි වෙනුවට, අවම තත්පරෙන් දෙකෙන් (හෝ ඊටත් කලින්) load වෙන අළුත් තාලේ පැහැදිලි/පිරිසිදු වෙබ් අඩවි (clean websites) එන්න ඕනේ.
- Online Forms තියෙන්න ඕනේ එක් එක් සේවාවන්ට අදාලව ඉක්මනින් ප්‍රශ්ණ යොමු කරන්නත්, විසඳුම් ලබා ගන්නත්.
- සෑම සේවාවක්ම Online Services බවට පරිවර්තනය කල යුතුයි. දෙවුන්දරත්, යාපනයේත් ඉන්න ජනතාවට නිවාඩු දාගෙන, වියදම් කරගෙන කොළඹට එන්නේ නැතුව තමන්ගේ වැඩක් ගෙදර ඉඳලා විනාඩි 5න්- 10න් කරගන්න පුළුවන් වෙන්න ඕනේ.
- සෑම ආයතනයකටම අදාලව යාවත්කාලීන වන සමාජ ජාල ගිණුම් තියෙන්න ඕනේ (Facebook, Twitter, LinkedIn වගේ). මේවා හරහා ක්ෂණිකව ප්‍රශ්ණ යොමු කරන්නත්, පැය කිහිපයක් ඇතුලත විසඳුම් ලබා ගන්නත් හැකි වෙන්න ඕනේ.
- ජනතාවගේ ප්‍රශ්ණයකට අදාලව පිළිතුරක් ලබාදෙන්න ගත වන කාලය ප්‍රසිද්ධ කරන්න ඕනේ. Service Levels හඳුන්වා දෙන්න ඕනේ. ඊට වඩා කාලය ගතවනවානම් ඒවා පැමිණිලි කරන්න පුළුවන් ක්‍රමවේද සකසන්න ඕනේ.
- සෑම ආයතනයකටම අන්තර්ජාල සේවා සඳහා වෙනම කණ්ඩායම්, business process flows හදන්න ඕනේ. සමස්ථ රාජ්‍ය සඳහාම යාවත්කාලීන E-Governance Framework එකක් (දැනට පවතින එකද සහිතව) අවශ්‍ය වෙනවා.
- Data Privacy, Access Management, වගේම Cyber Security සඳහා විශේෂ අවධානය යොමු කරන්න ඕනේ.
- විශේෂයෙන්ම අපේ පද්ධති හදද්දී ලෝකේ e-Governance වල ඉහලින්ම තියෙන රටවල් එක්කම සංසන්ධනය (benchmark) කරන්න ඕනේ.
ඔය ප්‍රධාන දේවලට අමතරව තව දහසකුත් එකක් දේ තියෙනවා කරන්න. ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් මේ ගැන වැඩි අවධානයක් දක්වලා තියෙනවා.
ඒ නිසා ජන්දේ දීලා, මනාප දීලා යවපු අපේක්ෂක මහත්ම මහත්මීන්ගෙන් ඉස්සරහට මේ දේවල් ඉල්ලගන්න බුද්ධිමත් වෙන්න. තමන්ට අවශ්‍ය සේවා ගෙදර ඉඳලා කරගන්න පුළුවන් මට්ටමට ඉක්මනට ක්‍රම හදාගන්න ඔවුන්ගේ අවධානය යොමු කරවමු.
0 notes
Text
🔴🔴🔴🔴🔴
01. දකුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩ නැගූහ.
02. යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරන ලදී.
03. ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.
04. ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.
05. ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.
06. චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක් ආරම්භ කරණ ලදී.
• නිල්වලා
• පස්දුන්රට
• මහවැලි
• සියන���
• නිට්ටබුව ශාරිපුත්ත
• ඌව
• හාපිටිගම
• ශ්‍රී පාද
• අඩ්ලච්ච්න
07. H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ ( G.C.E. O/L හා G.C.E. A/L ) විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.
08. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.
(පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් විය)
09. නොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීම
10. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.
11. ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම .
12. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.
13. විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.
14. උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .
15. අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම.
16. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.
17. අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.
18. 1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.
19. බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම.
( මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.)
20. අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම
21. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම.
22. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.
23. 1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම. (T.T.I.)
24. මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.
25. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.
26. 1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.
27. 1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
28. 1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
29. 1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.
30. 1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.
31. වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.
32. විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
33. "ඉන්ටර්නෙට් මිනිසුන්��� කන්නද" කියා ඇසූ
ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
34. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.
35. ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය
(නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.
36. 1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.
37. යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.
38. කොටි ත්‍රස්ථාවාදීන් බියෙන් සසල කල දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.
39. යුධ සමයේදී කොටි ත්‍රස්ථවාදීන්ගේ අවි ආයුධ
රැගත් නැවු සියල්ලක්ම මුහුදේ ගිල්වමින් මුලුමහත්
මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර
නෞකාව නාවික හමුදාවට ලබාගැනීම.
40. LTTE සංවිධානය දෙකඩ කරමින් කරුණා අම්මාන් රජයට සහය පළකරණ ලෙස හදාගස්වා මුලු LTTE සංවිධානයම දුර්වල කොට අඩපණ කර දැමීම.
41. සාම සාකච්චා මුවාවෙන් ඒ අතරතුර යුධ හමුදා නිළදාරීන්ට විදේශීය පුහුණුව ලබාදී යුධ හමුදාවේ වැඩිම ප්‍රතිසංස්කරණයක් සිදුකොට ඕනෑම යුද්ධයකට මුහුණ දිය හැකි ප්‍රබල යුධ හමුදාවක් බවට ශ්‍රී ලංකා යුධ හමුදාව පත් කිරීම.
42. බලයට පත්වූ සැනින් යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.
43. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.
44. එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, දූෂිත පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.
45. සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.
46. සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.
47. අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.
48. සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.
49. ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් "සුවසැරිය" ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.
50. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම.
51. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව ���ෙනුවෙන් "ගම් උදාව"
වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.
52. "Enterprises Sri Lanka" වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000/= සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.
53. අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම.
54. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.
55. තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.
56. ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.
57. තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම
0 notes
Text
ඔබ අප පාර්ලිමේන්තුවට පත් කර යැවු මන්‍ත්‍රීවරුන්ට හිමිවන වරප්‍රසාද...
01) මන්ත්‍රී වරයෙකුගේ වැටුප..රු..54285/=
02)නියෝජ්‍ය ඇමති. රු..63500/=
03)රාජ්‍ය ඇමති හා කැබිනට් ඇමති..රු..65000/=
04)කතානායක වැටුප..රු..68500/=
05)අග්‍රාමාත්‍යවරයා ..රු..71500/=
( මීට අමතරව)
* කාර්‍යාල දීමනාව..රු..100000/=(ලක්ශයකි)
*ප්‍රවාහන දීමනාව...රු..10000/=
*දුරකතන දීමනාව..රු..50000/=(පුද්ගලික)
* ස්තාවර හා ජංගම දුරකතන දීමනාව රු..50000/= (කාර්‍යාලීය)
*නිදහස් තැපැල් ද���මනාව රු..350000/=(තුන්ලක්ෂ පනස්දහසකි)
*රියදුරු හා සංග්‍රාහ දීමනා..රු..4500/=
* පාර්ලිමේන්තු රැස්වීමට සහාභාගී වීම වෙනුවෙන් දිනකට රු..2500/= ක් හිමිවේ..මසකට අවම දින 8ක් රැස්වීම් වාර පවත්වයි ඒ අනුව මසකට රු..20000/= හිමිවේ..
*රැස්වීම් නොපැවැත්වෙන දින වලට කාරක සභා රැස්වීම් වලට සහභාගී වීමේ දිනක දීමනාව රු.2500/(මාසික කාරකසභා දින 5 කි..රු..12500/= කි..
*සම්බන්ධීකරණ ලේකම්වරයාට ප්‍රෙට්‍රල් ලීටර් 218 ක් වෙනුවෙන් රු..17440/=..කි..
*අමාත්‍ය කාර්‍යමනඩලයට වාහන 05 කි..නියෝජ්‍ය ඇමති කාර්යමණ්ඩලය ට වහන 03කි..
*විශේෂයෙන් ම මෙහිදී සම්බන්ධීකරණ ලේකම් හා පුද්ගලික ලේකම් තනතුර වලට තම පවුලේ සාමාජිකයන් සමීපතමයන් පත්කර ගැනීමට අවසර තිබේ..(බිරිද දරුවන් සහෝදරයන් පත්කරගෙන ඔවුනට ගෙවන වැටුප් වරප්‍රසාද තම පවුලට ලබාගත හැකිය.) කාර්යමණ්ඩලය ඉහල තනතුරුවල වැටුප රු..30000/=)කි.. ඉනධන දීමනාව මෙන්ම දුරකතන දීමනාද එම තනතුරු වලට ගෙවයි)
* මීට අමතරව අධි සුකෝපභෝගී වාහන මිලදී ගැනීම සදහා තීරු බදු රහිත බලපත්‍ර හිමිවේ..ලක්ශ 30 -40 කට මිලදී ගන්නා වහනය ලක්ශ 250 කට අලෙවිකල හැකිය..
*මන්ත්‍රී වරයෙකු ���දීසියේ හෝ ත්‍රස්ත ප්‍රහාරයකින් මොයගිය විට ලක්ශ 50 ක වන්දියක් රජයෙන් ගෙවයි..ඊට අමතරව මන්ත්‍රී රක්ශන ආවරනය ලක්ශ 20කි..
* මීට අමතරව සුකෝපභෝගී නිල නිවාස හිමිය..
*පාර්ලිමේන්තවේ උදේ සහ දහවල් සුපිරි ආහාර සදහා අය කරනුයේ රු..150/= කි..
*වසර පහකට පසු විශාම වැටුප හිමි වීම..
*කොළඹ ප්‍රධාන පෙලේ පාසල් වලට දරුවන් ඇතුලත් කිරීම..
*V.I.P විදේශ සංචාර..ගුවන් ටිකට පත් , ඉහල පෙලේ හෝටල්වල ඉදුම් හිටුම් සහ සංචාරය සදහා විශේෂ දීමන හිමිවීම..
*මීට අමතරව පත්වන රජය ගම්මට්ටමින් ලැබෙන වියාපෘතී ප්‍රදේශයේ මන්ත්‍රීවරයාට ලබාදීම..
(මේ ආකාරයට මහජන චන්දයෙන් තේරී පත්වන 225 ක් නඩත්තු කරන්නේ මහජන මුදලිනි)
0 notes
Text
අලුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉන්න
හිටපු මන්ත්‍රීවරුන්ගේ දූ පුතුන් හා ළගම ඥාතීන්
1. මහින්ද රාජපක්ෂ (ඩීඒ රජපක්ෂගේ පුතා)
2. චමල් රාජපක්ෂ (ඩීඒ රාජපක්ෂගේ පුතා)
3. නිපුණ රණවක (ඩීඒ රාජපක්ෂගේ මුණුපුරා)
4. ශෂීන්ද්‍ර රාජපක්ෂ (ඩීඒගේ පුණුපුරා / චමල්ගේ පුතා)
5. නාමල් රාජපක්ෂ (ඩීඒගේ මුණුපුරා / මහින්දගේ පුතා)
-
6. සජිත් ප්‍රේමදාස (අාර්. ප්‍රේමදාසගේ පුතා)
7. මයන්ත දිසානායක (ගාමිණී දිසානායකගේ පුතා)
8. දිලුම් අමුණුගම (සරත් අමුණුගමගේ ඥාති පුතා)
9. හර්ෂණ රාජකරුණා (සරත්චන්ද්‍ර රාජකරුණාගේ පුතා)
10. අනුරාධ ජයරත්න (දිමු ජයරත්නගේ පුතා)
11. කංචන විජේසේකර (මහින්ද විජේසේකරගේ පුතා)
12. ඉම්රාන් මහරූෆ් (එමඊඑම් මහරුෆ්ගේ පුතා)
13. සාරතී දුෂ්මන්ත (එච්අාර් මිත්‍රපාලගේ පුතා)
14. ඩී.වී. චානක (ඩීවී උපුල්ගේ පුතා)
16. කාවින්ද ජයවර්ධන (ජයලත් ජයවර්ධනගේ පුතා)
18. ගයන්ත කරුණාතිලක (රූපා කරුණාතිලකගේ ඥාති පුතා)
19. චන්දිම වීරක්කොඩි (අමරසිරි දොඩංගොඩගේ ඥාති පුතා)
21. ඉසුරු දොඩංගොඩ (අමරසිරි දිඩංගිඩගේ පුතා)
22. ප්‍රසන්න රණතුංග (රෙජී රණතුංගගේ පුතා)
23. මල්ලිකා සොයිසා (රංජිත් සොයිසාගේ බිරිද)
24. ප්‍රමිත තෙන්නකෝන් (ජනකගේ පුතා / ටීබීගේ මුණුපුරා)
25. මංජුලා දිසානායක (සාලින්ද දිසානායකගේ බිරිද)
26. නිරෝෂන් පෙරේරා (පෙස්ටස් පෙරේරාගේ පුතා)
27. හරීන් ප්‍රනාන්දු (වින්සන් ඩයසගේ බෑණා)
28. රංජන් රාමනායක (චන්ද්‍රිකා කුමාරතුංගගේ ඥාති පුතා)
29. දිනේශ් ගුණවර්ධන (පිලිප් ගුණවර්ධනගේ පුතා)
30. අසංක නවරත්න (රංජිත් නවරත්නගේ පුතා)
31. අකිල එල්ලාවල (මොහාන් එල්ලවලගේ පුතා)
32. දුමින්ද දිසානායක (බර්ටි දිසානායකගේ පුතා)
33. ශෙහාන් සේමසිංහ (කේබී රත්නායකගේ දුවගේ පුතා)
34. රාජිකා වික්‍රමසිංහ (ශ්‍රීලාල් වික්‍රමසිංහගේ බිරිද)
35. මහින්ද යාපා අබේවර්ධන (ලක්ෂ්මන් යාපාගේ ඥාති සහෝදර)
36. කෝකිලා ගුණවර්ධන (අජිත් ගුණවර්ධනගේ නංගී)
37. තලතා අතුකෝරාල (ගාමිණී අතුකෝරාලගේ නැගණිය)
38. ජේසී අලුවතුවල (අලවතුවලගේ පුතා)
39. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ (ජේරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ ��ිරිද)
40. කනක හේරත් (මහීපාල හේරත්ගේ පුතා)
41. රමේෂ් පතිරණ (රිචරඩ පතිරණගේ පුතා)
42. ලොහාන් රත්වත්තේ (අනුරුද්ධ රත්වත්තේගේ පුතා)
43. විදුර වික්‍රමනායක (රත්නසිරි වික්‍රමනායකගේ පුතා)
44. පවිත්‍රා වනනිඅාරචචි (ධර්මදාස වන්නිඅාරච්චිගේ දුව)
45. ජනක තෙන්නකෝන් (ටීබී තෙන්නකෝන්ගේ පුතා)
46. ආර්. සම්බන්ධන් (එස් සිවපාලන්ගේ ඥාති පුතා)
47. සුජිත් සංජය පෙරේරා (වින්සන්ට් පෙරේරාගේ පුතා)
48. තාරක බාලසූරිය (ජගත බාලසූරියගේ පුතා)
49. සීවී විග්නේෂ්වරන් (වාසුදේව නානායක්කාරගේ මස්සිනා)
50. කින්ස් නෙල්සන් (එච්ජීපී නෙල්සන්ගේ පුතා)
51. ජීවන් තොණ්ඩමාන් (සෞමමූර්ති තොණ්ඩමන්ගේ මීමුණුපුරා / ආරුමුගම්ගේ පුතා)
52. රෝහිණී කවිරත්න (පීබී කවිරත්නගේ ලේලිය)
53. වාසුදේව නානායක්කාර (හේමකුමාර නානායක්කාරගේ සහෝදරයා / විග්නේෂ්වරන්ගේ මස්සිනා)
55. යද්මිණි ගුණවර්ධන (දිනේශ් ගුණවර්ධනගේ පුතා)
56. වරුණ ලියනගේ (හීන්මහත්තයා ලියනගේගේ පුතා
57. අජිත් නිවාඩ් කබ්‍රාල් (මහින්ද රාජපක්ෂගේ මස්සිනා)
58. කපිල අතුකෝරාල (එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන බෑණා)
59. ගජේන්ද්‍ර පොන්නම්බලම් (කුමාර් පොන්නම්බලම්ගේ පුතා)
60. මහින්දානන්ද අලුත්ගමගේ (දිමු ජයරත්නගේ බෑණා)
0 notes
Text
2012/2013 කාලෙ Facebook හිටපු උන්ට මතක ඇති notification එනව "අහවලා poked you" කියල. ඒකාලෙ ගොඩක් උන්ට මේක ප්‍රශ්නයක් , මොන මගුලක්ද මේ කියල. සමහර උං හිතුවා poke කියන්නෙ ඌරා කියලා. සමහර උන් හිතුවා poke කියන්නෙ රිපොට් වගෙ option එකක් කියල ඒ හින්ද අනිත් අතට poke back කරා (තොත් රිපොට්). හැබැයි වැඩේ දන්න උංනම් කෙල්ලො ටෝක් කරන්නෙ ඉස්සර poke කරල තමා. තව අදුරන එකෙක් වැඩිය පෙන්න නැති උනාමත් ඇනල බලනවා.ඒවගේම අදුරන් නැති උංව කතාවට සෙට් කරගන්නෙ ඕකෙන්. ඊටත් ඉස්සර කාලෙ හිතං හිටියෙ request එකක් ආවම ඒක අනිවාරෙන් accept කරල "Hi" කියන්න ඕනෙ කියල.
ඇත්තටම මොකද්ද මේ poke කරනව කියන්නෙ?
Poke කරනව කියන්නෙ "poke = අනිනවා" කියන එකට. හරියට අපේ සාමාන්‍ය ජීවිතෙදි කාගෙ හරි අවදානය ගන්න පිටට තට්ටුවක් දාන එක, ඇගිල්ලෙන් අනින එක වගේ. හිතන්න ඔන්න ලිස්ට් එක ඉන්නවා (ඉස්සර ��ිස්ට් එකෙ ඉන්නම ඔනෙ නැද්ද කොහෙද?) ඔයා කැමති කොල්ලෙක්/කෙල්ලෙක් ලාවට අදුරනවත් එක්ක. Like comment එහෙමත් ලාවට දානවා ඒත් chat නෑ. ඔන්න තියනව profile එකට ගියාම option එක "poke". Poke කරාට පස්සෙ අනිත් අතට poke back උනොත් වැඩේ ගොඩ. (Poke back කරේ නැත්තන් හිත හදාගනින්)
තව කාටහරි request එකක් දාල ඌ accept කරන්නෙ නැත්නම්, ඒත් මේ option එක තමා කෝකටත් තයිලෙ වගේ තිබුණෙ. ඉස්සර හරියට මතක නෑ poke back උනොත් ඔයා අනිත් කෙනාගෙ friend කෙනෙක් නොවුනත් වුනා වගේ profile එකේ විස්තර පෙන්නමවා. අවාසනාවට දැන් මේක අයින් කරල. (සීමා සහිත කරලා) ඒ කාලෙට වඩා දැනුයි මේක වටින්නෙ.
තාම මේක තියනවා.හැබැයි friend list එකේ අයට විතරයි අනින්න පුලුවන්. ඔන්න ඔයා list එකේ ඉන්න කොල්ලෙක්/කෙල්ලෙක් ගැන අදහසක් තියනවනං, "Hi, Hi" ගාල reply නොකරොත් කියල බයයි නං ඇනල බලපං. අනිත් අතට ආයෙ ඇන්නොත් උබත් ආයෙ ඇනපං. ඊටපස්සෙ ඉතිං දන්නවනෙ?
https://m.facebook.com/pokes
මං හිතන්නෙ මේක වෙනුවට තමයි "messenger wave" කියල option එකක් ආවෙ. ඒත් ඒකට වඩා මං හිතන්නෙ මේක succes...
එහෙනම් ඔයාලත් හිතින් පසු තැවි තැවි ඉන් නැතුව ඇනල බලන්න. Poke back උන් නැත්තං හිත හදාගන්න.
#PokedYou
0 notes
Text
හරියට PayPal එක හදාගන්නේ කොහොමද? 🤔
eBay, Shopify, Woocommerce මේ මොකෙන් Dropshipping කරන්න ගියත් අපිට PayPal අතයවශය�� දෙයක් නේ, Payhere, 2Checkout වගේ Gateways තිබ්බට ඒවා Dropshipping වලට Support නැ, අනික Approve කරගන්නත් ගොඩක් අමාරුයි😞 ඉතිං මේකට තියෙන විසදුම තමා PayPal😘
PayPal එක හදනකොට අපේ අය කරන ලොකුම වැරැද්ද තමා කොහෙ හරි තියෙන Fake Details Genarator එක්කින් Details අරන් දාලා හදන එක. හැබැයි එහෙම හදලා PayPal Limit වෙච්ච දවසක හදාගන්න වෙනම Fake Identify Documentats එහෙම හදව ගන්න වෙනවා. ඉතිං මේ තියෙන්න විදියට අපිට අපේ Passport, Driving License එකට PayPal එක හදාගන්න පුලුවන්. ගොඩ දෙනෙක් මේක දන්නවා මං මේක ලිව්වේ අලුතෙන් Dropshipping කරන්න යන දන්නේ නැති කෙනෙක්ට වැදගත් වෙයි කියල හිතලා🤗
ඉතිං එහෙනම් අපි බලමු කොහොමද මේක කරන්නේ කියල😋
ඉතිං ලංකාවට PayPal Support නැති නිසා අපිට මේක වෙන රටක විදියට හදන්න වෙන්නේ. ඒක හැමෝම දන්නවනෙ, ඉතිං අපිට මේකට Malaysia, Piliphine වගෙ Country එක්කට හදන්න පුලුවන්. UK, USA Country වලට හදන්න එපා මොකද ඉස්සරහට Tax Cases එන්න පුලුවන් කියල කියනවා, මං හරියටම ඒ ගැන දන්නේ නෑ😒
මෙහෙමයි PayPal එක හදන්නේ😁,
1. අපි Normally PayPal.com කියල Type කරලා ගියොත් අපි Sri Lankan IP එක්කින් යනකොට යන්නේ LK Version එකෙන් උඩ URL එකේ තියෙනව බලාගන්න පුලුවන් එතකොට paypal.com/lk කියලා. ඉතිං අපිට Pilipine version එකට යන්න පුලුවන් මෙන්න මෙහෙම, https://paypal.com/ph කියන URL එකෙන්.
2.මෙතන්ට ගිහිල්ල Sign Up එකට යන්න, එතනින් ගිහිල්ලා ඔයා තොරන්න ඕනේ Business Account කියන එක. Personal Account හදන්න දෙන්නෙ නෑ ඔයාට Pilipine Mobile No Verify කරන්න වෙනවා😢 ඒනිසා Business එකක් තාමා හදන්න වෙන්නෙ වගේම Dropshipping කරන්න Business Account එකක් ත��ා ඕනේ😁
3. මෙතන්ට ගියාම ඔයාගෙන් පොඩි ප්‍රශ්න ටිකක් අහල තියෙනවා ඔයාගෙ Business එක ගැන. ඒ ටික අදාල දේවල් එතන තියෙන DropDown වලින් Select කරන්න🤗 ඊට පස්සේ Next දෙන්න. Monthly Sale Volume එකට Not Sure කියන Option එක දෙන්න.
4.ඊට පස්සේ ඔයාගේ Email එක දෙන්න. මෙතන්ට ඔයා Dropshipping කරන්න යන Site එකේ Domain එකට හදපු Email එකක් පුලුවන්නම් Use කරන්න([email protected]) වගේ. මොකද අපිට Customer කෙනෙක් Payment කරපුවාම එයාට අපේ Email එක පෙන්නවා මෙතන්දි අපේ domain එක යටතේ හදපු එකක් තිබ්බොත් හොඳයි. නිකන් Gmail එකක් නැතුව. Yandex වගෙ Site එක්කින් අපිට එහෙම Email එකක් හදාගන්න පුලුවන්. Wordpress කරනවනම් අනිවාරෙන් cPanel එකක් හම්බෙනවා cPanel එකෙන් ලේසියෙන්ම හදාගන්න පුලුවන්😱
5. ඔයාගෙ Email එක දීලා Next කරන්න. ඊට පස්සෙ Password එක ඉල්ලන්�� මෙතන්ටත් හොද Strong Password එකක් දෙන්න. අන්කයි අකුරුයි Symbol කලවමේ. මෙන්න මේ වගේ Name@123 වගේ. එහෙම දීලා Next කරන්න.
6. ඊට පස්සේ First Name, Last Name දෙන්න ඔයාගේ True Details දන්න මෙතන්ට.
7. ඊට පස්සේ Business Name එකට ඔයාගේ Business එකේ නම, Domain, LLC වගේ දන්න මෙතන දාන නම තමා Paypal එකට Payment කරාම Payment එක කරපු තැන විදියට පෙන්නන්නේ.
8. ඊළඟට වැදගත් තැනක් Phone Number එක😅 එතන්ට ගොඩක් අය කරන්නේ කොහෙ හරි තියෙන නම්බර් එකක් දෙනවා Genarate කරලා. එහෙම නැත්තම් +63ට පස්සේ 9471XXXXX වගේ නම්බරේ දානවා ඊට පස්සෙ අපි Account එකට Log වෙනකොට වෙනකොට Verify කරන්න කියන්වා නම්බරේ ඔහොම ඒක Skip කර කර යන්වා ඊට පස්සේ අන්තිමට ටික කාලෙකින් Numbet එක Verify නොකර Account එකට යන්න බැරි කරන්වා. ඒනිසා මෙන්න මේහෙම LK Real No එක දලා කරන්න. මෙතන Number එක දෙන්න තියෙන තැන ඔයාලට මුලින්ම බලාගන්න පුලුවන් +63 කියල Ph Country Cod එක තියෙනවා. ඒක DropDown Box එකක්. එතන Click කරාම අනිත් රටවල Country Code තියෙනවා මෙතනින් LK +94 Code එක Slect කරන්න ඊට පස්සේ 0 නැතුව ඔයාගෙ Number එක දෙන්න මෙතන Real Number එක දෙන්න.
9. ඊලග දේ Business Address එක. මේකටත් කට්ටිය Fake Adress දානවා නැත්තං ලංකාවේ Address එකක් දානවා😂 එහෙම කරන්න එපා, මෙතනට address එක Google Map එකෙන් ගන්න. Google එකේ Manila, Metro Manila Map කිය්ලා Search කරන්න. ඊට් පස්සේ Map එකේ බලලා පොඩි තැනක shop එක්ක වගේ Adress එක අරගන්න ඊට පස්සේ ඒ Details ටික දාන්න Adress එකට.
10. ඊට පස්සේ Primary Currency එකත් US Dollor වලට මාරු කරන්න. කැමතිනම් Pilipine Peso ම තියන්න ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔක්කම කරලා Next දෙන්න.
11. ඊට පස්සේ Business එක ගැන විස්තර අහනවා එතනින් ඔයාගේ Business Type එක තෝරන්න. ඊට පස්සෙ යට Box එකෙ Business එක බලලා දන්න එන Suggestion වලින් එකක්. Like: Electronic Store වගේ. ඊට පස්සේ කැමතිනම් Website එකේ URL එක දෙන්න පුලුවන්. ඒකත් දෙන්න.
12. ඊළඟට Next දෙන්න. ඊලහට ඔයාගේ විස්තර අහනවා. ඔයාගෙ True Details දෙන්න. Birthday එක දෙන්න මුලින්ම. ඊට පස්සෙ Nationality එක විදියට Pilipines තමා Default එන්නෙ. ඒක උඩ Click කරාම ඔයාට අනිත් Country වල Nationality ටික එනවා එතනින් Sri Lankan දෙන්න😋 ඊට පස්සේ Id Document එකට Passport එක හරි Driving License එක හරි Select කරන්න. Passport එක දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි ඊට පස්සේ Passport Number එක හරි Driving License Number එක හරි දෙන්න.
13. ඊට පස්සෙ Home Addres එක ඉල්ලන්වා එතන ඇති Tick Box එකක් ඒක Tick කරන්න. Same as business Adress කියන එක. ඕන්න වැඩ ටික ඉවරයි😁
දැන් Submit කරන්න🤗. ඊට පස්සේ ඔයාගේ Mail එකට Email එකක් එයි Email Address Confirm කරන්න කියලා. ඒකේ Confirm Now Button එක Click කරන්න. දැන් වැඩ ටික හරී. ඊළඟට Account Seetings වලින් Cards වලට ගිහිල්ලා Card එක Add කරන්න🤗 ඊට පස්සේ ආපහු එතනින් Edit Card උඩ Click කරන්න ඊට පස්සේ එතනින් උඩින්ම එයි Verify Card කියලා එකක් අන්න ඒක Click කරන්න. ඊට පස්සේ ඔයාගේ Card එකෙන් 100PHP ක��පා ගත්තා කියල Phone එකට Alert එකක් එනවා Online payment Alerts Active කරලා නම්😊 නැත්තම් Card Center එකට කතා කරාලා PayPal Pin එක ඉල්ලගන්න. ඊට පස්සේ අපහු අතන ඇති Verify Card හරි මොකක් හරි එතන Click කරලා අර දිපු Pin එක දෙන්න😁 දැන් ඔයාගේ PayPal එක Complete.
Paypal එක කවද හරි Limit උනොත් ඔයා දෙන්න ඕනේ ඔයාගෙ Passport එක හරි Driving License එක හරි. මං Recommend කරන්නෙ නම් Passport එකක් දෙන්න කියල්. Address එක Verify කරන්න & Other Documents නම් Fake ඒවා හදන කෙනෙක්ට කියල හදව ගන්න පුලුවන්😘
එහෙනම් PayPal එකක් හරියට හදන විදිය කට්ටය දැනගන්න ඇති කියල හිතන්වා මේකෙ ලිව්වේ මගෙ දැනුම අනුව අඩුපාඩු තියෙනවනම් පල්ලේහායින් දාගෙන යන්න ඒක හැමෝටම වැදගත් වෙයි😊 ඊළඟට මං කියල දෙන්නම් PayPal එකේ Hold වෙච්ච සල්ලි දවස් 21කට කලින් Clear කර ගන්නෙ කියලයි, මේ 21 Days Hold එක නැති වෙන්නෙයි කියල🤗
එහෙනම් හැමෝටම ජය😘
0 notes
Text
මාගේ වටිනා ඡන්දය සඳහා උපරිම වූ ගරුත්වයක් සහ මා ලබාදුන් ඡන්දය ගැන පසුකාලීනව කිසිදු ආකාරයක පසුතැවීමක් සිදු නොවීමට සිදු වන ආකාරයෙන් කටයුතු කරන, "ජාතික ජන බලවේගයේ", 'සමන්ත විද්‍යාරත්න' මැතිතුමාට මාගේ ඡන්දය ලබා දුන්නෙමි. #IvoteSL
0 notes
Text
අතිගරු ජනාදිපති ගෝඨාබය මහතා පසුගිය මාස 8ට කර ඇති වැඩ බලන්න.
මේ වැඩ ඉදිරියටත් කරගෙන යාම සඳහා ඔබේ තුනෙන් දෙක අපිට ලබා දෙන්න.
1.) නා ලොවින් නාග ධාතු වැඩමවීම
2.) ලෝකයේ මුලින්ම කොරෝන තුරන් කල රට බවට පත්කිරීම (පෙබරවාරි 19)
3.) ඒ සදහා උත්සවයක් පැවැත්වීම
4.) රටට අනවශ්‍ය කැලේ එළිකර කෝමාරිකා වැනි අපනයන බෝග වගා කිරීම
5.) සයින්දමරුදු වෙනම පාලන කොට්ටශයක් කිරීම
6.) එය නැති කිරීම
7.) රුපියල් 65 ට පරිප්පු දීම
8.) රුපියල් 100 ට සැමන් දීම
9.) දේශීයත්වයට ගරු කරමින් ගොඩහේවා රැන්කින් නමින් අලුත් දර්ශකයක් නිර්මාණය කිරීම
10.) පැලවත්ත සීනි කම්මල ආරම්භ කිරීම
11.) නව තීරු ප්‍රස්ථාර වර්ගයක් හදුන්වාදීම
12.) ඔබගේ පඩි බාගයක් Covid_19 අරමුදලට ලබා ගැනීම
13.) ලෝකයේ පළමුවරට නැව් මාර්ගයෙන් ඩොලර් ගෙන්න වීම
14.) කොරෝනා නසන උෂ්ණත්වය "විමලාංකය" ලෙස නම් කිරීම
15.) ඡන්ද පත්‍රිකා වල කොරෝනා විනාශ කරන ආකාරය ලොවට හදුන්වාදීම
16.) CSN ආයතනය නැවත ඇරඹුම
17.) සහල් මිල දේශීය වෙළඳුන් සමඟ සාකච්චා කොට ඔවුන්ට අනුව වෙනස් කර දීම
18.) රණවිර��ගාය නිට්ටාවටම සුව කිරීම
19.) රටවිරුගාය හොද කිරීම
20.) බෝරා වරුන්ට VIP පහසුකම් ලබාදීම
21.) නරක රජවරුන්ගේ පුරා විද්‍යාත්මක ඉදිකිරීම් ඉවත් කිරීම
22.) නරක රජවරුන්ගේ පුරාජේරුව රටට හෙළි කිරීම
23.) නිදහස් චතුරශය ජාතික සියදිවි නසාගන්න මද්‍යස්ථානය කිරීම
24.) 2011 තරග පාවාදුන් අයව ලෝකයට හෙළි කිරීම
25.) ආර්යාව සාමාන්‍ය ලෙස කඩේට යැවීම
26.) කාක බෝ අතු කැපීම
27.) කුරුණෑගල නගරාධිපති ගේ මාවිල් ගස් ආරක්ෂා කිරීම
28.) වට්ටක්කා ඇට දෙකක් විසිකොට වට්ටක්කා සෑදෙන ක්‍රමය ලොවට හෙළි කිරීම
29.) ලයිට් කණුවලින් ඒ දඬු හදන ආකාරය ලොවට හෙළි කිරීම
30.) උප්පන්නෙන් ජාතිය ඉවත් කිරීම
31.) එය අපහු දැමීම
32.) ඇමරිකාවෙ ඩොල් සමාගමට බලපෑම් කොට එහි නිෂ්පාදන Made in Sri lanka ලෙස ලොවට බෙදා දීම
33.) විදෙස් සරුංගල් වෙනුවට අපගේම "ප" ලකුණ සහිත නයා, මොණරා සරුංගල් සැදීම
34.) විදේශ සව්කොළ වෙනුවට අපේම සාරි යොදා සරුංගල් නිෂ්පාදනය
35.) පැරසිටමෝල් නිෂ්පාදන කර්මාන්තායතන පිහිටවීම
36.) නිකරුනේ මුහුදට යන වැලි අපතේ නොයවා බලපත්‍ර රහිතව වැලි ප්‍රවාහන පහසුකම් ලබාදීම
37.) සුද්දන් තැනූ වැල්ලවත්ත කුණු ඇල උපක්ක්‍රමික ලෙස ගල්කිස්සෙන් වැලි දමා ගොඩ කිරීම
38.) කුණු කදු ගොඩ නොගසා ගල්කිස්ස මූදු තීරය කුණු සමතලා කොට දමන ස්ථානයක් බවට පත් කිරීම
39.) දේශීය ඉරටු සහ දේශීය ගවයන්ගේ ගොම යොදා හඳුන්කූරු නිෂ්පාදනයට අත හිත දීම
40.) දේශපාලන විද්‍යාකාරයොන්ට ජොබ් නැතිබව සොයා ගැනීම
41.) ඡන්දෙන් පසු අඩු ගානේ වැසිකිලියක් දෙන බවට පොරොන්දු වීම
42.) ට්‍රිලියන 1 ක ණය මුදලක් ලබාගැනීම
43.) කුඩු උකුස්සා ඇල්ලීම
44.) කුඩු පූසා දෙවන වරටත් ඇල්ලීම
මෙය හැකි පමණ share කරන්න. නැතහොත් copy කර හෝ post කරන්න.
0 notes