Don't wanna be here? Send us removal request.
Text
youtube
දේවහූව ප්‍රදේශයේ දිවි ගෙවන නිලූකා ශ්‍යාමලී කුමාරතුංග ගෙවිලිය අලින්ගෙන් හා වඳුරන්ගෙන් ඔවුන්ගේ වගාවට සිදුවන හානිය ගැන කිව්වේ හරිම වේදනාවෙන්. "අපිට සතුටුයි අපේ ජනාධිපතිතුමා උපන්නෙ මේ ප්‍රදේශයේ. එතුමන්ට ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑ මේ වඳුරු කරදරේ හා අලි කරදරේ ගැන. මං පොල් පැල 185ක් යටි වගාව දැම්මා ඒ සේරම අලි විනාශ කළා. වඳුරො ඇවිත් ගෙඩි සිය ගාණක් බිම දාල විනාශ කළා. අපි ජීවත්වෙන්න රජයේ ආධාර අවශ්‍ය නෑ. ගොවිතැනෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. ඒත් අපි ඉල්ලන්නෙ මේ අලි වඳුරු කරදරෙන් අපිව බේරල දෙන්න කියලයි" කතා කෝච්චියෙන් ජනතා ප්‍රශ්න ගෙන එන "ජන හඬ"
0 notes
Text
youtube
2025 ජනවාරි 05 වන ඉරිදා පටන් මාස 2ක් සෑම ඉරිදාවකම "කතා කෝච්චිය" වෙන් වන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජයන්ත අමරසිංහගේ විද්වත් කතිකාවක් වෙනුවෙන්. අද ආරම්භක කතිකාව වෙන් වන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අර්බුදය- පළමු කොටස සඳහායි. හැඳින්වීමේ වැඩසටහන මෙතනින්
0 notes
Text
youtube
වල් සත්තු, වගා හානි, වන්දි ගෙවීම් හා ගුරුකම සෙල්ලමට ගැනීම
0 notes
Video
youtube
ඉහත කිසිවෙකුත් නොවේ හා නැවත කැඳවීමේ අයිතිය...NOTA & RTR
කලක පටන් මම මේ කාරණා වෙනුවෙන් පෙනී සිටියෙමි. මේ වෙනස කළ හැක්කේ ජාතික ජන බලවේග ආණ්ඩුවකට බවත් කිව්වෙමි. එසේ කියද්දී ජාජබ ආණ්ඩුවක් බිහි වීමේ ලකුණු නොවීය.
අද කතා කෝච්චිය වෙන් වන්නේ එදා පැහැදිලි කළ කාරණා නැවත සිහිපත් කිරීමටය.
0 notes
Text
වසර 74 ක් රට පාලනය කරමින් අගාධයට ඇද දැමූ හිටපු පාලකයින්ට සමාව නොදෙමු. ජාජබ ආණ්ඩුවට හිමි බලයෙන් උද්දාම වී ජනතාව නොපෙළා මේ අමන පාහරයින් පාගා දමමු.
1 note
·
View note
Text
youtube
හැට පැන්න වයසක සිටින මා පාර් ලිමේන්තු මහමැතිවරණයකදී ඡන්ද පොළට යන්නේ පළමු වතාවටයි. මෙතෙක් ප්‍රාදේශීය සභා/පළාත් සභා/පාර් ලිමේන්තු මහමැතිවරණ කිසිවකදී මා ඡන්දය දී නැහැ. මනාප දී නැහැ. දේශපාලන සත්ත්වයෙක් වන මගේ ජීවිතයේ වෙනස් අත්දැකීමක්...
0 notes
Text
youtube
අහන්නම වටින කථාවක්..
සියල්ල ඉතා කෙටියෙන්...
0 notes
Text
රනිල් වික්‍රමසිංහ ජනතාව අමතා කළ ප්‍රකාශය ගැන මගේ විවේචනය මෙවර කතා කෝච්චියෙන්. පරාජිත රනිල් ජනතාව ඇමතීමට සිතනවා යනු නුදුරේ යළි ජනාධිපති වෙන්න ලැබෙනවා යන සිහිනයේ සිටීමයි.
0 notes
Text
අලුත් පරිච්ඡේදයක් අරඹමු... පාර් ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු. ජනාධිපති සහෝදරයා නියමෙටම කියයි.
0 notes
Text
ලංකාවේ පාර්.ලිමේන්තු මැතිවරණ ආරම්භ වූයේ 1947 දීය. එතැන් පටන් වසර 35 ක්, එනම් 1982 දී ඡන්ද කොල්ල කෑ කුප්‍රකට ජනමත විචාරණය දක්වා විවිධ පාලකයින් පත් වීම, ඡන්ද පැවැත්වීම හා දේශපාලන පක්ෂ ආණ්ඩු කළ ආකාරය අද කතා කෝච්චියෙන්.
0 notes
Text
කැපුණු කතා... * පොත් එළිදැක්වීමේ උත්සව වල කතා එක් වතාවයි. * රූපවාහිනියේ වැඩසටහන් ඉදිරිපත් කිරීම එක් වතාවයි. * දේශපාලන සමුළු කතා එක් වතාවයි. මගේ ජීවිතයේ එලෙස කැපුණු අත්දැකීම් කිහිපයක් අද කතා කෝච්චියෙන්...
0 notes
Video
youtube
කැළෑ පුහුණුව හා වෙඩි පුහුණුව එක්ක කොටි ප්‍රහාරවලට මැදිව
0 notes
Text
youtube
#ඉහත කිසිවෙකුත් නොවේ හා නැවත කැඳවීමේ අයිතිය...NOTA & RTR#කිසියම් මැතිවරණයකදී ඡන්ද නාමලේඛනයේ සිටින ඡන්දාපේක්ෂකයින් කිසිවෙකුත් තමන් නියෝජනය කරන්නට ස#“None of the above” (NOTA)#or none for short#also known as “against all” or a “scratch” vote#is a ballot option in some jurisdictions or organizations#designed to allow the voter to indicate disapproval of the candidates in a voting system. It is based on the principle that consent require#just as they can by voting “No” on ballot questions. It must be contrasted with “abstention”#in which a voter does not cast a ballot.#තමන් තෝරා පත් කරගත් නියෝජිතයා මැතිවරණයේදී දුන් පොරොන්දු අමතක කොට හොර මැර දූෂණයේ යෙදෙමින් සම#The “Right to Recall” (RTR)#also referred to as a recall referendum#is a democratic tool intended to improve accountability among elected representatives. It essentially allows citizens to exercise their dem#අද කතා කෝච්චිය වෙන් වන්නේ මේ කාරණා දෙක පැහැදිලි කිරීමටය.#Youtube
0 notes
Text
* චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ නම ඉවත් කළ ගුවන්විදුලි දැන්වීම හා වෙනත් එවන් දැන්වීම් ගැන මුලින්ම. * අධ්‍යක්ෂ වරයා හඬනගා ඇක්ෂන් කිව්වා. ජීවන් කුමාරතුංග මහවැලි ගඟ උඩින් වැටී ඇති අක්බාර් පාලමේ පැත්තෙන් ඇවිදගෙන ආවා. සනත් ගුණතිලක ඔහුට මුණ ගැහෙන්න නියමිතව තියෙන්නේ ගම්පල පාර අසල දී. ඒ අනුව සනත්ද එතැනට ඇවිද ගෙන ආවා. ඒ සමඟ සමග ද්වන්ද සටන ඇරඹුණා. සටන ආරම්භ වෙන්න ඔන්න මෙන්න. බකට් පාර කෙලින්ම ජීවන්ට. වතුර පිරවු උරයක් උඩින් ගිහිං සනත්ගේ ඔලුවේ වැදී මුළු ඇඟම නෑවුණා. ෂූටිං එතනින්ම හමාරයි. මේ කතා අද කතා කෝච්චියෙන්.
0 notes